SL Travel

SL Travel ලංකාවේ සුන්දරත්වය විදින්න එකතුවෙන්න
Come join us to enjoy the beauty of Sri Lanka

09/01/2026
මාවෙල වලගම්බා ලෙන් විහාරයඔබ කොළඹ – මහනුවර මාර්ගයේ කඩුගන්නාව කන්ද පසුකරමින් කොපමණවත් ගමන් කරන්නට ඇත. එහෙත් පහළ කඩුගන්නාව ...
08/01/2026

මාවෙල වලගම්බා ලෙන් විහාරය

ඔබ කොළඹ – මහනුවර මාර්ගයේ කඩුගන්නාව කන්ද පසුකරමින් කොපමණවත් ගමන් කරන්නට ඇත. එහෙත් පහළ කඩුගන්නාව අම්බලම අසලින් මාර්ගයෙන් පහළට බැස වන තුරු අතර සැඟවුණු පුරාණ ලෙන් විහාරය දැක බලා සිත සනහා ගන්නට ඇත්තේ කලාතුරකින් කෙනකු විය හැකි ය. මහා මාර්ගය අසල සිට දකුණට ඇති බෑවුමේ පහළට මීටර 200 ක් පමණ ගමන් කිරීමෙන් විහාරය වෙතට ළඟා වීමට පුළුවන.
පහළ කඩුගන්නාව මාවෙල ගම්මානයේ පිහිටා ඇති මෙම විහාරය හතර කෝරලේ ගල්බඩ කෝරලයේ ගන්නෑ (ගංනවය) පත්තුවට අයත් ය. මෙගම කෑගලු සහ මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. මේ නිසා විහාරය හැඳින්වෙන්නේ ද ගමේ නමින් මාවෙල වලගම්බා ලෙන් විහාරය වශයෙනි.ඉංගී‍්‍රසින් විසින් 1800 මුල් භාගයේ දී කඩුගන්නාව ගල විදිමින් කොළඹ මහනුවර මාර්ගය ඉදි කිරීමට පෙර මාවෙල විහාරයට යන මඟ වැටී තිබුණේ හිඟුල – හීනටිපොනේ මාර්ගයේ පැමිණ කඳු බෑවුම තරණය කිරීමෙනි. එහෙත් පසුකාලීනව එම මාවත භාවිතය අත් හැරි පසු එය වන වැදී ගොසිනි.
මෑතක දී පහළ කඩුගන්නාවේ මහා මාර්ගයේ සිට විහාරය වෙත ඇති මංපෙත කොන්ක්‍රීට් දමා තනා ඇත. මේ නිසා බැතිමතුන්ට ඉතා පහසුවෙන් විහාරයට ළඟා විය හැකි ය.
ඈතින් සබරගමු කඳු සහ කෙත්වතු පිස එන සුළඟ අප ගත වදී. එය දාහය නිවමින් සිරුර සිහිල් කරවයි. සමනලුන් කිහිප දෙනෙක් විත් අරලිය ගසක වසා රොන් ගන්නට තතනති.
විහාරය වෙත පිවිසෙන විට අවට වටපිටාව අලංකාර කෝණයන්ගෙන් අපට දර්ශනය වෙයි.
පහළ නිම්නයේ දිස් වන්නේ මාවෙල ප්‍රදේශයේ කෙත් ය. අවට ගෙවතු සහ ඊට ඉහළින් නැගී සිටිනා සතර කෝරලේ කඳු ප්‍රාන්ත හරිත වර්ණයෙන් දිස් වෙයි.
ඒ අතරින් කැපී පෙනෙන්නේ බතලේගල කන්දයි. අතීතයේ මාවෙල ලෙන්වල වැඩ විසූ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා මෙම සුන්දර දර්ශනයෙන් සිත් පහන් කර ගන්නට ඇත.
එය ඔවුන්ගේ සිත ඒකාත්මික කර ගැනීම සඳහා අරමුණු කර ගන්නට ඇත.
ගල් පව්වකින් පහළට ඇද හැලෙන දිය ඇල්ලක් අපට මුලින්ම හමු විය. එහි හීන් දිය කෙඳි අවට විසිරෙමින් ජල වාෂ්ප බවට පත් වෙයි. මේ අවට ගල් පර්වතවල සිසිලස පි‍්‍රය කරන පර්ණාංග වැවී ඇත. අවට ගස්වල ඒ මේ අත දුව පනින රිළවුන්ට මේ පින්බිම කදිම අභය භූමියක් වී තිබේ.
දියඇල්ලට ඔබ්බෙන් විහාරය භූමියයි. ලෙන් විහාරය පිහිටා ඇති වටපිටාව ගල් පර්වතවලින් බහුල ය. මෙම විහාරය කරවා ඇත්තේ කඳු බෑවුම ඔස්සේ ඇදී යන දික් පර්වත තලාවක් ඇසුරු කරගෙන ය.
එහි කටාරම් කෙටන ලද ලෙන් තුනකි. පළමු ලෙනෙහි දාගැබ ද දෙවැනි ලෙනෙහි විහාර මන්දිරය ද තෙවැනි ලෙනෙහි සංඝාවාසය ද පිහිටා තිබේ. මෙම පර්වතයට ඉහළින් පැතිර ඇත්තේ වන වදුලු සහිත වටපිටාවකි. හාවන් මීමින්නන් කලවැද්දන් වැනි සතුන්ට එය කදිම රක්ෂා ස්ථානයක් බවට පත්ව ඇත.
පිරිනිවන් මංචකය දැක්වෙන සැතපෙන ප්‍රතිමාවේ අතවරයට ලක්ව ඇත්තේ හිස තබාගෙන සිටින කොට්ටයයි. 1998-04-04 දින විහාරයේ ස්වාමින් වහන්සේලා බැඳ දැමූ හොරු හය දෙනකු පිළිමය වනසා නිදන් සොයා ඇත.
එය නැවත ප්‍රතිසංස්කරණය කරන ලද අතර 2001-11-08 දින යළිත් කඩා දමන ලදී. ඊට පසු නිදන් හොරු මෙම පිළිමය වනසා දමා ඇත්තේ 2002-11- 24 දා ය. දැන් මෙය නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ. මාවෙල පමණක් නොව හතර කෝරලේ පිහිටි දනකිරිගල – දෙවනගල – අලවතුර ගනේගොඩ වැනි පුරාණ විහාර රැසක් නිදන් හොරුන්ගේ විනාශයට ලක්ව ඇති බව අපට නිරීක්ෂණය කිරීමට ලැබුණි.
අපි විහාර බිමට පිවිස අවට දර්ශනයෙන් සිත් පහන් කර ගත්තෙමු. වසර සිය ගණනක් තිස්සේ බැතිමතුන් මෙම පුණ්‍ය භූමිය වන්දනා කරගෙන පින් පුරවා ගන්නට ඇත. ජනප්‍රවාදයේ සඳහන් අයුරින් බොහෝ ලෙන් විහාර මෙන් ම මෙය ද කරවා ඇත්තේ වලගම්බා රජු විසිනි.කෙසේ වුවත් මෙහි ආරම්භය අනුරාධපුර යුගයේ මුල් භාගයට ඇතුළත් කළ හැකි ලක්ෂණ දෙවැනි ලෙන් විහාරය ඉදිරිපිට ඇති කොරවක්ගල සහ පුන්කලස සහිත මුරගල් යුවළෙන් පෙනේ. එහි කොරවක්ගලක පූර්ව අනුරාධපුර යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් බොතිමශ (බොතිමගේ) යන්න කොටා ඇත. එම ගල් නිර්මාණය කරවා ඇත්තේ හෝ කර ඇත්තේ බොතිම නම් පුද්ගලයා වන්නට ඇත.
වලගම්බා ජනප්‍රවාදය මෑත අතීතයේ මෙයට ආරූඪ කරවා ඇති බව පෙනේ. එච්. සී. පී. බෙල්ගේ 1892 කෑගලු වාර්තාවේ ද එය සඳහන් නොවේ. ඔහු මෙම පුදසුන සඳහන් කරන්නේ මාවෙල ලෙන් විහාරය වශයෙනි. ඔහුට අසන්නට ලැබී ඇති අයුරින් මෙම විහාරය කරවා ඇත්තේ කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු රජු විසිනි.
විහාර භූමියේ මුලින්ම පිහිටි ලෙන තුළ දාගැබ දක්නට ලැබේ. මෙම ලෙන දිගින් අඩි 30 ක් ද පළලින් අඩි 20 ක් ද වේ. ලෙනෙහි උස අඩි 22 කි. ලෙනට ඇතුළුවීමට ඇති ප්‍රවේශය දෙපස කොරවක්ගල් දෙකක් සහ චාම් පුන්කලස් මුරගල් දෙකකි. පුන්කලස්වල ඇත්තේ නෙලුම් පොහොට්ටු ය. ඒවා යන්තම් මතුකර පෙන්වා ඇත. කොරවල්ගල් චාම් බොරදම් කැටයමින් යුක්ත ය. මෙවැනි චාම් කැටයම් දැකගත හැක්කේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ දී ය.
මෙහි ඇතුළු ගැබෙහි පිහිටි දාගැබ ගඩොල් සහ මැටියෙන් තනා හුණු පිරියම් කර තිබේ. දාගැබේ විෂ්කම්භය අඩි 8 අඟල් 6 ක් වන අතර උස අඩි 19 කි. සම චතුරස්‍රාකාර වේදිකාවක් මත දාගැබ ඉදිකර තිබේ. එම වේදිකාව දිගින් හා පළලින් අඩි 11 අඟල් 6 කි. දාගැබ නිසා ලෙන සම්පූර්ණයෙන් පිරී ගොසිනි. දාගැබ වටා සිව්පසින් මකර තොරණ යට වැඩ සිටින හිඳි බුද්ධ ප්‍රතිමා හතරකි. එම ප්‍රතිමා අඩි 4 ක් උසින් යුක්ත ය. පසුකාලීන තීන්ත ආලේපය නිසා මහනුවර යුගයේ ඉදිකරන ලද මේවායේ පුරාණ ස්වරූපයට හානි පැමිණ තිබේ.
මෙහි ලෙන් වියනෙහි බදාම තට්ටුවක් දක්නට ලැබුණ ද පැරැණි සිතුවම් දක්නට නොලැබේ. වටේ බිත්තිවල ද සිතුවම් කිසිවක් නොමැත.
පසුකාලීන අලුත්වැඩියාවල දී මෙම සිතුවම් මැකී යන්නට ඇති බව සිතිය හැකි ය. මෙම දාගැබ මෙන්ම ලෙන් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව ද කිහිප වරක්ම නිදන් හොරු හාරා තිබේ. මෙවැනි බොදු උරුමයන් වනසා නිදන් සෙවීම මුදලට ලොබ බැඳි දුර්ජනයන්ගේ ක්‍රියාවකි.
මෙලෙස ලෙන් තුළ කුඩා දාගැබ් ඉදිකිරීම මහනුවර යුගයේ දී දැකගත හැකි ය. හිඳගල වාරණ පිළිකුත්තුව එවන් දාගැබ් දැකගත හැකි විහාර කිහිපයකි. මෙම ලෙනට අඩි 75 ක් පමණ දුරින් දෙවැනි ලෙන පිහිටා තිබේ. ප්‍රතිමා මන්දිරය එහි පිහිටා ඇත. එහි සැතපෙන බුද්ධ ප්‍රතිමාව මහනුවර යුගයේ ලක්ෂණ සහිත ය.
මෙහි පිහිටි ප්‍රතිමා සහ සිත්තම්වල පුරාණ ස්වරූපය ආරක්ෂා වී පවතී. බුදුරුවේ සිවුර මහනුවර යුගයේ ජනපි‍්‍රය ලක්ෂණයක් වූ දියරැලි ආකාරයෙන් යුක්ත ය.
එහි සිවුර රන්වන් පැහැති ය. මෙහි හිස හා කොට්ටය අසල නිදන් හොරු විනාශ කළ ලක්ෂණ පවතී. බෙල් අවුරුදු 116 කට පෙර විස්තර කරන සිතුවම් අද වන විට බොහෝ දුරට විනාශ වී ගොසිනි. වියන් සිත්තම් දැකගත හැක්කේ යාන්තමිනි. රහත් රූප ද ඉතිරිව පවතින්නේ කිහිපයක් පමණි. සොබාදහම විසින් ඒවායේ වර්ණ මකා දමා ඇත.මෙම විහාරය ඉදිරිපිට කළුගල් මළුවක් මත පැරැණි බෝධි වෘක්ෂයකි. එහි සිට තවත් අඩි 150 ක් පමණ දුරින් සංඝාවාසය සහිත ලෙනයි. ඒ අවට සරුවට වැඩුණු පුවක් ගසින් පිරි වදුලක් අපට දැකගත හැකි විය.
ලෙහෙනුන් කිහිප දෙනෙක් පුවක් ගස් අතර සරමින් සිටියහ. මෙවැනි සුන්දර දැකුම් සහිත පුදබිම්වල දී අප සිත් පහන් වේ. එය විඩාබර සිතට කදිම සැහැල්ලුවක් සැනසුමක් ගෙන දෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
බුදුන් දවස රහත් හිමිවරු සොබා සුන්දරත්වයෙන් සිත සනසා ගත් ආකාරයත් එය භාවනාවට නිමිත්තක් කර ගත් ආකාරයත් ථෙර ගාථාවල අපූරුවට සඳහන් වේ. එලෙස ම පුරාණයේ මාවෙල ලෙන් විහාරයේ වැඩ සිටි හිමිවරුන් ද මේ සුන්දර වටපිටාවෙන් සිත පහන් කර ගෙන බවුන් වඩන්නට ඇත.

゚viralシfypシ゚viralシalシ

Good Morning All ❤️🍃
08/01/2026

Good Morning All ❤️🍃

ලූල්කදුර කොන්ඩගලට හරියටම යන හැටි 🤩🍀🐬🌿🦀🌳🐙කොන්ඩගල තරණයලූල්කදුර වතුයාය නරඹන්නට එන බොහෝ දෙනෙකුගේ එක් ඉලක්කයක් තමයි කොන්ඩගල ක...
16/11/2025

ලූල්කදුර කොන්ඩගලට හරියටම යන හැටි 🤩🍀🐬🌿🦀🌳🐙

කොන්ඩගල තරණය

ලූල්කදුර වතුයාය නරඹන්නට එන බොහෝ දෙනෙකුගේ එක් ඉලක්කයක් තමයි කොන්ඩගල කදු තරණය.ශ්‍රී ලංකාවේ පලමු තේ වතුයාය තමයි ලූල්කදුර කියන්නේ. මේ ලූල්කදුර වතුයායේ ඉතිහාසය සහ සුන්දරත්වය ගැන අපි ලූල්කදුර වතුයාය සහ කොන්ඩගල තරණය album 01 තුලින් ඉදිරිපත් කලා මතක ඇති.මේ කියන්න යන්නේ කොන්ඩගල තරණය ගැන.

මෙතනට ගමන් මාර්ග කීපයක් තියනවා.
මහනුවර - ගලහ - දෙල්තොට හරහා ගම්පොල - ගලහ හරහා
හගුරන්කෙත හරහා
එන්න පුලුවන්.

ගලහ දෙල්තොට කිව්වාම හැමෝම හිතන්නේ මේක මහනුවර දිස්ත්‍රික්කයට අයිති වෙන තැනක් කියලා.නමුත් මේ ලූල්කදුරින් තමයි දිස්ත්‍රික්කය වෙන්වෙන්නේ.. ඒ කියන්නේ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක මායිම දකින්නට ලැබෙන්නේ ලූල්කදුර ප්‍රදේශයෙන්..

ලූල්කදුර එන ගොඩක් අය එන්නේ ලූල්කදුර වතුයාය බලන්න විතරක් නෙමෙයි.ලූල්කදුර වතුයාය මැදින් කොන්ඩගල කියන කදු තරණයට.. ඒක ගොඩක් ලස්සන චාරිකාවක්.. පැරණි සර් ජේම්ස් ටේලර් මහතාගේ නිවසෙහි නටඹුන් ඇති ස්ථානයෙන් කන්ද උඩට තියන අඩි පාරක් දිගේ ඔයාලට මේ කදු මුදුනට එන්න පුලුවන්. ලොකු දුරක් නම් නැහැ.ඒත් ටිකක් අපහසු මාර්ගයක්.මේක රක්ෂිතයක් ඒ වගේම ලොකු ජෛව විවිධත්වයක් තියන ගුප්ත පරිසරයක්..

Photos Credit Always Goes to respective owner | DM For Credit Or Removal

Heaven In Sri Lanka 😍
16/11/2025

Heaven In Sri Lanka 😍

රත්තොට ලස්සනම තැනක් 😍🍃✨Kudaoya Bungalow by Lalan Leisure
16/11/2025

රත්තොට ලස්සනම තැනක් 😍🍃✨
Kudaoya Bungalow by Lalan Leisure

- ආරුගම්බේ කියන්නේ වෙනමම vibe එකක් 🕊️🙏☘️❤‍🔥Photo credit goes to original photographer
16/11/2025

- ආරුගම්බේ කියන්නේ වෙනමම vibe එකක් 🕊️🙏☘️❤‍🔥
Photo credit goes to original photographer

- යක්ෂ ගෝත්‍රිකයන් විසූ අත්භූත රිටිගල කන්දට යන හැටි☘️🍂🌼🥰🪸රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියක්. රිටිගල මුල් ක...
16/11/2025

- යක්ෂ ගෝත්‍රිකයන් විසූ අත්භූත රිටිගල කන්දට යන හැටි
☘️🍂🌼🥰🪸
රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියක්. රිටිගල මුල් කාලයේ යක්ෂ ගෝත්‍රික ජනතාවක් විසූ ප්‍රදේශයක් බව සමහරු පවසනවා. දැන් අනුරාධපුරයට යන වන්දනාකරුවන් අතරින් සමහරු රිටිගලට පැමිණ එහි සුන්දරත්වය දැක ගැනීමටත් පෙළඹෙන බව පේනවා. ඒ වගේම විදේශීය සංචාරකයන් ද රිටිගලට පැමිණෙනවා. මේ නිසා ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සහ නවාතැන් සපයන හෝටල් කිහිපයක් ද මේ අවට දැකගත හැකියි.
රිටිගලට යන්නේ කොහොමද?
ළඟාවීම හරිම ලේසියි. හබරණ සිට මරදන්කඩවල හරහා දිවෙන අනුරාධපුර මාර්ගයේ කි. මී. 15 දුරින් පිහිටි ගලපිටගල හන්දියෙන් හැරී අතුරු මගක ගමන් කළ යුතුයි. කොළඹ සිට රිටිගල දක්වා දුර කි. මී. 201ක් පමණ වෙනවා. මරදන්කඩවල සිටම ක්ෂිතිජයේ දී රිටිගල කඳුවැටිය අලංකාර දර්ශනයක් මවා පාන අයුරු ඔබට දැකගැනීමට පුළුවන්. මේ අවට වෙනත් කඳු නැති නිසා එය කැපී පෙනෙන දර්ශනයක්. ගලපිටගල ගම්මානයෙන් හැරී මඳ දුරක් යන විට වනය මැදින් වැටී ඇති කොන්ක්‍රීට් දැමූ මාර්ගයකට ඔබ පිවිසෙනවා. මේ මාර්ගයේ අලි ගමන් කරන නිසා උදේ පාන්දරම යාමෙන් වැළකී සිටිය යුතුයි. කොන්ක්‍රීට් මාර්ගය යළිත් ගුරු පාරකට හැරෙනවා. එහි සිට මාවත ඇදී යන්නේ ඝන වන වැස්මක් හරහා රිටිගල රක්ෂිතය මැදින්. මේ මාර්ගය හොඳින් නඩත්තු කර ඇති නිසා මෝටර් රථයකටත් පහසුවෙන් යාමට පුළුවන්. කඳු පාමුල රථවාහන නැවැත්වීමට ස්ථානයක් සකසා තිබෙනවා. ගලපිටගල සිට කඳු පාමුලට දුර කි. මී. 8ක්. අවශ්‍ය නම් මෙහි පිහිටි පුරාවිද්‍යා කාර්යාලයෙන් ඔබට තොරතුරු ලබාගැනීමටත් පුළුවන්.
ජනප්‍රවාද
රිටිගලට රාවණ සම්බන්ධ වන්නේ මෙහෙමයි. රාවණ තමන්ට කළ මදිපුංචිකමට ප්‍රතිචාරයක්‌ ලෙස ඉන්දියාවේ රාම රජුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන විත් ලංකා පුරයේ සුරක්‍ෂිතව රඳවා තැබූ අතර ඇය සොයා පැමිණි රාම රජුගේ සහෝදර ලක්‍ෂ්මන් කුමරු හා යුද්ධයක් හට ගන්නවා. යුද්ධයේ දී ලක්ෂමණ තුවාල වෙනවා. ඒ සමඟ පැමිණ සිටි හනුමන්තා රෝගයට අවශ්‍ය ඖෂධ සොයා ඉන්දියාවේ හිමාලයට ගියත් ඔහුට ඔසුවේ නම අමතක වෙනවා. ඊට පසු ඔසු පැළෑටි පිහිටි ප්‍රදේශයම ගලවා ගෙන අරන් එනවා. ඒ කඳු කොටසින් කොටසක්‌ කැඩී වැටී රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මාණය වී ඇති බව ‌ ජනප්‍රවාදයකින් පැවසෙනවා.
මහාවංශයේ සඳහන් ඉතිහාසය
සංරක්ෂණය කළ බන්දා පොකුණේ ඉවුරු බැම්මක් – කුසුම්සිරි විජයවර්ධන
මේ කඳුවැටිය ආශ්‍රිත ආරාම සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මහාවංශයේ රිටිගල අට්ඨගිරි හෙවත් අරිට්ඨ පබ්බත නමින් සඳහන් වෙනවා. සූරතිස්ස රජු( ක්‍රි. පූ. 187-177) මේ කඳු පාමුල මකුලක විහාරය කරවා තිබෙනවා. ක්‍රි. පූ. පළමු සියවසේ සෙල්ලිපියක අරිට විහාරයට අබදළක නම් වැව පූජා කිරීම ගැන කියැවෙනවා. ලජ්ජතිස්ස රජු( ක්‍රි. පූ. 119-110) අරිට්ඨ විහාරය විශාල කර ප්‍රතිසංස්කරණය තනවා තිබෙනවා. පළමුවන සේන ( ක්‍රි. ව. 831-851) රජුත් මේ විහාරයට අනුග්‍රහය දැක්වූ රජකෙනෙක්. පළමුවන පරාක්‍රමබාහු රජු රුහුණේ මානාභරණට එරෙහිව මේ කඳු ආශ්‍රිතව බලකොටු තනා සේනා සංවිධානය කළ බවත් සඳහන්.
මෑත ඉතිහාසය
ඉංග්‍රීසි පාලන සමයේ 1872 දී ජේම්ස් මැන්ටල් නම් මිනින්දෝරුවා මෙහි මාස තුනක් නැවතී සිට මැනුම් කටයුතු කර තිබෙනවා. 1890 දී අනුරාධපුර දිසාපති ආර්. ඩබ්. අයිවර්ස් කඳු මුදුන ආසන්න තැනිතලා කොටසක නිවහනක් තනවා ගෙන මෙහි සිසිල් දේශගුණයේ පහස ලබාගෙන තිබෙනවා. හෙන්රි ට්‍රයිමන් 1887 දී රිටිගල ශාක ගැන අධ්‍යයනය කරනවා. පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් රිටිගල පුරාවස්තු ගැන අධ්‍යයනය කරන්නේ 1883 දී. මෙහි ලෙන්වල පිහිටි සෙල්ලිපි පිටපත් කළ ඔහු කන්දේ පැතිරී තිබෙන නටබුන් ගොඩනැගිලි සොයා වනාන්තරය පීරා තිබෙනවා. ඊට පසු ඒ තොරතුරු සියල්ල 1883 පුරාවිද්‍යා පාලන වර්තාවට ඇතුළත් කර තිබෙනවා.
රිටිගල මෙතරම් සුවිශේෂී ඇයි?
නුවර කලාවියේ උසම කඳුවැටිය වූ මෙහි උස අඩි 2514ක් (මීටර් 765). අප රටේ මධ්‍ය කඳුකරයත් දකුණු ඉන්දියාවේ කඳුත් අතර පිහිටි උසින් වැඩිම කන්ද රිටිගල නිසා එය භූ විද්‍යාත්මකව විශේෂයි. ඒ වගේම වියළි කලාපයේ පිහිටියත් තෙත් කලාපයේ ශාක රාශියක් වැවෙන සිසිල් දේශගුණයකින් යුක්ත වනාන්තරයක් මෙහි තිබෙන්නේ. ඒ නිසා වියළි කාලයේ පවා බොහෝ විට රිටිගල මීදුමින් බරව වළා අතර සැඟව තිබෙන අන්දම ද දැකගත හැකියි.
මේ නිසාම රිටිගල වනාන්තරය 1931 තරම් ඈත කාලයකදී දැඩි රක්ෂිතයක් බවට පත් කර තිබෙනවා. දැඩි රක්ෂිතයේ විශාලත්වය හෙක්ටයාර් 1528ක්. එයට අමතරව කඳු පාමුල නටබුන් ආරාම සංකීර්ණය ඇතුළත් අක්කර 690ක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
රිටිගල කඳුවැටිය තවත් කඳු කිහිපයකින්ම යුක්තයි. ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උණ කන්ද, ආඬියා කන්ද, පළතුරු කන්ද, අමරාපති කන්ද, උල්පත් කන්ද යන කඳු හතක්‌ එයට අයත්.
කටාරම් කොටන ලද ගල් ලෙන් 74 ක්‌ද බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්‌ද පුරාවිද්‍යාත්මක අගයක්‌ ඇති විවිධ ගොඩනැගිලි 140 ක පමණ නටබුන්ද විශාල පොකුණක් සහ ශෛලමය පෙත්මගක් ද අදටත් රිටිගල දී දැක බලා ගැනීමට පුළුවන්. විශාල ගස්වැල් සෙවණේ පිහිටි මේ නටබුන් අප සිත් අතීතයට රැගෙන යනවා.
වනගත නටබුන්
පුරාවිද්‍යා කාර්යාලය අසලින් කන්ද තරණය කළ විට මුලින්ම හමුවන්නේ විශාල පොකුණක්. එය බන්දා පොකුණ නමින් හඳුන්වන්නේ ගල්පුවරු යොදාගෙන බැඳ ඇති නිසායි. මෙම පොකුණ මෑතක දී කැණීම් කර කොටසක් සංරක්ෂණය කර තිබෙනවා. කන්දේ සිට එන ජල මාර්ගවලින් එදා එයට ජලය ලැබී තිබනවා. අදත් එම දොළ පාරේ ජලය ගලා යනු ඔබට දැකගත හැකියි. එහි සිට ඉදිරියට ගමන් කර පිටගැට තරණය කර ගල් පාලමකින් එගොඩවීමෙන් පසු පිවිසෙන්නේ සම්පූර්ණයෙන් කළු ගල් අතුරා සකස් කළ වනය හරහා දිවෙන පෙත්මගකටය. එම පෙත්මග කිලෝ මීටරයකට ආසන්න දුරක් ගමන් කරනවා.
මඳ දුරක් පියමං කිරීමෙන් පසු නටබුන් ස්ථානයකට ළගාවිය හැකියි. එහි පිහිටි ජන්තාඝර ගොඩනැගිල්ල භික්ෂුන්ට ඔසු සහ උණුපැන් ස්නානයට සකසා තිබූ ගොඩනැගිල්ලක්.බෙහෙත් ඇඹරුම්ගල්, ගල් භාජන ආදිය එහි දැකගත හැකියි. ගොඩනැගිල්ල වටේට ගල් ප්‍රාකාරයක් පිහිටා තිබෙනවා. ගොඩනැගිල්ල මැද නාන පොකුණක් ආකාරයෙන් යුත් ගල් බේසමක් සකස් කර තිබෙනවා. මෙයට පෙර අප ගිය අරන්කැලේ දීත් ජන්තාඝරයක් හමුවුණා. මේ අසල එදා භික්ෂුන් වහන්සේ බවුන් වැඩූ පධානඝර නම් ද්විත්ව වේදිකා ගොඩනැගිලි කිහිපයක් ද පැතිර තිබනවා. ඒවාට එදා උළු සෙවිලි කර තිබූ බව අවටින් හමුවන උළුකැටවලින් පේනවා.
මෙහි සිට යළිත් පෙත්මග ඔස්සේ පියමං කිරීම ඉතා අපූරු අත්දැකීමක්. වන සියොතුන්ගේ හා ගස්වැල් එකට ඇතිල්ලෙන හඬ අසමින් ඔබට ගමන් කළ හැකියි. අවට සංරක්ෂණය නොකළ පධානඝර රැසක් වනයට යටව ඇති අයුරු පේනවා. මඳ දුරක් ගිය විට හමුවන තැනිතලා බිමෙහි ත්‍රිත්ව වේදිකා ගොඩනැගිල්ලක් (පධානඝරයක්) පිහිටා තිබෙනවා. මේ අසලම භාවනා කිරීමට තැනූ සක්මන් මළුවක්ද තිබෙනවා.
මේ අසලින් පුරාවිද්‍යා නටබුන් බිම අවසාන වෙනවා. ඊට පසු ආරම්භ වන්නේ දැඩි රක්ෂිත වනයයි. එයට ඇතුළු වීමට නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසර ලබාගත යුතුයි.
රිටිගල ජෛව විවිධත්වය
වර්ෂ 1935 දී මෙහි ශාක පිළිබඳ අධ්‍යයනයක් කළ පී. ඩී. ආර්. ජයයූරිය ඕකිඩ් විශේෂ 27ක් සොයාගත්තා. වර්තමානය වනවිට මෙම කඳුවැටියෙන් හමුවී ඇති ශාක විශේෂ සංඛ්‍යාව 418ක්. ඉන් මල් පිපෙන ශාක විශේෂ සංඛ්‍යාව 338ක්. විශේෂත්වය නම් මේ අතරින් විශේෂ 113ක් තෙත් කලාපයේ දක්නට ලැබෙන ඒවා වීමයි. 2008 දී කළ අධ්‍යයනයකදී පක්ෂි විශේෂ 97ක් මෙහි සරන බව හෙළි වුණා. අලියා, වලසා, ගෝනා, කොටියා ඇතුළු ක්ෂීරපායී විශේෂ රැසක් ම මෙහි වාසය කරනවා.
කඳුවැටියේ පහළම කොටසේ (බිම් අඩවිය) වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරමය ලක්‍ෂණ පැතිර තිබෙනවා. මෙම ප්‍රදේශයේ මොර, හල්මිල්ල, කලුවර, වීර, පලු, නා වැනි වියළි කලාපයේ දක්නට ලැබෙන ශාක වර්ග දැකගත හැකියි.
කඳුවැටිය මධ්‍ය කලාපයේ දකින්නට ඇත්තේ තෙත් කලාපීය වනාන්තර ලක්‍ෂණයි. මෙම ප්‍රදේශයේ ඇටඹ, කුඩුදවුලා, ඕමාර, කැන්ද, නා වැනි ශාක සුලභයි.
කඳු මුදුනේ දකින්නට ලැබෙන්නේ උප කඳුකර කලාපීය වනාන්තරවල ස්‌වභාවයයි. නෙලු, බිනර, කැකුණ, දුම් වැනි ශාක වර්ග මෙහි වැවෙනවා.
රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ කිහිපයක් ද හමුවී තිබෙනවා. රිටිගල තම්බජියා, ගල් කප්පර වල්ලිය, රිටිගල මී යන ශාක ඒ අතර වෙනවා.
මීට අමතරව දුලබ ඖෂධීය ශාක වන ඉරරාජ, සඳරාජ, වනරාජ, නගා මැරු අල, වෙල්ලංගිරිය, බිම් කොහොඹ, ජටා මකුට වැනි ශාක මෙහි සුලබයි.
මූලාශ්‍ර-
අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද – එල්ලාවල මේධානන්ද හිමි
රිටිගල- මුදිත අලහකෝන්
මැකීයන වන පෙත් – ඩග්ලස් බී. රණසිංහ
පරිසරය රැකගන්නත් අමතක කරන්න එපා

13/11/2025

🌄 කබරගල 🌿

අහුපිනි ඇල්ල..
07/11/2025

අහුපිනි ඇල්ල..



Address

Kandy

Telephone

+94766941158

Website

Alerts

Be the first to know and let us send you an email when SL Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category