16/05/2017
One of the best moments of a life captured through a lens.. The beauty of humans & the effort all the mothers make to raise up her child from birth.. Tribute to all the REAL Mothers!!! happy mothers day..
PHOTO OF THE MONTH MAY '17...!
සටහන: රචින්ත ජයවර්ධන
මේ කියන්න යන කතාව මෙලොව හුස්ම ගන්න ඕනම මනුස්සයෙකුට උරුම අත්දැකීමක්. මේ වෙසක් මාසය. බුදුන්ගේ තෙමඟුල සිහි කරන්න නියමිත, වැඩි මිලකට මත්පැන් අරගන්න බාර් පිටිපස්සෙ පොදි ගැහෙන, දන්සලක් ගාව කෙල්ලන්ට නම්බර් දෙන්න බලාගෙන ඉන්න, වෙසක් නිවාඩුවට කොහේහරි යන්න ප්ලෑන් කරන මාසය. ඒත් අපි කතා කරන්න යන්නෙ අම්මා ගැන. ඇයි අම්මා ගැන විශේෂයෙන් කතා කරන්නෙ? කියල අහන්න හිතාගෙන ඉන්න අයගෙන් අපට අහන්න සිද්ධ වෙනව ඇයි අම්මා ගැන හැම දවසකම කතා කළත් හොඳ නැද්ද? කියලා.
අම්මා කියන්නෙ අපි බොහෝ දෙනෙකුට මතක අපිව උස්මහත් කරපු, අපේ සතුටට සතුටු වුණ කෙනෙක්. ඇතැමෙකුට ඇයව මතක තිබුණත් තමන්ව අතරමගක දාලා ගිය නිසා ඔවුන් ඇයව සිහිපත් කරන්න කැම ති නැතුව ඇති. ඇතැමෙකුට ඇයව අමතක වෙන තරමටම නොතේරුම් කාලෙකදිම ඔවුන්ගෙන් වෙන්වෙලා ඇති. ඒ නිසා මේ බුදුන්ගේ තෙමඟුල සමරන මාසයේ ඇතැමෙකු අම්මා ගෙදර බුදුන්ට සම කරනවා සේම, ඇතමෙක් බුදුන් අමා මෑණියන් ලෙසින් හඳුන්වනවා.
කෙලෙස ක හෝ මෙවර ඡායාරූපය මේ මොහොතේ මෙලොව අභිවෘද්ධියට වැඩ කරන, සුවාසුදහසක් මිනිසුන් ඉපැද්දවූ මවුවරුන් වෙනුවෙන් පිදෙනවා. ඡායාරූපය kourtnie scholz විසින් National Geographic වෙත සිදුකළ Birth Story සේයාරූ ප්‍රලේඛය ඇසුරෙනි.