Dream Visit

Dream Visit Always exploring new sights, new stories

Samba deer ගෝන     #ගෝන
16/04/2026

Samba deer ගෝන

#ගෝන

Sigiriya සීගිරිය
30/03/2026

Sigiriya සීගිරිය

Rosebud රෝස පොහොට්ටුව 🌹
28/03/2026

Rosebud රෝස පොහොට්ටුව 🌹

Sunset beach vibes 🌅
27/03/2026

Sunset beach vibes 🌅

Meerkat මියර්කැට් 🐹
23/03/2026

Meerkat මියර්කැට් 🐹

Ostrich 🐥
23/03/2026

Ostrich 🐥

07/12/2025

ස්තුති සියලුදෙනාටම මගේ රට, මිනිස්සු ගොඩදාන්න වෙන මහන්සියට..

01/10/2025

🥥🥥 පොල් වතුර🥥🥥

🇱🇰 ලාංකීය අපිට පොල් කියන්නේ ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යයක්. පොල් භාවිතා කරද්දි බොහෝදෙනෙක් සිදු කරන වැරැද්දක් තමයි පොල් වතුර ප්‍රයෝජනයට නොගෙන ඉවත දැමීම. නමුත් පොල් වතුර සතු ගුණයන් ගැන ඔබ දැනුවත් නම් පොල් වතුර කෙදිනකවත් විසි කරන එකක් නැහැ. පොල් වතුර සතු අසීමිත ගුණ නිසාමයි එය ලෝකයේ ශක්තිජනක පානයක් ලෙස ජනප්‍රිය වෙලා තියෙන්නේ. ක්‍රීඩකයන්, නිරූපිකාවන්,නිතරම පානය කරන පොල් වතුර සෞඛ්‍ය සංවිධාන මගින් සෞඛ්‍යමය පානයක් ලෙස හඳුන්වා දී තියෙනවා.

🥥 පොල්වතුරවල පොටෑසියම්, ක්ලෝරයිඩ්, සෝඩියම්, මැග්නීසියම් අයන වගේම ස්වභාවික සීනි ද සුළු වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ වගේම ආහාර තන්තුවලින් ද පොහොසත් පොල් වතුර මැංගනීස්, අයඩීන්, සල්ෆර්, සින්ක් සෙලේනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, විටමින් B, C, E ද අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, එන්සයිම වර්ග ප්‍රතිඔක්සිකාරක,පයිටොකෙමිකල්ස් වර්ග, ශාක හෝර්මෝන වර්ග මෙන්ම හදවතට හිතකර මේදය ද අන්තර්ගත වෙනවා. ඒ නිසාවෙන් පොල් වතුර ඉවත දැමිය යුතු දෙයක් නොව ශරීරයට ලබාගත යුතු දෙයක් බව ඔබට හොඳින් වැටහෙනවා ඇති. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නේ දිනපතාම පොල් වතුර පානය කිරීමෙන් ලබාගත හැකි සෞඛ්‍යයම ප්‍රතිලාභ මොනවාද කියන කාරණාව පිළිබඳව.

🔶ශරීරය සජලව තබා ගන්නට උපකාර කරයි. ශරීරයට ශක්තිය ලබාදෙන අතර ශරීරයට අවශ්‍ය ද්‍රව්‍ය සමබරතාවය පවත්වා ගැනීමටත් පොල් වතුර උපකාරී වෙනවා. ශක්තිජනක පානයක් වන පොල් වතුර ලොව පුරා ක්‍රීඩකයන් ක්‍රීඩාවල නිරතවීමට පෙරත් ක්‍රීඩා කරන අතරතුරත් ක්‍රීඩා කටයුතු නිම කිරීමෙන් පසුවත් පානය කරන්නේ මේ අද්විතීය ප්‍රතිලාභ නිසාවෙන්මයි.

🔶තරබාරුව අඩු කරයි. වෙනත් සැහැල්ලු හෝ පැණි බීම වෙනුවට ආදේශකයක් ලෙස ස්වාභාවික පොල් වතුර පානය කිරීම සුදුසුයි. ඒ වගේම ආහාර ගැනීමට පෙර පොල් වතුර පානය කිරීමෙන් ගත හැකි ආහාර ප්‍රමාණය අඩුවීමෙන් තරබාරුව අඩු කරනවා.

🔶ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුව කරයි.තන්තුමය ස්වභාවය නිසා අජීර්ණ තත්ත්වයන් සමනය කරන්නට සමත් වෙනවා. ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන ආකාරයට පාචනය වැනි රෝග තත්ත්වයන් වළකන ගන්නටත් පොල් වතුර උපකාරී වෙනවා.

🔶රුධිර පීඩනය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට උපකාරී වෙයි. පර්යේෂණ ගණනාවකප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගෙන යන්නට පොල් වතුරේ බලපෑම වැදගත් වන බව ද එමගින් සන්‍යස්ත පීඩනය 71 % කින් හා වින්‍යස්ත පීඩනය 29% කින් අඩු කිරීමට හැකියාවක් ලැබෙන බවත් සොයාගෙන තියෙනවා.

🔶දීප්තිමත් සමක් ලබාදෙයි. ප්‍රතිඔක්සිකාරක බහුල නිසා විෂ නාශකයක් ලෙස කටයුතු කරන අතර ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක ලබාදීමත් පොල්වතුර මගින් සිදු කෙරෙනවා.එය දීපිතිමක් සහ සිනිඳු සමක් ලබා ගන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා.

🔶ආතතිය සමනය කර සිතේ ප්‍රාණවත් බව ඇති කරන්නට උපකාරී වෙයි. පොල් වතුරේ B කාණ්ඩයට අයත් විටමින් අඩංගු වෙන නිසා ආතති තත්ත්වයන් පාලනයට උපකාරී වෙනවා. ඒ වගේම මැග්නීසියම් මගින් සෙලටොනින් නිෂ්පාදනය වැඩි කරන අතර ඒ නිසා ආතතිය ඇතිවීම බොහෝදුරට සීමා කරනු ලබනවා.

🔶බීමත් අවස්ථාවක ඒ අපහසුතා මගහරවා ගන්නට උපකාරී වෙයි. ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කළ විට පසුදා ඇතිවන හිසරදය මගහරවා ගන්නට පොල් වතුර පානය කරන්නට පුළුවන්.එයින් ශරීරය නැවත සජල තත්ත්වයට පත් කරන්නට සහ විනාශ වුණු විටමින් වර්ග නැවත ශරීරයේ නිපදවීමට පොල්වතුරවලට හැකියාව පවතිනවා.

🔶වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. අපේ ශරීරය තුළ විස්මයජනක ලෙස ක්‍රියා කරන ශාක හෝර්මෝන පොල්වල බහුලව අඩංගු වෙනවා. මහලු වීම මන්දගාමී කිරීමට මේ ශාක හෝර්මෝනවලට හැකියාව පවතිනවා.

🔶පිළිකා හා රුධිර කැටි ගැසීම සඳහා ස්වභාවික ඖෂධයක් ලෙස ක්‍රියා කරයි.

🔶ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් කරයි.

🔶තයිරොක්සීන් හෝර්මෝන නිපදවීම උත්තේජනය කරයි.

🔶ස්වභාවික මුත්‍රා වර්ධකයක් ලෙස ක්‍රියා කරයි.
එබැවින් වකුගඩු ආශ්‍රිත ආබාධ සඳහා ගුණදායකයි.මුත්‍රාශය වගේම මුත්‍රා මාර්ගය හා වකුගඩු පිරිසිදු කරන්නටත් පොල් වතුර දායක වෙනවා.

🔶වකුගඩුවල ගල් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කරයි.

🔶විදුරුමස් රෝග නිවාරණය කරයි.

🔶රුධිරයේ සීනී පාලනය කරයි.

🔶හදවත් රෝග නසාලයි.

🔶පොල් වතුරේ ඇති අධික ඛනිජ සංයුතිය හෘදයාබාධ හා අධි රුධිර පීඩනය වැළැක්වීමේ හැකියාවෙන් සමන්විතයි.රුධිර කැටි ඇතිවීම වළකන ගුණයක් පැවතීම නිසා දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇතිවන අවධානම අඩු කරයි.පොල් වතුර මිලි ලීටර් 100ක පොටෑසියම් මිලි ග්‍රෑම් 300ක් පමණ තිබීම හෘදරෝග අවම කිරීමටත් හෘදයේ අරක්ෂාවටත් මහගු මෙහෙවරක් ඉටු කරනු ලබනවා .

🔶මත්ද්‍රව්‍ය භාවිතය , විවිධ ඖෂධ ,ආහාර මගින් සිරුරට එකතු වන රසායනික ආදී විෂ හේතුවෙන් වකුගඩුවලට හානි වීම පාලනය කරයි. ඖෂධවල විෂ ඉවත් කිරීමට පොල් වතුර බහුලව යොදා ගන්නා අතර බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ගත් විට ඒවායේ විෂහරණය කිරීමට පොල් වතුරවල අඩංගු සංඝටකවලට හැකියාවක් පවතිනවා.ආහාරවල අඩංගු පළිබෝධනාශක ,ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ වලින් ශරීරයට සිදු කරන හානිවලින් සිරුර ආරක්ෂා කිරීමට පොල් වතුර සමත් වෙනවා.

🔶කුරුලෑ ඇතුළු සමේ රෝග සඳහා ස්ක්‍රබ් කිරීමේදී පුළුන් කැබැල්ලක් පොල් වතුරේ පොගවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ආයුර්වේදයේ වගේම බටහිර වෛද්‍ය ක්‍රමය තුළත් පර්යේෂණ මගින් පොල් වතුර සතු ඒ විස්මිත ගුණ තහවුරු කරගෙන තියෙනවා. පොල් ගෙඩිය තුළ ඇති පොල් වතුරවලට ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමක් නැති නිසා ස්වාභාවික ගුණයෙන් ඉහළ පානයක් තමයි පොල් වතුර. ඉතින් දිනපතාම පොල් වතුර හිස්බඩ හෝ දවසේ ඕනෑම වෙලාවක ඔබට පානය කිරීමේ හැකියාව පවතිනවා. එය ඔබට ලෙඩ රෝගවලින් තොර නීරෝගී ජීවිතයක් ගත කරන්නට බෙහෙවින් වැදගත් වේවි.

ස්තුතියහෙළ රහස් පිටුව,

~ උපුටා ගැනීමකි...📝💛🧡❤️

කාරුණික ඉල්ලීම,
සියළු රෝගීන් සුවපත් වේවා යැයි පතන්න.
සුවපත් වේවා! 🙏🙏🙏
ලිපිය අනිවාර්යයෙන් share කරන්න.

Address

Horton Plains
Ohiya
90168

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Visit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category