20/10/2024
ඇල්ල- දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු- ශ්‍රී ලංකා ඒ්කාබද්ද සිනමා පටයක රෑගත කිරීම නිසා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන ඒකසිය පනහකට(150) වැඩි මුදලක් ලැබී තිබේ,
මිරායි (Mirai) නම් වු මෙම චිත්‍ර පටියේ සටන් දර්ශන සහ ගීත ගායනය ඇතුලත් දර්ශන තුර්කියේ ආරුක්කු පාලමක් මත පටිගත කිරීමට සැලසුම් කර තිබුනත් ඒයට වඩා ලංකාවේ ආරුක්කු නවයේ පාලම අලංකාරවත් හා සුන්දර නිසා මෙහි තෝරාගෙන තිබේ,
තෙලිගු චිත්‍ර පටියක් වන මිරායි තෙළිගු,හිංදි,ඉංග්‍රිසි,කන්නඩා, බෙංගාලි,මලයාලම් යන භාෂා හයෙන්ම ලෝකය පුරා ම ලබන වසර මුල සිට තිරගතවීමට නියමිතව ඇති අතර ඒහි අධ්‍යක්ෂ ලෙස කාර්තික් ගටාන්නේරු කටයුතු
කරන අතර ජෙගපති බාබු,ටේජා සාජා ,මනෝජ් කුමාර්,රතිකා නයන්,කෞෂික් මහාටා, ටන්ජා කෙළර්,සීරාම් රෙඩ්ඩි ඇතුළු නළු නිළියන් හැට දෙනෙකු පමණ රංගනයෙන් දායකත්වය දක්වති,
උඩරට දුම්රිය ධාවනය 09 දින සිට 15 දින දක්වා උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය ධාවනය කිරිමට කටයුතු කර තිබේන අතර දිවා කාලයේදි මගීන්ට අපහසුතාවයක් නොවන පරිදි ඇල්ල-බදුල්ල -බණ්ඩාරවෙල අතර මගීන් සදහා බස් රථ යොදා තිබේ,
මෙම චිත්‍ර පටිය නිෂ්පාදනයෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහිත් දෙමෝදර ආරුක්කු නවයේ පාලම කෙරෙහිත් ලෝකයේ සංචාරක ආකර්ශනය තව දුරටත් වර්ධනය වේ යැයි අපේක්ෂිත අතර මෙම පටිගත කිරීම් දැක බලා ගැනීමට දේශිය විදේශිය සංචාරකයින් රැසක් නිතර පැමිණෙති,
_copied_