
04/06/2025
ශ්‍රීලංකන් ගුවන්සේවයට තවත් ගුවන්යානයක්! ගුවන්යානා ඇණිය 23ක් වෙයි!
Aviation Voice 24: ශ්‍රීලංකන් ගුවන්සේවයට එකතු වන එයාර්බස් A330-200 (4R-ALT) පුළුල් බඳ (wide-body) සහිත ගුවන්යානය හෙට දිනයේ (2025 ජුනි 04 වන බදාදා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ වන විට ශ්‍රීලංකන් ගුවන්යානා ඇණිය 22ක් වන අතර මෙම එයාර්බස් A330-200 ගුවන්යානයත් සමඟින් එය 23 දක්වා ඉහළ යනු ඇත. ගුවන්යානා ඇණියට එයාර්බස් A330 ගුවන්යානා 10ක් සහ එයාර්බස් A320/A321 යානා 13ක් ඇතුළත් ය.