25/09/2026
සපා (Sapa) – වියට්නාමයේ කඳු අතර සැඟවුණු සුන්දර නගරයක්
සපා කියන්නේ උතුරු වියට්නාමයේ කඳුකර ප්රදේශයක පිහිටි, ලස්සන කඳු පන්ති, වී වගා පඩිපෙළවල් (Rice Terraces), මීදුම සහ සීතල කාලගුණය නිසා ප්රසිද්ධ සංචාරක ගමනාන්තයක්.
සපා ගමනේ විශේෂම අත්දැකීමක් තමයි Fansipan Mountain. මෙය වියට්නාමයේ පමණක් නොව ඉන්දුචීන ප්රදේශයේම උසම කන්ද වන නිසා “Roof of Indochina” කියලත් හඳුන්වනවා. Cable Car එකෙන් ඉහළට යන ගමනත් ඉතාම ලස්සන අත්දැකීමක්.
ඒ වගේම Cat Cat Village වැනි කඳුකර ගම්මාන බලන්න, දේශීය ජන ජීවිතය අත්විඳින්න, rice terraces අතර ඇවිදින්න සහ කඳු අතරින් වැටෙන මීදුමත් එක්ක ලස්සන photos ගන්න සපා කියන්නේ හොඳම තැනක්. 📸
Hanoi වගේ busy city experience එකකට වඩා Sapa එකේ තියෙන්නේ calm, cool සහ nature focused experience එකක්.
වියට්නාම් tour එකකට Sapa එක add කළොත්, city + culture + mountains + nature කියන experiences ඔක්කොම එකම trip එකකින් experience කරන්න පුළුවන්.