Uva untold

Uva untold Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva untold, Tourist Information Center, Ohiya.

Sri Lanka's German hero then and now . M6 788 කන්ද උඩරට  ජර්මානු වීරයා එදා සහා අද 👀
23/11/2025

Sri Lanka's German hero then and now . M6 788

කන්ද උඩරට ජර්මානු වීරයා එදා සහා අද 👀

ᴜᴅᴀᴡᴇʀɪʏᴀ 🇱🇰 ✨️🍃
28/09/2025

ᴜᴅᴀᴡᴇʀɪʏᴀ 🇱🇰 ✨️🍃

𝐃𝐢𝐲𝐚𝐭𝐡𝐚𝐥𝐚𝐰𝐚 ✨️🍃🥶
22/08/2025

𝐃𝐢𝐲𝐚𝐭𝐡𝐚𝐥𝐚𝐰𝐚 ✨️🍃🥶

මිනිස් ජීවීත කිහිපයකටම වගකියපු පූනාගල තනි අලියා කඳු බහින් ගමන් .... 🐘 ⚡ 💀
20/08/2025

මිනිස් ජීවීත කිහිපයකටම වගකියපු පූනාගල තනි අලියා කඳු බහින් ගමන් .... 🐘 ⚡ 💀

AI ලු මේවත්...😎🐍🐍🐍🐍𝗚𝗼𝗹𝗱𝗲𝗻 𝗕𝗿𝗶𝗱𝗴𝗲 𝗘𝗹𝗹𝗮 ✨💛 🚂.......🇱🇰📸 - pixel 4a5g 😃
02/08/2025

AI ලු මේවත්...😎🐍🐍🐍🐍

𝗚𝗼𝗹𝗱𝗲𝗻 𝗕𝗿𝗶𝗱𝗴𝗲 𝗘𝗹𝗹𝗮 ✨💛 🚂.......🇱🇰

📸 - pixel 4a5g 😃

𝗕𝗮𝗹𝗮𝘁𝗵𝘂𝗱𝘂𝘄𝗮 𝗣𝗲𝗮𝗸 ✨🧡 🇱🇰 𝗦𝘂𝗻𝗿𝗶𝘀𝗲 & 𝗦𝘂𝗻𝘀𝗲𝘁 ☀️🌄
19/07/2025

𝗕𝗮𝗹𝗮𝘁𝗵𝘂𝗱𝘂𝘄𝗮 𝗣𝗲𝗮𝗸 ✨🧡 🇱🇰

𝗦𝘂𝗻𝗿𝗶𝘀𝗲 & 𝗦𝘂𝗻𝘀𝗲𝘁 ☀️🌄

𝗞𝗲𝗿𝗮𝗹𝗮𝗴𝗮𝗹𝗮 𝗛𝘂𝘁 🛖 𝗕𝗮𝗱𝘂𝗹𝗹𝗮 ✨🧡 🇱🇰
10/07/2025

𝗞𝗲𝗿𝗮𝗹𝗮𝗴𝗮𝗹𝗮 𝗛𝘂𝘁 🛖 𝗕𝗮𝗱𝘂𝗹𝗹𝗮 ✨🧡 🇱🇰

සීතල , මීදුම පිරුණු ඉදල්ගස්හින්නට ඉර පායලා 😍 🌞✨🧡 🇱🇰
05/07/2025

සීතල , මීදුම පිරුණු ඉදල්ගස්හින්නට ඉර පායලා 😍 🌞✨🧡 🇱🇰

ශාන්ත ඇන්ඩෲ දේවස්ථානය යනු බදුල්ල දිස්ත්‍රික්කයේ සහා හපුතලේ නගරයෙහි ඇති පැරණිතම යුරෝපිය ගොඩනැගිලි වලින් එකකි .(ඇන්ග්ලිකන්...
03/07/2025

ශාන්ත ඇන්ඩෲ දේවස්ථානය යනු බදුල්ල දිස්ත්‍රික්කයේ සහා හපුතලේ නගරයෙහි ඇති පැරණිතම යුරෝපිය ගොඩනැගිලි වලින් එකකි .(ඇන්ග්ලිකන් පල්ලියකි - Anglican church ) ⛪✨

අප්‍රේල් 07 වන දින ලුතිනන් ජෙනරාල් එස්. ජේ හොග්සන් විසින් මෙම පල්ලිය සඳහා අත්‍තිවාරම දමන ලදී . ෂර්වුඩ් වතුයායේ ජේම්ස් ඇන්ඩරසන් සහා පිටරත්මලේ වතුයායේ රිචඩ් ජේම්ස් විලීස් පල්ලිය ඉදි කිරීම සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන පරිත්‍යාගශිලීන් වේ.

1869 සැප්තැම්බර් 19 වන දින එකල ආදායම් නිලධාරි ජී. ඔඩ්ලින්ට් සහා පූජ්‍ය ජෝසප් බානට් පියතුමා විසින් ශාන්ත ඇන්ඩෲ දේවස්ථානය විවෘත කරන ලදී. පල්ලිය ඇතුළත වීදුරු සිතුවම් තුනක් සහා විවිධ අනුස්මරණ පුවරු ඇත.

ඌව පළාතේ ඇති ප්‍රධානම සංචාරක ගමනාන්තයක් ලෙසද මෙම පල්ලිය අප හට හැඳින්විය හැක. 🇱🇰 ✨

කන්ද උඩරට ආධිපත්‍ය පතුරවනා ජර්මානූ වීරයා M6බටහිර ජර්මනියේ Thyssen-Henschel සමාගම මගින් 1979 වසරේදී නිපදවන ලද මෙම දුම්රිය...
29/06/2025

කන්ද උඩරට ආධිපත්‍ය පතුරවනා ජර්මානූ වීරයා M6

බටහිර ජර්මනියේ Thyssen-Henschel සමාගම මගින් 1979 වසරේදී නිපදවන ලද මෙම දුම්රියයෙහි එංජිම General Motors සමාගමේ EMD G22CW වර්ගයට අයත් වෙනවා. මෙරට දුම්රිය අංක කරනය තුල 783-798 දක්වා දුම්රිය එංජින් 16 ක් , 1979 වසරේ දෙසැම්බර් මාසයේදී පමණ පලමු දුම්රියත් 1980 මැද භාගයේදී ඉතිරි දුම්රියනුත් පැමිණි බව සදහන් වනවා,

🔺M6 කාර්මික සටහන් කිහිපයක් පහතින් දැක්වේ..🔻

▪️නිෂ්පාදිත රට - ජර්මනිය
▪️නිෂ්පාදිත සමාගම - Thyssen-Henschel
▪️නිෂ්පාදනය කල වර්ෂය - 1979/1980
▪️ශ්‍රී ලංකාවට ගෙන්වූ වර්ෂය - 1979/1980
▪️දුම්රිය එන්ජින් වර්ගය - V12 (Two Stroke)
▪️මාදිලිය - Diesel Electric
▪️උපරිම බලය - 1650hp (1230kw)
▪️උපරිම වේගය - 90 kmph / 56 mph (නිශ්පාදිත දත්තයන්ට අනුව)
▪️Axel සැකසුම - A1A-A1A
▪️එන්ජිමේ මුළු බර - ටොන් 87
▪️එංජිමේ දිග - අඩි 54
▪️ගෙන්වූ මුලු එන්ජින් ගණන - 16

ශ්‍රී ලංකාවේ සිව්කොණ ජයගත් දුම්රිය එංජිම ලෙස ආධිපත්‍යය පතුරවන්න හැකි සීමිත එංජින් කීපයතුලින පලමු තැන M6 පංතියට හිමිවනවා,

ආරම්භයේ මෙම පන්තිය එංජින් 16කින් සමන්විත වුවද M6 793 දරන දුම්රිය එන්ජිම 1986 මාර්තු මස 25 වෙනි දින මඩකලපුවේදී LTTE ත්‍රස්තවාදීන් විසින් එල්ලකළ ප්‍රහාරයකින් විනාශයට පත්විය. එසේම M6 798 දරන දුම්රිය එන්ජිම 1996 වර්ෂයේ දෙසැම්බර් 4 වෙනි දින LTTE ත්‍රස්තවාදීන් විසින් ත්‍රිකුණාමලය චීනවරාය ආසන්නයේදී එල්ලකළ ප්‍රහාරයකින් විනාශයට පත්ව අපට අහිමිව ගියේය.

එදා මෙදාතුර අප රටේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරු කීපයක් සඳහාද M6 පන්තියේ එංජින් වලට මුහුණ දීමට සිදුව ඇත.

🔹ඒ අනුව 1992 ජුනි මස 3 වෙනි දින වටවලදී පස්කදු කඩා වැටීමෙන් සහ නායයාමෙන් M6 790 එංජිම අනතුරකට ලක්විය.

🔹තවද M6 788 දුම්රිය එන්ජිම මහනුවර කොළඹ නගරාන්තර සිඝ්‍රගාමී දුම්රිය (දු.අ: 1030) සමග 2002 ජනවාරි 13 වන දින 15දෙනකුට ආසන්න පිරිසකට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් රඹුක්කනදී අනතුරකට ලක්විය.

🔹එදාමෙදාතුර බිහිසුණු දුම්රිය බස් අනතුරකට මුහුණ දෙන්නේද මෙම එංජින් ඛාණ්ඩයයි. ඒ 2005 අප්‍රේල් මස 27 වෙනි දින පොල්ගහවෙල යාන්ගල්මෝදර දී සිදුවූ බස් සහ දුම්රිය ගැටුමයි. මෙයට මුහුණ දෙන්නේ M6 786 එංජිමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම හා නම් දරනා දුම්රිය ගමන්වාර සියල්ලම සදහා යොදවනු ලැබූ එංජිම ලෙසද M6 පන්තිය හැදින්විය හැක. ඒ අතරින් යාල් දේවි, උදය දේවි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ, ටිකිරි මැණිකේ, රජරට රැජින, මීනගයා මෙන්ම එංජින් ද්විත්වයක් මගින් ලංකාවේ ධාවනය වන ප්‍රධානම දුම්රිය වන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය සදහාද ප්‍රධාන දායකත්වය ලබා දෙන්නේ M6 පංතියයි.

නගරාන්තර දුම්රියන් අතර ප්‍රමුඛ දුම්රියන් වන උදෑසන මහනුවර නගරාන්තරය, දුම්රිය අංක1007/1008 බදුල්ල සීඝ්‍රගාමි දුම්රිය මෙන්ම දිවයිනපුරා ධාවනය වන ඉන්දන, භාණ්ඩ හා සේවා දුම්රියන් ආදීය සදහාද බොහෝදුරට යොදා ගැනෙන්නේ M6 පංතියයි.

වර්තමානයේ සංචාරක ආකර්ෂණය සඳහා ගමන් ගන්නා කැලිප්සෝ දුම්රියට යොදා ගන්නෙත් M6 පංතියයි.

මෙහි නිල වර්ණය ලෙස රතු හා කොළ වර්ණ එක්කර කහ පැහැති රේඛාවක් යොදා සකසා ඇත. එමෙන්ම නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියන් සඳහා යොදනා රතු සහ තැඹිලි වර්ණ ගන්වා ඇති එකම දුම්රිය එංජින් ඛාණ්ඩය වන්නේද M6 පංතියයි. (785, 788, 797 එලෙස නගරාන්තර වර්ණ ගන්වා ඇත.)

ආරම්භයේ මරදාන ඩීසල් විදුලි ධාවනාගාරය මගින් ධාවන නඩත්තු (Running Repair) කටයුතු සිදුකරනු ලැබූ M6 පන්තියේ එංජින් 1999 වසරේ සිට මේ දක්වා වසර 20 ආසන්න කාලයක් අදාල නඩත්තු සිදුකරමින් සේවාව සපයන්නේ දෙමටගොඩ ධාවනාගාරයේ කාර්යමණ්ඩලයයි. එමෙන්ම ධාවන නඩත්තු වලට අමතර කටයුතු රත්මලාන ප්‍රධාන ධාවන ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ ක.ශා 14 කාර්යමණ්ඩලය මගින් සිදුකරනු ලබයි.

දුම්රිය ලෝලීන් මෙන්ම දුම්රියට ප්‍රියකරනා කාහටත් දුටුවිගසින් එකසේ ඇල්මක් ඇතිවන උඩරට දුම්රිය මාර්ගයේ දැකීමට බොහෝ දෙනා ප්‍රිය කරනා M6 පන්තියට වසර 45 කට එහා ගිය තවත් බොහෝකලක් කන්ද උඩරට අනසක පතුරවන්නට ශක්තිය ලැබේවා.

සටහන : Kasun Shaminda

𝗕𝗮𝗺𝗯𝗮𝗿𝗮𝗸𝗮𝗻𝗱𝗮 𝗙𝗮𝗹𝗹𝘀 .🍃🤍 🫧 🇱🇰
28/06/2025

𝗕𝗮𝗺𝗯𝗮𝗿𝗮𝗸𝗮𝗻𝗱𝗮 𝗙𝗮𝗹𝗹𝘀 .🍃🤍 🫧 🇱🇰

කඳුකරයේ ගම්මාන  ⛰️ 🍃 🤍
25/06/2025

කඳුකරයේ ගම්මාන ⛰️ 🍃 🤍

Address

Ohiya

Website

Alerts

Be the first to know and let us send you an email when Uva untold posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share