Akarsha Travels

Akarsha Travels Traveling Service . We are traveling islandwide with you. Come and join with us for a unforgettable journey

29/11/2025
29/11/2025

කන්ද උඩ රට සිංහලේ රජුගේ මාතරට පහර දුන් අවසන් සටන 1803 ජුනි.....
ලං දෙසින් පෙරදිග රටවල් ආණ්ඩු කිරීමෙන් විශාල ධනයක් උපදවන බැව් දුටු ඉංග්‍රීසි ජාතිකයෝද පෙරදිගට ආශා කරන්නන්ට වූහ. වර්ෂ 1600 දී ඔව්හු " බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු සමාගම " පිහිටුවා එහි ශාඛා ප්‍රශාඛාවන්ගෙන් දියුණු භාවයට පත්කළහ. මේ අතර ඉන්දියාවේ ඒ ඒ ප්‍රදේශයන්හි ආණ්ඩු බලයද ඔව්හු පිහිට වූහ. ලංකාවේ උපදින වටිනා වෙළද ද්‍රව්‍යයන් පිළිබඳ මනා අවබෝධයක් ඇතිව සිටි මේ ඉංග්‍රීසිහු ලංකාව දෙසටද ඇස් හෙලුහ. එබැවින් 1795 අගෝස්තු 31 වන දින ත්‍රිකුණාමලේ කොටුව ලංදෙශීන්ගෙන් පැහැරගෙන ලංකාවේ වාඩිලා ගත්හ. එතැන් සිට ක්‍රමයෙන් ඕලන්ද ප්‍රදේශ අල්වා ගණිමින් 1796 පෙබරවාරි මස 16 වන දින කොළඹ කොටුව ද අල්වා ගැණීමෙන් මාතරද බ්‍රිතාන්‍ය යුගයට පා තැබීය.

කන්ද උඩ රට සිංහලේ රජුගේ මාතරට පහර දුන් අවසන් සටන 1803 ජුනි......

මාතරට උඩරට සිංහල තර්ජනයක් :-

ප්‍රේද්‍රික් නෝර්ත් ආණ්ඩුකාරයාගේ
නියමය පරිදි 1803 ජනවාරි 31 වන දින මහනුවරට විරුද්ධව මැක්ඩොවල්, බාර්බුට් යන සෙන්පතිවරු යුද්ධාරම්භ කළාහුය. පෙබරවාරි මස 20 වන දින කිසි විරුද්ධතාවක් නොමැතිව මහනුවර අල්වාගෙණ මුත්තුසාමි කුමාරයා රජු ලෙස පත්කළාහුය. 1803 ජුනි මස 21 වන දින සිංහල හමුදාවක් මහනුවර වටලා ඉංග්‍රීසි සේනාව සිරභාරයට ගෙණ සිංහල රජතුමා නැවතමහනුවර වාසය කරවීය. මේ සිද්ධියෙන් පසු සම්පූර්ණ උඩරට ප්‍රදේශ ඉංග්‍රීසින්ට අහිමිවිය

ජයග්‍රාහී සිංහල සේනාවෝ සියළු මුහුදුබඩ පෙදෙස්වලටද විශෙෂයෙන් මාතරට ද පහර දුන්හ. ඉංග්‍රීසීහු බලවත් පරාජයකට මුහුණ පෑහ. එහෙත් කේප් කොලනියෙන් හා බොම්බායෙන් ප්‍රමාද වුවද පැමිණි යුද්ධ සේනාව විසින් සිංහල සෙනාව පලවාහරින ලදී. මේ වනාහි මාතර සිදුවූ අවසාන සටනයි.

මේ කළහයෙන් පසු සිංහල හොඳාකාර දත් දක්ෂ රාජ පුරුෂයෙක් වූ ජෝන් ඩොයිල් මහතා මාතර දිසාපති පදවියට පත් කරණ ලදී. මාතර ගිහි පැවිදි හැමගේ සිත් දිනාගත් මොහුගේ ගුණ වර්ණනාත්මකව ගජමන්නෝනා නම් ප්‍රසිද්ධ මාතර කිවිවරිය රචනා කරණ ලද කවි පංතියක්ද මහජනයා අතර ප්‍රසිද්ධය. මෙතුමා සිංහල ඉගෙණීම කරණ ලද්දේ එවකට මාතර සුප්‍රසිද්ධ පඬිවරයෙකු ලෙස වැඩ සිටි කර තොට ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයානන් වෙතින් යයි කියනු ලැබේ.

බ්‍රිතාන්‍ය පාලනය :- මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් මෙහිදී

අනවශ්‍ය වෙතත් පාලනයේ යම් යම් වෙනස්කම් පිළිබඳ සාමාන්‍ය විස්තරයක් දක්වන්නෙමු. මුහුදුබඩ පෙදෙස් සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය පාලනයට අයත් වූ සමයෙහි කර්නල් ජේම්ස් ස්ටු වර්ඩ් නමැති ආණ්ඩුකාර තැන බ්‍රිතාන්‍ය පෙරදිග සමාගමේ නියොජිතයා වශයෙන් මෙහි ක්‍රියා කළේය. ඔහු මදුරාසියේ අග්‍රාණ්ඩුකාරයාට වගකිව යුතුය. ඉක්බිති ආදායම් එකතු කර ගැණීම සඳහා හලාවත සිට මාතර තෙ‍ක් සුංකම් අයකරගන්නා ස්ථානය කොළඹ විය. යාපනය සහ ත්‍රිකුණාමලය අනිත් සුංගම් දෙපල විය. මේ ආදායම් ලබා ගැණීමේ ක්‍රම සොයා බැලීමට මෙහි පැමිණියේ සිංහල සිරිත් - විරිත් භාෂාව හා තත්වය කිසිත් නොදන්නා මදුරාසියේ නවක නිලධාරි පිරිසකි.

කබුරුපිටියේ වනරතන හිමි මාතර මානව වංශය .............................................

~•° 🌷🙏 ඔබට නිවන් සුව කැප්පෙටිපොළ මහාධිකාරම් තුමනී🙏🌷 °•~

මෙම නොවැම්බර් 26 වැනිදාට 1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට නායකත්වය දුන් වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව දැයෙන් සමුගෙන වසර 207ක් සපිරෙයි.

මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව නිරතුරුවම තම ඉනෙහි සඟවාගෙන යන කුඩා පුස්කොළ පොතෙහි ලියන ලද ධම්ම පදයක් භාවිතා කළ බව බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය හෙන්රි මාර්ෂල්ගේ සිංහලේ පී. 233-234 ග්‍රන්ථයේ සහ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් ලියන ලද උඩරට මහ කැරැල්ලේ පළමු කාණ්‍ඩය ග්‍රන්ථයේ සඳහන්ය.

එම සටහනේ සහ ග්‍රන්ථයේ සඳහන් වන පරිදි 1818 නොවැම්බර් මස 26 වැනිදා මරණයට පත්වුණු කැප්පෙටිපොළ මහ දිසාව මෙදින උදෑසන දළදා වහන්සේ වැඳපුදා සිය තුප්පොට්ටිය ද දළදා වහන්සේට පූජා කළේය. පුස්කොළ පොත ඉංග්‍රීසි ජාතික සෝබර්ස්ට අවසාන ත්‍යාගය ලෙස භාර දීමට එහි නිලධාරියෙකුට දැනුම් දුන්නේය. කැප්පෙටිපොළ මහ දිසාව ධම්ම පදය අතට ගෙන එහි පේළි කිහිපයක් කියවා වධකයා දෙස බලා ‘බොල එක කඩු පහරින් මගේ ගෙල සිඳ දමව්’ කියා ඉතිපිසෝ භගවා අහරං යන පාඨය කියූ බවත් අහරං පදය ඔහුගේ මුවින් නිකුත්වත්ම කැප්පෙටිපොල දිසාවගේ හිස වධකයාගේ කඩු පහරින් වෙන්වූ බවත් කියති. එම සටහන දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු කැප්පෙටිපොළ මහ දිසාව කළ ප්‍රාර්ථනාවක් මෙසේ සඳහන් විය.

"ඉතෝ වුතෝභ වර ජම්බු දීපෙ
හිමාලයෙ හෙමයම්හි කූවේ
කප්පායුකො දේවපාතීව හුත්වා
මෙත්තෙයිය නාථස්ස සුනෝමි ධම්මං...."

අර්ථය- මොලොවින් චුතව යන මා උතුම් දඹදිව හිමාල වනයෙහි ස්වර්ණ කඳඨයට කල්පයක් ආයුෂ ඇති දේවනායකයෙකුව ඉපිද මතු බුදුවන මෙතේ බුදුරජාණන් වහන්සේගේ දහම් ඇසීමට හේතු වාසනා ලැබේවා.

මොනරවිල කැප්පෙටිපොළ දිසාවගේ හිස ගසා දමන මොහොත සම්බන්ධ පුවත සහ 1818 ඌව වෙල්ලස්ස නිදහස සමග ලෝක ඉතිහාසයේම රන් අකුරින් ලියවී තිබේ.

1818 නොවැම්බර් 21 වැනිදා අලුපොතදී කොහුකුඹුරේ රාළ සහ බූටෑවේ රටේ රාළ සමග කොටියා ලකුණ දරණ ඌව වෙල්ලස්ස කොඩිය අතින්ගත් කිවුලේගෙදර මොහොට්ටාල ඇතුළු සටන්කාමීන් හා ඒ සටන මර්දනය කිරීමට ඉංග්‍රීසි හමුදාවක් සමග පැමිණි මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව මුහුණට මුහුණලා හමුවිය.

සිංහල සටන්කාමීහු මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාවට චෝදනා නැගූහ. සිංහලේ නාමයෙන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කෙරෙන සටනේදී මව්බිම වෙනුවෙන් අප සමග එක්ව සටනේ නායකත්වය ගන්නා මෙන් ඌවේ සටන්කාමීහු කැප්පෙටිපොළ මහ දිසාවට ඇරයුම් කළහ.

එය එසේ වේවා යි හඬ නැගූ මොනරවිල කැප්පෙටිපොල මහ දිසාව බ්‍රිතාන්‍යයේ කතිර කොඩිය ඉංග්‍රීසි හමුදාවේ කපිතාන් අතට දී ‘තොපගේ මේ කොඩියත් තොපගේ ආයුධත් රැගෙන ආපසු යනු. තොපගේ තුවක්කුවලින් තොපටම පහර දීම සිංහලයන්ට මදිකමකි. කැප්පෙටි​පොළ දිසාව ඉංග්‍රීසීන්ගෙන් සිංහලේ නිදහස් කර ගැනීම පිණිස සටන් වදින බව මහනුවර ඒජන්ත තැනට දන්වනු’යි කැප්පෙටිපොළ ගිගිරුවේය. ලොව අභීත යුග පුරුෂයන්ගේ නම් අතරට කැප්පෙටිපොළ මහ දිසාව එක්වන්නේ ඌව සටන්කාමීන් සමග එක්වද්දී බ්‍රිතාන්‍ය කතිර කොඩිය හා යුද ආයුධ ඔවුන්ට භාරදී පලවා හැරීම සහ මරණයේදී පවා පෙන්නුම් කළ අභීත ලීලාවන් නිසාය. අනුරාධපුරයේ පුලියන්කුලමේ පිහිටි බ්‍රිතාන්‍ය යුද කඳවුරේ සිටි ලෙෆ්ටිනන්ට් විලියම් ඔනිල්ට ඔත්තුවක් ලැබී කහල්ල ගම්පියසේදී 1818 ඔක්තෝබර් 28 වැනිදා කැප්පෙටිපොළ දිසාව බ්‍රිතාන්‍ය පාලකයින්ගේ අත්අඩංගුවට පත්වුණි.

1818 නොවැම්බර් 26 වැනිදා බෝගම්බර වැව අසලදී මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සහ මඩුගල්ලේ මහ නිලමෙතුමාගේ හිස ගසා මරා දැමීමට නියම විය. කැප්පෙටිපොළ දිසාව නිරතුරුවම තම ඉණෙහි සඟවාගෙන යන කුඩා පුස්කොළ පොතක ලියන ලද ධම්ම පදයක් භාවිතා කළ බව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් ලියන ලද උඩරට මහ කැරැල්ල පළමු කාණ්‍ඩය ග්‍රන්ථයේ සඳහන් වෙයි. මරණයට නියම වූ මඩුගල්ලේ නිලමේ මෙහිදී මුළුගැන්වූ බවද එහි සඳහන් වෙයි. මඩුගල්ලේ නිලමේ මෙහිදී මුළුගැන්වුණේ මෙතැනින්ද පළායාමට බව මතයක්ද වර්තමානයේ පවතී.

කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට හිස්කබල එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබී 1954 නොවැම්බර් 26 වැනිදා යළි ලංකාවට ගෙනවිත් මහනුවර මහමළුවේ ශ්‍රී දළදා වහන්සේ අභියස තැන්පත් කර එහි ස්මාරයක් ඉදිකර තිබේ.

එතුමා පිලිබද විරචිත මා විසින් කියවා සම්පූර්ණ කොට පිටපත් කර්නා ලද් ශ්‍රී ලංකා කෞතුකාගාර පුස්කොලපොත් සංරක්ෂණ භාර W.A.De Silva Collection (M 2002) යන "ඇහැලේපොල දරුවන් මැරීම නම්" පුස්කොලපොත හී වීර කැප්පෙටිපොළ මහාධිකාරම් තුමාගේ රුව සහා අනර්ග විස්තරයක්ද ඇතුලත් වේ.සිය්ලු දෙනාගේම දැක බලාගැනීම පිණිස එම චායාරූපයක්ද මෙහි පල කල කර්න ලදී.කැප්පෙටිපොළ මහාධිකාරම් තුමනි ඔබ පැතූ ලෙස මෛත්‍රී බෝ සෙවනේ නිවන හේතූ වාසනාවක්ම වේවා🙏🙏🙏 ඔබට අජරමාර නිවන් සුව🙏🙏🙏🌷🌷🌷

සටහන පසිදූ දේශාන් දේවා
මූලාශ්‍ර:- M.W සෝමරත්න මහතාගේ විමර්ශන ලිපි
ශ්‍රී ලංකා කෞතුකාගාර පුස්කොලපොත් සංරක්ෂණ භාරය.

28/11/2025
27/11/2025
24/11/2025
21/11/2025

Address

Nittambuwa

Telephone

+94779717104

Website

Alerts

Be the first to know and let us send you an email when Akarsha Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category