13/03/2026
හන්තානට පායන හඳටත් වඩා ලස්සනයි, මේ දවස්වල පේරාදෙණියේ මේ රන්වන් මල් වසන්තය..." ✨💛
ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාලය මොකක්ද කියලා ඇහුවොත්, ඕනෑම කෙනෙක්ගේ හිතට මුලින්ම එන්නේ "පේරාදෙණිය" කියන නමයි. නමුත් මේ දවස්වල පේරාදෙණියට යන කෙනෙකුට දැකගන්න ලැබෙන්නේ වෙනදාටත් වඩා සුවිශේෂී සුන්දරත්වයක්.🥰
මහවැලි ගං ඉවුර දිගටත්, සනාතන මන්දිරය අසලත්, පේරාදෙණිය පුරාත් බලල් පහුරු සහ Tabebuia මල් කහ පැහැයෙන් බැබළෙමින් මුළු කැම්පස් එකම රන්වන් පැහැයකින් තවරා තිබෙනවා. නිල් අහස යට, තණබිම් මත පතිත වුණු මේ කහ පැහැති මල් පෙති පේරාදෙණියට ගෙන එන්නේ කිසිදා අමතක නොවන සුන්දරත්වයක්.😍
අධ්‍යයන කටයුතු වල කාර්යබහුල බව මැද වුණත්, මේ මල් වසන්තය දකිද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර නිදහසක්. පේරාදෙණිය කියන්නේ හුදෙක් ඉගෙන ගන්න තැනක්, වැඩ කරන තැනක් විතරක් නෙවෙයි, ඒක සොබාදහම සහ මතකයන් එකට මුසු වුණු අපූරු නවාතැනක්.❤️