Chami Cabs - චමී කැබ්ස්

Chami Cabs - චමී කැබ්ස් - Dual A/C and Non A/C vans
- Cars
- Lorries

21/09/2016

Salmiya Restaurant – Nuwaraeliya
නුවර එලියේ නොම්බර එකේ පීසා අවන්හල සල්මියා

නිවාඩුවක් ලැබුනොත් ගොඩ දෙනෙක් යන්න හදන පලාතක් තමයි නුවර එලිය කියන්නේ.ඉතින් නුවර එලියේ ගිහින් සීතල විදින අතරේ කටට රහට කෑම වේලක් කන්න හොඳ තැනක් ගැන විස්තර කියන්නයි අද අපේ සූදානම.මේ අවන්හල Salmiya Restaurant.පිහිටන්නේ නුවර ඉඳන් ගෙගරි වැව පැත්තට යනකොට.පුන්චි පහේ තැනක් උනත් රසම රස පීසා එකක් උනු උනුවට කන්න හොඳ තැනක් තමයි සල්මියා අවන්හල.

මේ අවන්හල අපි කලිනුත් කිව්ව වගේ පොඩෛ පහේ අවන්හලක්.පාර අයිනේමයි තියෙන්නේ.වාහනයක් නවත්වන්න වෙනම පකිං නැ.කොහොම උනත් මේ කිට්‍ටුවෙන් වාහනයක් නවත්වන්න තැනක් හොයාගන්න පුලුවන් වේවි.,මේ අවන්හල පිටතින් බැලුවහම පේන්නේ ටිකක් පරන වෙච්ච පෙට්ටි කඩයක් වගේ.ලෑලි වලින් තමයි හදලා තියෙන්නේ.වහලයට ඇස්බැස්ටෝස් දාල.ඇත්ලත වගේම පිටිනුත් හට් ගහලා ආසන පනවලා තියනවා.ඔක්කොම 15කට වගේ එකට ඉඳගෙන කන්න ගන්න පුලුව්නෛ.ඇතුලත වගෙම පිටටතත් එතරම් සුව පහසු ආසන නම් නෑ.මේස උනත් ටිකක් විතර පොඩියි.ලොකු ඉඩක් නම් මේ අවන්හලේ නෑ.

මේ අවන්හල පුන්චි පහේ එකක් උනත් රසවත් පීසා කන්න නම් නුවර එලියේ අංක එකේ අවන්හල කියන්න පුලුවනි.මේ අවන්හලේ බොහොමයක් හැදෙන්නේ ඉතාලියානු කෑම වර්ග.පොදුවේ මෙහි හැදෙන පීසා වැස්ම තුනී සහ ක්‍රිස්පි රහයි.මේ හැම එකකටම ඔවුන් යොදන අමුද්‍රවය නැවුම් බවකින් යුක්තයි.මේ අවන්හලේ කන්න ගන්න පුලුවන් ඉතාලියානු පීසා වර්ග ගනනාවක් තියනවා.Pizza magherita,pizza napoli,bergano,shammy,calzone වගේ විවිධාකාර පීසා වර්ග කන්න ගන්න පුලුවනි.Pizza Ai 4 Formaggi පීසා එක එකිනෙකට වෙනස් චීස් රස 4කින් තමයි හැදෙන්නේ.මේ විදියට එක එක ජාතියේ පීසා වර්ග ‍රැසක් කන්න ගන්න පුලුවනි.පීසා වල මිල ගනන් 700-1500 අතර් මිලක් වෙනවා.මේ හැම එකකම මස් ඇති තරම් තියෙනවා.ඒ වගේම පීසා එකත් ලොකුයි.බඩ පිරෙන්න උනු උනුවට හීතලේ කන්න ගන්න පුලුවනි

ඔවුන්ගේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උනත් ඉතාම නැවුම් තත්වයේ තියෙනවා.හරියටම මැක්ඩොනල්ඩ් එකේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගෙමයි.කිසි වෙනසක් නෑ.පීසා වලට අමතරව ස්පැගටි පැස්ටා එහෙමත් නියම ඉතාලි රසට නැවුම් විදියට මෙතනින් කන්න ගන්න පුලුවනි.මේ සියලුවම කෑම මේසයට එනවිට ඉතාම අලංකාරයි.ඉතාලි කෑම වල එක එක පාටින් යුත් බව මේ අවන්හලේ කෑම වලත් දකින්න පුලුවනි.

බර්ගර් කන්න ආස නම් චිකන් බීෆ් සහ වෙජි විදියට බර්ගර් වර්ගත් කන්න ගන්න පුලුවනි.චිකන් බර්ගර් එකක් 350ක් වෙනවා.එහිත් පිරවෞම සහ රස හොඳ මට්ටමක තියනවා කියන්න පුලුවනි.මේ අවන්හල කරගෙන යන්න පවුලක් එකතු වෙලයි.ඉතින් ඔවුන් ගෙදර හදනවා වගේ රසට මේ හැම දෙයක්ම කරගෙන යන බවක් පේනවා.ඒ නිසා වෙන්න ඕනි මෙහි කෑම මෙතරම් රසවත්.

මේ අවන්හලේ සේවාව ඉතා හොඳ මට්ටමේ එකක්.මෙහි ඉන්න අය මෙහි එන අයට හිනා මුසු මුහුනින් යුතුව හොඳ සේවයක් සලසනවා.ලොකු පහසුකම් නැති උනත් හොඳ මට්ටමේ සේවාවක් ලබා දෙන්න ඔවුන් උත්සක වෙන බවක් පේන්න තියනවා.කෑම බිම මේසයට එන්න ටිකක් පරක්කු උනත් අවට පරිසරය එක්ක ගෙගරි වැව පැත්ත දිහා බලාගෙන අවට සිරි විඳින්න නිදහසේ එලියට වෙලා ආහාර වේලක් ගන්න එනවා නම් මෙතන කදිමයි.

මේ තැන පිහිටන්නේ නුව‍රැලියේ ඉඳන් බදුල්ල ප්‍රධාන පාරේ මීටර් 400ක වගේ දුරකින්.රෙස්කෝස් පාරත් මේ පාරත් හමුවෙන මන්සංදියේ ගෙගරි වැව පෙනෙන හරියෙන් පාරෙන් දකුනු අත පැත්තේයි මේ අවන්හල පිහිටන්නේ.හොයාගන්න එතරම් අපහසු වෙන එකක් නම් නෑ.
ඔබ නුවර එලිය නගර සිමාවේ ඉන්නවා නම් 0779135263 කියන අංකයට අමතලා පීසා එකක ඉන්න තැනකට ගෙන්වා ගන්නත් පුලුව්නෛ.නුවර එලියේ සීතල විදගන්න ආවොත් මේ අවන්හල පැත්තේ ඇවිත් පීසා එකක රස බලන්න එන්නත් අමතක කරන්න එපා.මොකද ඒ තරමට මේ පීසා රසවත්.

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌️

21/09/2016

අම්පාරේ යන ඔබ නැරඹිය යුතුම ස්ථාන 50ක්
අම්පාර යන්න 🌞☀️🌲
දවස් දෙකකට 19000/=
දවස් තුනකට 21500/=
දවස් හතරකට 24000/=

- නීලගිරි ස්ථූපය
- සමන්ගල වන ආරණ්‍යය
- කොටවෙහෙරගල විහාරය
- රජගල ලෙන් විහාරය
- වෙහෙරගල
- කුමන ජාතික වනෝද්‍යානය
- කැබිලිත්ත මහා සියඹලාව දේවාලය
- කුඩුම්බිගල ආරාමය
- ආරුගම් බොක්ක
- නාගපබ්බත විහාරය
- මාදුරු ඔය ජාතික වනෝද්‍යානය
- වෙහෙරගල විහාරය
- අරන්තලාව
- බුද්ධන්ගල විහාරය
- බෝවත්තෙගල ලෙන ආරාමය
- ගොනගල්ල ආරාමය
- සේනානායක සමුද්‍රය
- මාදුරු ඔය ජලාශය
- දීඝවාපිය
- හේනානිගල පංචාවාස රජමහා විහාරය
- ගල් ඔය ජාතික වනෝද්‍යානය
- මගුල් මහා විහාරය
- මුහුදු මහා විහාරය
- නුවරගල
- ඔකඳ වෙරල තීරය
- පල්ලන් හෙල කන්ද
- ශාස්ත්‍රවෙල
- පොතුවිල්හි ගෝලාකාර නිවාස
- වඩිනාගල
- ලාහුගල කිතුලන ජාතික වනෝද්‍යානය
- හෙනන්නෙගල ලෙන් විහාරය
- පන්නත්ගොඩ පුරාණ රජමහා විහාරය
- ගෝවින්ද හෙල
- පදියදොර ජය ශ්‍රී මහා බෝධිය
- මහඔය උණු දිය ලිං
- රුෆුස් කුලම්
- ජයන්ති වැව
- ඕවගිරිය විහාරය
- මොල්ලිකුලමලෙයි
- මැදන කන්ද
- පියන්ගල වන ආරණ්‍යය
- කොන්ඩවට්ටාන
- ජපන් සාම විහාරය
- ඔමුනුගල ලෙන් විහාරය
- නිට්ටෑවෝ
- අලි ඔලුව වැව
- දිවියගල විහාරය
- බණ්ඩාරදූව
- ඔකඳ දේවාලය
- මකරය
- සමනබැද්ද ලෙන් විහාරය
- උදයගිරි රජමහා විහාරය
- මොට්ටගල ගාමිණී තිස්ස ආරාම සංකීර්ණය

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌️

යාපනේ යනවනම් යන්නම ඕනේ තැනක් Lingan Ice Cream – Jaffna කිතුල් පැනි එක්ක අයිස් ක්‍රීම් කන්න ඉස්තරම් මිදි යුශ බොන්න ලින්ගන...
13/09/2016

යාපනේ යනවනම් යන්නම ඕනේ තැනක්
Lingan Ice Cream – Jaffna කිතුල් පැනි එක්ක අයිස් ක්‍රීම් කන්න ඉස්තරම් මිදි යුශ බොන්න ලින්ගන් අයිස් ක්‍රීම් 🍧🍨

යාපනේ ඇවිත් බොහෝ දෙනෙක් අයිස් ක්‍රීම් කන්න යන ජනප්‍රියම තැන තමයි රියෝ අයිස් ක්‍රීම් අවන්හල.ඒත් යාපනේ වැසියන් අතර රියෝ අයිස්ක්‍රීම් අවන්හලටත් වඩා ජනප්‍රිය අයිස් ක්‍රීම් අවන්හලක් තියනවා.ඒ තමයි ලින්ගන් අයිස් ක්‍රීම් අවන්හල.මෙය ටිකක් පරන අවන්හලක්.වෙනස් විදියේ රසවත් විවිදාකාරයේ අයිස් ක්‍රීම් කන්න එන්න හොඳම තැනක් තමයි Lingan Ice Cream කියන්නේ.

මෙහි ඇත්ලත ඉතාම පිරිසිදුවට පවත්වාගෙන යන්න එහි සේවය කරන අය වග බලාගෙන තියන බව පේනවා.මුලු අවන්හල ඇත්ලත ලොකු ඉඩක් තිබෙනවා.සියලු ම බිත්ති කොල පාටින් වර්න ගන්වලා.ඒ වගේම ඔවුන්ගේ අයිස් ක්‍රීම් වර්ග වල මිල ගනන් මෙහි නාමපුවරු වල හොඳින් දර්ශනය වෙනවා.මෙහි සේවකයනුත් කොල පැහැ ටී ශර්ට් වලින් සැරසිලයි ඉන්නේ.ගොඩ දෙනෙකුට එකට වාඩි වෙලා කැම ගන්න පුලුවන් වෙන විදියට අවන්හල ඇතුලත මේස පු‍ටු සකස් කරලා තියනවා.ඉතා විශාල පිරිසකට මෙහි එකට ඉඳගෙන අයිස් ක්‍රීම් කන්න පුලුවන්.සවස් වරුවට නම් මෙහි වඩා කර්‍ය බහුල වෙනවා.ඒ අයිස් ක්‍රීම් කන්න එන මිනිස්සුන්ගෙන්.ඒ තරමට මේ අවන්හල යාපනේ වැසියන් අතර ජනප්‍රියයි.

මෙහි මූලිකවම අයිස් ක්‍රීම් තමයි කන්න ගන්න තියෙන්නේ.එකෛනෙකට වෙනස් අයිස් ක්‍රීම් වර්ග 30කට වැඩි ප්‍රමානයක් කන්න ගන්න පුලුවන්.ඒ වගේම ඒ හැම අයිස් ක්‍රීම් එකකම රස එකිනෙකට වෙනස්.ඔවුන්ගේ සන්ඩෙ අයිස් ක්‍රීන් එකක් 200ක් වෙනවා.එහි රස ඉස්තරම. පැනි රස නම් ටිකක් වැඩියි වගේ.ඒ වගෙමයි මෙගා ස්පෙශල් නමින් තවත් අයිස් ක්‍රීම් වර්ගයක් ඔවුන් සතුයි.ඒක 150යි. චොකලට් නට් අයිස් ක්‍රීම් එක ඉහත අයිස් ක්‍රීම් වර්ග දෙකටම වඩා වෙනස් රසක්.මෙහි කජු නියම ප්‍රමානයට හොඳ රසයක් එක් කරනවා.ඒ වගෙමයි කිතුල් පැනි කලවම් උනු අයිස් ක්‍රීම් එක.ඒකක් 120ක් වෙනවා.මේ මිල ගනන් වලට ඉතාම සාදාරනයි.

අයිස් ක්‍රීම් එක්ක පලතුරු සලාදයක් කන්න ගන්නවා නම් එය රුපියල් 80ක් පමනයි.ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එකක් 120ක් වෙනවා. මේ මිල ගනන් ඔක්කොම ලොකු ප්‍රමානයේ අයිස් ක්‍රීම් ගනන්.ඔබට ඕනි නම් ටිකක් අඩුවෙන් අයිස් ක්‍රීම් ,මෙහි කුඩා ප්‍රමානත් මිලට ගන්න පුලුවන්.මෙහි රස එකිනෙකට එකක් වෙනස්.

අයිස් ක්‍රීම් වලට අමතරම තවත් මෙහි ආවොත් බොන්න රසවත් බීම වර්ග තියෙනවා. ඒ අතරින් සුවිශේශීම බීම වර්ගය තමයි මිදි ය්ශ. 120ක් වගේ මිලකට ඉතා රසවත් මිදි යුශ වීදුරුවක් ඔබට බොන්න ගන්න පුලුවන්.යාපනේ හැදෙන මිදි වලින් තමයි මේ මිදි යුශ හැශෙන්නේ. ඒ නිසා රස වගේම ගුනයකිනුත් යුක්තයි.ඒ වගෙම නෙල්ලි බීම එකත් වෙනස් රස පාන්යක්.ඒකක් 50යි.දොඩම් යුශ වීදෘවක් 100ක් වෙනවා.ඒ වගෙම ඇපල් යුශ වීදුරුවක් 100යි. ඒ කත් ඉතාම රසවත් බීම වර්ගයක්.

අයිස් ක්‍රීම් සහ පලතුරු බීම වර්ග වලට අමතරව මෙහි රෝල්ස් පැටිස් උලුදු වඩේ පරිප්පු වඩේලඩ්ඩු වගේ කෙටි කෑම වර්ගත් ගන්න පුලුවන්.ඒ වගෙම බූන්දි කේක් වර්ගත් කිරි තේ කෝපි වගේ බීම වර්ගත් ගන්න පුලුවන්.තවත් විවිද නම් වලින් ඔවුන් ගේ කෑම ගොඩක් මෙනු එකේ බලාගන්න පුලුවන් වගෙම කන්න ගන්නත් පුලුවන්.

මෙහි සේවාව හොඳයි.කියන්න තරම් වරදක් නෑ.උදේ වරුවක නම් ඉක්මනට අයිස් ක්‍රීම් එකක රස බලන්න පුලුවන්. කොහොම උනත් සවස් වරුවට නම් අයිස් ක්‍රීම් කන්න ටික වෙලාවක් ඉවසන්න වේවි.මෙහි සියල්ලන්ටම සින්හල භාශාව හසුරුවන්න්ට බෑ.පෙලක් අයට පුලුවන්.කොහොම උනත් ඉංග්‍රීසියෙන් අවශ්‍ය දේ කිව්වාම ඔවුන් ඒ දේ මේසයට ගෙනත් දෙනවා.ඒකත් වෙනස් අත්දැකීමක් වේවි.

මේ අවන්හල තිබෙන්නේ නල්ලූර් කෝව්ලිල ඉදිරිපසින්.යාපනේ ඇවිත් කාගෙන් හරි නල්ලූර් කෝවිල අසලට යන හැටි අහගත්තා නම් මෙතන තිබෙන්නේ පාරෙන් අනික් පසට වන්නට කෝවිලට මුහුනලා.ඉතින් හොයා ගන්න එක අපහසු නෑ.ඒ වගෙම යාපනේ වැසියෙක්ගෙන් ඇහුවොත් ලින්ගන් අයිස් ක්‍රීම් අවන්හල කොහිද කියා ඔවුන් හරියටම තැන කියාවි

ඔවුන්ගේ දුරකථන අංකය 0212227327.මෙතන උදෑසන හයේ පටන් රාත්‍රී වෙනතුරු විවුර්ථයි. ටිකක් විතර මිනිසුන් බහුල උනත් මේ අයිස් ක්‍රීම් රස ගැන වචනයෙන් විස්තර කරන්න බැ.ඔබත් යාපනයේ සංචාරයක ආවොත් අපි ඉහත කිව්ව අයිස් ක්‍රීම් වර්ග රසවිඳින්න ඇවිත් යන්න ඔබට ආරධනා කරනවා

https://www.google.com/maps/place/Lingan+Cream+House/@43.836588,-79.249641,14z/data=!4m5!3m4!1s0x0:0xad5b0e20180d2c5b!8m2!3d43.8365883!4d-79.2496406?hl=en-US

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌️

Dewmini Roti Shop – Mirissa පැනි රසට වගේම කට සැරට රොටී කන්න එන්න නොම්බර එකේ දෙව්මිනි රොටී කඩේමිරිස්ස කියන්නේ ලස්සන මුහුද...
12/09/2016

Dewmini Roti Shop – Mirissa
පැනි රසට වගේම කට සැරට රොටී කන්න එන්න නොම්බර එකේ දෙව්මිනි රොටී කඩේ

මිරිස්ස කියන්නේ ලස්සන මුහුදක් නිසාවෙන්ම සංචාරකයන් එන පලාතක්.ඒ වගේමයි මිරිස්ස තල්මසුන් බලන්නන් අතරෙත් ජනප්‍රියයි.මේ මිරිස්ස නගරයේ තියන වෙනස් විදියේ සහ ගොඩාක් ජනප්‍රිය තැනක් තමයි දෙව්මිනි රොටි කඩේ කියන්නේ.විවිද අයුරට රසවත් රොටී කන්න ගොඩ දෙනෙක් නිතර එන යන තැනක් තමයි මෙතන.මෙහි අයිතිකරුවන් වන ගයානි සහ චමින්ද කියන දෙන්න 2009 වසරෙදි තමයි මෙතන ආරම්භ කරලා තියෙන්නේ.තනි පවුලක් එකතු වෙලා කරගෙන යන දෙව්මිනි රොටී කඩේ ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ
රට වටේ යනකොට කන්න බොන්න හොඳ තැන් 4

මෙය පිහිටන්නේ මිරිස්ස නගරයේ.ගෙදරක තමයි මෙය පවත්වාගෙන යන්නේ.ඔවුන් ඔවුන්ගේ උදයානය අවන්හලට ගැලපෙන ලෙස සකස් කරලා තියනවා.මිදුලේ තැනින් තැන ප්ලාස්ටික් මේස පු‍ටු දමා තියනවා.ඒ තරම් සැප පහසුවක් නම් නෑ.වැස්සක් එහෙම ආවොත් නම් මෙතන ඉඳන් කන එක නරක අත්දැකීමක් වෙන්නත් පුලුවන්.කොහොම උනත් මෙතන හොඳ පිරිසිදුවට පවත්වාගෙන යන බවක් හොඳින් පේන්න තියෙනවා.මොවුන් මෙහි උයන පාඨමාලවකුත් පවත්වාගෙන යනවා. පැය හතරක පාඨමාලවට මුදල් ගෙවලා සහභාගි වෙන්නත් පුලුවන්.උයන කටයුතු ත් වෙන්නේ ඔබ ඉදිරිපසමයි.

මෙතන කෑම විදියට සැරට වගෙම පැනි රසට හදන රොටී වර්ග වලටයි මූලිකම තැනක් දීලා තියෙන්නේ.මෙනු එක ගත්තොත් අපි නිතර දකින පොල් රොටීයේ ප්ලේන් රොටී එලවලු රොටී බිත්තර රොටී බිත්තර රොටී වගේ රොටී වර්ග කන්න ගන්න පුලුවන් .ඒවා රුපියල් 60 -100 වගේ මිල සීමාවේ පවතින්නේ.ඒ වගෙමයි ටිකක් වෙනස් විදියට ඔවුන් සතුව තියනවා බිත්ත්තර චීස් සහ එලවලු පිරවුනු රොටී. ඒවගේමයි බිත්තර චිකන් චීස් සහ එලවලු පිරවුනු රොටී .එහෙමත් නැත්නම් චිකන් බිත්තර චීස් සහ ඉස්සෝ පිරවුනු රොටී.මේ ආහාර වර්ග සේරම ඉතාම රසවත්.රොටියේ ඇතුලත හොඳින් පිරවිලා.ටිකක් විතර ගම්මිරිස් රසත් එක්ක පදමට ලුනු සමග පිරවුම චීස් රසයත් එකතු වෙලා වෙනස්ම රසයක් මතු කරනවා.ඇත්තටම ඉතා රසවත් ආහාර වේලක් කිව්වොත් හරි.මේ කෑම 250-350 අතර මිල සීමාවේ තමා පවතින්නේ.මෙතන තවත් සුවිශේශී කෑමක් තමයි කොත්තුව .ඒ අතරින් චිකන් චීස් කොත්තුව ඉතාම රසවත්.මෙතනට එන ගොඩ දෙනෙක් අතරේ චිකන් චීස් කොත්තුව ජනප්‍රියයි.එය මිලෙන් 300ක් වෙන්නේ.මේ ගනනුත් ඉතාම සාධාරනයි.

මෙතන රොටී වර්ග වලට අමතරව නිතර අපි කන ෆ්‍රයිඩ් රයිස් එහෙමත් කන්න ගන්න පුලුවන්.චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් 260ක් වගේ වෙන්නේ.ඒ වගෙම රසවත් දේශීය මාලු පිනි වර්ග 6ක් එක්ක චිකන් හෝ මාලු කැම එකක් 450ක් වෙනවා.ඉස්සෝ කැම එකක් 600ක් වෙනවා.

ඔබට පැනි රසට රොටී කන්න හිතුනොත් ඒ සඳහා ගොඩක් තේරීම් ඔබ සතු වෙනවා.චිකලට් රොටී අන්නාසි රොටී කෙසෙල් රොටී චොකලට් මැන්ගෝ වගෙ නමින් රොටී වර්ග ගනනාවක් කන්න ගන්න පුලුවන්.හැම එකක්ම රසවත් පිරවුමකින් යුක්තයි.150-300 අතර මිලකට රස පිරි මේ රොටී වර්ග ඔබට ඇනවුම් කරන්න පුලුවන්.පැනි රස රොටිය තවත් රසවත් වෙන්න ඔබේ කැමැත්ත පරිදි පොල් එකතු කරනවා නම් තව 30ක් එකතු වෙනවා.කජුත් එකතු කරගන්න ඕනි නම් ඒකට තවත් රුපියල් සීයක් එකතු කරන්න වෙනවා.ඒවගෙමයි උඩින් අයිස් ක්‍රීම් ටිකකුත් ඕනි නම් තවත් රුපියල් හැටක් තමයි වියදම් කරන්න වෙන්නේ.
බීම වර්ග විදියට විව්ද වර්ගයේ පලතුරු බීමත් මෙතන ගන්න තියන්වා. ඒ වගේම අයිස් කෝපි මිල්ක්ශේක් වගේම උනුසුම් ව බොන්න ඉඟුරු දාපු තේකක් නැත්නම් කිරි කෝපි එකක් උනත් වරදක් නෑ.
සේවාව
මෙහි ඉතා හොඳ සේවාවක් ලැබෙනවා.කැම ඉතා ඉක්මනින් මේසයට ගෙනත් දෙන්න ඔවුන් වග බලා ගන්නවා.ඔවුන්ගේ පවුලේ හය දෙනෙක් මේ සඳහා එකට වැඩ කරනවා.ඔවුන් ඉතාම සුහදශීලියි.
මග

මෙතනට එනවා නම් කොලඹ මාතර පාරේ ඇවිත් මිරිස්ස නගරය පහු කරලා මීටර් 600ක් විතර ඉස්සරහට ගියාඅම තියන උඩුපිල පාරෙන් වමට හැරිලා දිගටම 200ම් වගේ යනකොට ඔබේ දකුනු අත පැත්තට තියෙන පලවෙනි ප‍ටුමගේ ඇවිත් ආයෙත් දෙවනියට තියන පාරෙන් දකුනට හැරුනු ගමන් ඔබට දැකගන්නට තියෙනවි දෙව්මිනි රොටී කඩේ.

ඔවුන් උදේ දවල් රාත්‍රී තුන් වෙලටම ආහාර සපයනවා. මෙතන දුරකථන අංකය 0715162604.රාත්‍රී දහය වෙනතුරු මෙතන විවුර්ථයි.ගොඩාක් වෙනාවට විදේශිකයන් මෙහි ඇවිත් කෑම ගන්නවා දකින්න පුලුවන්.ඒ කොහොම උනත් දේශීය සංචාරකයෙකුටත් මෙතනට ඇවිත් රසවත් රොටී කාලා වෙනස්ම අත්දැකීමක් ගන්න කියාපු තැනක් තමයි දෙව්මිනි රොටී කඩේ.

Map
https://www.google.com/maps/dir//No.+1+Dewmini+Roti+Shop,+Footpath+to+the+Beach,+Mirissa,+Sri+Lanka/@5.946148,80.461858,16z/data=!4m9!4m8!1m0!1m5!1m1!1s0x3ae13fd3e9b33c0f:0x89fd8bf5f2459171!2m2!1d80.461739!2d5.947272!3e0?hl=en-US

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌️

රට වටේ යනකොට කන්න බොන්න හොඳ තැන් 3Foodland Family Park – Warakapola කොලඹ ඉඳන් නුවර පැත්තට යනකොට වැදගත් විදියට කන්න ෆුඩ්ල...
10/09/2016

රට වටේ යනකොට කන්න බොන්න හොඳ තැන් 3

Foodland Family Park – Warakapola
කොලඹ ඉඳන් නුවර පැත්තට යනකොට වැදගත් විදියට කන්න ෆුඩ්ලන්ඩ් ෆැමිලි පාක්

කොලඹ ඉඳන් නුවර පැත්තට යනකොට වැදගත් විදියට කන්න පුලුවන් තැනක් තමයි ෆුඩ්ලන්ඩ් කියන්නේ.ෆුඩ්ලන්ඩ් නමින් ඔවුන් අවන්හල් ජාලයක් පවත්වාගෙන යනවා. නුවර වයිට් හවුස් එක නුවර එලියේ මිලානෝ අවන්හල වගේම අඹේපුස්සේ ට්‍රාන්සිට් ලොජ් එක .අපි අද කියන්න යන්නේ ෆුඩ්ලන්ඩ් ෆැමිලි පාක් එක ගැන.ඔවුන් මෙතන අවන්හල ආරඹ කරලා තියෙන්නේ 2000 වසරේ.මෙතන ගොඩ දෙනෙක් දන්න කියන තැනක්.උදේ 6 ඉඳන් රාත්‍රී 10.30 11 වෙනකන් ඔවුන් ආහාර සපයනවා

මේක පිහිටන්නේ වරකපොල නගරය ආසන්නයේ. මහල් දෙකකින් යුත් අවන්හලේ හොඳට පාකිං පහසුකම තියනවා. ඇතුලත වගේම එලිමහනේ ඉඳනුත් ආහාර ගන්න පුලුවන් පහසුකම තියනවා. පහල මාලය වගෙරම ඉහල මාලය පිරිසිදුව පවත්වාගෙන යන බවක් පේන්න තියනවා..ඉහල මාලය උදේ සහ දවල් වරුවට ගොඩාක් වෙලාවට නිදහස්.පාඩුවේ ආහාර වේලක් ගන්න කදිමයි.

මෙතන ටිකක් ලොකු මෙනු එකක් දකින්න පුලුවන්.උදේට දවල්ට සහ රෑ කෑමට විවිද වර්ගයේ කැම ගන්න පුලුවන්. බර්ගර්, සී ෆුඩ් රයිස් වගේ ආහාර වගේම සැන්විච් වර්ගත් කන්න ගන්න පුලුවන් මෙතනට ආවොත්.සවසට කොත්තුත් තියනවා. ඒවගේම ශෝට් ඊට් එකතුවකුත් .ඒ වගේම උදේට සහ දවල්ට බුෆේ විදියට කැම ගන්න පහසුකමුත් සලසල තියනවා.ඒ සඳහා සුප් සැලඩ් වගේම හොඳ ඩෙසර්ට් එකතුවකුත් ඇතුලත්.උදේ 6 ඉඳන් 10.30 වෙනකන් බ්‍රේක්ෆස්ට් බුෆේ එකත් දවල් 12 ඉඳන් 3.30 වෙනකන් ලන්ච් බුෆේ එකත් ගන්න පුලුවන්.
මෙතන නූඩ්ල්ස් වගේ ගන්නවා නම් 300ක් වගේ වෙනවා රයිස් වර්ග 300-500ත් අතර මිල ගනන් වලට කන්න ගන්න පුලුවන්.සුප් වර්ගත් 300 මිල සීමාවේ තමයි තියෙන්නේ.දකුනු ඉන්දියන් විදියට හදපු විනාකිරි මුසුවෙච්ච ගැඹුරු තෙලේ බැදපු චිකන් 65 එක වෙනස් රසක් හොයනවා නම් හොඳයි.ඒකක් 250ක් වගේ වෙනවා.රයිස් ඇන්ඩ් කරි කනවා නම් 250ට අඩුවෙන කන්න පුලුවන්.සම්බා හෝ බාස්මතී විදියට ඒවා ඕඩර් කරන්න හැකියාව තියනවා.ඒ වගේම බර්ගර් සැන්ඩ්විච් සබ්මැරීන් වර්ග 300-350 අතර මිල සීමාවේ පවතින්නේ.

ඔබ උත්සහ කරනවා නම් තන්දූරි චිකන් එක ඉතා රසවත්.පෙනුමටත්නියමයි.හොඳින් කටට කෙල උනන විදියට සකස් කරලා.ඒ වගෙම සබ්මැරින් එකත් මරු.නාන් එකත් එක්ක බීෆ් කරි එකත් උත්සහ කරන්න.නියම රසයි.කැම බීම වල ගනන් නම් පොඩ්ඩක් විතර වැඩියි.ඒත් ගෙවන මිලට ඇති වෙන්න ලැබෙනවා.ඒ වගේම රසත් අවුලක් නෑ.

මෙතන සේවකයන්ගෙන් හොඳ සේවාවක් ඔබට හම්බවෙනවා. ඉල්ලන කෑම වේල මේසයට එන්න ලොකු වේලාවක් නම් යන්නේ නෑ.කාඩ් මගින් ගෙවීමේ පහසුකමත් මෙතන තියනවා.කැම ඕනි නම් අරන් යන්නත් පුලුවන්.සේවාව හොඳයි. අවුලක් කියන්න දෙයක් නෑ.

කොඹ පැත්තේ ඉඳන් එනවා නම් වරකාපොල නගරයේ බස් නැවතුමට මීටර් 500ක් වගේ මෙහායි පාරේ දකුනු අත පැත්තෙයි මෙය පිහිටන්නේ.නගරය පටන් ගන්න කලින්.
නුවර පැත්තට දුර ගමනක් යන ගමන් හරි , කොලඹ පැත්තට එනවා නම් හරි බඩගින්නක් හැදුනොත් ඇවිත් හොඳට කාලා යන්න එන්න හොඳ තෑනත් තමයි ෆූඩ්ලන්ඩ් ෆැමිලි පාක් අවන්හල.මෙතන මග ඇරුනොත් ඔවුන්ගේ අඹේපුස්සේ අවන්හලත් විවුර්තයි.කෑම රස ඒතරම් වෙනසක් නෑ.ඇවිත් රස බලන්න.

https://www.google.com/maps/dir//Foodlands+Family+Park,+A1,+Sri+Lanka/@7.222504,80.154718,12z/data=!4m9!4m8!1m0!1m5!1m1!1s0x3ae31b8b14a482b7:0xc0ff7a0d1f25e295!2m2!1d80.191626!2d7.22242!3e0?hl=en-US

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌️

අනුරාධපුර යන්න - එක දවසින් රු : 12000/=- දවස් දෙකට රු : 14500/=- දවස් තුනකට රු : 17000/=Chami Cabs - Padukka071 6689585 ...
10/09/2016

අනුරාධපුර යන්න
- එක දවසින් රු : 12000/=
- දවස් දෙකට රු : 14500/=
- දවස් තුනකට රු : 17000/=

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌️

කතරගම යන්න- එක දවසින් රු : 12000/=- දවස් දෙකකට රු : 14500/=- දවස් තුනකට රු : 17000/=Chami Cabs - Padukka071 6689585 / 07...
10/09/2016

කතරගම යන්න
- එක දවසින් රු : 12000/=
- දවස් දෙකකට රු : 14500/=
- දවස් තුනකට රු : 17000/=

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe -

රට වටේ යනකොට කන්න බොන්න හොඳ තැන් 2 බැදපු වැව් මාලු එක්ක නෙලුම් කොලේ රසවත් කෑම වේලක් කන්න අනුරාධපුරේ නෙලුම් කොලේ අවන්හලකො...
28/08/2016

රට වටේ යනකොට කන්න බොන්න හොඳ තැන් 2

බැදපු වැව් මාලු එක්ක නෙලුම් කොලේ රසවත් කෑම වේලක් කන්න අනුරාධපුරේ නෙලුම් කොලේ අවන්හල

කොලඹ ඉඳන් යාපනේ යනවනම් හරියටම ඒ අතර මැදි දුරින් පිහිටන රසවත් නවාතැන් පොලක් තමයි නෙලුම් කොලේ බත් කඩේ කියන්නේ.කඩේ නම වගේම තමයි ඔවුන් ආහාර සපයන්නේ නෙලුම් කොලේ.ඒ දේ ඉතාම සුවිශේශයි.දේශීය සංචාරකයින් අතර මෙතන ඉතා ජනප්‍රිය තැනක්.ගොඩ දෙනෙක් ඒ නවය පාරෙ යාපනේ යනවා නම් අනුරාධපුරේ රඹෑවේ තියන නෙලුම් කොල් බත් කඩෙන් කැම වේලක් අරගෙනයි යන්නේ.

මෙතන ඉතා කුඩා තැනක්.වටේටම ලෑලි ගහපු අවන්හල පොල් අතු වලින් සෙවිලි කරලා.කඩේට ගොඩ වෙන්න තියෙන්නේ ලී දඬු වලින් හදපු පාලමක්.ඇතුලත කුඩා ස්ටූල් තියෙනවා. එතන ඉඳලත් ආහාර ගන්න පුලුවන්.ඒ වගේම හොඳම දේ එලියේ තියන ජැම් පේර ගහ යට ඉඳන් ඒ නයින් එක දිහාත් බලාගෙන ආහාර ගන්න එක.මෙහි සේවකයන් පවා ඔවුන්ට හිමි කොල පැහැ ඇඳුමින් සැරසිලා. මෙවන් පැත්තක පුංචි කඩයක ඒ දේවල් ගැනත් සැලකිලි මත් වෙන එක නම් පුදුමයි.නිතරම ලොකු සෙනගක් නෑ. ඒ නිසා පාඩුවේ රසට කෑම් වෙලක් ගන්න හොඳම තැනක් තමයි නෙලුම් කොලේ බත් කඩේ..

ඔබ මෙතනට දිවා ආහාරයකට එනවා නම් රස බලන්න හොඳම කැම තමයි වැව් මාලු එක්ක බත්.බත් තියෙන්නේ බුෆේ විදියට .තමුන්ට කැමති කෑම වර්ග බෙදා ගන්න පුලුවන්.මාලුව වර්ග පහ හයක් තියනවාමයි.බැදපු වැව් මාලු කැල්ලක් එක්ක ලුනු ඇඹුල් පදමට වෙච්ච කොල සම්බෝලයක් ඇට පරිප්පු ,මාලු හොදි ටිකක් එක්ක බැදපු මිරිස් කරල් දෙකක් සහ පපඩම් තමයි අපේ ආහාරය උනේ. මේ ඔක්කොම නෙලුම් කොලේ උඩට එනකොට කටට කෙල උනනවා.රසත් නියමයි. ඔබට කොලඹදී නම් මේ වගේ ආහාර වේලක් රස බලන්න බෑ,මේ අත්දැකීමත් ඉතා සුවිශේශයි.
උදැසන ආහාර වේලකට එනවානම් බත් වගේම ඉඳි ආප්ප ආප්ප පිට්‍ටු වගේ කෑම්ත් කන්න ගන්න පුලුවන්.මාලු හොද්ද එක්ක ඒවත් නියමෙට පෑහෙනවා.උදේට බත් කෑවත් ඉඳි ආප්ප කෑවත් පොල් සම්බෝල නම් අනිවාර්යයි.උදේට බුෆේ එකේ තියන කෑම දවල්ට වෙනස් වෙනවා.මෙහි අයිතිකරු වෙන බන්දුල මහත්මයා කඩේ කෑම බීම උපරිම නැවුම් තත්වයෙන් දෙන්න සැදී පැහැදී ඉන්නේ..

මෙතන ඔබ ප්‍රධාන ආහාර වේල මග හැරිලා ආවොත් ඉඟුරු දාලා තේකක් බොන්න .එයත් කදිම අත්දැකීමක්.ඒත් එක්ක කන්න ගන්නව නම් ලැවරියා කැවුම් වංඩු තලගුලි එහෙමත් තියනවා. ඉඟුරු රස තේකට පංකාදුයි මේ පැනි රසත්.ඔක්කොම කෑම නිවසේ හැදුවා වාගේමයි. නෙලුම් කොල පවා එදිනෙදා වැවෙන් කඩා ගෙන එන ඒවා.
කොහොම උනත් මෙතන මිල ගනනුත් ඉතා සාධාරනයි.දෙන්නෙක්ට කෑම එකක් රුපියල් 500න් හොඳට බඩපිරෙන්න කන්න පුලුවන්

මෙතන ඉතා හොඳ සේවාවක් හම්බවෙනවා.ගොඩක් වෙලාවට ආහාර දෙන්න ඉන්න ඉන්නේ කාන්තාවන්.ඔවුන් ඉතාම මිත්‍රශීලි.හැම වෙලේම හිනාවෙන් පිරුනු මුහුනු.ඉතා කැමැත්තෙන් වැඩ කරන බවක් පෙනෙනවා.මෙහි අයිතිකරු උනත් කිසි පැකිලීමක් නැතුව ඔබත් එක්ක කතා බහ කරාවි.කෑම ගැන හෝ ඕනි දෙයක්.
මග

කොලඹ පැත්තේ ඉඳන් මෙතනට එනවා නම් අනුරාධපුර නගරය පහු කරලා ඒ නයින් පාරේ කිලෝ මීටර් 20ක් විතර එන්න ඕනි රඹෑව හංඳියට.මිහින්තලේ පැත්තෙන් ආවත් යාපනේ පාරෙන් රඹැව හන්දියට ඇවිත් එතනින් හරියටම කිලෝ මීටරයක් ගිහාම පාරෙන් දකුනු අත පැත්තෙ මේ අවන්හල හමු වේවි.
දුරකථන 025 3 251281

මෙතන ඉතාම රසවත් පිරිසිදු කෑම කඩයක්.ඔබ යාපනේ යන ගමන් අතර මග ගමේ ක්‍රමයට කෑම ගන්න නම් මෙතන ඉතාම හොඳ ‍තෝරා ගැනීමක්.කොහොම උනත් මෙතන ආහාර දෙන්නේ උදේ සහ දිවා කාලයට විතරයි.ඒක හංදා එන වෙලාව ගැනත් සැලකිල්ලෙන්.

https://www.google.com/maps/dir//Nelum+Kole+Bath+Kade,+AH43,+Rambewa,+Sri+Lanka/@8.455664,80.493766,12z/data=!4m9!4m8!1m0!1m5!1m1!1s0x3afc612e6cf1eec7:0x8bb0ee42e58c5991!2m2!1d80.5090451!2d8.4501469!3e0?hl=en-US

පාදුක්ක / මීපේ / ගොඩගම / හංවැල්ල / මොරගහහේන සිට අනුරාධපුර ☸☸
එක දවසකට රු : 12000/=
දවස් දෙකකට රු : 14500/=
දවස් තුනකට රු : 17000/=

Chami Cabs - Padukka
071 6689585 / 072 2266695
-Travel Smart - Travel Safe - ✌

පාදුක්ක / මීපේ / ගොඩගම / හංවැල්ල / මොරගහහේන සිට කතරගමඑක දවසින් රු : 12000/=දවස් දෙකකට රු : 14500/=දවස් තුනකට රු : 17000/...
19/08/2016

පාදුක්ක / මීපේ / ගොඩගම / හංවැල්ල / මොරගහහේන සිට කතරගම
එක දවසින් රු : 12000/=
දවස් දෙකකට රු : 14500/=
දවස් තුනකට රු : 17000/=

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌

සීගිරිය- ප්‍රවේශ ගාස්තුව රු :50/=- විවෘත වේලාවන් උදෑසන 7 සිට සවස 5.30 දක්වා (අවසන් ප්රවේශය සවස 5 ) - සංචාරය සඳහා පැය 3-4...
10/08/2016

සීගිරිය
- ප්‍රවේශ ගාස්තුව රු :50/=
- විවෘත වේලාවන් උදෑසන 7 සිට සවස 5.30 දක්වා (අවසන් ප්රවේශය සවස 5 )
- සංචාරය සඳහා පැය 3-4 පමණ ගතවේ
- මුදුනට නැගීමට විනාඩි 60-90 පමණ ගතවේ

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌

කන්ද උඩරට දළදා මාලිගාවේ ඇසල පෙරහැර 2016 අගෝස්තු මස 8 වෙනි දා සිට 18 වෙනි දා දක්වා.- 1 වන කුඹල් පෙරහැර අගෝස්තු මස 8- 2 වන...
07/08/2016

කන්ද උඩරට දළදා මාලිගාවේ ඇසල පෙරහැර 2016 අගෝස්තු මස 8 වෙනි දා සිට 18 වෙනි දා දක්වා.

- 1 වන කුඹල් පෙරහැර අගෝස්තු මස 8
- 2 වන කුඹල් පෙරහැර අගෝස්තු මස 9
- 3 වන කුඹල් පෙරහැර අගෝස්තු මස 10
- 4 වන කුඹල් පෙරහැර අගෝස්තු මස 11
- 5 වන කුඹල් පෙරහැර අගෝස්තු මස 12
- 1 වන රන්දෝලි මහා පෙරහර අගෝස්තු මස 13
- 2 වන රන්දෝලි මහා පෙරහර අගෝස්තු මස 14
- 3 වන රන්දෝලි මහා පෙරහර අගෝස්තු මස 15
- 4 වන රන්දෝලි මහා පෙරහර අගෝස්තු මස 16
- 5 වන රන්දෝලි මහා පෙරහර අගෝස්තු මස 17
- අගෝස්තු 18 දහවල් පෙරහැර

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌

පාදුක්ක / මීපේ / ගොඩගම / හංවැල්ල / මොරගහහේන සිට ත්‍රිකුණාමලය ☀️ දවස් දෙකකට රු : 20000/=දවස් තුනකට රු : 23000/=Chami Cabs...
05/08/2016

පාදුක්ක / මීපේ / ගොඩගම / හංවැල්ල / මොරගහහේන සිට ත්‍රිකුණාමලය ☀️
දවස් දෙකකට රු : 20000/=
දවස් තුනකට රු : 23000/=

Chami Cabs - Padukka
071 6689585 / 076 9114778
-Travel Smart - Travel Safe - ✌

Address

246/4B, Jaya Place
Padukka

Alerts

Be the first to know and let us send you an email when Chami Cabs - චමී කැබ්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chami Cabs - චමී කැබ්ස්:

Share