Ceylon Docs

Ceylon Docs Security Systems for your Home and Business

23/12/2023

කෝපි කුමරියගේ කතාව

බොහෝ දුර ඈත හීතල එන්ගලන්තයේ..
පිපී ආ මල් කැකුළ ආලයේ හන්දියේ...
නැව් මතින් ඇවිත් පස් මසක් එක වංගියේ..
කෝපි කුමරී වුනා මහනුවර මණ්ඩියේ..

වසරකට තුන් වරක් කෝපි මල් පිබිදුනා..
නුඹෙ ගෙලට නවරුවන් මැණික් එබිකම් කළා..
කන්ද උඩ මන්දිරේ ජයපාන ඉතිරුනා
සරා සඳ ඇවිත් මල් සුවඳ හොරකම් කළා

දිගු වරළ, ඉරිඟු පැහැ මුව මඩල සිහිනිඟින්.
බෝල ඇස් ආල බස් වෑහෙනා මුව අඟින්
හීන වැහි අතුල හෙළ රටේ නැති නෙක වයින්
සාදයට බට උදා තරුව නුඹ ඔතෙලීන්

අංගාර කෝපි තව තවත් කලු ගැහෙන විට
හිමිගෙ සිහසුන සැනෙන් බිංදුවට වැටෙන කොට..
ඔතෙලීන් කුමරියේ වැටුනු ලී පුටුවකට
ලය පැලී මියගිහින් සිටියා හිමි වඩිනකොට .. .

මියගියත් කෝපි ඇට, තේ ජයට පැළවුනා..
විලියම්ට ආයෙමත් ජය කොඩිය එසවුනා..
මංගල්‍ය සීනූ නුඹ නොමැතිවම හැඬවුනා..
නුඹේ මංගල රැයට සොහොන් බිම සෑහුනා..

විලියම් රඩ්...

ඔහු ලංකාවේ කෝපි වගාව සඳහා පැමිණ විශාල ඉඩම් ප්‍රමාණයක් කෝපි පුරවාලමින් වෙළදපොළ ජයගත්තා. ලංකාවේ පමණක් නොවෙයි, ඉන්දියාවේ පවා ඔහුට කෝපි වතු තිබුනා..
ඔහුගේ බිරිඳ ඔතෙලීන් රඩ්...
ඔවුන් ජීවත් වුනේ පාරාදීසයේ, මහනුවර.
ඔවුන්ට ඇතිතරම් මුදල් තිබුනා. ඈ ජීවත් වුනේ කුමාරිකාවක් වගේ.
නමුත්..
එකදාස් අටසිය හැත්තෑගණන් වල ඇතිවන රෝග තත්වයක් හේතුවෙන් කෝපි වගාව මුලුමනින්ම විනාශයට පත් වුනා.
විලියම් රඩ් බලා සිටිද්දි බංකොලොත් වුනා. සිය සැමියාගේ පරිහානිය ඉවසාගත නොහී ඔතෙලින් හිඳි පුලුව මතම මියගියේ වයස අවුරුදු 35 දී.
ඈ මහනුවර ගැරිසන් සුසානයේ නිදනවා.
විලියම්...
ඔහු තමා මිනිහා...
පසුව අවුරුද්දකට තුන්වතාවක් නෙලන කෝපි වෙනුවට තේ කරලියට එනවා.
ඔහු සියලු ඉඩම් වල තේ වගා කරමින් නැවතත් දියුණුවට පත් වෙනවා.
නැවතත් සුන්දර තරුණියක් විවාහ කරගන්නවා.
මිතුරනි...
මෙය අතුරු කතාවක් පමණයි.
වෙළන්දන් හිඟනන්ව වැටෙද්දී ,
කුමරියන් මිය යද්දි..
මැලේරියාව සමඟ සටන් කරමින් අධිරාජ්‍යයක කෝපි, තේ වගාකළ මිනිසෙක් ගැන මීටත් වඩා කොතරම් කතා තිබිය යුතුද....☕ ☕

කන්දේ නුවර
Powered by
"Ceylon Docs"

අතීතයේ මහනුවර බෝගම්බර වැව් සීමාව වූ තැනක ඉදි වූ ඔරලෝසු කණුව 70 දශකයේ දිස් වූ අයුරු.
23/12/2023

අතීතයේ මහනුවර බෝගම්බර වැව් සීමාව වූ තැනක ඉදි වූ ඔරලෝසු කණුව 70 දශකයේ දිස් වූ අයුරු.

කටුගස්තොට එදවස මෙලෙසින් දිස් විය.කිසිදා සතුරු ආක්‍රමණයෙන් පසුබස්සවන්නට නොහැකි වූ කන්ද උඩරට සදාකාලික මිනිස් වාසස්ථානයක් ස...
20/12/2023

කටුගස්තොට එදවස මෙලෙසින් දිස් විය.

කිසිදා සතුරු ආක්‍රමණයෙන් පසුබස්සවන්නට නොහැකි වූ කන්ද උඩරට සදාකාලික මිනිස් වාසස්ථානයක් සහ සංචාරක පුරවරයක් කරන්නට පාලම් ඉදිවිනි.

පේරාදෙණි පාලමත් ගුරුදෙණිය තැන්නේකුඹුර පාලමත් කටුගස්තොට පාලමත් කදිමට ඉදිව නුවර ජනාකීර්ණ කලේය.

මේ කටුගස්තොට පාලමේ දසුනකි. ඈතින් හන්තාන කඳුවැටිය දිස්වෙයි. ඒ මත උස් කණු සවිව නැත. සොබාව සෞන්දර්ය රජකාලයේ මෙන් පැවැති මුදුනත දෑසින් විඳගන්න.

කන්දේ නුවර

11/09/2019
යළි පිබිදෙන කන්දේ නුවරවියළු මං පෙත පුරා ඇදී එන මහ සුළඟ..මගේ සිහිනය වටා සක්මනේ වී නිබඳ..කුරුළු මිතුරනි මගේ මට දෙන්න හෙට ද...
06/05/2019

යළි පිබිදෙන කන්දේ නුවර

වියළු මං පෙත පුරා ඇදී එන මහ සුළඟ..
මගේ සිහිනය වටා සක්මනේ වී නිබඳ..
කුරුළු මිතුරනි මගේ මට දෙන්න හෙට දවස
සියළු මල් හෙට පිපෙයි නිවා ඔබේ සා පවස..

වළා අතුරා නැගෙන රෝස සිතුවම් පුරා..
සතුටු වැහි නැඟෙයි බිඳු සාගරෙන් දිය උරා..
හෙට බතට නිල් කරල් පැසෙන ආලය පුරා..
නිල්ල කිරි වැදී ඇත සිහින මල් පොදි දරා..

එන්න හෙමි හෙමින් අඩි තියා නොකරම සද්ද..
ලේන් පොඩි ඇහැරේවී මුදු සුළං විසිරෙද්ද..
ආදරේ සීරුවට ඉරා මැහු මල් රෙද්ද..
පොරවපන් උන්ට සීතල මකාලනු ඇද්ද..

Ceylon docs 🇱🇰

කැළයට ආදරේ කළ උන්..කිසිවෙකුටත් සැඟව යා නොහෙන ලෙසින් සියළු ගස් කපා දැම්මා. ඒත් ආයෙමත් ඒ කැළය දලු ලෑවා. අවුරුදු දෙසීයකින් ...
02/05/2019

කැළයට ආදරේ කළ උන්..

කිසිවෙකුටත් සැඟව යා නොහෙන ලෙසින් සියළු ගස් කපා දැම්මා. ඒත් ආයෙමත් ඒ කැළය දලු ලෑවා. අවුරුදු දෙසීයකින් කැලය දලුලද්දි එදා හිටපු කවුරුත් නෑ.
එදා ගස් කපනවට විරුද්ධ වුන උන් වැළලිලා යන්න ඇති. ඒත් ඒ ආදරය වනපෙත සිසාරා අදටත් හමා එන්නේ නැතැයි කියන්න පුලුවන් කාටද..

The Untold Story of කන්දේ නුවර (Kandy) Udawaththa Royal National Forest

අධිරජු නැපෝලියන් පරාද කළ කුඩා මදුරුවානැපෝලියන් බොනපාට් අධිරාජයාගේ ප්‍රංශ හමුදාව  1815 ජුනි 18 වැනිදා එදා නෙදර්ලන්තයට අයත...
01/05/2019

අධිරජු නැපෝලියන් පරාද කළ කුඩා මදුරුවා

නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ ප්‍රංශ හමුදාව 1815 ජුනි 18 වැනිදා එදා නෙදර්ලන්තයට අයත් බිමක් වූ වෝටර්ලූ හීදී රටවල් හතක ඒකාබද්ධ හමුදාවන්ට නායකත්වය දුන් ආතර් වෙල්ස්ලි හෙවත් වෙලිංටන්හි ඩියුක්වරයාට පරාජය වුනා. වෙලිංටන් ආදිපාදවරයාගේ හමුදාවේ හිටපු තරුණ 26 වියැති කපිතාන් මැග්ලාශන් උසස් වීම ලැබුවා. ඔහු ලංකාවේ ත්‍රීකුණාමල වරායට ගොඩ බසිනවා. එවකට ලංකාව ගිවිසුමෙන් යටත් වූ අලුත. කළබල. හැබැයි තරුණ මැග්ලාශන් ඔට්ටුවක් අල්ලනවා තවත් හමුදා නිලදරයෙක් එක්ක.
බලපන් මං නැපෝලියන් ටත් ගහපු එකෙක්. මේ පුංචි රටේ මැද්දට පයින් යනවා මේ ත්‍රිකුණාමලේ ඉදලා." හා ඔට්ටුයි. එහෙමයි කතාව උනේ. අන්තිමට තරුණ ජේම්ස් පා ගමනින්ම කන්දේ නුවරට ආවා. මහ වැසි වලින් තෙමිච්ච ඔහු වන අලි ගැවසුන කැලෑ මැද්දෙන් අඩිපාර මැද්දෙන් ආවා. වැහි කාලේ වතුර හැම වලකම පිරුණා. එක යායට මැලේරියා මදුරු විමාන බිහිවුණා. නැවැතුන හැම තැනකදීම ජේමිස් මදුරුවන්ට ලේ දුන්නා. දින ගණනාවකට පස්සේ ඔහු කන්දේ නුවරට ආවා. දැඩි වෙහෙසකර බව මැද මැලේරියා උණෙන් පීඩා වින්ද ඔහු පැය කීපයකට පස්සෙ මිය ගියා.
ආදරය කළ මවුබිම අතැර දුරු රටෙක පොලොව මත වැලැලුණු කපිතාන් ජේම්ස් මැග්ලාශන් ගෙ අනුස්මරණීය සොහොන් ගැබ කන්දේ නුවර පසෙක තිබේ.
මහා අධිරාජයෙකුගේ අණසකට යටත් නොවූ කපිතාන් මදුරු තුඩකින් අවසානය කරා එළඹියෙ කන්දේ නුවර වැව පෙනෙන මානයේදීය.

කන්දෙ නුවර

පේරාදෙණි මිටියාවතේ ඉම...මල්වත්ත පුරවාඑදවස රජු සිටි වග ඔබ දන්නවාද...එන්න අතීතය දකින්න...රස විඳින්න..පරව ගිය මල් පොකුරු අග...
01/05/2019

පේරාදෙණි මිටියාවතේ ඉම...

මල්වත්ත පුරවා
එදවස රජු සිටි වග ඔබ දන්නවාද...
එන්න අතීතය දකින්න...
රස විඳින්න..
පරව ගිය මල් පොකුරු අග
පල දරන හෙට..
කෙතරම් සොඳුරුදැයි බලන්න..

The Untold Story of කන්දෙ නුවර
Powered by "Ceylon Docs"

මැටි පහනෙක..මැටි ගෙපැලෙක..මැටි පිළෙක..පැදුරක..මැටි මුට්ටියක..මැටි කලයක..මැටි කබලක..කමතක...ඇත්තෙ මැටි නොවේ..සතුටයි..The U...
30/04/2019

මැටි පහනෙක..
මැටි ගෙපැලෙක..
මැටි පිළෙක..
පැදුරක..

මැටි මුට්ටියක..
මැටි කලයක..
මැටි කබලක..
කමතක...

ඇත්තෙ මැටි නොවේ..
සතුටයි..

The Untold Story of "කන්දේ නුවර"

එදා වාගෙම අදත්...පාලුවෙන් මිරිකුණු මලානික මුහුණුනුඹ නැතිව හඬනයුරු..වලා නෙක අතුළ නුඹ..රහසින්ම බලනයුරු...උන්ගෙ කිරි කැටි ස...
27/04/2019

එදා වාගෙම අදත්...

පාලුවෙන් මිරිකුණු
මලානික මුහුණු
නුඹ නැතිව හඬනයුරු..
වලා නෙක අතුළ නුඹ..
රහසින්ම බලනයුරු...
උන්ගෙ කිරි කැටි සිනා..
වලා යට සඟවන්න..
හැකිවුනා උඹට මතු
දිනෙක සිහි කරලන්න ..

වදක මල් මාලයක් හිස දරන් ඈ ඇවිත්
කිරි වැරූ දෙතන ඔසරියෙ හැට්ට තුඩු මතින්..
බර ගලට වඩා ඇගෙ හදවතේ බර දරන්..
ඈ ඇවිත් කිමිදෙන්න සඳේ රැස් ගුලිකරන්..

පුතුන් මළ තැන පටන් ආව ඇගේ රත් දෙපා..
කිරිමූදු බිඳු ඇවිත් වෙහෙසකර බව කපා..
දරු හිමිත් නැති ලොවක පල නොමැති දිවි තබා..
සීත බෝගම්බරේ පහස ඈ ගති ලබා...

කිරි මූද අවට තිබු ඇහැළ ගස් කලියෙන්ම...
මියගියා කිසිවෙකුටවත් සුවඳ නොතියාම..
නුඹෙ උකුලෙ සැතපෙන්ට උන්ට තිබු ආසාව..
පතිවතට පැරදුනා දෙවරක්ම නොසිතාම..

වැව ගොඩවෙන්නේ මහනුවරට පාර එනකොට කියලා ඇතැම් තැනක කියවෙනවා. ඒ වගේම දුම්‍ රිය ස්ථානය ඉදිවුනා. මාතලේ මහනුවර දුම් රිය මඟ ඉදිවුනා. ඒ මාර්ගයට අහුවෙලා ආදාහන මලුව විහාරේ හරියේ තිබුණ රජවරුන්ගේ සොහොන් කොත් කැඩී බිඳී ගියා. බ්‍රවුන්රිග් මෙහෙම කියලා යටත් විජිත ලේකම්ට ලිපියක් යැව්වා.

"මහාමාන්‍ය බැතරස්ට් වංශාධිපතිතුමනි,

මේ දිහාවේ දැන් කෝපි වගාව නිසා සරුවට වැඩුණු පෙදෙස් පෙනෙයි. එය මා ඔබතුමාට දන්වන්නෙ මහත් සාඩම්බරයෙනි"
ඔබගෙ යටහත් සේවක
රොබට් බ්‍රවුන්රිග්

ඉතිහාසය පුරාවටම සිදුවෙච්ච දේවල් දැක්කේ ඉරහඳ, තාරුකා. බෝගම්බර සිරගේ කිට්ටුවෙන් ද නුඹ කුමාරිහාමි වෑ පතුලට ගියේ?
දළදා වීදියෙන් නුඹ මතු වුනාද? කවුද දන්නේ...
එදත් රජුන් පමණක් දැන උන්නු ඇත්ත. අදත් එහෙමයි. ඉතිහාසය ආයෙත්,ආයෙමත් හමු වෙනවා. අපිට අමතක උනත්. අමතක නොකර යන නපුරන්ට නැවත නොඑන්ට යැයි කියාපන්. ආදරය විතරක් හමු උනාවේ නුවර කොනෙක.

කන්දේ නුවරදීය.

දින නියමයක් නොමැතිව කල් තබමු.මිලේච්ඡ නින්දිත සැඟව ප්‍රහාර එල්ල කිරීමේ අධම සංස්කෘතිය අද ඊයේ නිර්මාණය වූවක් නොවේ.  එය කවදත...
23/04/2019

දින නියමයක් නොමැතිව කල් තබමු.

මිලේච්ඡ නින්දිත සැඟව ප්‍රහාර එල්ල කිරීමේ අධම සංස්කෘතිය අද ඊයේ නිර්මාණය වූවක් නොවේ.
එය කවදත් සිදුවිය.
ඒ අධම සංස්කෘතියට නින්දා වේවා.
මියගියේ අපේම අම්මාවරුන්ය. අපේම පියවරුන් ය. දරුවන් දියණියන්‍ ය. උන් හඬන්නේ ආදරය කරන උන් වෙනුවෙනි. ඉතින් අප කෙසේ සතුටු වෙමුද...
සහෘදයනි....
මේ ජාතික ශෝක දිනයේ අප උන් වෙනුවෙන් ශෝක වෙමු.
නිවන් සඟ මොක් සුව පතමු.
නැවැත දැනුම් දෙන තෙක්, කන්දේ නුවර ජායාරූප ප්‍රදර්ශනය කල් තැබෙනු ඇත.
අප හමුවෙමු. අඳුරු හෝරාව ඉක්මනින් පහව යේවා.

🇱🇰

සංවාදයට පෙර වදනක්....අපි සුද්දන්ට බනිමු. එසේ බනින අතරේ කලිසම අඳිමු. උන් හැදූ රේල් පීලි උඩ යමු. මාවත් තව තවත් පුලුල් කරමු...
21/04/2019

සංවාදයට පෙර වදනක්....

අපි සුද්දන්ට බනිමු. එසේ බනින අතරේ කලිසම අඳිමු.
උන් හැදූ රේල් පීලි උඩ යමු. මාවත් තව තවත් පුලුල් කරමු. ලේ කකියන වදන් දෙවමින් ඉංග්‍රීසියම රජ කරවමු.
ආදරයේ කූටප්‍රාප්තියේදී උන්ගේ ඇඳුම් අඳිමු. මුල් ඇඳුම ඇඳ වෙනත් දිනෙක නුවරට එන්න. ඔබ විහිලුවක් වනු නොඅනුමානය.
පැවැත්ම හා දියුණුව යන සංකල්පයන්ගේ පුරාණ අර්ථ සොයාගත නොහී අප අතරමංව හිඳිමු. පැරැණි විශ්වාස පද්ධතිය හා දැනුම් පද්ධතිය යාවත්කාලින කරන්නට අපොහොසත්ව හිඳිමු. තෝරා බේරාගත නොහැකි අවුලකින් සියල්ල කොන්ක්‍රීට්කරණය කරන්නෙමු.
දැන් පරිසර චක්‍රයන් අවුල්ව ගොසින් තිබේ.
කෝ උත්තර...කෝ සංවාද...කෝ සාධනීය බලපෑමකට යා හැකි මඟ..?
නැත. පෙනෙන මානයක විසඳුමක් පෙනෙන්නට නැත.
නූතන ලෝකයේ අප අපිව හිටුවන්නේ කොතැනද..
අපේ උරුම තැබිය යුත්තේ කොතැනද..
එන්න සාධනීය සංවාදයක් උදෙසා අතීතයට යමු. දකිමු. එදා සහ අද වෙනස දෑසින්, දෙසවනින් හා මනැසින්.
අපට තව කාලයක් ජීවත්වන්නට මිහිතලය ඉතිරි කළයුතුව තිබෙන බැවින්..

කන්දේ නුවර
අතීත හා ව‍ර්තමාන ජායාරූප එකම තැනෙක..
2019 අප්‍රේල් 25 වන බ්‍රහස්පතින්දා උදේ 9.30 ට.
මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ දී.

Ceylon Docs 🇱🇰

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Docs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share