01/02/2023
🤨 ලංකාවෙම ඉපදිලා මේකෙම මැරිල යන 80% ක් ඉන්න රටේ, වෙනත් රටවල්වල 60 පැනපු සුද්දො අපේ රටවල් බලන්න එද්දි මේ ලෝකෙ ලස්සන තැන් අපිට බලන්න අයිතියක් නැද්ද කියල...?
🤨 අමාරුවෙන් අවුරුදු 10 ක් විතර ඉතුරු කරල, ලීසින් එකකුත් දාල Used කාර් එකක් අරන් පදිනකොට, ලෝකෙ අනිත් රටවල්වල උන් වගේ BMW / AUDI / Porsche වගේ සුපිරි කාර් එකක් පදින්න අයිතියක් අපිට නැද්ද කියල...?
🤨 කළුඅග්ගල Leisure World එකේ අවුරුද්දකට පාරක්වත් යන්න බෝනස් එක එනකල් බලන් ඉද්දි, Santhosa Island / Disney World / Sunway Lagoon Water Park වගේ තැන් වලට ගිහින් දරුවො එක්ක විනෝද වෙන්න අපිට අයිතියක් නැද්ද කියල...?
🤨 උදේ 6 ට කොට්ටාවෙන් බස් එකට නැගල, ට්‍රැෆික් එකේ පැය 3 ක් විතර ගිහින්, මරදානෙන් වැඩට යද්දි දාඩිය පෙරාගෙන, ශබ්දයේ වේගයෙන් යන Japan Bullet Train එක වගේ එකක ගෙදර ඉඳන් වැඩට යන්න අපිට අයිතියක් නැද්ද කියල...?
🤨 හංදියෙ කඩේ අජිනමොටෝ දාපු චීන රයිස් එක ගිලල, අවුරුදු 30 වෙද්දි කොලෙස්ටෙරෝල් / සීනි / පිළිකා හදාගෙන වකුගඩු දෙකත් කෙළවගෙන, අවුරුදු ගණන් පෝලිමේ ඉඳල මැරිල යද්දි , ජපානෙ වගේ අවුරුදු 100 ක් නිරෝගීව ජීවත් වෙලා සතුටින් මැරෙන්න අපිට අයිතියක් නැද්ද කියල...?
🤨 බොරු ඇඩ්‍රස් හදල, ලක්ෂ ගාණක් වියදම් කරල, ගෙවල් කුලී ගෙවාගෙන රෑ තිස්සෙ ළමයටත් බොරු පාඩම් කරවල, ටවුන් එකේ ඉස්කෝලෙට ඵමයි දාද්දි, ජපානෙ වගේ පයින් ඉස්කෝලේ ගිහින්, පයින් ගෙදර එන හොඳම ඉස්කෝලයකට හැමෝටම යන්න අයිතියක් නැද්ද කියල...?
🤨 ගුවන් යානයකට නැගල නැති උඹේ අම්ම, තාත්තට ලෝකෙ රටවල් දෙක තුනක් බලල එන්න අයිතියක් නැද්ද කියල...?
🤨 වලවල්වල වැටි වැටි අමාරුවෙන් ගත්ත කාර් එකේ යද්දි, යුරෝපයේ වගේ ලැම්බෝගිනියක් වුණත් ගේ ළඟට එන්න පුළුවන් සුපිරි පාරවල්වල යන්න අයිතියක් නැද්ද කියල...?
🤔 ට්‍රිලියන ගණන් ණය වුණේ උඹල, අපේ උවමනාවට නෙවෙයි, උන්ගෙ උන්ට සුර සැප විඳින්න කියල දැන් උඹලට තේරෙන්නෙ නැද්ද...?
🤔 ලෝකෙ ඉස්සරහට යද්දී, අපේ රට පස්සට යන්න එකම එක හේතුවයි තියෙන්නේ. අපේ ජාන වලම තියෙන්නෙ එකෙකුට එකෙක් නැති, අල්ලපු ගෙදර එකාටත් වෛර කරන හැටි. ඒක පාලකයො දන්නව. උඹල අපි බෙදන්න හරිම ලේසියි. අන්න ඒකයි නූගත්, වියපත් එවුන් ටිකක් තාමත් මේ රට පාලනය කරන්නේ.
❤❤ හිතල බලපං 1950 ආසියාවෙ දෙවැනියට හිටපු අපි පහළටම වැටෙද්දී, අවුරුදු 75 ක් මේක කාලම දාපු උන් ආයෙ ආවත් මේකමයි නේද..?
❤❤ මේ පුංචි රට එකතු වෙලා ගොඩ දාන්න වැඩ කරපල්ලා...!!
❤️❤️ පක්ෂ පාට අත්හැරපල්ලා..!!
අපේ පරම්පරාව කැප කිරීමක් කරමු, ඊළඟ පරම්පරාවට හරි මේ රටේ සතුටින් ඉන්න පුළුවන් රටක් කරන්න.
ලංකා අම්මට ආදරේ එවුන්ට දැනෙයි මේ කතාව.
අන්න ඒ මෝඩ කමෙන් මිදිල, හුස්මවල සද්දෙ හරියට ඇහුණහම උඹට දැනෙනවා..,
ඇත්තමයි හුස්ම ගන්නවා කියලා...!!! 🥺🥺🥺
(උපුටා ගන්නා ලද්දකි)