Nawwa Travels

Nawwa Travels පරිසරය රකින්නා පරිසරය විසින්ම රකිනු ලබයි...❤️☘️

තුඩුගල ඇල්ල 😍
23/10/2025

තුඩුගල ඇල්ල 😍

කෑම්පින් කරන ඔයාලා වෙනුවෙන්ම..😎🤩ඔන්න අපි ගෙනාවා කෑම්පින් කරන්න ඕන දේවල් 😲කළුතර පානදුර හොරණ ඉන්න ඔයාලට අඩුම මිලගනන් ♨️දැන...
12/02/2024

කෑම්පින් කරන ඔයාලා වෙනුවෙන්ම..😎🤩

ඔන්න අපි ගෙනාවා කෑම්පින් කරන්න ඕන දේවල් 😲

කළුතර පානදුර හොරණ ඉන්න ඔයාලට අඩුම මිලගනන් ♨️

දැන්ම දින වෙන්කරගන්න 😍

මීට අමතරව කෑම්පින් කරන තැන් ගැනත් විස්තර නොමිලේම ලබාගන්න පුලුවන්

අවශ්‍ය නම් මගපෙන්වීම් කටයුතු වගේම,
සම්පූර්ණයෙන්ම ඔයාගේ ගමන අපෙන් සංවිධානය කරගන්නත් පුලුවන් 😍😍

දෙන්න අපිට කෝල් එකක් 📞
නැත්තම් දෙන්න whatsapp මැසේජ් එකක්

075-8559979 / 077-3102835

2023 සෑහෙන අමාරු අවුරුද්දක්කොහොම උනත් කොහේ හරි යන්න ඕන කියන දේ මේ අවුරුද්දෙත් කරන්න පුලුවන් උන එක ගැන සෑහෙන සතුටුයි.ඉතින...
30/12/2023

2023
සෑහෙන අමාරු අවුරුද්දක්
කොහොම උනත් කොහේ හරි යන්න ඕන කියන දේ මේ අවුරුද්දෙත් කරන්න පුලුවන් උන එක ගැන සෑහෙන සතුටුයි.
ඉතින් මං මේ අවුරුද්දේ ගියපු සංචාරයන් අතරින් ගැරඩි ඇල්ල සංචාරය හොදම සංචාරය හැටියට නම් කරන්න පුලුවන්.
මාත් එක්ක එකතු උන ආදරණීය මගේ මිතුරන්වත් ආදරයෙන් මතක් කරනවා.
Edirisinghe Osh*tha Isuru Sa De W Lakmal Ruvini

ඉතින් 2024 අවසරයි.
අපි යමු කොහේ හරි ❤️
Nawwa Travels

26/12/2023

මේ ඇරඹෙන්නේ උතුම් සිරිපා සමයයි 💛🙏

අවාරයක අවසානයේ වාරයක ආරම්භය...
උතුම් සිරිපා කරුණාවට ඔබට ප්‍රධාන වශයෙන් මාර්ග 3ක් ඇති අතර ඒවාට සම්බන්ද වන වනගත අනු මාර්ගයන්ද ඇත.

✳️ රත්නපුර මාර්ගය(රජමාවත)
අතීතයේ රජවරුන් සිරිපා කරුණාවට භාවිතා කළ මාර්ගයක් ලෙස මෙම මාර්ගය සැලකෙන අතර, රත්නපුරයට පැමින පලාබද්දල බස් රථයකින් පැමිණ කරුණා කළ හැකිය.
*සිරිපාගම පුරාණ විහාරය(පලාබද්දල)
*පවනැල්ල
*ළිහිනි හෙල
*කොකටිය කන්ද
*ගැටනෙතුල අම්බලම
*කලු ගගේ ආරම්භක ස්ථානය
*ගෙත්තම්පාන
*ධර්මරාජ ගල
*සීතගගුල
*හැරමිටිපාන
*ගල් වංගෙඩිය
*මකර තොරණ විහාරය
*ආඩියාමල තැන්න
*ඇහැළ කනුව
*මහගිරි දඹ
*උඩ මලුව
කිලෝමීටර 8ක් පමණ මෙම මාර්ගයේ කරුණා කළ යුතුය.

✳️හැටන් නල්ලතන්නිය මාර්ගය
හැටන් නගරයට පැමිණ නල්ලතන්නිය බස් රථයකින් පැමිණ කරුණා කල හැකිය.
*සමන් දේවාලය
*මකර තොරණ
*ජපන් සාම චෙත්‍ය
*ගගුලතැන්න අම්බලම
*සීතගගුල
*රතු අම්බලම
*ඉදිකටුපාන
*ගෙත්තම්පාන
*මහගිරි දඹ
*ඇහැළ කනුව
*භගවා ලෙන
*උඩමලුව
සිරිපා කරුණාවට ඇති පහසුම මාර්ගය මෙය් වන අතර ආසන්නව කිලෝමීටර 6ක පමණ ගමනකින් යුතුවේ.

✳️කුරුවිට එරත්න මාර්ගය
කුරුවිට නගරය වෙතට පැමිණ එතනින්
එරත්න අඩවි කන්ද දක්වා පැමිණ කරුණා කළ හැකිය. ප්‍රධාන සිරිපා මාර්ග අතරින් වනගත මාර්ගයක් ලෙසද නම් කල හැකි මෙම මාර්ගය සිරිපා කරුණාවට ඇති පැරණිම මාවතක් වේ. ආසන්නව කිලෝමීටර 12ක පමණ ගමනකින් යුතුවේ.

✳️අනු මාවත්

* දැරණියගල උඩ මාලිබොඩ මාර්ගය
* දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය
* රාජමලේ සදගලතැන්න මාර්ගය

කුමන මාර්ගයේ සිරිපා කරුණා කලත් පරිසරයට හානියක් සිදු නොකරන්න වගබලා ගැනීම ඔබ සතු යුතුකමකි.
ඔබගෙ හැසිරීම ගැනද සැලකිලිමත්ව සිරිපා කරුණා කිරීමට වගබලාගන්න.
මේ පූජනීය සංවේදී පරිසර පද්ධතිය රැකගැනීම ඔබෙත් මගේත් වගකීමකි.

කරුණාවයි... කරුණාවයි...
මුණි සිරිපා කරුණාවයි...

💚🙏

#සිරිපාකරුණා #වාරේ

කලුගල ගැරඩි ඇල්ල Geradi Ella - Kalugala 💚මහනුවර දිස්ත්‍රික්කයේ කලුගල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල මීටර් 240ක පමණ උස...
29/09/2023

කලුගල ගැරඩි ඇල්ල
Geradi Ella - Kalugala 💚

මහනුවර දිස්ත්‍රික්කයේ කලුගල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල මීටර් 240ක පමණ උසකින් යුතු, මනස්කාන්තවත් දර්ශන පෙන්වන්නකි.
මෙම දිය ඇල්ල කොටස් වශයෙන් ගලා බසින නිසාවෙන් ගැරඩි ඇල්ල යන නාමය හිමිව ඇත.
පොදු ප්‍රවාහන සේවයේ නම් මහනුවරින් මහියංගණය පාරේ උඩුදුම්බරට පැමිණ එතැනින් කලුගල බසයක/ත්‍රීරෝද රථයක යායුතුවේ.
දින තුනක ගමනේ චායාරූ පහතින් වේ. රූප රචනාව nawwa travels වෙතින් ලගදීම.

ගැරඩි ඇල්ල පහල ගෙදරින් කෑම බීම ගන්න පුලුවන් 071 325 6131
Lakmal Chathuranga Osh*tha Viduranga Chathuranga Edirisinghe Sa De W Kasun Dilshan Sankagith

#කලුගල

Sithulpawwa Temple - Hambanthota සිතුල්පව්ව විහාරය ❤️
26/08/2023

Sithulpawwa Temple - Hambanthota
සිතුල්පව්ව විහාරය ❤️

Finally realize that everything is impermanent😇❤️
07/08/2023

Finally realize that everything is impermanent😇
❤️

නිදහස😊ඒ වචනෙට සාදාරණයක් කරන්න හොදම දේ ස්වභාධහමයි  💚
27/07/2023

නිදහස😊
ඒ වචනෙට සාදාරණයක් කරන්න හොදම දේ ස්වභාධහමයි 💚

ඒක දිග කතාවක් මිත්‍රයා ❤️
18/07/2023

ඒක දිග කතාවක් මිත්‍රයා ❤️

දොලුකන්ද 💚 🇱🇰 Dolukanda Sri Lanka 💚දොලුකන්ද කදු නගින්නන් අතර  සුප්‍රසිද්ධ කදු මුදුනක් වන අතර, එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ...
09/07/2023

දොලුකන්ද 💚 🇱🇰
Dolukanda Sri Lanka 💚

දොලුකන්ද කදු නගින්නන් අතර සුප්‍රසිද්ධ කදු මුදුනක් වන අතර, එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
පොදු ප්‍රවාහන සේවයේ නම්, කුරුණෑගලට පැමිණ එතනින්, ඉබ්බාගමුව හන්දියෙන් හැරී මඩගල්ල දෙසට ගමන් කරනා බසයක නැගී ගොඩගාලෙන් බැසිය යුතුය.
අප උදෑසන 4ට පමණ කොළඹ කොටුව CTB බස් නැවතුම්පොළින් අනුරාධපුර බසයක නැගී කුරුණෑගල වෙත ගොස් එතැනින් මඩගල්ල බසයක නැගී ගොඩගාල හංදියට පැමිණ, වේලාසනින්ම ගමන ඇරඹුවේ වැහි මන්දාරමක් මෙන්ම එහි ඉහලට වන්නට ඇති ගල් ගුහාවේ රාත්‍රියක් ගත කිරීමට ඇති ආසාව නිසාවෙනි. කන්ද නැගීමට ආසන්නයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර පතක් ලබාගැනීමට හැකිය.
පැය තුනකට ආසන්න කාලයක් තුලදී අපි ගල් ගුහාව වෙත ලගා වුණු අතර එහි තිබූ ගුප්ත බව මෙන්ම ආකර්ෂණීය බව අපගේ ගතේ තිබූ මහන්සිය අවම කිරීමට සමත්විය.
මෙම කදු මුදුනින් කුවේණිගල, යක්දෙස්සාගල වැනි ස්ථාන දැකගත හැකිය.
හනුමාන් විසින් හිමාලයේ සිට රැගෙන ආ ඹෘෂධ කන්දක කොටසක් මෙම ස්ථානයේ ඇති බවත් මෙන්ම, විජය රජතුමා කුෂ්ඨ රෝගයකට ප්‍රතිකාර සිදුකර ගැනීමට මෙම ස්ථානයට පැමිණි බවත් ජනප්‍රවාදයේ පවතී.
කෙසේහෝ වේවා එහි තිබූ අලංකාරත්වය මෙන්ම එම පරිසරයේ වටිනාකම හොදින් වටහාගෙන මෙම ස්ථාන අනාගත පරපුර වෙතට දායාද කිරීම අප සැමගේ වගකීමකි.
❤️💚
#දොලුකන්ද

අතරමං නොවී කතරගම ගියපු අපි ❤️කතරගම/සිතුල්පව්ව/කිරින්ද  සංචාරය ❤️
26/06/2023

අතරමං නොවී කතරගම ගියපු අපි ❤️

කතරගම/සිතුල්පව්ව/කිරින්ද සංචාරය ❤️

පොළොන්නරුව ගල් විහාරය 🤍☸️Rock Temple - Polonnaruwaගල් විහාරය ලෙස වර්ථමානයේ බහුලව භාවිතා වුවත් අතීතයේ උත්තරාරාමය ලෙසින් හ...
02/06/2023

පොළොන්නරුව ගල් විහාරය 🤍☸️
Rock Temple - Polonnaruwa

ගල් විහාරය ලෙස වර්ථමානයේ බහුලව භාවිතා වුවත් අතීතයේ උත්තරාරාමය ලෙසින් හැදින් වූ මෙම විහාරයේ වර්ථමානයේදී බහුලව දක්නට ඇත්තේ අතීත උරුමයන්ගේ නටඹුන්‍ වේ. නමුත් ඒවා මගීන් අතීතයේ පැවිති අනගිභවනීය තත්ත්වය මනාව පිළිඹිබු කරයි.

මහා පරක්‍රමභාහු රජසමයේ (ක්‍රි.ව. 1153 - 1186) ඉදිකර ඇති මෙම විහාරයේ දැනට පවතින පිළිම වහන්සේලා එළිමහනේ දක්නට ලැබුනත් අතීතයේදී ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද ගොඩනැගිල්ලක් තුළ හෝ කුඩා ප්‍රතිමා ගෘහ වලින් සමන්විතව තිබෙන්නට ඇති බව ශක්තිමත් ගඩොල් අත්තිවාරම් වලින් තහවුරු වෙයි.

ගල් විහාරය මධ්‍ය කාලීන ලංකාවේ ශාසනික ඉතිහාසය සහ කලා ශිල්පයන්ගේ සාරය නූතනයට පෙන්වන්නා වූ වන්දනීය කලාගාරයකි.
මෙවන් වූ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම අප සැමගේ යුතුකමක් වන්නේය.❤️

Address

Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when Nawwa Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nawwa Travels:

Share