Jayabhumi Dambadiwa Charika

Jayabhumi Dambadiwa Charika පිවිතුරු වූ දඹදිව් පිං බිම සිද්ධස්ථා?

🙏🙏🙏🙏🙏🙏🙏
18/11/2021

🙏🙏🙏🙏🙏🙏🙏

Anagarika Dhammapala being solemnized to dedicate his life for the revival of Buddhism on 23 th January 1891 under the v...
13/10/2021

Anagarika Dhammapala being solemnized to dedicate his life for the revival of Buddhism on 23 th January 1891 under the vajrasana , the holy place where siddhartha Gautama attained the Enlightenment in Buddhagaya.

කියවන්නරේරුකානේ චන්දවිමල හිමිගේ බෞද්ධයගේ අත්පොත🔶 බෞද්ධයෙකු වශයෙන් දතයුතු මූළික කරුණු ඇතුළත්ව සරල ලෙසින් ලියැවුනු පොත්.(1...
03/10/2021

කියවන්න

රේරුකානේ චන්දවිමල හිමිගේ බෞද්ධයගේ අත්පොත

🔶 බෞද්ධයෙකු වශයෙන් දතයුතු මූළික කරුණු ඇතුළත්ව සරල ලෙසින් ලියැවුනු පොත්.

(1) බෞද්ධයාගේ අත්පොත
=================
බොද්ධකම උපතින් හිමිවන්නක් නොවේ. නියම බෞද්ධයාට අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීමටත්, බෞද්ධයෙකු වශයෙන් හැසිරීමට අවශ්‍ය හැදියාව ලබා ගැනීමටත් මුලින්ම කියවිය යුතු පොතකි.

https://pitaka.lk/books/bauddhayage-athpotha/2.html
(PDF) https://tipitaka.lk/library/502/download

(2) ධර්ම විනිශ්චය
==============
ධර්මය නොදැනීම හේතුවෙන් බෞද්ධයන් අතර ඇතිවන විතර්කයන්ට පිළිතුරු වශයෙන් ප්‍රශ්න 100 ක් අලලා සකස් කර ඇති පොතකි.

https://pitaka.lk/books/dharma-winishchaya/index.html
(PDF) https://tipitaka.lk/library/492/download

(3) පුණ්‍යෝපදේශය
================
බෞද්ධයන් කරන වන්දනා පූජා දෙක උසස් ප්‍රතිඵල ලැබෙන අයුරින් කරන හැටිත්, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ දුරුකරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්ථක කරගැනීමට බෞද්ධයෙකු වශයෙන් කළ යුතු වැඩත් මාතෘකා 14ක් යටතේ විස්තර කළ පොතකි.

https://pitaka.lk/books/punyopadeshaya/index.html
(PDF) https://tipitaka.lk/library/497/download

(4) සූවිසි මහා ගුණය
===============
තෙරුවන් ගුණ සූවිස්ස (24) ශ්‍රද්ධා භක්තිය උපදවන ආකාරයෙන් විස්තර කර ඇති පොතකි. බෞද්ධ සාහිත්‍ය කෘතියක් වශයෙන් ද රසවත් ව කියවිය හැකිය.

https://pitaka.lk/books/suvisi-gunaya/2.html
(PDF) https://tipitaka.lk/library/513/download

(5) බෝධි පූජාව
============
අද බහුලව කෙරෙන පිංකමකි බෝධි පූජාව. නියම ප්‍රතිඵල ලැබිය හැකි අන්දමින් බෝධි පූජාව කරන ආකාරය මේ පොතින් දැනගත හැකිය.
https://tipitaka.lk/library/467/download
(PDF) https://tipitaka.lk/library/500/download

(6) පොහොය දිනය
===============
සීල සමාදානය සාර්ථක කරගැනීම සඳහා කියවිය යුතු පොතකි. පොහෝ දින කළ යුතු වන්දනා පූජා භාවනා ආදී කටයුතු පිළිබඳව විස්තර කර ඇත.
https://tipitaka.lk/library/475/download
(PDF) https://tipitaka.lk/library/498/download

(7) චතුරාර්‍ය් සත්‍යය
==============
බුද්ධ ධර්මයේ පරම සාරය චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය. එබැවින් නියම බෞද්ධයකු වන්නට නම් ආර්යසත්‍යයන් පිළිබඳ තරමක දැනුමක්වත් ඇති කර ගත යුතු ය. මෙය කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි සේ චතුරාර්‍ය් සත්‍යය ධර්මය පැහැදිලි කරන පොතකි.
https://pitaka.lk/books/chathurarya-sathya/index.html
(PDF) https://tipitaka.lk/library/491/download

(8) නිර්වාණ විනිශ්චය හා පුනුරුප්පති ක්‍රමය
============================
බෞද්ධයන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වූ නිර්වාණය පිළිබඳ විස්තර ඇතුළත් පොතකි. පුනුරුප්පති ක්‍රමයෙන් සත්ත්වයා නැවත නැවත භවයේ උපදින ආකාරය පැහැදිලි කරයි.
(PDF) https://tipitaka.lk/library/493/download

(9) බෝධිපාක්ෂික ධර්ම විස්තරය
=======================
බුදු, පසේබුදු, මහරහත් යනුවෙන් නිවන් දැකිය හැකි බෝධි තුනකි. එම සත්‍යාවබෝධය ලබාගැනීමට උපකාර වන ධර්ම 37 විස්තර කරන, නිවන් පතන්නන් විසින් කියවිය යුතු පොතකි.
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/index.html
(PDF) https://tipitaka.lk/library/501/download

(10) පාරමිතා ප්‍රකරණය
=================
නිවන් ලැබීම උදෙසා කරන පින්කම් පාරමිතා නම් වේ. ඒවා දහයකි. මේ පොතින් එම දහම් කරුණු විස්තර කරන අතර, පාරමිතා වඩන ආකාරය පැහැදිලි කරයි.
https://pitaka.lk/books/paramitha-prakaranaya/index.html
(PDF) https://tipitaka.lk/library/496/download

---අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් විසින් රචිත ධර්ම ග්‍රන්ථ---
https://tipitaka.lk/library/462
තෙරුවන් සරණයි!

බෞද්ධයාගේ අත්පොත - රේරුකානේ චන්දවිමල හිමි

💥 ඉදිරිපස... මිනිසුන් සමඟ සටන්කොට'නැවත අහිමි විය හැකි දෙයක්' "අල්ලාගෙන" තාවකාලික සැහැල්ලුව විඳින අයෙක්.💥 ඔහු පිටුපස...තම...
20/09/2021

💥 ඉදිරිපස...
මිනිසුන් සමඟ සටන්කොට
'නැවත අහිමි විය හැකි දෙයක්'
"අල්ලාගෙන"
තාවකාලික සැහැල්ලුව විඳින අයෙක්.

💥 ඔහු පිටුපස...
තමා සමඟම සටන් කොට
'නැවත අහිමි නොවන දෙයක්'
"අත්කරගෙන"
සදාතනික සැහැල්ලුව විඳින අයෙක්.

දර්ශන එරංග ( 2021 / 08 / 17 )

26/06/2021

කුසිනාරා යන ගමනේ.. (4 කොටස)

සුපුරදු චාරිකාවේම වඩින බුදු පිරිස නාලන්දාවට සමු දුන්හ..

කෙමෙන් කෙමෙන් නාලන්දාවද අතීතයට එක් වනවාත් සමඟ පාටලී ග්‍රාමය බුදුන් වඳින්නට මඟ බලාගෙන සිටින්නට විය..

බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා විවේකීයව වැඩ සිටින්නට තෝරා ගන්නේ නිහඬ නිසසල ගහ කොළ සෙවනකි..
එදත් එසේමය...

"ස්වාමීනි.. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩම කිරීම අප ලද ඉමහත් භාග්‍යයකි.. "

"ස්වාමිනි... පාටලී ගම් වැසියන් බුදුරජාණන් වහන්සේගේ දෙපතුල් සිරසින් වන්ඳනා කරමු.."

"ස්වාමිනි... අපගේ ආගන්තුක නිවාසයට වැඩමකරනු මැනවි.."

බුදුරජාණන්වහන්සේ ආරාධනාව නිහඬවම භාර ගත්හ..

ඉර බසිනවාත් සමඟම සඳ නැග එන්නට විය..
"හරියට මේ සසර ගමන වගෙයි... " ආනන්දයන්ට සිතිණ..

ශාලාව සූදානම්ය..

ආනන්දයන් එහි ගොස් පිරික්ෂා කර බලන්නට ඇත.. සියල්ල සූදානම් බව පසක් වූ පසු බුදුන්ට ආරාධනා කරන්නටද ඇත.. ඒ ආනන්දයන්ගේ ක්‍රමයයි.. අඩුපාඩු අපහසුතා කිසිවක් බුදුන්ට නොවිය යුතුමය..
ඒ ආනන්දයන් ගේ සිතිවිල්ලයි..

බටහිර දෙස බිත්තියට පිටුපා නැගෙනහිර දෙස බලා බුදුරජාණන්වහන්සේ වැඩ සිටියහ..
ශාලාව ඒකාලෝක වූයේ එක්වරම පුන්සඳ මඬලින් ලොව බැබලුණා සේය..

මහා සංඝයාද පා සෝදා ශාලාවට ඇතුළු විය.. උන්වහන්සේලා නැගෙනහිර බිත්තියට පිටු පා බටහිර දෙස බලා බුදුරජාණන්වහන්සේ ඉදිරියෙන් වැඩ සිටියහ..
ගම් වැසි උපාසක උපාසිකා පිරිසද පා සෝදා ශාලාවට පිවිස බුදුරජාණන්වහන්සේට පිටුපසින් නිහඬව නිසසලව හිඳ ගත්හ..

"චන්ද්‍ර මංඩලය බබළයි.. තරු පිරිිවරයි.. අහස් තලයම පින්වන්තයි.... ඒ ලොව්තුරා බුදු වරයෙකු දහම් දෙසන දම්සභා මණ්ඩපයේ වැඩිපුරම අසුන් ගෙන ඇත්තේ මම ම විය යුතුය.. "
ආනන්දයන්ට එසේ සිතෙන්නට විය..

"දවසක් එක් කාන්තාවක් මෙවැනි දම් සභාවකට නිරුවතින් උමතුවෙන් කෑ ගසමින් පැමිණියා.. ඇගේ දරුවන් සැමියා මවුපියන් සහෝදරයා සියළු දෙනාම අහිමි වී තිබුණා.. මගෙ බුදුරජාණන්වහන්සේ ඇයට නැගෙණිය කියා ඇමතුවා............ "
ආනන්දයන්ට පටාචාරාව නිවුන දම්සභාව මතක් විය..

දරුපැටියෙකු තුරුලේ හොවාගෙන අඬ අඬා බුදුරජාණන්වහන්සේ හොයාගෙන දුව ආ තවත් කාන්තාවක් ආනන්දයන්ට සිහියට ආවේය..
"නැගෙණිය.. කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් සොයාගෙන එන්න.. මම දරුවාව සනීප කර දෙන්නම්.."
කිසාගෝතමිය නිවුනේද මෙවැනිම දම්සභාවකදීය...

නොයෙක් අද්භූත චෝදනා කරමින් පැමිණි ගැබිණියක් ආනන්දයන්ට සිහිවිය.. එදත් මෙවැනිම දම් සභාවකි.. චිංචමානවිකාවගේ සිද්ධිය කෙසේ නම් ආනන්දයන්ට අමතක කළ හැකිද..??

දම්සභාවක ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ දකුණු පස වැඩ සිටියේ සාරිපුත්ත මහ රහතන් වහන්සේය.. ස්වර්ණ වර්ණයෙන් දකුණු පස බබලන්නේය..
වම් පස වැඩසිටියේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේය.. වම් පස නිල් මහනෙල් වර්ණයෙන් බබලන්නේය..
ආනන්දයන්ට තමා වැඩසිටියේ බුදු පාමුලම බව සිහිපත් විය...

කොසොල් මහරජු.. බිම්බිසාර මහරජු.. අජාසත්ත මහරජු.. ලිච්ඡවි රජවරු.. මේ දම්සභාවේ ඉදිරියටම විත් දහම් ඇසූ අයුරු ආනන්දයන්ට මැවී පෙනේ..

විශාඛා මහ උපාසිකාව.. සුමනාව.. බන්දුල මල්ලිකාව.. සුජාතාව.. බණ ඇසුවේද මෙවැනිම දම්සභාවකය..

අනාථපිණ්ඩික මහ සිටුතුමා.. ධම්මික සිටුතුමා.. චිත්ත ගෘහපති තෙමේ.. බණ ඇසුවේද මෙවැනිම දම්සභාවකය....

සිතිවිලි ගඟ දෙගොඩ තලා ආනන්දයන් අතීතයේම රඳවන්නට විය..

ප්‍රාදේශීය රජවරු.. ප්‍රාන්ත රජවරු.. පාලකයින්.. ගම්පතීන්.. බමුණු කුලැත්තන්.. රජ කුලැත්තන්.. ගොවි කුලැත්තන්.. ගම් වැසියන්... දම්සභාවන් වල පිරී ඉතිරෙද්දී..
"ඈත කෙළවර ගොපළු දරුවන්.. සුනීත.. සෝපාක වැනි දරුවන්.. කෙතරම් නිවුනාද..??? " ආනන්දයන් හිත්පුරා සාදුකාර දුන්නේය...

"ගෘහපතිවරුණි.. දුස්සීලයේ ආදීනව පහකි.."
1. භෝග හානි වේ
2. අපකීර්තියට පත් වේ
3. භියට හා ලජ්ජාවට ලක් වේ
4. සිහි මුලාවෙන් මියැදෙයි
5. නරකාදියෙහි ම උපදී.....

"එසේම මහණෙනි.. සිල්වතුන්ට ආනිසංශ පහකි.."
1. අප්‍රමාදී නිසා භෝග සම්පත් ලබයි
2. කීර්ති රාවය පැතිරෙයි
3. පිරිස අතර ලජ්ජා භිය නැතිව හිඳී
4. සිහිය පිහිටුවාගෙන මියැදෙයි
5. මරණින් මතු සුගතියෙහිම උපදී....

"බුද්ධං සරණං ගච්ඡාමි..
ධම්මං සරණං ගච්ඡාමි..
සංඝං සරණං ගච්ඡාමි... "
දම්සභා මංඩපයට සිව්වනක් පිරිස අළුතින් ඇතිවිය...
රහතන් වහන්සේලා උපදී.. අනාගාමී.. සකදාගාමී.. සෝවාන් සහ මගට පිළිපන් සිව් පිරිසෙන් දම්සභාව බබළන්නට විය...

රාත්‍රිය උදාවිය..
"ආනන්ද.. කවුරුන්ද මේ ප්‍රදේශයේ නගරයක් ඉදිකරවන්නේ.."
"ස්වාමිනි.. සුනීධ වස්සකාර මහාමාත්‍යවරු.."

"ආනන්ද.. මේ පෙදෙසෙහි වැසියන් සිල්වත්ය.. එනිසාම බලවත් දෙවිවරු මෙපෙදෙසට අධිගෘහිතව වාසය කරයි.. එනිසාම බලවත් රජ මැතිවරු මේ පෙදෙසට කැමති වන්නේය.. නගර ඉදිකරවන්නේය.."

"ආනන්ද.. මේ පාටලීපුත්‍රය දැන් බුදුන් වසති.. වෙළඳුන්ටද මඟකි.. යම් කලෙක මෙය අග නගරයක්ද වන්නේය.."
"ආනන්ද.. ගිණි හෝ ජල හෝ එකමුතුකම බිඳීම යන විපතකින් මෙය විනාශ වන්නේය.."

බුදුරජාණන්වහන්සේගේ අනාගත දැකීම ආනන්දයන්ට අරුමයක් නොවේ.. මේ සියල්ල නිහඬව අසා විඳ ගැනීමට ආනන්දයන්ට දැන් හුරුය..
!එසේය ස්වාමිනි.. " පිළිතුරු එපමණකි..

"ආනන්ද.. යම් පෙදෙසක සිල්වතුන් ගුණවතුන් වැඩසිටී නම් ගුණවත් සිල්වත් ජනයා සිල්වතුන්ට දාන මාන පුද පූජා පවත්වා දෙවියන්ට පිං පඬුරු පුදයි ද.., මවක් තම කුස ඉන්නා දරුවාට අනුකම්පාව දක්වන්නා සේ දෙවියන් ඒ සිල්වත් ගුණවත් පිරිසට අනුකම්පාව දක්වයි.."

"සාදු.. සාදු.. සාදු.. " ආනන්දයන් සතුට පළ කළේය...

බුදුරජාණන්වහන්සේ මහා සංඝයා පිරිවරා පාටලී ගමෙන් නික්මුණාහ..
දනවු වැසියෝ මහත් දුකින් සිරිපා වැඳවැටුනහ..

ගංඟානම් ගඟ අසලට වැඩම කළ බුදුරජාණන්වහන්සේ ශක්තිමත් පුරුෂයෙකු අත නවා දිගහරින ක්ෂණයෙන් මහා සංඝයාද සමඟින් එතෙරට වැඩියහ...

බුදුවරු නම් අසම සමයි.. මහානුභාව සම්පන්නයි.. මහා කාරුණිකයි..
"මහා පුරුෂයන් වහන්ස..."
ආනන්දයන් පාද වන්දනා කළේය..

"ආනන්ද.. අපි මේ කෝටි ගමට යන ගමනේ.."

"එසේය ස්වාමිනි .."
................. නැවත හමුවෙමු ............................

(ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයේ මහා පරිණිර්වාන සූත්‍රය ඇසුරෙන් දහම් කරුණු ද සමඟින් සරලව ලියවෙන ප්‍රබන්ධයකි...
https://www.facebook.com/athula.bandara.372

24/06/2021

SLT-Mobitel ඩිජිටල් පොසොන් වන්දනා...රටේ පවතින කොවිඩ් තත්වය හේතුවෙන් , නිවසේ සිට සුරක්ෂිතව ඩිජිටල් මාධ්‍යයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කිරීම සඳහා poson.sltmobitel.lk වෙත පිවිසෙන්න.

පුලුවන් කෙනෙක් උදවු කරන්න,
17/06/2021

පුලුවන් කෙනෙක් උදවු කරන්න,

මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳු...
02/06/2021

මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )

මෛත්‍රී බුදුන් පහලවන කාලය

මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.

උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.

මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)

මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.

මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.

අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.

මෙලොව පහළ වීම.

සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.

අභිනිෂ්ක්‍රමණය

උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක.

මෛත්‍රී බෝසතාණන් සහ ගෞතම බෝසතුන් හමු වූ පෙර භවයක් ( ගෞතම බෝසතුන් කොටිදෙනකගේ බඩගින්නක් නිවූ ආකාරය )

එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.

දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා.

ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා.

තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා.

අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා.

සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා.

“ එතැනදි මෛත්‍රී බෝසතාණන් එක් ප්‍රාර්ථනාවක් කරනවා. මට කලියෙන් ගෞතම බෝසතාණන් බුදු විය යුතුයි කියලා. ”

ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.

මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙ හි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.

මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.

(උපුටා ගන්නා ලද්දකි...)

29/05/2021
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
27/05/2021

🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

මහා මාර්ගයේ දී ගිලන් රථයකට ඉඩ ලබා දිය යුත්තේ ඇයි? 🚑🚑🚑🚑🚑(හැමෝම දන්න දේට වඩා අමතර දෙයක් )---------------------------------...
27/05/2021

මහා මාර්ගයේ දී ගිලන් රථයකට ඉඩ ලබා දිය යුත්තේ ඇයි?
🚑🚑🚑🚑🚑
(හැමෝම දන්න දේට වඩා අමතර දෙයක් )
-------------------------------------------------------------------
✅රෝගියෙක් අරන් යද්දි වගේම, රෝගියෙක් නොමැතිව ගමන් කරන අවස්ථාවක දි උවත් ගිලන් රථයක් දැක්කම, වාහනය පාරෙන් ඉවත් කරගෙන ඒ වාහනයට ඉඩ දෙන්න අපි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නව. ඒක ගොඩක් හොඳ පුරුද්දක්.
✅සමහරු නම්, සයිරන් එක කනේ තියල ගැහුවත්, උන්ගෙ පාඩුවෙ හිමීට පාරෙ වෙනද යන විදිහටම ඔහේ යනව...
✅දේශපාලුවන්ට නම් එහෙම ඉඩ දෙන්න ඕනිම නෑ කියල මම නම් කියන්නෙ..
✅ඒත් ගිලන් රථයකට අනිවාර්යෙන්ම තමන්ට පුළුවන් උපරිමයෙන් ඉඩ ලබා දෙන්න.
✅ඔයාල හැමෝම දන්න විදිහට, ඒ වගේ වාහනයක යන්නෙ, ගොඩක් වෙලාවට ඉතා අසාධ්‍ය රෝගියෙක්. නැත්නම්, රෝගියෙක්ව රැගෙන ඒමට යන එකක් වෙන්නත් පුළුවන්.
♦️ඉතින් එයාලට තප්පරයක කාලය උනත් ඉතාමත් වටිනව.
✅අනික තමයි, ගොඩක් පරක්කු උනොත් ඒ ගිලන් රථය ඇතුලෙ තියන සමහර දේවල් අතරමගදි ඉවර වෙන්න පුළුවන්.(උදා: ඔක්ෂිජන් වගේ දේවල්. සමහර රෝගීන්ට පැය දෙකකට ලීටර 3500 කට වඩා අවශ්‍ය වෙනව)

💐👍මේවා සාමාන්‍යයෙන් ඔයාල දන්න දේවල්.

♦️ඊට අමතරව මෙන්න මේ වගේ ප්‍රශ්ණ ටිකකුත් තියනව...

✅අපි රෝගියව ගිලන් රථයට දාන්නෙ, දිග අතට. ඒ කියන්නෙ ඔළුව වාහනයේ ඉදිරිපස පැත්තට තියන විදිහට.
රෝගියාව දාන්න, ගන්න, ප්‍රතිකාර කරන්න එහෙම පහසු ඒ විදිහට නෙ.

✅වාහනයට ප්‍රවේගයක් ලැබෙන්න නම්, ඒක ත්වරණයකට ලක් වෙන්න ඕනි. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව, රෝගියාට අදාල ත්වරණය ලබාගන්න වෙන්නෙ, ඝර්ෂණ බලය සහ, බැඳල තියන පටි වලින් ඇති කරන ආතති බලයෙන්.

✅රෝගියාගේ ඇඟේ තියන, ඝණ ස්වභාවයක් තියන අවයව මේ ත්වරණය ලබා ගත්තත්, ද්‍රව තත්වයෙන් තියන දේවල් වලට ඒ ත්වරණය ලබා ගන්න ටිකක් අමාරුයි.
✍️මම පොඩි රූපයක් දාල ඇති..( ත්වරණයකදි භාජනයක ජලය කොහොමද, හැසිරෙන්නෙ කියන එක)

✅ඒ ත්වරණයේදී, අපේ ඇඟේ තියන රුධිරය, අපේ පහල කොටස් වල එකතු වෙනව.
♦️හිතන්නකො, යන අතරෙ රුධිර පීඩනය අඩු උන රෝගියෙක් කියල. නිතර නිතර, වාහනය ත්වරණයන්ට ලක් කරන්න උනොත්, ඒ රෝගියාගෙ මොලයට සපයන රුධිරයට බාධා ඇවිත් ඔහු මිය යන්න පුළුවන්.

✅ඒ නිසා, පටන් ගත්ත තැනදි ත්වරණයෙන් ලබා ගන්න ප්‍රවේගය, දිගටම පවත්වා ගන්න එක ගිලන් රථයකට වැදගත්...

✅ඒ වගේම තමයි, නිතරම තිරිංග තද කරන්න වුනොත්. මම අර කලින් කියපු විදිහටම, මන්දනය ලබාගන්නත් තරල වලට අමාරුයි... රෝගියාගේ ආමාශයේ තියන කෑම හෝ තරලය, වමනය වගේ එන්න පුළුවන්.

✅ඒකෙන් වෙන නරකම දේ තමයි, එහෙම ඇවිත් ස්වසන මාර්ගයට ඒ ආහාර කොටස් සහ දියර යන එක. (Aspiration of the gastric contents).
ඒකෙන් ඒ පුද්ගලයාට ස්වසනය අවහිර වෙන්න පුළුවන්... ඒ වගේම, නිව්මෝනියාව තත්වයට වුවත් පත් වෙන්න ඉඩ තියනව.

✅කලින් සඳහන් කරා වගේම,ඒ ආකාරයේ මන්දනයක දී, රුධිරයත් මොලයේ එකතු වෙන්න පුළුවන්. මේක අර කලින් සඳහන් කරපු, පහල කොටස් වල රුධිරය එකතු වෙන එකටත් වඩා දරුණුයි. ඒ මොකද දන්නවද? ගොඩක් වෙලාවට ත්වරණයට වඩා මන්දනය විශාලත්වයෙන් වැඩියි.

✅සරලව කිව්වොත්, තිරිංග තද කරල නවත්තන්න යන කාලය, වාහනයේ වේගය ලබා ගන්න ගතවෙන කාලයට වඩා ගොඩක් අඩුයි.

✅ක්ෂණිකව ඇති වන අධිරුධිර පීඩනයෙන්, මොලයේ පීඩනය වැඩි වීම නිසා, රුධිර වාහිනී පුපුරා යන්න පුළුවන්.

✅කශේරුකාවේ ආබාධයක් නිසා රැගෙන යන රෝගියෙක් වුනොත් (ඔව්. කොන්දෙ ඇට කැඩිච්ච කෙනෙක් තමයි), ඒ ආබාධය දරුණු තත්වයකට පත් වෙන්නත් පුළුවන්.

✅රෝගියාට සම්බන්ධ කරල තියන බට (Cannulas, Catheters, Tubes) ආදිය, අදාල තැන් වලින් ඉවතට යන්න/ගැලවෙන්න පුළුවන්. ඔක්ෂිජන් සැපයුමට පවා ප්‍රශ්ණ ඇතිවෙනව.

✅වේගයෙන් යද්දි, ඔබගේ සහන නිවැරදිව නොලැබුනොත් ගිලන් රථය අනතුරකට ලක් වෙන්න වුනත් පුළුවන්. එතකොට රෝගියාට වෙන දේ හිතාගන්නකො ඉතින්.

✅දැන් තේරුණා ද? ගිලන් රථයක්, මාර්ග වල තියන තදබදය නිසා නිතර තිරිංග තද කරමින් ගමන් කරන්න ගියාම රෝගියාට ඒක තදින්ම බලපානව.

✅එහෙම කියල හිමීට යන්නත් බෑ නෙ. ඉක්මණටම රෝහලකට අරගෙන යන එකනෙ අරමුණ.

❤️❤️❤️ඒ නිසා අපි හැමෝටම ලොකු වගකීමක් තියනව. ගිලන්රථයක් දැක්ක ගමන්, පුළුවන් උපරිමයෙන් ඒකට සහය වෙන්න.වගකීමක් සහිත විනයගරුක පුරවැසියෙක් වෙන්න.

♦️♦️♦️👨‍⚕️♦️♦️♦️
✍️ ෂෙහාන් සාරංග

Address

No 15 A, Uyandana, Hindagolla
Kurunegala
60000

Telephone

+94718041689

Website

Alerts

Be the first to know and let us send you an email when Jayabhumi Dambadiwa Charika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category