Camping Sri Lanka

Camping Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Camping Sri Lanka, Eco tour agency, Matale.

13/07/2024
28/06/2024
11/06/2024
04/06/2024
11/03/2024
17/02/2024
31/12/2023
03/09/2023
05/08/2023

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පිහිටි වන ජීවී සහ වන සංරක්ෂණ රක්ෂිතවලට ඇතුල් වීම, එම රක්ෂිතවල පිහිටි කඳු තරණය කිරීම සහ කඳවුරු බැඳීම අද (04) සිට තහනම් කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාපවසනවා.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ අබිරහස් ලෙස මියගොස් සිටි කාන්තා මළ සිරුරක් හමු වීමෙන් පසු වනජීවී නිලධාරින්, වන සංරක්ෂණ නිලධාරින් සහ පොලිස් නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සියළු පාර්ශවයන්ගේ එකඟතාවයන් මත මෙම තිරණය ගත් බවයි.

මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ කඳු මුදුනේ හමු වූ නාඳුනන කාන්තා මළ සිරුර සමග උද්ගත වූ ගැටලුවත් සමග මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ඕනෑම කන්දක් නැගීමට හෝ සංචාරය කිරීමට අවශ්‍ය නම් එම කඳු අයත් රජයේ ආයතනවලින් අනුමැතිය ලබා ගත යුතු බවයි.

අනතුරුව එම අනුමැතිය ළඟම ඇති පොලිසිය වෙත ඉදිරිපත් කර පොලිසියේ ද අවසරය ලබා ගැනීමෙන් පසු අදාළ ස්ථානයන්ට සංචාරය කළ යුතු වන අතර ගමන අවසානයේ ද නැවතත් දුරකථන මාර්ගයෙන් පොලිසියට සිය සංචාරය අවසන් කල බවට දැනුම් දීම සිදු කල යුතු වනු ඇති.

මෙම උපදෙස් අනුගමනය නොකරමින් සංචාරය කරන පුද්ගලයන් අදාළ රක්ෂිත හෝ කඳු භාර රාජ්‍ය ආයතයවලින් අත්අඩංගුවට ගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළා.

මෙම ක්‍රමවේදය ආරම්භක අවස්ථාවේදී සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන අතර ඉදිරියේදි දුරකථන යෙදවුමක් භාවිතා කරමින් අවශ්‍ය අවසරය ලබා ගැනීමට කටයුතු සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Copied

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Camping Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share