Travel With Janaka-සංචාරකයා

Travel With Janaka-සංචාරකයා page akata like karala help akak danna yaluwane
Youtub chanalayada subscribe karanna

😭😭😭
18/12/2025

😭😭😭

මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට එළවළු අලෙවි කරනු ලැබූ එළවළු වෙලදසැල් 2 ක් අද දින කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් විසින් වැට...
01/12/2025

මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට එළවළු අලෙවි කරනු ලැබූ එළවළු වෙලදසැල් 2 ක් අද දින කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් විසින් වැටලීම් සිදු කරන ලද අතර ඒ සම්බන්ධව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි

මේවන් අකල් මරන සිද්ද වේන්න එපා🙏😓 නිවන් සුව ලැබේවා.🏳️😞🙏 හිතා ගන්න බෑ ලොකු අම්මා,මහප්පා,මල්ලී ,චූටී නංගී 😣😞කියන්න කිසි දෙය...
01/12/2025

මේවන් අකල් මරන සිද්ද වේන්න එපා🙏😓

නිවන් සුව ලැබේවා.🏳️😞🙏 හිතා ගන්න බෑ ලොකු අම්මා,මහප්පා,මල්ලී ,චූටී නංගී 😣😞කියන්න කිසි දෙයක් නෑ පණ.පවු ඔයාලා හරිම දුකයි කියන්න තේරෙන්නෑ මට...බුදු සරණයි ඔයාලට.🙏🙏🙏🏳️🙏🙏🙏🏳️🙏🙏

Isuru Maduwantha

මේ අම්මගෙ පුතාට පනිවිඩයක් දෙන්න ඕනිලු.. ( අම්මා ඉන්නෙ මේ වෙනකොට බෙරන්නාවෙ ස්කෝලේ ) ගෙවල් ඔක්කොම නාය ගිහින්. පුතා ඉන්නවා ...
01/12/2025

මේ අම්මගෙ පුතාට පනිවිඩයක් දෙන්න ඕනිලු.. ( අම්මා ඉන්නෙ මේ වෙනකොට බෙරන්නාවෙ ස්කෝලේ ) ගෙවල් ඔක්කොම නාය ගිහින්.
පුතා ඉන්නවා කියන්නෙ බදුල්ලෙ.
නම " රසික සංජීව දිසානායක"
දන්න කෙනෙක් ඉන්නවනම් කොහොම හරි පනිවිඩයක් ලබා දෙන්න

🙏🙏(උඩදුම්බර උඩපිටවල 7 කණුව)🙏🙏 දසක හතරක් පුරාවට නිසල්මනේ අප දෙස බලා සිටි ඒ පුංචි කඳු ගැටය එක්වරම සැහැසි වී, දුක සතුට බෙදා...
01/12/2025

🙏🙏(උඩදුම්බර උඩපිටවල
7 කණුව)🙏🙏 දසක හතරක් පුරාවට නිසල්මනේ අප දෙස බලා සිටි ඒ පුංචි කඳු ගැටය එක්වරම සැහැසි වී, දුක සතුට බෙදා ගත් ආදරණීය සැමරුම් ගබඩාවක් වූ මාගේ මහ ගෙදර මෙන්ම බාප්පාගේ නිවහනද පොළොවට සමතලා කර දමන්නේ යුද හමුදා නිලධාරියෙකුව සිට විශ්‍රාම සුව විඳින ආදරණීය බාප්පා සහ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් සිටි චමල්ක මල්ලිගේ ජීවිතය අකාලයේ පස් කඳු මතින් වසා දමමින්,ඒ මහා අපදාව සිදුවූ මොහොතේ සිට අපහාස සම්බන්ධ වෙමින් දුරකථන ඇමතුම් ලබා දෙමින් එම ස්ථානයේ අපේ ආදරණීයන්ගේ දේහයන් සොයා ගැනීමට නොහැකි වුණත් ඒ සඳහා පවතින ආපදා තත්ත්වය නොසලකා වෙහෙස මහන්සි වූ සියලු දෙනාටත් අප සමග කතා කොට අපට ශක්තිය සහයෝගය ලබා දුන් සියලුම දෙනාටත් රටේ විවිධ තැන්හි සිටින අපව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ මගහැරුණු ඇමතුම් ලබාගත් සියලුම දෙනාටත් මාගේ සහ වික්‍රමසිංහ පවුලේ කෘතවේදී ස්තූතිය පුදකර සිටිමු.🙏🙏🙏මගේ ආදරණීය බාප්පා සහ මල්ලි නිවනින් සැනසේවා🙏🙏🙏

Susantha Wikramasinghe

30/11/2025

උඩදුම්බර අපේ අය හොඳින් ඉන්නවා. කවුරුත් බය වෙන්න එපා. මිනුවන්ගමුව, කලල්ගමුව, කලවල, පහළ පිටවල, හපුකන්ද , තලගුනේ , කිරිගන්කුඹුර, කළුගල, කන්දේගම, උඩවෙල, තැන තැන නාය ඇවිත්. හැබැයි ජීවිත හානි නෑ. හැමෝම ආරක්ෂිත ස්තානවල ඉන්නවා. අද හමුදාවෙන් ඇවිත් ඉන්නෙ. දැන්නම් එහෙට කවරේජ් ටිකක් තියනවා. ( කළුගල පාරෙනම් ජීවිත හානියක් ගැන හරියටම තොරතුරක් හොයාගන්න බැරි උනා. දේවාහන්දිය, මඩුගල්ල පාරේ කිසිම ජීවිත හානියක් නෑ. ඹබරබැද්දෙත් ආරන්චියේ හැටියට එක්කෙනෙක් නැතිවෙලා. ගොඩක් අය ආරක්ශිත ස්තාන වල හොඳින් ඉන්නවා.

හෙට (01) සිට 05 වැනිදා දක්වා නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක් දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්...
30/11/2025

හෙට (01) සිට 05 වැනිදා දක්වා නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක් දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මුහුදුබඩ මාර්ගය (ඉහළ)
1. බෙලිඅත්ත / මරදාන - පිටත්වීම පෙ.ව.4.15 (සාගරිකා)
2. බෙලිඅත්ත / මරදාන - පිටත්වීම පෙ.ව.6.25 (ගාලු කුමරි)
3. මාතර / මරදාන - පිටත්වීම පෙ.ව.6.05 (රුහුණු කුමරි)
4. ගාල්ල / මරදාන - පිටත්වීම පෙ.ව.4.10 (slow)
5. ගාල්ල / මරදාන - පිටත්වීම පෙ.ව.5.00(සමුද්‍ර දෙවී)
6. අලුත්ගම / ගනේමුල්ල- පිටත්වීම පෙ.ව.3.15(slow)
7. අලුත්ගම / කො.කොටුව පිටත්වීම පෙ.ව.3.40 (slow)
8. අලුත්ගම / රාගම- පිටත්වීම පෙ.ව.4.15 (slow)
9. අලුත්ගම/ මරදාන - පිටත්වීම පෙ.ව.5.55 (slow)
10. දකුණු කලුතර/ මරදාන - පිටත්වීම පෙ.ව.7.00 (slow)

(පහල)
1. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව.5.50 (slow)
2. මරදාන /බෙලිඅත්ත- පිටත්වීම පෙ.ව.6.25
3. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව.7.00 (slow)
4. මරදාන /දකුණු කලුතර- පිටත්වීම පෙ.ව.8.35 (slow)
5. මරදාන /අලුත්ගම- පිටත්වීම පෙ.ව.11.10 (slow)
6. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව.12.30 (slow)
7. මරදාන /බෙලිඅත්ත - පිටත්වීම ප.ව.2.30 (ගාලු කුමාරි)
8. මරදාන /මාතර - පිටත්වීම ප.ව.3.40 (රුහුණු කුමාරි)
9. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව.4.10(slow)
10. මරදාන /බෙලිඅත්ත - පිටත්වීම ප.ව.4.40 (සාගරිකා)
11. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව.4.45 (slow)
12. මරදාන /ගාල්ල- පිටත්වීම ප.ව.5.25 (සමුද්‍ර දේවී)
13. මරදාන / ගාල්ල- පිටත්වීම ප.ව.05.45 (slow)
14. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව.6.15 (slow)
15. කො.කොටුව/දකුණු කලුතර- පිටත්වීම ප.ව.7.15(slow)
16. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව.7.45 (slow)
17. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව.9.30 (slow)

පුත්තලම මාර්ගය (ඉහළ)
1. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - පෙ.ව.4.00(slow)
2. කො.කොටුව/ මීගමුව - පිටත්වීම - පෙ.ව.5.00 (slow)
3. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - පෙ.ව.5.40 (slow)
4. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - පෙ.ව.9.35(slow)
5. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - ප.ව.2.35(slow)
6. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - ප.ව.4.30(slow)
7. කො.කොටුව/ මීගමුව - පිටත්වීම - ප.ව.4.50(slow)
8. කො.කොටුව/ මීගමුව - පිටත්වීම - ප.ව.5.25(slow)
9. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - ප.ව.7.10(slow)

(පහල)
1. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.6.20(slow)
2. මීගමුව /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.6.50(slow)
3. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.7.25(slow)
4. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.10.15(slow)
5. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - ප.ව. 4.50(slow)
6. මීගමුව /කො.කොටුව - පිටත්වීම - ප.ව.6.25(slow)
7. මීගමුව/කො.කොටුව - පිටත්වීම - ප.ව.7.00(slow)
8. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - ප.ව.7.00(slow)
9. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - ප.ව.8.20(slow)

කැලණි වැලි මාර්ගය (ඉහළ)
1. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - පෙ.ව.8.30(slow)
2. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - ප.ව.4.35(slow)
3. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - ප.ව.5.45(slow)
4. කො.කොටුව/ කොස්ගම - පිටත්වීම - ප.ව.6.30(slow)
5. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - ප.ව.8.00 (slow)

පහල
1. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.4.40(slow)
2. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.5.15(slow)
3. වග /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.4.45 (slow)
4. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.6.25 (slow)
5. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - ප.ව.12.25 (slow)

ප්‍රධාන මාර්ගය (ඉහළ)
1. මරදාන / ගනේමුල්ල පිටත්වීම පෙ.ව.6.00(slow)
2. කො.කොටුව/ රාගම පිටත්වීම පෙ.ව.7.20(slow)
3. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම පෙ.ව.11.15 (slow)
4. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.2.00(slow)
5. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.4.10(slow)
6. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.4.25(slow)
7. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.6.40(slow)

(පහල)
1. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම පෙ.ව.7.10(slow)
2. රාගම/ කො.කොටුව පිටත්වීම පෙ.ව.7.45(slow)
3. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.12.20(slow)
4. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.3.00(slow)
5. රාගම/ කො.කොටුව පිටත්වීම ප.ව.4.50(slow)
6. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.5.30(slow)
7. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.8.00(slow)

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කිරීමට මාර්ගය යතාවත් කෙරෙමින් පවතින අතර ඒ අනුව මෙම කාලසටහනෙහි සිදු කරන සංශෝධ පිළිබඳ පසුව දැනුම් දීමට කටයුතු කරන බවද සඳහන් වේ.

එමෙන්ම පහත සඳහන් මාර්ග කොට්ඨාසවල තවදුරටත් දුම්රිය ධාවනයක් සිදු නොවන බව ද සඳහන්.

ලංකාවේ සන්නිවේදන කුළුණු 16,000 න් ආපදා තත්ත්වය නිසා කුළුණු 4000ක්ම විසන්ධි විමට ලක්ව තිබූ බවත් මේ වන විට කුළුණු 2500ක් ප...
30/11/2025

ලංකාවේ සන්නිවේදන කුළුණු 16,000 න් ආපදා තත්ත්වය නිසා කුළුණු 4000ක්ම විසන්ධි විමට ලක්ව තිබූ බවත් මේ වන විට කුළුණු 2500ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් කරුණු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළා.

" ලංකාවේ සන්නිවේදන පද්ධති ගණනාවක්ම පළාත් අතර වයිබර් තාක්ෂණය හරහා තමයි කනෙට් වෙන්නේ. නායයාම් හා ජල ගැනීම් වලට ලක්වෙලා ගොඩක් තැන්වල මෙම වයිබර් කනෙක්ෂන් එක ඩිස්කනෙට් වෙලා තිබ්බා. අපි දවස් දෙකකට උඩදී බොහෝ ස්ථාන ඩිස්කනෙට් වෙලා තිබුණා. නුවරඑළිය, කුරුණෑගල ආදී බොහෝ ප්‍රදේශවල. ඒ හින්දා කොළඹ එක්ක තිබූ සබඳතා නොමැති වීම මත පළාත් බොහොමයක් ප්‍රශ්නවලට මුහුණ පෑවා. නමුත් මේ වන විට තිබ්බ වයිබර් කනේක්ෂන් 11 යෙන් තැන් 2ක් ඇරෙන්න අනික් ඔක්කොම යථා තත්වයට පත් කර තිබෙනවා. 100% කවරේජ් නැතිවුණත් සාමාන්‍ය මට්ටමකට ඇවිත් තිබෙනවා." යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

30/11/2025

🔴ඇල්ල - වැල්ලවාය
මාර්ගය නැවත
වාහන ගමනාගමනයට
විවෘත කරයි

30/11/2025

🔴පේරාදෙණිය මහකන්ද නායයෑමකින් 23ක් මියගොස් ඇති බව හෙළි වේ.

අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක නාරම්පරාවේ ආනන්ද අනුනයක හාමුදුරුවන් වහන්සේ ප්‍රවේශ මාර්ගයන් ඔස්සේ ළඟා වීමට නොහැක...
30/11/2025

අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක නාරම්පරාවේ ආනන්ද අනුනයක හාමුදුරුවන් වහන්සේ ප්‍රවේශ මාර්ගයන් ඔස්සේ ළඟා වීමට නොහැකි උඩුදුම්බර ප්‍රදේශයට ගුවන මගින් වියළි ආහාරයන් ලබාදීමට කටයුතුයි සිදු කරන ලදි.

මෙහිදී මධ්‍යම පළාත් දිස්ත්‍රික් ලේකම්තුමන් බෞද්ධ කටයුතු කොමසාරිස් තුමන් අපදා කළමනාකර කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආදී ආයතනය සහයෝගය දක්වන ලදී.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Travel With Janaka-සංචාරකයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Janaka-සංචාරකයා:

Share

Category