29/06/2020
පහන්තුඩාව දිය ඇල්ල
Pahanthudawa Waterfall 🏞️🍃☘️
රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය පිහිටා ඇති පහන්තුඩාව ඇල්ල ලංකාවේ දියඇලි අතුරෙන් තවත් එක් සුවිශේෂි ස්වභාවික පිහිටීමකි..මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන නම ලැබෙන්නේද එහි ස්වභාවික පිහිටීම නිසාය .මෙම දියඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් ඇත.එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේද පහනක තිරයක මෙනි.එ් නිසා මෙය පහන්තුඩාව ඇල්ල යනුවෙන් ව්‍යවහාර වී ඇත.
පහන්තුඩා ඇල්ල කියන්නේ ලංකාව තුල දකින්න තියන වෙනස්ම ආකාරයේ සුන්දරත්වයෙන් පිරුනු ස්වාභාවික පිහිටිමක්.සමහර වෙලාවට එ් සුන්දරත්වය හින්දම අපිට එ්ක ඇතුලේ තියන අවදානම මගහැරෙන්න පුළුවන්, අධික ගැඹුරක් පවතින බවත් එහි පතුළ සොයා ගැනීමට පවා නොහැකි බව ගම්මුන් පවසනවා. මෙ තටාකයේ වටේටම තියෙන්නේ සිරස් ගල්, එක කෙලවරක තියන පොඩි ලිස්සන සුළු කොටසකින් විතරයි තටාකයෙන් එලියට එන්න පුළුවන්, එක නිසා පීනන වෙලාවක යම් ආබාධයකට ලක් වුනොත් ගොඩට එන්න ගොඩක් අමාරු වගෙම වෙන කෙනෙක්ට බේරගන්නත් බොහොම අමාරුයි.
එ් වගේම විවිධ කාල වල දිය පාරේ වෙන වෙනස්කම් නිසා හුගක් තැන්වල වතුර යට මිනිහෙක්ට බහින්න පුළුවන් තරමට විශාල ගල් කුහර දකින්න තියෙනවා.
ස්වභාව දහමේ මනහර නිමවුමකැයි හඳුනාගත හැකි පහන්තුඩාව ඇල්ල මතුවටත් ආරක්ෂා කර ගැනීම සංචාරකයින්ගේ වගකීමකි. සිසිලස ,පහස මෙන්ම මෙම පරිසරයට ආවේණික සත්ව විශේෂ ,ශාක විශේෂ , නුදුටු සුන්දරත්වය සියැසින් දැක ගන්නට බලන්න යන්න.,ගියාට තියන ලස්සන සොබාදහම විනාශ කරන්න නම් එපා
~~~~~~~~~~~~~~~~~~~~~~~
[ඔබගේ විනෝද චාරිකාව ,Office Day Out එක ,අධ්‍යාපන චාරිකාව,වන්දනා ගමන අපි සැලසුම් කරලා දෙන්නම්... ප්‍රවාහන පහසුකම්,නවාතැන් පහසුකම් ලබාදෙන්නම්..
කතා කරන්න අපිට
More Info -
📱☎ 076 6 690 890 / 077 0056084 ]
Whatsapp -077 0056084
නැතිනම්
Page එකට Msg එකක් දාන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~