22/01/2026
යමුද අලිත් එක්ක කැලේ මැදින් සීතල වන්නියට ?
ප්‍රකට ලේඛක ආර්.එල්. ස්පිට්ල් (R.L. Spittel) මහතාගේ අමරණීය කෘතියක් වන "Vanished Trails" හෙවත් "මැකීගිය දඩමං පොත" කියවපු ඕනෑම කෙනෙක් සීතල වන්නියේ අභිරහස් ගැන දන්නවා. අද අපි මේ යන්නේ ඒ පොතේ සඳහන් වන, අදටත් ඝන කැලෑවෙන් වැසී ඇති රහස් ඉසව් කිහිපයක් සොයාගෙනයි
වන අලින් 5-6 දෙනෙකුට මුහුණ දෙමින්, අතිශය දුෂ්කර කාශ්ටක, වගුරු බිම් සහ ඝන වනාන්තර මැදින් කිලෝමීටර් 10ක පමණ පා ගමනකින් පසු අපිට හමු වූ "අලි පැටියාගල" සහ "පිහිල්ලේගොඩ" ගල් ලෙන් වල අසිරිය මේ වීඩියෝවෙන් ඔබට දැකගත හැකියි. මේ ගමන අපිට නිකම්ම Hiking එකක් නෙවෙයි, ඒක ඉතිහාසය සහ සොබාදහම සොයා ගිය ගවේෂණයක් (Expedition).
මෙම ගමනේදී අපිට නිවැරදි මඟ පෙන්වීම ලබා දුන් අපේ ගයිඩ් ආයුවර්ධන මාමා සහ පියල්ට ( +94 74 362 8648 ) මෙන්ම, මා සමඟ එකතු වූ Traveller Anjana සහ View Travel එකේ ධනුෂ්ක මල්ලිටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
ඉතිං මේ ගමනේ සම්පූර්ණ වීඩියෝව පහල ලින්ක් එකේ දාලා තියනවා... 👇
Highlights of the Journey:
📍 Finding clues from "Vanished Trails" by R.L. Spittel
📍 Ali Patiyagala & Pihillegoda Ancient Caves
📍 Encounters with Wild Elephants (Aliyo 5-6)
📍 20KM total Extreme Trekking & Wild Camping in Seethala Vanniya