Travel Insider

Travel Insider පා සටහන් පමණක් තබා යන්න.!🐾️🌍🫎

සිරා ඇල්ල...පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අළකොල රාජ්‍ය වතුයායේ එක් පසෙකින් මෙම " සිරා ඇල්ල " පිහිටා තිබේ.මෙය මහවැලි ...
21/09/2025

සිරා ඇල්ල...

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අළකොල රාජ්‍ය වතුයායේ එක් පසෙකින් මෙම " සිරා ඇල්ල " පිහිටා තිබේ.මෙය මහවැලි ගඟේ අතු ගංඟාවක් වන හුළුගඟ ඇසුරින් නිර්මාණය වූවකි. මෙම සිරා ඇල්ල තලිය වැටුණු ඇල්ලට ඉහළින් පිහිටා තිබේ.

මෙය නැරඹීම සඳහා ප්‍රවේශ විය හැකි ප්‍රවේශ මාර්ග දෙකක් ඇත.මින් එක් මාර්ගයක් වන්නේ මහනුවර නගරයේ සිට කටුගස්තොට නගරය හරහා මඩවල නගරය ඔස්සේ පන්විල නගරයට පැමිණිය යුතුය.එතැන් සිට හුළුගඟ නගරයට පැමිණිය යුතුය.එසේ හුළුගඟ නගරයට පැමිණි පසු,නගරයේ කඩවීදිය අසළින් වම් පසට දිවෙන අළකොල රාජ්‍ය වතුයායට යන මාර්ගයේ තවත් කි.මී. 02 ක් ගමන් කිරිමෙන් පසු මාර්ගයේ වම්පස දෙසට වන්නට තලිය වැටුණු දිය ඇල්ල දර්ශනය වේ.මෙම දිය ඇල්ල අසළින් ඉහළට පා ගමනින් ගමන් කිරිමෙන් මෙම දිය ඇල්ල අසළටම පහසුවෙන් ළගා විය හැකිය.

අනෙක් ප්‍රවේශ මාර්ගය වන්නේ පන්විල නගරයට පැමිණ එතැන් සිට මඩුල්කැලේ හන්දිය පසුකර මඩුල්කැලේ නගරයට පැමිණිය යුතුය.එතැන් පටන් මහපතන රෝටු කඩේ හරහා වටකැලේ වත්තට පැමිණ මෙම දිය ඇල්ල වෙත ප්‍රවේශ විය හැකිය.

විශේෂයෙන්ම වර්ෂාව සහිත කාලයේදි මෙම දිය ඇල්ල ඉතාමත් අලංකාර ලෙස දර්ශනය වේ.

ඉතින් දවසක එන්න...මෙම සොබාදහමේ අපුර්වත්වය විඳින්න...එසේම මෙම කලාපයේ සංචාරය කිරිමේදි පරිසරයට කිසිඳු හානියක් සිඳු නොකිරිම අප සැමගේ යුතුකමකි...පා සටහන් පමණක් තබා යන්න..!!🌏🐾️🌍

✍️ Wasantha Kumara

|  කැළෑබොක්ක 3️⃣6️⃣0️⃣° 🕸️🕷🐇🦜🪶
15/08/2025

| කැළෑබොක්ක 3️⃣6️⃣0️⃣° 🕸️🕷🐇🦜🪶

|  කබරගල End View Point🐞️🐇🐆🕸️🦌🌏 Travel Insider   🐾️🌏🦋
07/08/2025

| කබරගල End View Point🐞️🐇🐆🕸️🦌🌏 Travel Insider 🐾️🌏🦋

|  නකල්ස්🐆🫎🐇🐾️🦎🕸️🦋
05/08/2025

| නකල්ස්🐆🫎🐇🐾️🦎🕸️🦋

|  පන්විල දියඇලි🦌🌎🐇🕸️🌎
03/08/2025

| පන්විල දියඇලි🦌🌎🐇🕸️🌎

|  හුන්නස්ගිරි කන්ද 🦌🐇🦥🐾️🌎
31/07/2025

| හුන්නස්ගිරි කන්ද 🦌🐇🦥🐾️🌎

|  මී|මු|රේ |🌏🐃🦅🕸️🦌::::::.:::📸 Travel Insider
27/07/2025

| මී|මු|රේ |🌏🐃🦅🕸️🦌

:
:
:
:
:
:.
:
:
:📸 Travel Insider

හාතලේ පුංචි ලෝකාන්තය🐆☘️🐾️🐇🕸️🫎
01/07/2025

හාතලේ පුංචි ලෝකාන්තය🐆☘️🐾️🐇🕸️🫎

ගෝනගලතැන්න වැව🌎🐘🫎🦅🐾️☘️🐸
28/06/2025

ගෝනගලතැන්න වැව🌎🐘🫎🦅🐾️☘️🐸

|  G O M A R A Y A  | 🌏☘️📸 Travel Insider
06/06/2025

| G O M A R A Y A | 🌏☘️
📸 Travel Insider

කෙහෙල්පත්දොරුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මෙම කෙහෙල්පත්දොරුව  පිහිටා තිබේ.නකල්ස් පරිවාර ක...
05/06/2025

කෙහෙල්පත්දොරුව

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මෙම කෙහෙල්පත්දොරුව පිහිටා තිබේ.නකල්ස් පරිවාර කඳුපන්තියට අයත් දුම්බර මිටියාවතේ නැගෙනහිර දිග සිමාවේ මෙම "පුංචි එවරස්ට්" හෙවත් කෙහෙල්පත්දොරුව පිහිටා තිබේ.විශේෂයෙන්ම නිතරම මිදුම්වලින් වැහෙන දුම්බර කඳුපන්තියේ තවත් එක් දැවැන්තයකු වන මෙම කෙහෙල්පත්දොරුව පුංචි එවරස්ට් වැදගත් පාරසරික ලක්ෂණ රැසක් දැකගත හැකි කඳුවැටියකි.

මෙම කෙහෙල්පත්දොරුව කන්ද තරණය සඳහා ප්‍රවේශ විමේදී,ප්‍රවේශ විය හැකි ප්‍රධාන මාර්ගය වන්නේ මහනුවර මහියංගණය මාර්ගයේ උඩදුම්බර නගරයට පැමිණ උඩදුම්බර නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව අසළින් වම් පසට දිවෙන කළුගල මාර්ගයේ 10 km ගමන් කොට කළුගලට ගොස්,එතැන් සිට කි.මී. 2.3 ක දුරක ගමනාන්තයක් ඔස්සේ වෙලන්ගොල්ල පතනට පැමිණ කෙහෙල්පත්දොරුව කදුවැටිය තරණය කළ හැකිය.

මෙම කන්ද තරණය කිරිමේදි නකල්ස් පරිවාර කඳුවැටියට අයත් වන බැවින් වන සංරක්ෂණ දෙපාර්තුමෙන්තුවෙන් අවසරපත් රැගෙන කන්ද තරණය කළ යුතුය.

එමෙන්ම කෙහෙල්පත්දොරුව කදුමුදුනේදි අහස පැහැදිලි දිනක නකල්ස් පරිවාර කඳුමුදුන් වන යහන්ගල ,කනවිද්දාගල සහ ලකේගල යන කදුමුදුන් මෙන්ම අනෙක් පසින් මහියංගණය සිට ත්‍රිකුණාමලය දක්වා ඇදෙන මහවැලි ගංඟාවද පැහැදිලිව දැකගත හැකි අතර මිට අමතරව සොරබොර වැව,උල්හිටියාව ජලාශය ඇතුළු වැව් රාශියක් මෙන්ම විශාල භුමි ප්‍රදේශයක වපසරියක් පැහැදිලිව දැකබලාගත හැකිය.

ඉතින් දවසක එන්න...මෙම සොබාදහමේ අපුර්වත්වය විඳින්න...එසේම මෙම කන්ද තරණය කිරිමේදි පරිසරයට කිසිඳු හානියක් සිඳු නොකිරිම අප සැමගේ යුතුකමක් සහ වගකීමක් වන්නේය...!!
පා සටහන් පමණක් තබා යන්න..!🐾️🐾️

✍️ Wasantha Kumara |🌎

යහන්ගල මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මෙම යහන්ගල පිහිටා තිබේ.නකල්ස් පරිවාර කඳුපන්තියට අයත් දු...
27/05/2025

යහන්ගල

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මෙම යහන්ගල පිහිටා තිබේ.නකල්ස් පරිවාර කඳුපන්තියට අයත් දුම්බර මිටියාවතේ නැගෙනහිර දිග සිමාවේ මෙම යහන්ගල පිහිටා තිබේ.

මෙම යහන්ගල කන්ද තරණය සඳහා ප්‍රවේශ විමේදී,ප්‍රවේශ විය හැකි ප්‍රධාන මාර්ගය වන්නේ මහනුවර මහියංගණය මාර්ගයේ උඩදුම්බර නගරයට පැමිණ උඩදුම්බර නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව අසළින් වම් පසට දිවෙන කළුගල මාර්ගයේ 10 km ගමන් කොට කළුගලට ගොස්,එතැන් සිට කි.මී. 2.3 ක දුරක ගමනාන්තයක් ඔස්සේ වෙලන්ගොල්ල පතනට පැමිණ යහන්ගල තරණය කළ හැකිය.

විශේෂයෙන්ම ඓතිහාසික ජනප්‍රවාද රැසක් මෙම යහන්ගල පිළිබදව පවති.ඒ රාවණා රජතුමා හා සම්බන්ධ පුරාවෘත්තයි.විශේෂයෙන්ම රාම රාවණා යුද්ධයේදී පරාජයට පත්ව සිහිමූර්ඡාව පත්වු රාවණා රජතුමාගේ දේහය මෙම යහන්ගල තැන්පත් කොට ඇති බවට ජනප්‍රවාදයක් ඇත.එමෙන්ම "ගලේ බණ්ඩාර දෙවියන් " යහන්ගල ආරක්ෂා කරන බවටත් මෙහි වැඩහිඳින බවටත් ගැමියන් අතර විශ්වාසයක් පවති.මේවැනි ජනප්‍රවාද රැසක් මෙම යහන්ගල ආශ්‍රිතව දක්නට ලැබේ.

මෙම යහන්ගල කන්ද ත්‍රාසජනක අසීරුම කඳුතරණයකි.ගල්පර ඔස්සේ ප්‍රවේශමෙන් කන්ද තරණය කළ යුතුය.මෙම කන්ද තරණය කිරිමේදි නකල්ස් පරිවාර කඳුවැටියට අයත් වන බැවින් වන සංරක්ෂණ දෙපාර්තුමෙන්තුවෙන් අවසරපත් රැගෙන කන්ද තරණය කළ යුතුය.

එමෙන්ම යහන්ගල කදුමුදුනේදි අහස පැහැදිලි දිනක නකල්ස් පරිවාර කඳුමුදුන් වන කෙහෙල්පත්දොරුව,කනවිද්දාගල,ගැරඩිගල සහ ලකේගල යන කදුමුදුන් මෙන්ම අනෙක් පසින් මහියංගණය සිට ත්‍රිකුණාමලය දක්වා ඇදෙන මහවැලි ගංඟාවද පැහැදිලිව දැකගත හැකි අතර මිට අමතරව සොරබොර වැව,උල්හිටියාව ජලාශය ඇතුළු වැව් රාශියක් මෙන්ම විශාල භුමි ප්‍රදේශයක වපසරියක් පැහැදිලිව දැකබලාගත හැකිය.

ඉතින් දවසක එන්න...මෙම සොබාදහමේ අපුර්වත්වය විඳින්න...එසේම මෙම කන්ද තරණය කිරිමේදි පරිසරයට කිසිඳු හානියක් සිඳු නොකිරිම අප සැමගේ යුතුකමක් සහ වගකීමක් වන්නේය...පා සටහන් පමණක් තබා යන්න.!🐾️🐾️

✍️ Wasantha Kumara |🌎

Address

Menikhinna

Telephone

+94714674271

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Insider posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Insider:

Share