
20/07/2025
පුරාවිද්‍යාත්මකව ඉතා ඉහල වටිනාකමක් ඇති #නුවරඑළිය #තැපැල් #කාර්‍යාලය ගැන ඹබ දන්නේද?
ශ්‍රී ලංකාවේ නුවරඑළිය පිහිටි තැපැල් කාර්යාලය මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් වේ.
🔴 තැපැල් කාර්‍යාලයේ #ඉතිහාසය
මෙරට යටත් විජිත අවධියේ බ්‍රිතාන්‍ය පාලකයින් විසින් 1894 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාලය ඉදි කල බවට තොරතුරු සඳහන් වේ. ගොඩනැගිල්ල වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතිය අනූව යමින් සම්පූර්ණ රතු ගඩොලින් නිමවා තිබේ. ගොඩනැගිල්ලට සම්බන්ධව නිර්මාණය කොට ඇති ඔරලෝසු කණුව මෙහිලා විශේෂයෙන් කැපී පෙනේ.
නුවරඑළිය නගරය මධ්‍යයේ පිහිටා ඇති මෙය දෙස්, විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම් ස්ථානයක් වේ. මෙම තැපැල් කන්තෝරුවේ සිහිවටන අලෙවිසැලෙන් සමරු පෝස්ට් කාඩ්පතක් තම ආදරණීයයන් වෙත යැවීමට, තම රටට ගෙන යෑමට විදෙස් සංචාරකයන් බොහෝ කැමැත්තක් දක්වයි.
🔴 අළුත්වැඩියා කිරීම
2012 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාලයේ ඉහල මහල රුපියල් මිලියන 5.4 ක පමණ වියදමින් සංචාරක නවාතැන්පලක් ලෙස සංවර්ධනය කරන ලදී.
තැපැල් කාර්යාලයේ ඉහළ මහලේ පිහිටි තැපැල් ස්ථානාධිපති වරයාගේ වාසස්ථානය සංචාරක නවාතැනක් බවට පරිවර්තනය කරන ලදී.
(ගොඩනැගිලි හෝටල් බවට පරිවර්තනය කිරීම සඳහා නුවරඑළිය, මහනුවර සහ ගාලු කොටුව යන තැපැල් කාර්යාල පෞද්ගලික සංවර්ධකයින්ට විකිණීමේ රජයේ සැලසුම නැවැත්වීම සඳහා 2017 ජුනි මාසයේදී එක්සත් තැපැල් වෘත්තීය සමිතිය දින තුනක වැඩ වර්ජනයක ද නිරත විය.)
🔴 සමරැ මුද්දර
1990 දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලෝක තැපැල් දිනය සැමරීම සඳහා තැපැල් කාර්යාලයේ ඡායාරූපයක් සහිත රුපියල් 10 යේ මුද්දරයක් නිකුත් කර ඇත.
🔴තැපැල් කාර්‍යාලයේ අනාගතය
නොබෝ දිනකින් මෙය සම්පූර්ණ වශයෙන්ම සංචාරක බංගලාවක් හෝ හෝටලයක් බවට පත් වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචී මාර්ග සනාත කරයි.එම තීරණය නුවරඑළියට පමනක් නොව මුලු මහත් රටටම අවාසනාවන්ත තත්වයක් උදාවීමට අවස්තාවක් විය හැක.
උපුටාගැනීමකි
#නුවරඑළිය