Traveler : සංචාරකයා

Traveler : සංචාරකයා Traveling කියන්නේ රැල්ලක් නෙවෙයි ඒක කලාවක්
page :: https://www.facebook.com/Traveler-සංචාරකයා-103634717787558

අවාරෙට පිපෙන මල් තමයි ලස්සනම ☸️🙏❤🇱🇰🙏
15/09/2026

අවාරෙට පිපෙන මල් තමයි ලස්සනම ☸️🙏❤🇱🇰🙏

පින්බර දවසක් වේවා  තෙරුවන් සරණයි...!!! 😍🙏🍃🌷🙏💐🌷🙏🍃❤️😍🌼💛🖤🙏💜️🌹💜️🖤
13/09/2026

පින්බර දවසක් වේවා තෙරුවන් සරණයි...!!!
😍🙏🍃🌷🙏💐🌷🙏🍃❤️😍🌼💛🖤🙏💜️🌹💜️🖤

12/09/2026
Woww
11/09/2026

Woww

දරුවන්ගේ කුසගිණි නිවීමට පියවරු විදින දුක සහ අවධානම 😰.
11/09/2026

දරුවන්ගේ කුසගිණි නිවීමට පියවරු විදින දුක සහ අවධානම 😰.

W O W - K A N D Y ❤️  🇱🇰   📷   😍
10/09/2026

W O W - K A N D Y ❤️ 🇱🇰 📷 😍

අනිවාර්යයෙන්ම
10/09/2026

අනිවාර්යයෙන්ම

 #දඹුල්ල_රජමහා_විහාරයදඹුල්ල රජමහා විහාරය , ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. ම...
09/09/2026

#දඹුල්ල_රජමහා_විහාරය

දඹුල්ල රජමහා විහාරය , ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම අඩවිය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.

දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයෙහි වසර 2700 නට වඩා පැරැණි (ක්‍රි.පූ 700) මානව ඇටසැකිලි සහිත සුසාන භූමි සොයාගෙන ඇති බැවින්, බුදුසහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව, මෙම ලෙන් සංකීර්ණ තුල, ප්‍රාග්-ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බව අනුමාන කල හැක.

#ඉතිහාසය

ක්‍රි.පූ 7 වන සියවස තරම් ඈත අතීතයකට හිමි කම් කියන මෙය, ශ්‍රී ලංකාවේ අතිශයින් චමත්කාරජනක ලෙන් විහාරයයි. අති විසල් පර්වත තලයකින් ආවරණයවූ ලෙන් පහ ඇතුළත වියලිව තබා ගනු රිසියෙන් ගලෙහි බිටත ඉහල මායිමෙහි කටාරම් කොටා ඇත. 1938දී මෙම ගෘහ නිර්මාණය ආරුක්කුමය කුළුණු පෙලකින් හා දෙපල වහලින් සැදි ඇතුළුවීම් දොරටු වලින් සරසන ලදි. ලෙන අභ්‍යන්තරයෙහි, සිවිලිම් (වියන) සංකීර්ණ ආගමික රටාවන් උපයෝගී කොට ගනිමින් සිත්තම් කර ඇත්තේ පර්වත ශිඛරයෙහි හැඩය හා සමෝච්චය අනුව යමිනි. මෙහි බුදු රජාණන් වහන්සේගේ සහ බෝධිසත්ත්වයන් වහන්සේලාගේ මෙන්ම බොහෝ දේවතාවුන් හා දේවතාවියන්ගේද රූප ඇත.

දඹුල්ල ලෙන් සංඝාවාසය අදටත් කෘත්‍යාත්මකව පවතින අතර, ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් සංරක්ෂිත පුරාතන ප්‍රාසාදය වෙයි. මෙම සංකීර්ණය ක්‍රි.පූ 3වන හා 2වන සියවස් පමණ ඈත අතීතයෙහිදී අති දැවැන්ත හා ඉතා වැදගත් සංඝාවාසයක් ලෙස ස්ථාපනය කරන ලදි. වළගම්බා රජු විසින් ක්‍රි.පූ 1වන සියවසෙහිදී ලෙන් සමූහය විහාරයක් බවට පරිවර්තනය කල බව සාම්ප්‍රදායික විශ්වාසයයි. අනුරාධපුරයෙන් පිටුවහල්ව සිටි ඔහුට, වසර 15ක් තිස්සේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් ගැලවුම සඳහා ආරක්ෂා සැපයුනේ මෙහිදීය. නැවත ඔහුගේ අගනුවර දිග්විජය කල රජතුමා, කෘතඥ ගෞරවසම්ප්‍රයුක්තව මෙහි විහාරයක් කරවීය. පසුකාලීන රජුන්ද මෙහි සංවර්ධනයට දායකව නවාංග එකතු කල අතර 11වන සියවස වන විට ලෙන් සමූහය ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් ව වත්මන් තත්ත්වයට පත් වුනි. නිශ්ශංක මල්ල රජ වසර 1190 දී ලෙන් හි රන් ආලේපිත කොට බුදු පිළිම වහන්සේලා 70 නමක් පමණ එකතු කලේය. 18වන සියවසෙහිදී, උඩරට රජවරුන් විසින් මෙම ලෙන් අළුත්වැඩියා කොට පින්තාරු කරවන ලදි.

උපුටා ගැනීම අන්තර්ජාලයනි
Traveler සංචාරකයා 🇱🇰📷❤️☸️😍🌳🌲🛥️🏞️❤️

😍
07/09/2026

😍

නැවත වාසනා පෙරහැරවල් සදහා නැත ❌ කතරගම වාසනා ඇතා ප්‍රධාන පෙරහරවලට පමණක් ලබා දීමට බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මැති...
07/09/2026

නැවත වාසනා පෙරහැරවල් සදහා නැත ❌
කතරගම වාසනා ඇතා ප්‍රධාන පෙරහරවලට පමණක් ලබා දීමට බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මැතිතුමා තීරණය කර ඇත.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් එම හස්තියා සහභාගි කරවීමට පියවර ගෙන තිබේ.වත්මන් බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංක මැතුමාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර හිටපු බස්නායක නිලමේතුමන්ගේ පාලන සමයන්හිදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති කඨින පිංකම් ඇතුළු කුඩා පරිමාණ පෙරහර රැසක් සඳහා වාසනා හස්තියාගේ සෞඛ්‍ය පිලිබද නිසි අවදානයක් යොමු නොකර සහභාගි කරවා තිබූ අතර, ඒ හේතුවෙන් මේ වන විටත් විවිධ පාර්ශ්වයන්ගෙන් පෙරහර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස ඉල්ලීම් රැසක් දේවාල පරිපාලනය වෙත ලැබෙමින් ඇත.

කෙසේ වෙතත්, දිගින් දිගටම දුර බැහැර ප්‍රදේශවල පෙරහර මංගල්‍යයන් වෙනුවෙන් හස්තියා ප්‍රවාහනය කිරීම සහ යෙදවීම හස්තියාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් විය හැකි බැවින්, හස්තියාගේ නිදහස තහවුරු කිරීමේ අරමුණින් මෙම සීමා කිරීම සිදු කර ඇත.

වාසනා හස්තියාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණය පිළිබඳව වාසනා හස්තිරාජයාට ආදරය කරන සියලු පාර්ශ්වයන්ගේ අවධානය සහ සහයෝගය අපේක්ෂා කරන්නෙමු.

මාධ්‍ය අංශය
රුහුණු මහා කතරගම දේවාලය

උපුටාගැනිමකි

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Traveler : සංචාරකයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category