
27/04/2025
පහත ඡායාරූප දෙක උදෑසන බුකියේ දකින විට ආ සිතිවිලි මෙසේ අකුරු කරමි.
බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ කැකෑරෙන කුහකත්වය සහ ඊරිසියාවේ අග්‍රඵලය දෙවන ඡායාරූපයේ සිටින ඇමති මහතා/සහෝදරයා මුහුණ දී ඇති තත්වයයි.
අග්‍රගනය, අනගිභවනීය, අති බහුතරයක් ශ්‍රීලංකික පුරවැසියන්ගේ හීනෝන්මාදයත් මේ අයුරු වේ. මහ රැජිනටත් ප්රසශස්ති කීමට හැකි බව පැවසුවත් හරියට මිනිහෙක්ට ඇස්දෙක දිහා බලාගෙන කෙලින් හිටගෙන අවශ්‍ය දේ කතා කිරීමට බැරිය. තැනකට ඇඳිය යුතු ඇඳුම දන්නේ නැත, අහන්නේද නැත. කතා කරොත් කරන හැටි කියයි, කරපු දෙයක් හෝ කරන දෙයක් නැත. ඔලුව හදාගෙන අවංකව සල්ලි ටිකක් හම්බ කරපු එකා හොරාය, කුඩු කාරයාය (බිස්නස්), බඩු කාරයාය, ඕකුන් ඉස්සර හිටපු හැටි දන්න්නෙ අපිය, නිදන් හාරන එකාය, නානාප්‍රකාර කටකතාය, ඒත් මූ, මැරීගෙන හම්බ කරන එකා නැත්තන් උදේට රෙන්න දෙයක්වත් නැත ඒ තරම් සාර් තකය.
දන්න එවුන් ටික මැද සිංහයෙක්, නිකමට කෙලින් බලං කතා කරන කොල්ලෙක්/ කෙල්ලෙක් ඉංග්‍රීසියෙන් පාරක් ඇහුවොත් හත්වරුවක් බඩ විරේක වෙයි.
අනිත් එකාගෙ හිත රිදුනට කමක් නැත, මේකාගේ හිත රිදීම සාප ගෙනදෙයි. ලියන්නට දේ බොහෝ ඇත. ඉතිරිය පසුවට
සියල්ලටම හේතුව වෙනස් වීමට ඇති බිය සහ අකමැත්තයි.
ඔජපරියාගේ සිතිවිල්ලකි