28/05/2022
වර්ෂ දෙදහස් දෙසීයකට පෙර ලංකාවේ ප්‍රධාන අග නගරය වුයේ අනුරාධපුරයයි. එකල යාපනය (දඹකොලපටුන) මන්නාරම් ප්‍රදේශ අගනගරය හා සම්බන්ධ කිරීම සදහා දියුණු මාර්ග පද්ධතියක් පැවතී ඇත. ඒ සදහා පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙස අනුරාධපුර- පෙරියන්කුලම - මල්වතු ඔය හරහා වැටී ඇති ගල්පාලම දැක්විය හැක.
මෙම ගල් පාලම වෙත ළගාවීම සදහා කුට්ටම් පොකුණ අසල ඇති සංඝමිත්තා මාවතේ 4km පමණ පසුකල යුතුය. මල්වතු ඔයෙහි පිටාර මට්ටම සලකා වැඩි දිගින් හා අඩි 8.5 ක පලලින් යුක්තව ගලින් නිර්මාණය කරන ලද පාලම ඉදිකිරීම් තාක්ෂණය ඉතා දියුණු හා කල්පවතින නමුත් සරල වේ. ගල් කණු තුන බැගින් සිටවා ඒ මත ගල් බාල්ක තබා , එම බාල්ක මත හරස් අතට ගල් පුවරු රදවා ඇත. මෙම බාල්ක සවි වී ඇත්තේ මුලික කණුවල කෙටු කුඩුම්බි වලටය. එය බාල්කවල ඇති සිදුරු වලට සිරවී ඇත( container fix system). මෙම තාක්ෂණය නිසා ගල් පුවරු ලිස්සායෑම වැළකෙන අතර පාලමේ කල්පැවැත්ම වැඩි වී ඇත.
මෙම ගල් පාලම ,මල්වතු ඔය පහසුවෙන් තරණය කිරීමට මෙන්ම ඔය හරහා මිනිසුන් , අලිඇතුන් ,කරත්ත ගමන් කිරීම සදහා යොදාගෙන ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේද දඹකොලපටුන සිට අනුරාධපුරය දක්වා මෙම මාර්ගයෙන් වැඩම කල බව විශ්වාස කෙරේ. වර්තමානයේ නිසොල්මන්ව ගරා වැටීතිබුනද, සියවස් ගණනාවක් ලංකාපුරයේ සමාජ ,ආර්ථික ,සමාජීය, සංස්කෘතික හා ආගමික වැදගත් සිදුවීම් රැසක් සදහා මෙම පාලම විශාල මෙහෙයක් ඉටුකර ඇත.
ලංකාවේ ඇති ගල්පාලම්
අනුරාධපුර මල්වතුඔය ගල් පාලම
අනුරාධපුර හාල්පානු ඇල කුඩා ගල් පාලම
මිහින්තලේ මහකනදරා ඔය ගල් පාලම
Backpakers diary Team