Chanz tours

Chanz tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chanz tours, Tour Agency, Madampe.

13/09/2022
අවුකන බුද්ධ ප්‍රතිමාවශ්‍රී ලංකාවේ කලාකරුවාගේ අද්විතීය නිර්මාණ බොහොමයක් ලෝකප්‍රකට කලාකෘති ලෙස සම්භාවනාවට පත්වී ඇත. මහමෙව්...
06/04/2021

අවුකන බුද්ධ ප්‍රතිමාව

ශ්‍රී ලංකාවේ කලාකරුවාගේ අද්විතීය නිර්මාණ බොහොමයක් ලෝකප්‍රකට කලාකෘති ලෙස සම්භාවනාවට පත්වී ඇත. මහමෙව්නාවේ සමාධි පිළිමය, තොළුවිල පිළිමය, සීගිරි සිතුවම් මෙන්ම වෙහෙරගල රන් ආලේපිත අවලෝකිතේශ්වර පිළිමය හා අවුකන පිළිමය එසේ සම්භාවනාවට පාත්‍ර වූ කිහිපයක් පමණි. ලෝකය හමුවේ ප්‍රෞඪ ජාතියක් ලෙසින් නැඟී සිටින්න සමත් මෙම නිර්මාණ සැබැවින්ම ජාතියේ දායාදයන්ය. මේ අතරින් අපගේ සාකච්ඡාවට බඳුන්වන අවුකන පිළිමය ශේ‍ර්ෂ්ඨ කලා පරපුරක අතීත සාඩම්බර දක්ෂතාව ලෝකය හමුවේ දිගහැරීමට සමත් කෘතියක් බවට අමුතුවෙන් කිවයුතු නොවේ.
ධහුණලා මහ කළු ගලක මුහුණතේ නෙළා ඇති මෙම පිළිමය අඩි 38ක් අඟල් 10ක් උසින් යුක්තය. ක්‍රි.ව. 5 වැනි සියවසේ ලංකා රාජ්‍ය පාලනය කළ ධාතුසේන නම් මහා නරපතියාගේ විශිෂ්ට කෘතියක් ලෙසට ඇතැම් විද්වතුන් සලකන කලා වැව දෙසට මුහුණලා වසර දහස් ගණනක් තිස්සේ මහා කරුණාවෙන් යුතුව වැඩ සිටින මෙම පිළිම වහන්සේ ලංකාවෙන් හමුවන හිටි ආබද්ධ පිළිම අතරින් විශිෂ්ටතම පිළිමය බවට අවිවාදයෙන් යුතුව පිළිගැනේ.

‘මෙම පිළිමයේ කාලනිර්ණය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් අතර එකඟතාවක් නැත. ඊට අනුව බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙය ධාතුසේන රජතුමා කරවූ කාලසේල සත්ථු පටිමාව ලෙසයි. ඊට අනුව මෙය ක්‍රි.ව. 05 වැනි සියවසට අයත් බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. එහෙත් මේ පිළිබඳ අදහස් දක්වන එස්.එම්. බරෝස් මහතා මෙය ක්‍රි.ව. 12 වැනි සියවසේදී මහාපරාක්‍රමබාහු රජු කරවූවක් යැයි කියයි. නමුත් මේ කාරණාව සනාථ කිරීමට එතුමා සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත. එසේම වින්සන්ට් ඒ. ස්මිත් මහතාද ඉහත මතය පිළිගනී. එසේම අනන්ද කුමාරස්වාමි මහතා පවසන්නේ අවුකන බුදු පිළිමය ශතවර්ෂයේ අග භාගයට හෝ දහතුන්වැනි ශතවර්ෂයේ මුල් භාගයට අයත් වන බවයි. තවද මෙම පිළිමයේ ඉදිකිරීම් අවධිය පිළිබඳ සඳහන් කරමින් මෙය ක්‍රි.ව. 8 වැන සියවසට පමණ අයත් බව පවසයි. ඒ සඳහා මෙම පිළිමයේ දක්නට ලැබෙන අමරාවතී ශෛලියේ ලක්ෂණ උපයෝගි කර ගනී.

මෙම සුවිශේෂී ප්‍රතිමාව කුමන කාලපරිච්ඡේදයක දී ඉදිවීද යන්න අනුමාන කළ හැකි ශිලා ලිපියක් 1952 අවුකන පිළිමයේ නැඟෙනහිර බිත්තියේ තිබී සොයාගෙන ඇත. මෙම ශිලා ලේඛනයේ සඳහන් කරුණු හා අක්ෂරවල ලක්ෂණවලට අනුව එම ලිපිය ක්‍රි.ව. 8 වැනි සියවසට අයත්ය. නමුත් ගැටලුව වන්නේ එම පිළිමයට අයත් පිළිමගේ ඉදිකළ වර්ෂය ලෙසට එය සැලකිය හැකි වීම නිසා පිළිමය ඉදිකිරීම සම්බන්ධයෙන් එයින් එතරම් ආලෝකයක් නොලැබීමයි. නමුත් පිළිමයේ ඉදිකිරීම් මෙම ශිලා ලිපියට අනුව ස්ථීර වශයෙන් ක්‍රි.ව. 8 වැනි සියවසට වඩා අෑතට ගමන් කරන බවට පැහැදිලි සාක්ෂි දැක්විය හැක්කේ පිළිමය ඉදිකළාට පසු එයට පිළිමගෙය ඉදිකරවන බැවිනි. මේ අනුව මෙම ශිලා ලේඛනය ලැබුණත් පිළිමය ඉදිවූ කාලසීමාව පිළිබඳ පරණවිතාන මහතා දෙන කාලය පිළිබඳ ඔහු දක්වන මතය අත්හැරීමට සූදානම් නොවේ.

ඒ අනුව එතුමා පවසන්නේ ධාතුසේන රජ සමයේ ඉදි වූ පිළිමයට ඊට වසර 300කට පසු පිළිම ගෙයක් ඉදිකළ බවයි. එසේම තවදුරටත් ඒ පිළිබඳ විග්‍රහයක යෙදෙන පරණවිතාන මහතා පවසන්නේ ක්‍රි.ව. 3,4,5 සියවස්වල ලංකාවේ කලාව ඉතා දියුණුව පැවැති බවයි. අනුරාධපුර යුගයේ අග භාගය අඳුරු යුගයක් බැවින් එකල මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහිවීමට තිබූ ඉඩකඩ ඉතා අඩු බවයි. නමුත් මේ මතය පිළිනොගන්නා මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේ මහතා පවසන්නේ අනුරාධපුර යුගයේ අගභාගයේදීද ලාංකික ශිල්පියා අතින් විශිෂ්ට නිර්මාණ බිහිවූ බවයි. ඊට නිදසුන් ලෙස එතුමා පන්කුලිය පිළිමය, අභයගිරියේ මහසෙන් මාලිගයේ විශිෂ්ට සඳකඩපහණ, බිසෝමාලිගයේ සඳකඩපහණ, රත්නප්‍රාසාදයේ මුරගල වැනි නිර්මාණ පෙන්වමින් ඒවා සියල්ල ක්‍රි.ව. 8 වැනි සියවසට අයත් කළ හැකි බව පවසමින් ඉහත පරණවිතාන මතය නිෂ්ප්‍රභ කරයි.
අවුකන ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ කුමන බුදුන් වහන්සේ කෙනෙකු ද යන්නටද විද්වතුන් අතර එතරම් පිළිගැනීමක් නැත. මෙම පිළිමයේ ප්‍රතිමා පාදයේ තිබී හමුවූ ලෝකඩ ප්‍රතිමා 5ක් කෙරේ සැලකිලිමත් වූ පරණවිතාන මහතා එම පිළිම පහෙන් ඉන්දු, බ්‍රහ්ම, යම, කුවේර, වරුණ යන දෙවිවරුන් නිරූපණය වන බව පවසයි. මෙයින් බුදුන්ගේ දේවාතිදේවභාවය හා බ්‍රහ්මාතිබ්‍රහ්මභාවය නිරූපණය වන්නේ යැයි එතුමා වැඩිදුරටත් කියයි. මෙම දේවරූප ප්‍රතිමා පාදයේ නිධන් කර තිබී ඇත. මෙම ප්‍රතිමාව ආරම්භයේදී එසේ ආසනයක් නොතිබූ බවත් පසුකලෙක ගල්පතුරුවලින් පද්මාසනයක් කරවා ඉහත කී දේවරූප නිධන් කරන්නට ඇතැයි පරණවිතාන මහතා කල්පනා කරයි.

ඉහත කී පිළිම 5 සැලකිල්ලට ගනිමින් මෙම පිළිමයෙන් නිරූපණය වන්නේ දීපංකර බුදුන් වහන්සේ යැයි කඹුරුපිටියේ වනරතන හිමියෝ ප්‍රකාශ කරති. ඊට අනුව එහි පාදයේ තිබී හමු වූ ඉන්ද්‍ර, බ්‍රහ්ම, යම පිළිම ඒ අයුරින් ම හඳුනා ගන්නා කඹුරුපිටියේ වනරතන හිමියෝ අනෙක් පිළිම දෙක සුයාම හා සන්තුසිත ලෙස හඳුනා ගනිති. මහාසාංඝික ලෝකෝත්තරවාදීන්ගේ විනය ග්‍රන්ථයක් වූ මහා වස්තුවෙහි දීපංකර බුදුරජාණන් වහන්සේගේ පරිවාර දේවතාවන් ලෙස ඉන්දු, බ්‍රහ්ම, යම, සුයාම හා සන්තුසිත දෙවිවරුන් සිටින බව කියා තිබේ. ඊට අනුව බුද්ධ ප්‍රතිමාවේ පාදයේ තිබී හමු වූ එම පිළිම පහට අනුව මෙම පිළිමය දීපංකර බුදුන්ගේ පිළිමයක්ය යන්න උන්වහන්සේ පවසති.
අනාගත බුදුවරයා වන මෛත්‍රිය බුදුන්, අප බුදුන්ට විවරණ දුන් දීපංකර බුදුන් යන දෙදෙනාම අසූරියන් උස යැයි කියා තිබේ. රැස්වෙහෙර පිළිමය මෛත්‍රිය බුදුන් ලෙස අර්ථ නිරූපණය කරන කඹුරුපිටියේ වනරතන හිමියන් මෙම පිළිමයෙන් දීපංකර බුදුන් නිරූපණය වන්නේ යැයි තවදුරටත් කියයි. දීපංකර බුදුන් නාවිකයන්ගේ ආරක්ෂකයෙක් ලෙසටද පිළිගැනීමක් ඇත. ධාතුසේන පුත්‍ර මුගලන් රජු ‘සයුර අරක්බැඳ දීපය නිර්භය කෙළේය යයි’ චූලවංශ කතුවරයා දක්වා ඇත. ඔහු එසේ ලියන්නට ඇත්තේ මේ දීපය ආරක්ෂා කිරීම දීපංකර බුද්ධ පිළිබඳ විශ්වාසය තබා විය හැකිය. මෙකල දීපංකර ප්‍රතිමා ගෘහයක් ද තිබූ බව කියන උන්වහන්සේ මේ ප්‍රතිමාවේ දකුණත මුද්‍රාව වෙනස් වූයේද එය දීපංකර බුද්ධ වූ නිසා යැයි සිතයි. මහසයුරක් සමාන කලාවේ ආරක්ෂාව පේකඩ හා මේ ප්‍රතිමාව කරවන ලදැයි ජනප්‍රවාදය ඇති වූයේද මේ සංකල්පය නිසා බවට උන්වහන්සේගේ නිගමනයයි.

මෙම ප්‍රතිමාවේ නිර්මාණ ලක්‍ෂණ දෙස බැලීමේදී මුහුණ ගැඹුරු හැඟීමෙන් බරව නිර්මාණය කර ඇත. එය බොහෝවිට එහි ඇති උදාරත්වය පිළිබිඹු කරන්නට ගත් උත්සාහයක් වැනිය. පිළිමයේ හිසකෙස් දක්‍ෂිණාවර්තව අක්බඹරු ආකාරයෙන් ක්‍රමානුකූලව පැහැදිලිව නෙළා ඇත. පිරිපුන් හිසක් දක්නට ලැබේ. සිහින් ඇහිබැම, දිගටි ඇස, ස්ථිර ගන දෙතොල්, පුළුල් නළලත මහත් වූ ගෙල යනාදී ලක්‍ෂණ ඉතා වැදගත්ය. දෑස ගැඹුරු හැඟීමක් නිරූපණය කරයි. එසේම මෙහි ආණ්ඩකාර මුහුණ ලම්බකර්ණ හා දිගටි ඇස් යන ලක්‍ෂණයන් ගුප්ත කලා සම්ප්‍රදායට සමාන වුවත් එම ශෛලිය අභිභවා යන ලෝකෝත්තර ගුණයක් මෙම පිළිමයේ මුහුණින් පිළිබිඹු වේ. මුහුණේ ගැඹුරු බව බුදුන්ගේ දසබලධාරීත්වය ඉස්මතු කරයි.
අවුකන පිළිමයේ හිසේ දක්නට ලැබෙන සුවිශේෂ නිර්මාණය සිරස්පත ලෙස හැඳින්වේ. මෙය පසුකාලයේදී ඇද වැටී තිබී නැවත ස්ථාපිත කර ඇත. මෙය ශාඛා 05 කින් යුක්තය. මෙහි මධ්‍ය ශිඛාව ක්‍රමයෙන් උසින් යුක්තව නිර්මාණය කර ඇත. උෂ්ණිෂයක් නැති නමුත් සිරස්පතත් හිසත් අතර කොටස උෂ්ණිෂයක් මෙන් උස්ව දක්වා ඇත. මෙම සිරස්පත ගැලවී බිමවැටී තිබී 1870 දී සොයාගෙන ඇත.

අවුකන පිළිමයේ ප්‍රධාන වශයෙන්ම දැක්වෙන ලක්‍ෂණයක් වන්නේ ඒකාංශ පාරූපණයෙන් යුතු රැලි සහිත සිවුරයි. මෙහි රැලි එකිනෙකට සමාන්තරව ගලා වැටෙන සේ දක්වා තිබේ. සිවුරේ රැලි ඉතා තීව්‍ර ආකාරයට මතුකර තිබේ. මෙය අමරාවතී ශෛලියට බොහෝ සෙයින් සමාන බවට සමහර විද්වතුන් කරුණු දක්වයි. පිළිමයේ සිවුර දැක්වීමේදී අන්තරාවාසකයෙහි පහළ කොටස චීවරයට වැඩියෙන් පහළට දික්ව ඇත. දුහුල් චීවරය හා අඳනය නිසා දෙපා හා උදර බන්ධනය මතුවී පෙනේ. වම් උරහිසට යොදා ඇති සිවුරුපට පහළට වැටීම වැළැක්වීම සඳහා වම් අත වැළමිටෙන් නවා උරය දෙසට යොමු කර ගෙන සිටියි. එම වම් අතට සිරවූ සිවුරු පට වම් අත දිගේ පහළට කලාත්මකව වැටෙන ලෙස දක්වා ඇත. මෙම සිවුරු පොට නිසා එය පිළිමයට ප්‍රතාපවත් බවක් එක් කරයි. සිවුර බෙහෙවින් දුහුල්ව දක්වා තිබීම නිසා ශරීරයේ හැඩය මනාව ඉස්මතුවී පෙනේ.

අවුකන පිළිමය මහාපුරුෂ ලක්‍ෂණවලින් සමන්විත වූ පිළිමයකි. ඊට අනුව කකුල්වල පිටි පතුල් දෙක, දෙඅත්වල පිටි අල්ල දෙක උරහිස් දෙක හා ශරීරය පිරී තිබෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත. පිළිමයේ දකුණතින් ආශිංශන මුද්‍රාව දරන අතර වම් අතින් කටකහස්ත මුද්‍රාව දරයි. දෙකකුල එකිනෙකට ආසන්නයෙන් දක්වා ඇත. ශරීරය ආරෝහපරිණාහ සම්පත්තියෙන් යුක්තය. ඒ තුළින් දසබලධාරීත්වය මැනවින් පෙන්නුම් කරයි. මහාපුරුෂ ලක්‍ෂණ බෙහෙවින් නිරූපණය කර ඇති මෙම පිළිමය ශිල්ප ශාස්ත්‍ර න්‍යාය ග්‍රන්ථ හොඳින් අනුගමනය කරමින් නිර්මාණය කර ඇති බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා පවසයි.
අවුකන පිළිමය පිහිටුවා ඇත්තේ පද්මපීඨයක් මතය. සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ පිළිමයක් ස්ථාපිත කරනුයේ පද්මපීඨයක් මතය. ඉන් බුදුන්ගේ ලෝකෝත්තර බව සංකේතවත් කරන්නේ යැයි වික්‍රමගමගේ මහතා කියයි. මෙම පිළිමයේ පද්මාසනය තුළ තිබී යන්ත්‍ර ගලක් හෙවත් ගර්භපාත්‍රයක් හමුවිය. එය ගර්භ 25 කින් යුක්ත විය. සාමාන්‍යයෙන් බුදුපිළිම යට මෙසේ යන්ත්‍රගල් පිහිටුවීම එකල සම්ප්‍රදාය විය.

අවුකන පිළිමය වටා පිළිම ගෙයක් ඉදිකළ බවට ඉහත විස්තර විය. සම්පූර්ණ පිළිමය වැසෙන සේ එකල එය ඉදිකරන්නට ඇත. මෙම පිළිම ගේ පහළ කොටස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම පිළිම ගෙයි භූමිය මීටර් 7×14 ප්‍රමාණයෙන් යුක්තය. ප්‍රදක්ෂිණාපථයක්ද සහිත මෙම පිළිම ගේ 8 වැනි සියවසේදී ඉදිකළ බවට ඉහත විස්තර විය.
කලාවැව අසබඩ ඉවුරේ සිහිල් මඳනල පහස විඳිමින්ද වරෙක දැඩි හිරුරැස්වල කටුක බව ලබමින්ද මහාකරුණා සමාපත්තියෙන් ඒවා සමසිතින් විඳදරා ගනිමින්ද අප වෙනුවෙන් යොමු වූ මහාකරුණාවෙන් යුක්තව වසර දහස් ගණනක් තිස්සේ අපගේ දුක සැප සම සිතින් දරමින් අවුකන බුදුන් නොසැලී හිඳී. මහකළුගලකින් මෙතරම් මානුෂීය ගුණාංග මතුකිරීමට සමත්වූ අතීත හෙළ කලාකරුවා සැබවින්ම නිවුණු හදවතක් ඇති තැනැත්තෙක් විය යුතුය. ඔහු තුළ තිබූ සංයමය ඔහු තුළ තිබූ තැන්පත් බව ඔහු තුළ තිබූ මානව දයාව මෙම රළු ගිරිකුලට ආරෝපණය කළේ ආශ්චර්යකින් නොවේ. මෙතරම් රළු කළුගලක් ඔහු ඉදිරියේ සුමට වූ හැටි විස්මයජනකය. මහා කලාකරුවාණනි ඔබ තැනූ මේ විශිෂ්ට උත්කෘෂ්ට නිර්මාණය තවත් වසර දහස් ගණනක් මෙලෙසම පවතිනු ඇත. එසේම ඒ කාලය පුරාවටම අවුකන බුදුන්ගේ මහා කරුණාව අප හට ලැබෙනු නිසැකය.

සුන්දර කලා වැවේ දියරැලි අතරින් මතුවන සිසිලසත් අවුකන බුදුන්ගේ මහාකරුණාවත් එකට කැටි වූ මඳ සුළඟ මෙම ස්ථානයට සපැමිණෙන කවර නම් තරමේ කෙනකුගේ වුවද සිත සමාධිගත කරවන්නේ නිරායාසයෙනි. අවුකන සමිඳුනි ඔබගේ මෙත් දහරින් පුහුදුන් අපගේ සිත් සතන් තෙමාලමින් තවත් සහස්‍රකයක් අප වෙනුවෙන් හිඳිනු මැනවි.

තේජවන්ත ඉන්දිරාජා මංගල ඇත්රජු පෙරහැර කරඩුව වැඩමවමින්  සාදුජන නෙත් පහන් කර වූ කන්ද උඩරටඇසළ මහා පෙරහර මංගල්ලයේ පළමු කුඹල් ...
27/07/2020

තේජවන්ත ඉන්දිරාජා මංගල ඇත්රජු පෙරහැර කරඩුව වැඩමවමින් සාදුජන නෙත් පහන් කර වූ කන්ද උඩරටඇසළ මහා පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහැර සිරිත් ප්‍රකාරව වීදිසංචාරය ඇරඹිය..
The first Kumbal Perahera started parading the streets with the Majestic Ceremonial Tusker "Indiraja" carrying the Sacred Casket.


Like page and share

Kandy Sky with full of stars තරු පිරි නුවර අහස📷Layan Perera
04/05/2020

Kandy Sky with full of stars
තරු පිරි නුවර අහස

📷Layan Perera

28/03/2020

ගුවනින් පිරිත් පැන් ඉසීම 🙏❤

සියල්ලගේ දැනගැනීම පිණිස Share කරන්න 👇
27/03/2020

සියල්ලගේ දැනගැනීම පිණිස Share කරන්න 👇

09/01/2020

Address

Madampe
61230

Telephone

0777497110

Website

Alerts

Be the first to know and let us send you an email when Chanz tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category