28/07/2026
මේ කෙටිම කෙටි වීඩියෝව අපිට හරිම සුවිශේෂීයි...
ඒ වගේම අතිශය සංවේදීයි..
මේක සිද්ධවෙන්නෙ මීට අවුරුද්දකට එහා කාලයේදී..
මේ සාමාන්‍ය විදේශිකයෙක්, ලංකාවේ සංචාරය කර සමුදෙන සාමාන්‍ය අවස්ථාවක් නොවෙයි..
ඊට එහා ගිය මහා පුදුම කතාවක්..
මේ වීඩීයෝවේ ඉන්න ක්‍රිස්ටා මහත්මියත්, ක(ර්)ට් මහත්මයත් ස්විට්සර්ලන්ත ජාතිකයන්.
මහත්මයා Dr. පදවිය තියෙන ආචාර්‍යවරයෙක්..
මහත්මිය විශ්මිත සැරසිලි හදන ව්‍යාපාරිකාවක්..
මොවුන් වරක් , 2018 වර්ෂයේදී අපිත් එක්ක ශ්‍රී ලංකාව නරඹන්න ,අපිව තෝරාගන්නව.
අපිත් එක්ක හරි හරියට සතුටුවෙනවා.හිනාවෙනවා.දැනුම බෙදාගන්නව.
ආ ..හොඳම දේ 2018 වසරට එයාලා විවාහවෙලා අවුරුදු 48ක් වෙනවා.විශ්වාස කරන්න, මේ මහත්මයාගේ සියලුම වැඩ කරන අස්සෙ, අවුරුදු 48ටම කොණ්ඩය, රැවුල කපලා තියෙන්නෙ මේ මහත්මිය..
මගේ ජීව්තේ හමුවුන ආදරණීයම යුවළ මේ...
ඒ වගේ ආදරයක් ...
කොහොමින් කොහොමහරි, ඔවුන් කෙටි දිනක් ගත කර ලංකාවෙන් ගිහින් , අපි අතර සොඳුරු සංවාද, හිතවත්කම් ගොඩ නැගුනා.නිතර දෙවෙලේ අපි විහිළු තහළු කරගත්තා..
ඔවුන් විශාල රටවල් සංඛ්‍යාවකට ගිහින් තිබුනත්
ආසම රට උනේ ශ්‍රී ලංකාව ...
අපිට පුලුවන් හැම වෙලාවෙම කතාකලා..
අදටත් එසේමයි...
අපිව උද්දීපනය කරා..
ඕනෑම අමාරු අවස්ථාවක ඊට මුහුණ දෙන්න ශක්තිය දෙන්න අපේ මනස හැදුවා..
පිලිවෙලට, ක්‍රමයකට වැඩක් කරන හැටි නිරන්තරයෙන් අපිට කියා දුන්නා..
කාලය කෙමින් කෙමින් ගතවෙද්දී,
දෙපැත්තෙන්ම ආරාධනා එනවා එහේ එන්නත් , ඒ අයට මෙහේ එන්නත්...
ඒත්,
අවාසනාවන්ත විදියට, 2023 අවුරුද්දෙදී ක්‍රිස්ටා මහත්මිය දරුණු පිළිකා රෝගී තත්වයට පත්වෙනවා. ඒක අපේ හිතට මහා බරක්.
අපි සෑහෙන්න දුක් වෙනවා.
මහත්මයාට ඇමතුමක් ගන්න හැම අවස්තාවකම
හිනාවෙලා උත්තර දීලා අපිව සනසනවා.
ඒ උත්තර දෙන්නෙත් ඇයගේ රෝහල් ඇද ලග ඉදගෙන..
ඇයට සැත්කම් විශාල ප්‍රමාණයක් කලා.අපිට කල හැකි කිසිම දෙයක් තිබුණේ නෑ.ඇගේ වයසත් එක්ක අපේ හිත් තුළ තිබුණේම අවිනිශ්චිතභාවයක්...
කල හැකි එකම දේ ප්‍රාර්ථනාවන් පමණයි. අපිට පුලුවන් එච්චරයිනෙ..
බලාපොරොත්තු නැතිවෙන මට්ටමට ආවා..
ඒත් මහත්මයා ශක්තිමත්...
පුදුම හයියක් තිබෙන ඕනම දේකට මුහුණ දෙන්න ඒ තරම් හැකියාවක් මම දැකලා නැති තරම්..
කියන්න ඕන, ඇයගේ පිළිකාව පැතිරිලා තිබුණේ බේරගන්න බැරි තැනක..ඒත් ඇය වගේම ඔහු අත් ඇරියේ නෑ..
අපි කඩන් වැටෙද්දී, අපිවත් හිනස්සලා අපේ හිතට හයියක් දුන්න පුදුම මහත්මයෙක්..
කාලයක් ගෙවිලා යනවා ඉස්පිරිතාලවලම..
වාසනාවකට ඔවුන් ජීවත්වන්නෙ ස්විට්සර්ලන්තයේ නිසා හොඳම වෛද්‍ය පහසුකම් ඔවුන්ට හිමියි..
කොහොමින් කොහොම හරි ඇය එකින් එක සැත්කම් කර, ඖෂධ අරන් ගත කල ඒ කාලයේ අවසාන කාලයට එනවා.ඒ කියන්නෙ යම් සුව වීමේ තත්වයක් ඇයට ලැබෙමින් පවතිනවා..
පුංචි අස්වැසිල්ලක්..
වෛද්‍යවරුන් ඇයට කියනවා වැඩිය මහන්සි නොවී කොහේ හරි ගිහින් ආවට කමක් නෑ කියා...
මගේ උපන්දිනය දවසේ සුපුරුදු විදියට එනව ඔවුන්ගෙන් ඇමතුමක්..
එහා පැත්තෙන් මහ පුදුම දෙයක් මට ඇහෙනවා.
නිලංග,
මෙවර අපි ඔබට දෙන්න ලස්සන උපන්දින තෑග්ගක් ලෑස්ති කරා..
මම : ඔබගෙන් උපන්දින තෑග්ගක් මට අනවශ්‍යයි.
ඔබගේ සතුට ලැබෙන දවසට මට සතුටු වෙන්න පුලුවන් නම් එයයි මට ලැබෙන හොඳම තෑග්ග....
එහා පැත්තෙන්,
"ඔව් එහෙම දෙයක් තමයි."
ඔහු මට කිව්වා..
ක්‍රිස්ටා සියලූම ප්‍රතිකාර කර අවසන්.ඒ නිසා ඔහු ඇයගෙන් අසා තිබෙනවා ඇයට අවශ්‍ය කුමක්ද කියා.
ඇයගේ උත්තරය...
" මට නිලංග සහ ඔහුගේ පවුලේ අය බලන්න යන්න ඕන "..
හැකිනම් ඇයව අරගෙන යන්න කියා ඔහුගෙන් ඉල්ලීම් කරලා...
මගේ හිතට දැනෙන සතුට , ඔබටද දැනෙනවා ඇති..මම නිරුත්තර වුනා..
ඒ වෙලාවේ මගේ ඇස් ගොඩාක් කතාකලා.
ඒ සංවේදී හැඟීම වචනෙකට විස්තර කරන්න අපහසුයි..
මම ටික වෙලාවකින් ඇසුවේ.
ඔබලා කවදද එන්නෙ..
මට ඔබලාත් සමග කාලය ගතකරන්න ඕන.
මගේ කාර්‍යබහුල ජීවිතය , ඔවුන් සමග ගතකරන කාලයට කිසිම බාධාවක් නොවෙන්න කිසිම වැඩක් දාගත්තේ නෑ...
අවසානයේදි ඔවුන් ලංකාවට ආවා.
ඔවුන් ගුවන්තොටුපලේදී අප හමුවෙන අවස්තාව,
මගේ ජීව්තේ ආදරණීයම වැලදගැනීම උනා කිව්වොත් නිවැරදියි..
අපි ගොඩාක් දේවල් කතාකලා,
හිනාවුනා...
ඇවිද්දා...
සතුටු වුනා...
ඒ කාලයේ හැම තත්පරයකටම අපි බොහො සේ ඇලුම් කලා..
ඔවුන් අපේ කාර්‍යාලයට ආවා.
ඔවුන්ට තිබුණේ අපි ගැන පුදුම නිහතමානී ආඩම්බරයක්...
ඒ වගේ සොදුරු කාල ඉක්මණින්ම ගෙවිලා යනවනෙ.අවසානය යම් දුකක්..
ඉතින් මේ වීඩියෝවේ තියෙන්නෙ ඒ සමුගැනීම...
මේ සාමාන්‍ය සංචාරකයෙකුට සේවාව සපයලා අවසානයේදි වෙන දේ නොවෙයි..
ඔවුන් අපේ දර්ශන පථයෙන් ඉවත් වෙනකන් අපිට මතක් උනේ නෑ අපි ඉන්නෙ ගුවන්තොටුපලේ කියලා..
ළගදීම දවසක අපි කොහේමහරි මුණ ගැසේවී.
මේ ආදරණීයත්වය,
පිළිවෙල,
විශ්වාසය,
සංවේදිකම,
විනය,
අපි අපේ ජීවිතවලටත් එකතු කරගත්තා..
අද අපිට විශාල පවුලක් ඉන්නවා...
අපිට මේ වගේම තව කතාවක් තියෙනව..
ඔහුත් ලංකාවට ආපු දවසට,
ඒ කතාවත් අපි කියන්නම්..
මේ අපි අහසින් වැටුණ ගමනක් නොවෙයි..
මේ සාර්ථකත්වයට,
ඕනෑ තරම් අපි නිදි මරලා තියෙනව.
ඕනෑ තරන් අපි අභියෝගවලට මුහුණ දී තියෙනවා...
ඕනෑතරම් අපි සැලසුම් කර තියෙනව.
අපිට වැරදිලා තියෙනව...
අදටත් අපි අපේ විදියට ගමනක් යනවා.
ඒත් අපෙ පවුලේ අයට වරදිනවට අපි කැමති නෑ..
අපි ඔවුන්ට වරද්දන්නෙත් නෑ..
අද අපි කරන යම් දෙයක් වේද, ඒ හැමදේකම තිරයෙන් පිටුපස යෝධ වැඩපිලිවෙලක් තියෙනව...
ආදරය,
සතුට,
එකමුතුකම ,
අපේ ශක්තියයි...
කවදාවත්ම හොඳ දෙයක් කරද්දි අභියෝග මොනතරම් ආවත්, ඒවට මුහුණදෙන්න අපි සුදානම්...
අපිත් එක්ක ඉන්න හැමෝටම ස්තූතියි
නිලංග විජේරත්න