Ayale - අයාලේ

Ayale - අයාලේ 𝗛𝗼𝗹𝗱 𝘆𝗼𝘂𝗿 𝗳𝗲𝗲𝘁 𝗼𝗻 𝘁𝗵𝗲 𝗹𝗮𝗻𝗱

18/08/2024
"රුපියල් 1000 වුණත් ,ආදරණීය මිනිසුන් 15000" එකතු වුණොත්චාමිකගෙ ජීවිතයට බලාපොරොත්තුවක් එකතු කරන්න පුළුවන්.🙏අපි හැම දෙනාම ...
14/08/2024

"රුපියල් 1000 වුණත් ,ආදරණීය මිනිසුන් 15000" එකතු වුණොත්
චාමිකගෙ ජීවිතයට බලාපොරොත්තුවක්
එකතු කරන්න පුළුවන්.🙏

අපි හැම දෙනාම පුළුවන් හැම අවස්ථාවකම එකතුවෙලා මේ වගේ ජීවිත ගණනාවකට බලාපොරොත්තු ගෙනත් දුන්නා.🙏

ඔබ ඒ කරගත්ත පුණ්‍ය කර්මය ජීවිතයේ අවැසි තැනදී ඔබට පිළිසරණක් වේවි.🙏

අක්මාඅකර්මන්‍යතා රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින චාමික අපේ සහෝදරයාට ඉක්මනින්ම අක්මා බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළ යුතුයි.
ඒ සඳහා රුපියල් ලක්ෂ එකසිය පනහක් පමණ වැය වෙයි.😥
යම්කිසි මුදල් ප්‍රමාණයක් ඔවුන් අතර මේ වන විට ඇති අතර ඉතුරු ටික වහා සම්පාදනය කරගත යුතුයි.👍

දින 10ක් වගේ කෙටි කාලයක් තුල මේ මුදල සම්පූර්ණ කරගත යුතුයි. ලොකු කාලයක් නැහැ.

හැකි පමණ දායක වෙමු.❤️

මුදලින් අමාරු නම් පුළුවන් හැම අවස්ථාවේදීම මේ පෝස්ටුව ශෙයා කරන්න.හැකියාවක් ඇති කෙනෙක් එවිට එය දකීවි❤️

එයත් ලොකුම ලොකු පිනක්.🙏

සියලුදෙනාම එකතුවී චාමිකව බේරාගනිමු.

ඇති, හැකි අය පුළුවන් විදියට Help එකක් දෙමුද?ජීවිතේ උහුලන්න පුළුවන් උපරිම වේදනාව උහුලපු කොල්ලෙක්ට, තමන්ගේම ලෙයින් උපන් පු...
07/08/2024

ඇති, හැකි අය පුළුවන් විදියට Help එකක් දෙමුද?
ජීවිතේ උහුලන්න පුළුවන් උපරිම වේදනාව උහුලපු කොල්ලෙක්ට, තමන්ගේම ලෙයින් උපන් පුතුට අත් වූ ඉරණම නොවන්නට වගබලා ගන්න අපේ අය ඇති හැකි අයුරින් උදව්වක් කරමුද??
🙏❤️

💚
15/07/2024

💚

better than city. 🍃..
25/01/2024

better than city. 🍃
..

90% දෙනා මේක කියවන්නේ නැ.. ඔට්ටුයි.හැබැයි පිලිකා වාට්ටුව ගැන දාන ඒවා නම් හොටු පෙරාගෙන් කියවල ශෙයා කරනවා.  මේ මහ පොළවේ මැ...
09/11/2023

90% දෙනා මේක කියවන්නේ නැ.. ඔට්ටුයි.
හැබැයි පිලිකා වාට්ටුව ගැන දාන ඒවා නම් හොටු පෙරාගෙන් කියවල ශෙයා කරනවා. මේ මහ පොළවේ මැජිකල් දේවල් හැදෙනවා.. අපි දන්නේ නෑ හරියට.

මෙන්න මේ පැලේ දැකල ඇතිනේ, අපෝ, දැක්ක තැන ගලවල විසි කරනවා. ආයේ පැළවෙයි කියල පුච්චලත් දානවනේ? ඔහෙලා දන්නවද ඔය පැලේ ගුණ කොයිතරම්ද කියල? නෑනේ? ඔන්න එහෙනම් දැනගන්න මිත්‍රවරුණි. මේකට ඉංග්‍රිසියෙන් කියන්නේ Gooes Grass කියල, සිංහලෙන් නම් බැල තණ, සාමාන්‍ය මිනිස්සුන්ට වල් තණකොළ තමා 🥴
මේකට පුලුවන් පහලින් මම ලියන රෝග ටිකට කොරවෙන්න උත්තර දෙන්න.

පිලිකාව: මේකේ තියන AntiOxidant properties නිසා ඕනෑම ආකාරයක පිලිකා සයිල වලට දුවන්න පහර දෙන්න පුලුවන්.

ගර්භාශයේ ගෙඩි සහ තුවාල: මේකේ තියන පට්ට Antiinflamatory ගුණය නිසා කාන්තාවොන්ගේ reproductive system එකේ ප්‍රශ්ණ වලට මේ බැලතණකොල හොද උත්තරයක් කියල සැලෙකෙනවා.

වකුගඩු ආබාධ: මේ පොඩි පැලේට පුලුවන්ලු ශරීරයේ වතුර ප්‍රමාණය රදවගෙන අනවශ්‍ය ලුණු හෝ බැර ලෝහ මුත්‍රා හරහා ඉක්මනින්ම ශරීරයෙන් පිට කරන්න.

දියවැඩියාව: මේක අතීතයේදී දියවැඩියාව තියන අයට තේ වගේ වක්කරල බොන්න දීල තියෙනවා මේකේ Anti Diabetic properties තියන නිසා.

ලේගැලීම් සහ තුවාල: මේක නම් හැමෝම වගේ දන්නවානේ, ඉස්සර සෙල්ලම් කරනකොට ඇදගෙන වැටිල අතපය පතුරු ගියාම කරන්නේ මෙයින් ටිකක් හපල තියන එක. මේ පැලේ තියන සුපිරි හැකියාව ඇස් පනාපිට හුගක් අය දැකල ඇති.

පරපෝශකයින්ට: මනුස්සයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම සතෙක්ගේ ඇග ඇතුලේ ජීවත්වෙන් පරපෝශිත සත්තුන්ව විනාඩි ගානක් ඇතුලත හාන්සි කරන්න මේකට පුලුවන්, දැකල ඇතිනේ බල්ලෝ පූසෝ මේවා කාල ටික වෙලාවකින් වමනේ කරනවා.
අන්න ඒ ඒකට තමයි.

නියුමෝනියාව: මේක දවසට දෙපාරක් දවස් 5 ක් බිවුවාම ලෙඩාට නියුමෝනියාව හැදුනද කියල හොයාගන්න බැරිවෙන්න හොද වෙනවා.

අධිරුධිර පීඩනය: මේ පැල අමුවෙන් තම්බලා ආහාරයට ගන්න පුලුවන්නම් කොලෙස්ටරෝල් කම්බස්.

උණ: ඉස්සර අපේ ගම්වල මිනිස්සු මේක උණ රෝගීන්ට ඉස්ම විදිහට මීපැණි එක්ක කලවම් කරල දීල තියනවා උණ බහින්න.

කෙන්ඩ පෙරලුනාම: මේ පැලේ තලල තෙත ගතියට පෙරළුන තැන තිබ්බාම විනාඩි10-15 හොද වෙනවා කියනවා.

කොහොමද ? කොරනේ?

මේ ලෝකේ බෙහෙතක් නොවන කිසි ශාකයක් නැත කියල කතාවක් තියනවානේ?
ඔය කතාව ආවා කියල කියන්නේ , පුලස්ථි සෘශිවරයා රාවණ කුමාරයා කාලේ සියළු වෙදකම් උගන්වල කැලේට ගිහින් බෙහෙතක් නොවන ශාඛ කොටසක් අරන් එන්න කිවුවාලු, රාවණත් කැලේට රිංගල එලෝ මෙලෝ නැතුව ඇදිරි වැටෙනකම් හොයල හොයල හොයාගන්න බැරුව ආපහු ඇවිත් අනේ අංකල්, මට මුකුත් හොයාගන්න බැරිවුනානේ, ගස් වැල් ඔක්කෝම බෙහෙත් කියල කිවුවාම තමයිලු පොර ටෙස්ට් එකෙන් පාස් වෙලා තියෙන්නේ.

මම නම් රාවණා කියල කෙනෙක්ව පිලිගන්නේ නෑ, ඒත් ඔය කතාව ප්‍රභණ්ධයක් වුනත් කොහෙන් හරි පත්තුවෙලා ආපු ඒ සීන් එක නම් ඇත්ත.

බොරුවට අපි ලංකාවේ, අපි බෞද්ධ ,අරකයි මේකයි කියල පපුවට ගහගන්න ජෝකර්ලා නොවී අපි වගේ ජන්දේ නොදාන නිරාගමික උනුත් ඉගෙනගන්න මේ රටේ තියන පාරම්පරික සාස්තර ගැන ඉඩ තියන වෙලාවට නිකමට වගේ කියවල ඉගෙනගනිම් ඈ..

මම වෙදෙක් නෙවෙයි, ඒ වගේම මේවා මෙඩිකල් ඇඩ්වයිස් නෙවෙයි හොදේ.

මේ පැලේ ගැන පිටරට පේජ් එකක ලියල තිබුනා දැකල මටම ලැජ්ජ හිතිලා මේක ගැන හෑල්ලක් ලියන්න හිතුනේ.

Address

Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Ayale - අයාලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category