18/01/2026
🔴 මේ දවස් වල ගොඩ දෙනෙක් අහන ප්‍රශ්න🔴 "දැන් ට්‍රිප් යන්න පුළුවන්ද?"🙂🥰
උත්තරේ "ඔව්" "දැන් ට්‍රිප් යන්න පුලුවන්"
කුණාටුවෙන් පස්සෙ උන හානි වලින් පස්සෙ දැන් ලංකාවේ සෑම සංචාරක ගමනාන්තයකයටම යන්න පුලුවන් විදිහට සියල්ලම යතා තත්වෙට පත් කරලා තියෙන්නෙ.
දැනට අපි දන්න විදිහට තාම යන්න බැරි මීමුරේට විතරයි.
අනෙක් සෑම තැනකටම යන්න පුලුවන්
🔴 තව ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි බලංගොඩ හපුතලේ පැත්තේ කොහොමද කියලා
බලංගොඩ හපුතලේ පැත්තට කුනාටුව නිසා බරපතල හානි උනේ නෑ. ඒ නිසා බලංගොඩ, හපුතලෙ කලුපහන, බණ්ඩාරවෙල, දියතලාව වගේම බොරලන්ද හරහා ඔහිය හෝර්ටන් තැන්න හරහා නුවරඑලියට පාරවල් සියල්ලම හොදම තත්වයේ දැන් තියෙනවා බය නැතුව යන්න පුලුවන්.
🔴 ඒ වගේම ගොඩක් අය අහනවා නුවරඑලියේ යන්න පුලුවන්ද කියලා
නුවරඑලියේ යන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නෑ, ඒ වගේම හෝර්ටන් තැන්න අඹේවල පට්ටිපොල මේ ඕනම තැනකට යන්න පුලුවන්, පාරවල් කිසි අවුලක් නෑ දැන් සති දෙකකට කලිනුත් ගිහින් ආවේ😁
හග්ගල මල් වත්ත දැන් විවෘතයි, බෝඹුරු ඇල්ලත් බලන්න යන්න පුලුවන්
නුවරඑලියේ සියළුම Hotels සහ කඩ සාමාන්‍ය විදිහට විවෘතයි, මේ වවස් වල ගොඩක අය නුවරඑලියේ පැත්තේ සංචාරයෙත් යෙදෙනවා. නුවරඑලියට එන පාරවල් සියල්ලම දැන් විවෘතයි.
🔴 තව කට්ටියක් අහනවා සිරීපාදේ යන්න පුලුවන්ද?
ඔව් සිරිපාදේ යන්න පුලුවන් හැම පාරකින්ම දැන් කරුණා කරන්න පුලුවන්, හටන් පාරේ තිබ්බ ප්‍රශ්නයට දැන් විසදුම් දීලා BRDA කිව්ව විදිහට එතන හදලා බැතිමතුන්ගේ ආරක්ශාව සහතික කරලා තියෙන්නෙ.
ඒ නිසා ඕනම පාරකින් ඔයාලට සිරිපා කරුණා කරන්න පුලුවන්. දැන් නම් නිවාඩු දවස් වලට සෙනග ඉන්නවා ගොඩක්
🔴 තව කට්ටියක් අහනවා මන්දාරම්නුවර යන්න පුලුවන්ද කියලා
ඔව් යන්න පුලුවන් දැන් මන්දාරම්නුවරට යන්න පාරවල් විවෘතයි Hotels සියල්ලම වගේ විවෘතයි.
🔴 තව කට්ටියක් ඇහුවා දෙනියාය පැත්තේ කොහොමද කියලා
ඒ පැත්තට කුනාටුවෙන් බලපෑමක් උනේ නෑ, බය නැතුව යන්න පුලුවන්.
🔴 ආයේ ඇහුවා බදුල්ල ,ඇල්ල, කුඹල්වෙල අසපුව පැත්තේ කොහොමද කියලා
ඇල්ල කුඹල්වෙල අසපුව පැති වලට කිසිම අවුලක් නෑ දැන් යන්න පුලුවන්, ගොඩක් සංචාරකයෝ දැන් ඒ පැතිවලට දැනටමත් එනවා
ඒ වගේම බදුල්ලත් එහෙමයි සංචාරය කරන්න පුලුවන්. මඩොල්සිම පැත්තේ නම් ඩැමේජ් උනා වැඩි නිසා තාම Recover වෙන ගමන්...
🔴 18 වංගුව පාරේ තත්වෙ කොහොමද?
අවුලක් නෑ ඔයාලට හසලක හරහා මහියංගනයට යන්න පුලුවන්
🔴 රිවස්ටන් යන්න පුලුවන්ද
බයික් එකකට වගේ නම් යන්න පුලුවන්, ලොකු වාහනම් තාම අමාරුයි, දැනට ගමේ අයට යන්න විතරක් පාර හදලා තියෙන්නෙ. තව ඉතුරු ටික හදාගෙන යනවා. සංචාරකයනට නම් දැන්ම යන්න බෑ... ගමේ අයට කරදරවෙන නිසා... ඔක්කොම හදලා ඉක්මන්ටම විවෘත කරන්න පුලුවන් වෙයි ඒකත්.
🔴 නුවර යන්න පුලුවන්ද
කෝච්චි නුවරට ගියෙ නැති උනාට වාහන වලින් නුවර එන්න පුලුවන් දැන් සියල්ලම සාමාන්‍ය විදිහට යනවා. සංචාරක ස්ථාන විවෘතයි
🔴 අනුරාධපුරේ පැත්තේ කොහොමද?
ඒ පැති වලට කිසි අවුලක් නෑ... බය නැතුව යන්න
🔴 දැන් කෝච්චි වල ට්‍රිප් යන්න බැරිද?
දැනට කෝච්චි යන්නෙ
✅කොළඹ ඉදලා රඹුක්කන
✅කොළඹ යාපනේ අනුරාධපුර
✅කොළඹ ත්‍රිකුණාමලය
✅කොළඹ මඩකලපුව
🔴 ඒ වගේම ලංකාවේ ලස්සනම දුම්රිය අත්දැකීම ගන්න පුලුවන් අඹේවෙල සහ බදුල්ල අතර දුම්රියන් ධාවනය වෙනවා.
ඔය අතර තියෙන ඕනම ගමනක් කෝච්චියෙන් යන්න පුලුවන් හැබැයි තව ටික දවසකින් යාපනේ යන්න බැරි වෙයි ආයේ උතුරු දුම්රිය මාර්ගය වහනවා පාලම් ටික හදන්න. ඒකත් section විදිහට වහන්නේ.
🔴 අනිත් ලංකාවේ ඕනම සංචාරක ස්ථානයකට දැන් ඔයාලට යන්න පුලුවන්.
ට්‍රිප් ප්ලෑන් කරගන්න අයට මේ ටික වැදගත් වෙයි. තව දැනගන්න දෙයක් තියෙනව නම් Comment එකක් දාන්න.
පුලුවන් නම් Share කරලා දැනුවත් කරන්න... මොකද ගොඩක් අය තාම හිතන් ඉන්නෙ යන්න බෑ කියලා...
✍️Fantastic Travelers