18/02/2026
Fort Fedrick Trincomalee SRI LANKA
ත්‍රීකුණාමල ෙෆඩ්රික් බලකොටුව
සොහොන් ස්මාරක අංක 01 ප්‍රදේශය
ත්‍රිකුණාමලය ෆෙඩ්‍රික් කොටුව හා තදාසන්න කලාපයේ ඒ ඒ කාල වකවානුවන්ට අයත් ද්‍රව්‍යාත්මක සාධක දක්නට ඇත. එසේ ම නාවිකයින්ගේ විශේෂිත ගමන් මගක නවාතැනක් වශයෙන් ද ත්‍රිකුණාමලය අතීතයේ සිට පැවති බව පෙනේ. එබැවින් ම ත්‍රිකුණාමලය විදේශීය රාජ්‍යයන්ගේ විශේෂ අවධානයට පත් ව පැවතියා සේම ක්‍රි. ව. 1505 න් පසු විදේශීය ආක්‍රමණිකයින් හතරක් යටතේ ද මෙම බිම්කඩ පැවතිණ. එකිනෙකා පරයා යමින් මෙම බිම් කොටස අල්ලා ගැනීමට තරඟයක් ඇතිවීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් විදේශීය ජන කොටස් හතරක සිහිවටන ද ප්‍රදේශයෙහි තැනින් තැන අදට ද ශේෂ වී ඇත.
ත්‍රිකුණාමලය ෆෙඩ්‍රික් කොටුවෙහි පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ සහ ඉංග්‍රීසි යන විදේශීයයන්ගේ ඉදිකිරීම් අවශේෂ දැකගත හැකිය. ඒ අතරින් මෙම සොහොන් ස්මාරක හතර සඳහා විශේෂ ස්ථානයක් හිමිවේ. වාස්තු විද්‍යාත්මක ව හා අලංකාරවත් මේවා ඉදිකර තිබීම, ඒ වෙනුවෙන් විස්තර ඵලක ප්‍රදර්ශනය කර තිබීම, ඉහළ ගෞරවයක් හිමිකරදිය යුතු ආකාරයට වේදිකා සකස් කොට නිර්මාණය කර තිබීම මේවායේ විශේෂ ලක්ෂණ ලෙස හදුනාගත හැකිය. මේවා පුරාවිදහ ස්මාරක බැවින් මෙම සමරු ඵලකවල ඇති විස්තර අභිලේඛනමය වශයෙන් ද වැදගත්ය. භාවිතා කර ඇති භාෂා නෙදර්ලන්ත හා ඉංග්‍රීසි වේ. මේවායේ ඇති ලාංඡන ද එකිනෙකට වෙනස් ස්භාවයක් ගනු ලබයි.
Grabsteinbereich Nr. 01
Trincomalee Fort Frederick und seine Umgebung enthalten materielle Zeugnisse aus verschiedenen Epochen. Trincomalee war seit der Antike auch ein Zwischenstopp auf einer bestimmten Route für Seefahrer. Daher wurde dieses Land, das für ausländische Mächte von besonderem Interesse war, nach 1505 n. Chr. von vier ausländischen Eroberern erobert. Als Ergebnis des Wettstreits um die Eroberung dieses Landes, bei dem sich die Eroberer gegenseitig übertrafen, sind in diesem Gebiet noch heute Denkmäler von vier fremden Nationen erhalten
In Trincomalee Fort Frederick sind die Überreste der Bauwerke der portugiesischen, niederländischen, französischen und englischen Nationen zu sehen. Unter ihnen nehmen diese vier Grabdenkmäler eine besondere Stellung ein. Ihre Besonderheiten liegen in ihrer architektonischen Schönheit, den beschreibenden Tafeln und den Podesten als Zeichen hohen Respekts. Da es sich um archäologische Denkmäler handelt, sind die Details auf diesen Tafeln auch epigraphisch bedeutsam. Sie wurden in niederländischer und englischer Sprache verfasst. Auch die Embleme auf diesen Grabsteinen unterscheiden sich voneinander
Trincomalee Fort Frederick and its surrounding area contain material evidence from different periods. Trincomalee has also been a stopover on a particular route for sailors since ancient times. Therefore, this land, which was of special interest to foreign powers, was conquered by four foreign invaders after 1505 AD. As a result of the competition to conquer this land by outdoing each other, monuments of four foreign nations are still preserved in this area today
The remains of the Portuguese, Dutch, French, and English foreign nations' constructions can be seen at Trincomalee Fort Frederick. Among them, these four tomb monuments hold a special place. Their distinctive features include their architecturally beautiful construction, the display of descriptive plaques, and the creation of platforms as a sign of high respect. As these are archaeological monuments, the details on these plaques are also important epigraphically. Dutch and English are used for these plaques. The emblems on these tombstones also differ from one another