CCTV

CCTV You don't have to be rich to travel well �

17/03/2026
1998දි ශ්‍රී ලංකා කණ්ඩායම ඉංදියාවේ කල සංචාරයක් අතරතුර වූ විවේකි දිනයකදි මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිම ක්‍රිකට් ක්...
27/01/2026

1998දි ශ්‍රී ලංකා කණ්ඩායම ඉංදියාවේ කල සංචාරයක් අතරතුර වූ විවේකි දිනයකදි මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිම ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ජනාකීර්ණ මුම්බායි හී සාප්පු සංකීර්ණකට ගමන් කරමින් සිටිනවා. එවකට ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම, 1996 wills ලෝක කුසලාන සිහිනය ඉංදියාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් උදුරා ගැනීමට මූලික වූ Mad max ara නොහොත් අරවින්ද ද සිල්වා ට ලැබුණේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්.
සාප්පු සංකීර්ණය වෙත ඇතුළුවීමට පෙර ඇසුන කටහඬකින් අරවින්ද හැරී බලන විට එතන සිටියේ සමරු පොතක් අතේ තබාගත් වයස අවුරුදු 7,8ක් පමණ වන හුරුබුහුටි කොලු ගැටයෙක් සහ අවුරුදු 35ක පමණ පුද්ගලයෙක්.
"සර්. මේ මගෙ පුතා. එයා ඔයාගෙ ලොකුම ෆෑන් කෙනෙක්. එයාට ඔබතුමාගෙ සයින් එකකුයි, ඔයා එක්ක ෆොටෝ එකකුයි ගන්න ඕනලු" එහෙම කිව්වෙ එතන සිටි ළමයගෙ තාත්තා.

නිතරම සිනහ මුසු මුහුණින් සිටින අරවින්ද ද සිල්වා ඉතා කැමැත්තෙන් එම දරුවගෙ ඉල්ලීම ඉටුකර දෙනවා.

කාලය වේගයෙන් ගෙවී යනවා. 2003 ලෝක කුසලානයෙ අවසන් පූර්ව තරගයෙන් පසුව ක්‍රිකට් පිත්තෙන් ලොවක් බය කල එම සුපිරි ක්‍රීඩකයා ක්‍රීඩා දිවියෙන් සමු ගන්නවා.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී ලීලාවෙන් ලෝකයේම අවධානය දිනා ගනිමින් නවක සුපිරි ක්‍රිකට් තරු සමග තව තවත් ඉදිරියට ඇදෙනවා.
2007,2009,2011,2012 සහ 2014 ලෝක කුසලාන වල අවසාන තරග වලට ක්‍රීඩා කරමින් 2014 ක්‍රිකට් ලෝක කිරුලද දිනා ගනිමින් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ලෝක ක්‍රිකට් පිටියේ පතාක යෝධයෙක් බවත්, භූමියෙන් කුඩා වුවද ක්‍රිකට් ක්‍රීඩාව තුල අප ලිලිපුට්ටන් නොවන බවටත් ලොවටම ඔප්පු කරනවා.

කාලය තවත් ඉදිරියට ඇදෙනවා. ක්‍රිකට් ලොව පතාකයන් වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අඳුරු සමය 2015න් පසුව ආරම්භවෙනවා.

ඉන් අනතුරුව ආරම්භ වන්නේ ඉංදීය ක්‍රිකට් හී ස්වර්ණම යුගය.
එකාට එකා නොදෙවනි නවක සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් ඉංදියාවේ නන්දෙසින් පැමිණ ඉංදියානු කණ්ඩායමට ඇතුළුවීමට පොරකනවා. ඔවුන් කෙතරම් දක්ෂයන්ද යත්, එතෙක් කාලයක් ඉංදියානු කණ්ඩායම තුළ ආධිපත්‍ය පතුරුවා ගෙන සිටි සුපිරි ක්‍රීඩකයන්ට පවා එම නවක තරුණයන්ට තැනදී ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට සිදුවෙනවා.
එතැන් පටන් නවක සුපිරි ක්‍රිකට් තරු වලින් ඉංදීය කණ්ඩායම පිරී ඉතිරී යනවා.

දැන් ඔබට මතක ඇති මෙම පෝස්ට් එකට අදාළ කතා නායකයා වූ අරවින්ද ද සිල්වා සමග 1998දි ඡායාරූපයකට පෙනී සිටි කුඩා කොලු ගැටයා. ❤️

මේ වෙනවිට ඔහු අවුරුදු 35ක පමණ පුද්ගලයෙක් වෙන්නැති. කුමක් හෝ රැකියාවක් කරමින් විවාහ වී දරුවන් සමග ඉංදියාවේ කොහේ හෝ ජීවත් වෙනවා ඇති.

මෙම පහළ ඡායාරූපය මේ හෑල්ලට අදාලම නැ. ඒ ෆොටෝ එකේ අරවින්ද ද සිල්වා සමග සිටින්නෙ ඔහුගේ පුත් සම්ප්‍රාස් ඩි සිල්වා. පොර ක්‍රිකට් සීන් එකේ නැ. සිංදු කිය කිය ඉන්නවා.
ඊට පහළින් සූර්යකුමාර් යාදෙව්ගෙ ෆොටෝ එකක් දැම්මෙ නිකන්. ඌනම් මේ හෑල්ලට කොහොමත්ම අදාළ ම නැ. මාත් තාම කල්පනා කරනවා මම ඇයි ඌව මේකට දැම්මෙ කියලා.

20/10/2025

🥰🥰🥰

නිදහස් අද්‍යාපනයට ජය
03/09/2025

නිදහස් අද්‍යාපනයට ජය

30/08/2025

පපුවත් එක්ක මොකද්ද වෙලා ගියා 😕😕😕

අනුර තමයි MASTERMIND 👌🧭කියෙවුවොත් වැටහේවී...🫰රූබිකන් නදිය කතාවට අනුව සීසර් රෝමය දෙසට නදිය ඔස්සේ යන්නේම පෙර සැලසුම් සහිතව...
27/08/2025

අනුර තමයි MASTERMIND 👌🧭
කියෙවුවොත් වැටහේවී...🫰

රූබිකන් නදිය කතාවට අනුව සීසර් රෝමය දෙසට නදිය ඔස්සේ යන්නේම පෙර සැලසුම් සහිතවයි... අනුරද එසේම කලේය. මේ සෙල්ලම අනුරගේ සැලසුම දකින කෝණයට වඩා වෙනස් ගැඹුරක් සමාජගත කර ඇත. විපක්ෂය ඒ දැළට දැන් අසුවී ඇත.

1. අනුර මුලින්ම කලේ සිය නිලධාරීන් හට විශ්වාස ඇති කලා කුමන තරාතිරමක අයකු හෝ අත්අඩංගුවට ගැනිමට හැකි කියන විශ්වාසය. එය කර පෙන්නුවා රනිල් අත්අඩංගුවට ගැනීමෙන්

2. විපක්ෂයේ කිසිදු එදිරිවාදිකම් නැති බවත් සියල්ල එකම කල්ලියක් බව ඔවුන්ට ගැටලුවක් ඇති විට එකතු වෙනවා කියලා ඔප්පුකරලාම පෙන්නුවා. ඒකෙන් විපක්ෂයේ සජිත් රනිල් ආරවුල ගැන විශ්වාස කරපු අය පවා සජිත් හොද එකෙක් කියන විශ්වාසය බිදිලා ගියා.(අන්තවාදී අය හැර) සජිත්ද එකම කල්ලියේ අයකු මිස වෙනසක් නැති බව පෙන්නුවා.

3. ඒසේම රටේ ව්‍යාවස්ථාවට අනුව ජනාධිපති ධුරයට මානසික හෝ ශාරිරික දුබල අයකු නුසුදුසු වන්නේය කියා සදහන් වේ. දැන් අනුර රනිල් නැවත ජනාධිපතිකම සදහා නුසුදුසු බව පෙන්වා හමාරයි.

4. ඊලගට අද අධිකරණය භූමිය අසලටම විපක්ෂ උද්ඝෝෂණය එන්න දීලා තමා ආරක්ෂක බැරියල් ඉදිකලේ. අධිකරණ තීන්දුවකට එරෙහිව උද්ඝෝෂණය විරෝධය දැක්වීම අධිකරණයට අපහාසයක්. සංවිධානය කිරීමද වරදක්. සෘජුවම දඩුවම් පැමිණවිය හැකි.
උද: රංජන් රාමනායක හට වුන සිද්ධිය

5. අද විපක්ෂ⁣ය ඒ වරද එකතුවෙලාම කරා. මෙතෙක් විපක්ෂයේ අලුතින් පාර්ලිමේන්තු ආපු ප්‍රසාද්ලා දූෂණ චෝදනා නැති දෙවන පෙල මන්ත්‍රීවරුත් අද සම්බන්ධ වුනා. දැන් අධිකරණය නියෝග කරලා අවසන් එම විරෝධය සංවිධානය කල අය පිළිබද විමර්ශනය කරන්න කියලා. වසර 5කටවත් අවම හිරේ යන වැඩක් හොදේ. මුළු විපක්ෂ කදවුරම එක් චෝදනාවකට යට කලා.

6. විශාල මහජන ඒකරාශි විමක් දඩුවම් දිමේදි සිදුනොවන බවත් ප්‍රතිරෝධ දක්වන පිරිස අවම බවත් අද ආපු 500ටත් අඩු පිරිස මගින් පෙන්නුවා.

7. ඉදිරියට එන්න නියමිත මහ බැංකු පාස්කු ලසන්ත ඝාතනය වගේ බරපතල නඩු වලදි තෝරු මෝරු ඇතුලට දාන්න පටන් ගන්නකොට විපක්ෂයේ විරුද්ධ වෙන්න ඉන්න චෝදනා නැති අය අනිත් පැත්තෙන් අධිකරණ යට අපහාස කිරීමේ චෝදනාවට යටත් කරලා දැන් සමස්ත විපක්ෂයකම කුමන හෝ වරදකට වරදකරුවන් වී හමාරයි. විරුද්ධ වෙන්න ඉන්න ඒ දූෂණ චෝදනා නැති පිරිසත් දැන් පොලිසියට අත්අඩංගුවට ගැනිමට හැකි හේතුවක් තියෙනවා.

8. උද්ඝෝෂණ කලත් නොකලත් අද ලැබුන සානුකම්පිත ඇපය රනිල්ට ලැබෙනවා කියා ඕනම එකෙක්ට තේරුම් ගන්න පුලුවන් දැන් ඇමකාලා අවසන්.

9. අනික් කරුන නම් අනුරගේ පුද්ගලික සංචාර වියදම් ගැන රනිල්ගේ නීතිඥයන් විස්තර ලබාගෙන තිබුනා නමුත් ඒවා ප්‍රශ්න කරන්න නොගියේම ඒ සියල්ල පක්ෂය මගින් ඒ ඒ වකවානු වලදි ගෙවා ඇති නිසා රජයට ඉන් පාඩුවක් වි හෝ මුදල් අවභාවිතයක් වී නැති නිසා. එය මාධ්‍ය හරහා ගියොත් අනුරට වෙනස්ම ගෞරවණිය ප්‍රතිරූපයක් හැදෙනවා කියලා දන්න නිසා.

10. අනුර කියනවා සැප්තැම්බර් ජනාධිපතිලාගේ හිමිකම් අහෝසි කිරීමේ පනත එනවා කියලා. එතකෙට මහින්දට වුනත් යන්න වෙනවා ගෙදරින්. ඒ වගේම අනිත් සියලුම නඩු වල විමර්ශන අවසන් අදියරේ නිසා ඒවාද පටන් ගන්නවා එතකොට විපක්ෂයට ඉන්න වෙන්නෙම වැඩිපුර උසාවියේ. නැත්නම් හිරගෙවල් වල. රටේ විපක්ෂයක් නැතිවෙන තරමටම විපක්ෂයට පාර්ලිමේන්තු බන්ධනාගාර බස් රථයෙන් එන්න වෙන තැනට දැන් සියලුම වටපිටාව හැදිලා අවසන්. සංස්කෘතික අරමුදලේ චෝදනා සම්බන්ධ විමර්ශනයද මේ දවස්වල යනවා. දන්නවානේ කාටද ඒකෙන් වැඩේ වරදින්නේ කියලා ඉතින්...🙃 දැන් එයාටත් මිනිස්සුන්ගේ තිබ්බ ප්‍රතිරූපය අවසන්.

11. ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන අන්දමට "දේශපාලනික පළිගැනීම් කිරීම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, දූෂණ හෝ වංචාවල නිරත වීම සහ අධිකරණයට ඇඟිලි ගැසීම යන කාරණාවලට වැරදිකරු වන පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි" එසේනම් මීලග 2029 ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් තුන්දෙනාටම දූෂණය නම් චෝදනාවත්, ඉන් දෙදෙනකු හට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවත් එල්ල වෙනවා... එතකොට මොකද වෙන්නේ ඉතින්... කියන්න අවශ්‍ය නැනේ...🤣

මාලිමාවේ අය නිතරම කියන දෙයක් තමයි අවුරුදු 20ක් බලයේ ඉන්නවා නැත්නම් ගත්තේ දෙන්න, නෙවේ කියන එක

බැලුවාම ඒක ඇත්ත වෙයි වගේ මොකද 2029 අනුර එක්ක තරග කරන්න විපක්ෂයක් දැන් නැතිවෙන්නම ඒ අයම අද අධිකරණ භූමියට ගිහින් පාරක් කපලා අවසන්...

ඇත්තටම විපක්ෂය එකතු වුනා නෙවේ අනුර එකතු කලා,
🤣
අධිකරණයට ආවා නෙවේ ඇත්තටම අනුර ගෙන්නුවා
🤣

කොටින්ම කිවුවොත් මේ චෙස් සෙල්ලමේ අනුර හොදටම ප්ලෑන් කරලා සෙල්ලම් කරනවා...👊
අනුර රුබිකන් නදිය මනාව සැලසුම් කොට තරණය කරනවා...
🫵
අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය දිනෙන් දින සුභ ලකුණු හැම පැත්තෙන්ම එනවා ආයෝජන , අපනයන , සංචාරක සියලුම මරමස්ථාන ඉතා ශක්තිමත් වෙනවා. ඉතින් ජනතාව දූෂිතයන්ට දඩුවම් දෙන එකට එරෙහි වෙන්නෙත් නෑ අද රනිල්ට ඇප දුන්න නිසා ඔවුන්ම අධිකරණය ස්වාධීනයි කියන නිසා දඩුවම් දෙන්නේ අධිකරණය නිසා ජනතාව සහයට යන්නෙත් නැ...
🫰
අනුර කියන්නේම MASTERMIND එකක් කියලා දැන් පැහැදිලි නේ...
🧭🫰
බලන් ඉන්න තමා දැන් තියෙන්නේ...
ඇත්තටම දැනුයි රුබිකන් නදිය තරණය ආරම්භ වන්නේ...
🫰
ආ අමතක වුනා,🤣
දයාසිරි ප්‍රභූ නිර්ප්‍රභූ කතාවෙන් විපක්ෂයේ සායමත් ගියා.. ආණ්ඩුව ට අනියමාර්ථයෙක් සහයක් දුන්නා කිවලා සමාජයට බැස්සාම තේරෙනවා

25/08/2025

මේ දවස් වල 😪😪😪

නෑ නෑ තවම දැක්කෙ නෑ...😁💥🕵️
24/08/2025

නෑ නෑ තවම දැක්කෙ නෑ...😁💥🕵️

🤨
23/08/2025

🤨

23/08/2025

හිටපු ජනපති නන්දසේන ගෝඨාභයටත් අධිචෝදනා.. නීතිපති අත්සන් තබයි..

Address

Kandana

Alerts

Be the first to know and let us send you an email when CCTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category