08/07/2026
*ඔබ දකින පුද්ගලයාත් මම දකින පුද්ගලයාත් එකම පුද්ගලයා නොවේ.*
*ඔබ දකින්නේ ඔබේ අත්දැකීම් වලින් නිර්මාණය වූ රූපයයි.මා දකින්නේ මාගේ අත්දැකීම් වලින් නිර්මාණය වූ රූපයයි.*
*එබැවින් අප දෙදෙනාගේම විනිශ්චයන් හෙළි කරන්නේ , ඒ පුද්ගලයාගේ යථා ස්භාවය නොව. අප විසින් ගොඩනගාගත් ලෝකයයි.*
*අපි සෑම කෙනෙක්ම දෙස බලන්නේ අපේ අතීත මතකයන්, අපේ ඇති දැඩි වීම, අපේ විශ්වාසයන් සහ අපේ සංස්කෘතික පසුබිම නම් පෙරහන හරහායි. ඒ නිසා අප දකින රූපය සැබෑ පුද්ගලයාගේ පිටපතක් නොව, අපේම මනසේ නිර්මාණයක්.*
*කෙනෙකුගේ ක්‍රියාවක් ගැන අප ගන්නා තීරණයක් හෝ දෙන විනිශ්චයක් ඇත්ත වශයෙන්ම එම පුද්ගලයා ගැන කියනවාට වඩා, අප තුළ පවතින සීමාවන් හෝ අපේ චින්තන රටාව ගැන බොහෝ දේ හෙළි කරනවා.*
*බොහෝ ගැටුම් සහ වැරදි වැටහීම් ඇති වන්නේ අප දකින දේම අනෙකා දකිනු ඇතැයි අප බලාපොරොත්තු වීම නිසයි. "මම දකින දේ සත්‍යයම යැයි" යන දෘෂ්ටියෙන් බැහැර වී, "අනෙකාටත් වෙනස් දෘෂ්ටිකෝණයක් තිබිය හැකියි" යන්න පිළිගැනීමෙන් මනුෂ්‍ය සබඳතා වඩාත් සුහද කරගත හැකියි.*
*තමන් තුලින් අනෙකා දැකිය හැකි විජයග්‍රාහී දිනකට සුභ පැතුම්.*