Wonder Seeker - සොඳුරු ඉසව් සොයන්නා

Wonder Seeker - සොඳුරු ඉසව් සොයන්නා 🍃:- 𝐁𝐞𝐠𝐢𝐧 𝐰𝐢𝐭𝐡 𝐦𝐞 𝐠𝐫𝐞𝐞𝐧 𝐭𝐨𝐨 𝐣𝐨𝐮𝐫𝐧𝐞𝐲 -:🍃
𝑻𝒓𝒂𝒗𝒆𝒍 | 𝑯𝒊𝒌𝒆 | 𝑨𝒅𝒗𝒆𝒏𝒕𝒖𝒓𝒆𝒔𝒔 | 𝑪𝒍𝒊𝒎𝒃𝒊𝒏𝒈 | 𝑨𝒃𝒔𝒆𝒍𝒊𝒏𝒈 https://youtube.com/channel/UCm7mkX8tSfQjsAP5cSm2xcw
(1)

24/09/2026

🔴 වැයවුණු සල්ලි ආයේ හොයාගන්න පුළුවන්, ඒත් මඟහැරුණු ලස්සන මොහොතවල් ආයේ එන්නේ නෑ... 💸🌄💚🫶🌿

🔴..... 🌿✍🧡
23/09/2026

🔴..... 🌿✍🧡

🔴 Reality isn't a simulation 🌿✍💜
22/09/2026

🔴 Reality isn't a simulation 🌿✍💜

21/09/2026

🔴 ⁣කේක් කියන්නෙ වෙනමම vibe එකක්.. ගෙවන මිලට වඩා වටිනාකමක් තියෙන රසම රස කේක් එකක් එක්ක ඔයාගෙ ජීවිතයේ වි⁣⁣ශේෂ අවස්ථා රස විදින්න එන්න අපේ පැත්තට. Ovinta Home Cakes Page එකත් අමතක නොකර follow කරලා තියාගන්න. වැඩි විස්තර සඳහා 0769904845 අමතන්න.. 🎂🧁

🔴 පියවරක් පියවරක් ගානේ කවුරුත් බලන්නේ ඔය පේන ශ්‍රී පාද පත්මය පේනවද කියලා 💐🙏💐
20/09/2026

🔴 පියවරක් පියවරක් ගානේ කවුරුත් බලන්නේ ඔය පේන ශ්‍රී පාද පත්මය පේනවද කියලා 💐🙏💐

20/09/2026

🔴. මතක් වෙද්දි කකුල් කීං ගාන උල් 🌿🩵

🔴 පූනා | Poonagala 🌿
19/09/2026

🔴 පූනා | Poonagala 🌿

🔴 NPP ආණ්ඩුව හොටෙල් කාරයන්ට ඕන විදියට වැඩ කරලා ඒකත් විනාශ කරන්නද මේ හදන්නෙ.. යන ටිකත් වැඩි වෙලා තියෙන එකේ තව විනාශයක් කර...
16/09/2026

🔴 NPP ආණ්ඩුව හොටෙල් කාරයන්ට ඕන විදියට වැඩ කරලා ඒකත් විනාශ කරන්නද මේ හදන්නෙ.. යන ටිකත් වැඩි වෙලා තියෙන එකේ තව විනාශයක් කරන්න හදන්නෙ. 😡😡😡

හෝර්ටන් තැන්න ඇතුළු ලෝක උරුම ප්‍රදේශයට නව මාර්ගයක්

බෙලිහුල්ඔය ප්‍රදේශයේ සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ නිරත පිරිස් සහ සෆාරි ජීප් රථ හිමියන්ගේ අවශ්‍යතා මත බෙලිහුල්ඔය, ගලගම, නැග්රැක් සහ නන්පේරියල් වත්ත හරහා හෝර්ටන් තැන්න වෙත ළඟාවීමට නව මාර්ගයක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මෙම යෝජනාව පසුගියදා කල්තොට ප්‍රදේශයේදී පරිසර අමාත්‍යවරයා සහභාගි වූ රැස්වීමකදී ඉදිරිපත් කර ඇති අතර, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව සඳහන් වේ.

මීට පෙර පැවති රජය සමයේදී ද බෙලිහුල්ඔය ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධ ව්‍යාපාරික අවශ්‍යතා ඇති පිරිසකගේ මැදිහත්වීම මත නන්පේරියල් වත්ත හරහා හෝර්ටන් තැන්න දක්වා කිලෝමීටර් 10කට ආසන්න මාර්ගයක් ඉදිකිරීමේ සැලසුමක් තිබී ඇත.

එම සැලසුම යටතේ නැග්රැක් දක්වා වාහන ගමන් කළ හැකි මාර්ගයක් සකස් කර, එතැන් සිට පා ගමනින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය වෙත ළඟාවීමට හැකි ආකාරයට මාර්ගය සංවර්ධනය කිරීමට යෝජනා කර තිබුණි.

වත්මන් අවස්ථාවේදීද ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ එම සැලසුමට සමාන මාර්ගයක් බව පෙන්වා දෙන අතර, මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම පිළිබඳව පරිසරවේදීන්ගේ අවධානය යොමුව තිබේ.

*ආරක්ෂිත වනාන්තර කිහිපයක් හරහා මාර්ගය*

යෝජිත සැලසුමට අනුව බෙලිහුල්ඔය ගලගම ප්‍රදේශයෙන් ආරම්භ වී නැග්රැක් හරහා නන්පේරියල් වත්ත දක්වා කිලෝමීටර් 6කට ආසන්න මාර්ගයක් සකස් කිරීමට නියමිතය.

එම කොටස ආරක්ෂිත වනාන්තර සහ තේ වතු ආශ්‍රිත ප්‍රදේශ හරහා ගමන් කිරීමට නියමිත බව සඳහන් වේ.

නන්පේරියල් වත්තේ පිහිටි වතු බංගලාව ආසන්නයේ සිට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළින් තවත් කිලෝමීටර් 4කට ආසන්න දුරක් මාර්ගයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

මේ අනුව සමස්ත මාර්ගයේ දිග කිලෝමීටර් 10කට ආසන්න වේ.

ගලගම ප්‍රදේශයෙන් ඉදිරියට යන විට මෙම මාර්ගය වන සංරක්ෂණ ආඥා පනත යටතේ පාලනය වන රත්තනගොල්ල වනාන්තරය හරහාද ගමන් කිරීමට නියමිතය.

ඊට අමතරව වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති පීක් විල්ඩර්නස් හෙවත් ශ්‍රී පාද අඩවිය අභයභූමිය සහ සමනල අඩවිය ස්වභාව රක්ෂිතය හරහාද මෙම මාර්ගය සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත.

අවසානයේ එය හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය දක්වා ගමන් කිරීමට නියමිතය.

මෙම ප්‍රදේශ සියල්ලම ඉහළ කඳුකර වනාන්තර පද්ධතියට අයත් වන අතර දුර්ලභ මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික සත්ව හා ශාක විශේෂ රැසකට වාසස්ථාන සපයන ඉතා සංවේදී පරිසර පද්ධති වේ.

එවැනි ප්‍රදේශයක් හරහා මාර්ගයක් ඉදිකිරීමෙන් වනාන්තර පද්ධතිය කොටස්වලට බෙදී යාමටත්, ස්වාභාවික වාසස්ථානවලට මිනිස් ක්‍රියාකාරකම් වැඩි වශයෙන් ඇතුළු වීමටත් ඉඩ සැලසෙනු ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස දුර්ලභ හා ආවේණික ජීවීන්ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව පරිසර විද්‍යාත්මකව සැලකේ.

*වනජීවී නීති සම්බන්ධ ගැටලු*

යෝජිත මාර්ගයේ කොටස් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය සහ සමනල අඩවිය ස්වභාව රක්ෂිතය වැනි නීත්‍යානුකූලව ආරක්ෂා කර ඇති ප්‍රදේශ හරහා ගමන් කිරීමට නියමිත බැවින් මෙහි නීතිමය පැත්ත පිළිබඳවද අවධානය යොමු වී තිබේ.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ජාතික උද්‍යානයක් හෝ ස්වභාව රක්ෂිතයක් තුළ පහසුකම් සහ සේවා පවත්වාගෙන යාම, පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල හා පාලනය යටතේ සිදුවිය යුතුය.

එවැනි රක්ෂිත ප්‍රදේශ සඳහා සැලසුම් සකස් කිරීමද අදාළ නීතිමය ක්‍රමවේදයට යටත් විය යුතුය.

ඒ සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන කළමනාකරණ සැලසුම් කමිටුවක් මඟින් සැලසුම් සකස් කර, අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ ඒවා ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් වේ.

එබැවින් වෙනත් පාර්ශ්වවල හෝ ව්‍යාපාරික කණ්ඩායම්වල අවශ්‍යතා මත පමණක් එවැනි ආරක්ෂිත ප්‍රදේශ භාවිත කිරීමට නොහැකි බව නීතිමය තත්ත්වය පෙන්වා දෙයි.

තවද, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 6(1) වගන්තිය යටතේ ජාතික උද්‍යානයක් හෝ ස්වභාව රක්ෂිතයක් තුළ මාර්ගයක් ඉදිකිරීම හෝ එවැනි ප්‍රදේශයක සකස් කර ඇති මාර්ග භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දැක්වේ.

එවැනි වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වුවහොත් රුපියල් 20,000 සිට රුපියල් ලක්ෂයක් දක්වා දඩයකට හෝ වසර දෙකක සිට වසර පහක් දක්වා සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් විය හැකි බව සඳහන් වේ.

ඊට අමතරව ජාතික උද්‍යානයක් හෝ ස්වභාව රක්ෂිතයක් ආශ්‍රිතව, එහි මායිමේ සිට සැතපුමක් ඇතුළත ප්‍රදේශයක මාර්ග ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට පෙර ජාතික පාරිසරික පනත යටතේ පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කළ යුතු බවද සඳහන් වේ.

එමෙන්ම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීමද අවශ්‍ය වේ.

මෙවැනි නීතිමය ආරක්ෂණ පද්ධති හඳුන්වා දී ඇත්තේ මෙම වනාන්තර ප්‍රදේශවල පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක, දේශගුණික, භූ විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක සහ ජල විද්‍යාත්මක වටිනාකම් ආරක්ෂා කිරීම සඳහාය.

*ස්වාභාවික ලෝක උරුමයක්

හෝර්ටන් තැන්න සතුව ඇති ඉහළ පාරිසරික වටිනාකම හේතුවෙන් එය මුල් වරට 1969 දෙසැම්බර් 5 වන දින අංක 14883 දරන ගැසට් නිවේදනය මඟින් ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන් අනතුරුව 1988 මාර්තු 16 වන දින අංක 497/10 දරන ගැසට් නිවේදනය මඟින් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කර ඇත.

එම ජාතික උද්‍යානයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 3,159.8ක් පමණ වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර් 1,800ත් 2,395ත් අතර උසකින් යුත් ප්‍රදේශයක හෝර්ටන් තැන්න පිහිටා ඇත.

ශ්‍රී ලංකාවේ උසින් දෙවන ස්ථානය හිමි කිරිගල්පොත්ත කන්ද හෝර්ටන් තැන්නේ බටහිර සීමාව ආශ්‍රිතව පිහිටා ඇති අතර එහි උස මීටර් 2,395කි.

උසින් තෙවන ස්ථානය හිමි තොටපල කන්ද උතුරු සීමාව ආශ්‍රිතව පිහිටා ඇති අතර එහි උස මීටර් 2,357කි.

හෝර්ටන් තැන්නේ දකුණු සීමාව බලංගොඩ සානුව දෙසට විහිදෙන අතර කුඩා ලෝකාන්තය සහ මහ ලෝකාන්තයද එම ප්‍රදේශයේ ප්‍රධාන භූගෝලීය ලක්ෂණ අතරට අයත් වේ.

කුඩා ලෝකාන්තයේ උස මීටර් 277ක් පමණ වන අතර මහ ලෝකාන්තය මීටර් 884ක පමණ උසකින් යුක්තය.

හෝර්ටන් තැන්නේ පාරිසරික, ජෛව විද්‍යාත්මක, භූ විද්‍යාත්මක, ජල විද්‍යාත්මක සහ පුරා පාරිසරික වැදගත්කම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගෙන ඇත.

ඒ අනුව 2010 ජූලි 30 වන දින හෝර්ටන් තැන්න සහ ශ්‍රී පාද අඩවිය හෙවත් සමනල අඩවිය ඇතුළත් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය UNESCO සංවිධානය විසින් ස්වාභාවික ලෝක උරුම ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝකයේ ස්වාභාවික සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා 1972 නොවැම්බර් 16 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදී ජාත්‍යන්තර සම්මුතියක් ඇති කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාව එම සම්මුතියට 1980 ජූනි 9 වන දින එකඟ වී තිබේ.

එබැවින් ලෝක උරුමයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති මෙවැනි ප්‍රදේශ ආරක්ෂා කිරීමට එකඟ වී සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව එම ප්‍රදේශවලට හානි සිදුවන සංවර්ධන කටයුතු සිදු කළහොත් එය ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපයටද බලපෑමක් ඇති කළ හැකිය.

*හෝර්ටන් තැන්නේ ජල පෝෂක වැදගත්කම

හෝර්ටන් තැන්න ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ජල පෝෂක ප්‍රදේශයකි.

ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟට ජලය සපයන ප්‍රධාන ආරම්භක ප්‍රදේශයක් ලෙස හෝර්ටන් තැන්න ක්‍රියා කරයි.

එමෙන්ම කැලණි ගඟ සහ වලවේ ගඟ යන ප්‍රධාන ගංගා දෙකේද ජල පෝෂක ප්‍රදේශයක් ලෙස මෙය වැදගත් වේ.

තොටපල කන්දේ උතුරු බෑවුමෙන් ගලා එන ජල ධාරා දඹගස්තලාව ඔය හරහා මහවැලි ගඟට එක් වේ.

එහි දකුණු බෑවුමෙන් ගලා එන ජලය බෙලිහුල්ඔය හරහා වලවේ ගඟට එක් වේ.

බෙලිහුල්ඔයේ ආරම්භක ජල ධාරා එකට එකතු වීමෙන් බේකර්ස් ඇල්ල නිර්මාණය වන අතර එය හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ පිහිටි ජනප්‍රියම දිය ඇලි අතරින් එකකි.

මීටර් 20ක් පමණ උසැති බේකර්ස් ඇල්ල නම් කර ඇත්තේ හෝර්ටන් තැන්නේ අලි ඇතුන් සහ ගෝනුන් දඩයම් කළ ඉංග්‍රීසි ජාතික දඩයක්කරුවකු වූ සැමුවෙල් බේකර්ගේ නමිනි.

කිරිගල්පොත්ත කන්දේ උතුරු බෑවුමෙන් ගලා එන ජලය අග්‍රා ඔය හරහා මහවැලි ගඟට එකතු වේ.

එහි නිරිතදිග බෑවුමෙන් ගලා එන ජලය බගවන්තලාව ඔය ඔස්සේ කැලණි ගඟට එක් වේ.

මෙම ජල මාර්ග පද්ධතිය සැලකිල්ලට ගත් විට හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ජල පෝෂක කලාපයක් බව පැහැදිලි වේ.

*හෝර්ටන් තැන්නේ දේශගුණය*

කඳුකර තෙත් කලාපයේ පිහිටි හෝර්ටන් තැන්නට නිරිතදිග මෝසම් සමයේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබේ.

එහි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2,150ක් පමණ වේ.

ප්‍රදේශයේ උෂ්ණත්වය වසරේ කාලය අනුව සැලකිය යුතු ලෙස වෙනස් වේ.

සමහර කාලවල දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර ජනවාරි සහ පෙබරවාරි මාසවල රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 2ක් පමණ දක්වා පහළ යා හැකිය.

එම කාලයේදී මල් තුහින ද දැකිය හැකිය.

හෝර්ටන් තැන්නේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් පමණ වේ.

වසරේ වැඩි කාලයක් ප්‍රදේශය මීදුමෙන් වැසී පවතින නිසා හෝර්ටන් තැන්නේ වනාන්තර පද්ධතිය වලාකුළු වනාන්තර පද්ධතියක් ලෙසද හැඳින්වේ.

මෙහි පරිසර ආර්ද්‍රතාවය සියයට 98ක් පමණ ඉහළ මට්ටමක පවතී.

සාමාන්‍යයෙන් හෝර්ටන් තැන්නේ සාපේක්ෂව වියළි කාලගුණයක් දැකිය හැක්කේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදීය.

එම කාලයේ දහවල් උෂ්ණත්වය ඉහළ යන නමුත් රාත්‍රී කාලයේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස පහළ යයි. වර්ෂාපතනය සහ පරිසර ආර්ද්‍රතාවයද අනෙක් කාලවලට සාපේක්ෂව අඩු වේ.

මෙවැනි සුවිශේෂී දේශගුණික තත්ත්වයන් හේතුවෙන් හෝර්ටන් තැන්නේ ජීවත්වන බොහෝ සත්ව හා ශාක විශේෂ එහි ශීත සහ තෙත් කඳුකර පරිසරයට විශේෂයෙන් අනුවර්තනය වී තිබේ.

**සජීව චාමිකර**

16/09/2026

🔴. 🌿💚

🔴 අඳුරු කුහරයට බහින්නයි යන්නෙ 🌿🙃
15/09/2026

🔴 අඳුරු කුහරයට බහින්නයි යන්නෙ 🌿🙃

Address

Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Wonder Seeker - සොඳුරු ඉසව් සොයන්නා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wonder Seeker - සොඳුරු ඉසව් සොයන්නා:

Shortcuts

Share