20/05/2026
_එකම නහරේ එකාලාගේ ආත්මකතාව_
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක..
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක....
ඉතින් ආයුබොවන්ඩ අපි උඹලා ජීවත් වෙන්න දරපු උත්සාහයේදී අපිට ඉතුරු වුණු අපිට ගොඩනැගුණු අපි ගොඩනගපු ලෝකයක් තමා වන්දනාකරවෝ වගේම එක රෑන කියන්නේ. අමුතු පහේ යකඩ යන්තරයක පෙම් බැන්ද දා ඉදන් ඒ හදවත්වලට එකතු උනේම අපේ වචනෙන් කිව්වොත් එකම නහරේ එකාලා. ඒක අයිති අවකාශයට මිසක අපිටවත් නෙවෙයි. ඒක අයිති උඹලාට. ඉතින් එහෙම එකතු වෙච්ච උන් එක රෑනක් වෙලා ලේ බෑදිමෙන්ම බැදිලා ඉවරයි. සන්තෝසෙට කාරණා කියන්නේ උබලා මේ ආත්මෙන් එන ආත්මෙට බැදීමක් ඉතුරකරගෙන ඉවරයි ඒ අපි ආයේ හම්බෙන්න ඔනේ කියන එක. ඒ නිසා හේතු අහෙතුකව අනිවාර්යයෙන්ම අපි නැවත නැවත් හමුවිය යුතුමයි.