22/07/2022
යතුරුපැදි අනතුරකින් මොළය මියගිය තම පුත්‍රයා හුස්ම ගැනීමේ යන්ත්‍රයෙන් ගැලවීමට මොහොතකට පෙර ඔහුගේ මව මෙසේ හැගීම්බර වන්නට විය.
..........................................................................
ඇස් දෙක මුහුණ අමතක නොව කිසිදිනක
පුතුනේ නුඹගෙ ප්‍රේමය ඇති සැම තැනක
ලෝකය තිබුනෙ නුඹගේ අතැගිලි තුඩක
කොහොමද මතක හැර නුඹ යන්නේ දුරක
වේගය පුතුට හරි සතුටක් ගේන්නැති
අම්මගෙ මතක තත්පරයට මැකෙන්නැති
ප්‍රේමය සමග වේගය මන බදින්නැතී
රෝදය උඩට නුඹ නුඹෙ පණ තියන්නැතී
හිස සිඹ මගේ නිවසින් පිටවීලා ගිය
මාරයා නුඹව අපගෙන් දුර අරන් ගිය
අන්තිම හුස්ම පමණක් ළය ඉතුරුවිය
අම්මා කොහොම ඉවසන්නද එයයි බය
තව එක් වරක් දෙනවද මට අවසරය
බලනට පුතුගෙ අවසන් හුස්මේ සැරය
කදුළක තියෙන්නෙද දිවියක ඇති බරය
හඩනට ටිකක් දෙන්නකො මට තව වරය
මව් පෙම බරකි හැමදාමත් අම්මාට
කවුරුද දන්නෙ ආදරයක පළල වට
කදුලක් නොදී හැදු වැඩු පුතු උරහිසට
අම්මගෙ කදුළු බර වේදෝ දවසකට
ලේ කිරි කරලා පොඩිකාලෙදි මම පෙව්ව
හැඩි දැඩි වෙන්න මතකද පාරක් ගැහුව
අම්මට තමයි වැඩියෙම ආදරෙ කිව්ව
පුතු නුඹ යන්න යනවද බොහො දුර ගව්ව
කවදත් සිහින පෙරලන මේ නුඹේ ගැන
කොහොමද නොලියා ඉන්නෙ අද මතක පොත
දවසින් දවස අම්මට පෙම වැඩිම උන
පුතු ගැන ලියලා නවතන්නද කොතෙක් ගුණ
ඇස් දෙක නුඹගෙ තව කෙනෙකුට හිමි වේවි
නුඹගේ දෙනෙත් මත්තෙන් ඔහු හිනැහේවී
ප්‍ර්‍ර්‍රේමය නොමැත මගකදි අපි තනිවේවී
ලබනා භවෙකදිත් නුඹ මගෙ පුතුවේවී
හීනෙන් වගේ නුඹ අද හෙට දුර යාවී
අම්මට පුතේ කවුරුත් නැහැ තනි වේවී
මතකය තියන් හදවත මගෙ කකි යාවී
පුතුනේ නුඹත් දවසක ලොව බුදු වේවී
" එදිනට පුතේ මම මහමායා වේවී "