SL Travels

SL Travels Feel the nature is a kind of meditation. Break the monotony of life and travel with us. You will defiantly feel the difference.

මාසික කුලී පදනමට කර් එකක් අවශ්‍යයි. Looking for a Monthly Car Rental (Auto Gear)Models Preferred: Toyota Aqua, Vitz, or ...
24/04/2025

මාසික කුලී පදනමට කර් එකක් අවශ්‍යයි.
Looking for a Monthly Car Rental (Auto Gear)
Models Preferred: Toyota Aqua, Vitz, or Suzuki Wagon R.
Rental Basis: Monthly
Location: Panadura.
Contact: Mr. Thushara Perera
071 591 7202

Kellabokka Expedition 😍😍   this out 👇👇
25/08/2020

Kellabokka Expedition 😍😍 this out 👇👇

Travel with SL Travels

  Expedition       Ella       Lanka   experience   time   crowd.😍😍😍👇👇👇👇   👇👇
25/08/2020

Expedition Ella Lanka experience time crowd.😍😍😍👇👇👇👇 👇👇

ලංකාවේ ලස්සනම ගෙවත්ත බ්‍රීෆ් උද්‍යානය බ්‍රීෆ් උයනේ කල වීඩියෝවට පිවිසීමට 👇https://youtu.be/g6rs_wbILsEපරාජිත පෙම්වතාගේ මල...
19/07/2020

ලංකාවේ ලස්සනම ගෙවත්ත බ්‍රීෆ් උද්‍යානය

බ්‍රීෆ් උයනේ කල වීඩියෝවට පිවිසීමට
👇
https://youtu.be/g6rs_wbILsE

පරාජිත පෙම්වතාගේ මල් උයන ලෙසද හදුන්වන මෙම උද්‍යානය ලංකාවේ තුන්වෙනියට විශාලම උද්‍යානය වන අතර අක්කර 20 ක් පුරා පැතිරී ඇත. කෙසේ නමුත් පරාජිතයාගේ යන ප්‍රකාශය මට නම් පිලිගත නොහැකිය. ආදරයක් අහිමිවීම,තමුන් ආදරයකරන කෙනා විසින් ප්‍රතික්ෂේපවීම හමුවේ සිය දිවිය හානිකර ගැනීමට පවා පෙලබෙන ආදරවන්තයන් සිටින සමාජයක එම අහිමිවීම් බිදවැටීම් හමුවේ නැවත ශක්තිමත්ව ජීවිතයට මුහුන දෙන පුද්ගලයන් මෙන්ම ආදරයේදී මෙන්ම විරහව තුලිනුත් කලාකරුවන් බිහිවනවා යන්නටද මෙම උද්‍යානය කදිම උදාහරණයකි.

මෙම උද්‍යානයේ නිර්මාණකරු බෙවිස් බාවා මහතා, ඔහු වෘත්තීයෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් නොවන අතර sri lanka පාබල හමුදාවේ මේජර්වරයකු විය.
ඔහුට මුදල් ඕන තරම් තිබූ නිසා හමුදා සේවය වෙනුවෙන් ඔහු වැටුපක් නොගත් බවද ප්‍රසිද්ධ කතාවකි. කොලොඹ රාජකීය විදයාලයේ ඉගෙනුම ලත් ඔහු අඩි 6 යි අගල් 4 ක් උස ඉතා කඩවසම් තරුනයකු විය. ඔහුගේ උස නිසාම ඔහු වටා ගෙතුනු විවිධ කතා පවා විය. ලංකාවේ ඉතා විශිෂ්ඨ ගෘහ නිර්මාණ රැසක නිර්මාණකරු වූ ජෙෆ්රි බාවා මහතා ඔහුගේ සොහොයුරා විය. දිනක් ඔහුට මුන ගැසුනු රූමත් තරුනියක් හා ඔහු ප්‍රේමයෙන් වෙලුනු අතර හදිසියේම ඇය ඔහු අතහැර යෑමත් සමග ඇතිවූ සිත්තැවුල මත ඔහු හමුදා සේවයෙන් පවා ඉවත්වු බව කියවේ.

ඉන් පසු ඔහු සිය හුදකලා ජීවිතය කළාවෙන්ම ගෙවා දැමීමට තීරනය කර සිය පවුලට අයත් බේරුවල කාලවිල ගමේ ඉඩමේ නිවසක් පමනක් නොව ඉතා අලංකාර උද්‍යානයකුත් ඉදිකරන ලදි. ඔහු හුදකලාව කලාවක් බවට පත්කරගනිමින් විවිධ කලා නිර්මාණය ‍රැසක් උද්‍යානයේ ඉදිකර ඇත. මෙම නිවසේ සහ උද්‍යානයේ සියලු චිත්‍ර සහ මුර්තීන් ඉදිවූයේ මේ හදවත බිදුනු සොදුරු මිනිසා අතිනි. මෙම උද්‍යානයේ දකින්න ලැබෙන එකම ගැහැනු රූපය සිය මවගේ රූපය පමනි. හුදකලාවෙන් මුලු ජීවිත කාලයම ගතකල මේ සුන්දර මිනිසා අවසානයේදී මෙම මල් උයන හා සියලු දේපල සිය සේවකයන් අතර බෙදා දී 1992 සෙප්තෙම්බර් 8 වන දින සිය ජීවිතයෙන් සමුගන්නා ලදි.

වර්ෂ 1970 දී මහ ජනතාවට නැරඹීමට මෙම උද්‍යානය විවෘතවූ අතර දැනට උද්‍යානය නැරඹීමට රු.500 ක් ද උද්‍යානය හා මැදුර නැරඹීමට රු. 2,000 ක ද මුදලක් අයකරයි. මෙම තුරු ලතා,මල් වලින් මෙන්ම විවිධාකාර වූ කුරුල්ලන්, සමනලයන් ගෙන් පිරි උයනේ සීයකට වඩා වූ විවිධ ශාක විශේෂ ඇති බව කියවේ. තුරු ලතා වල පහස විදිමින් විවිධාකාර වූ පක්ශීන්ගේ හඩ පිරි එම උයනේ ගතකල හෝරා කිහිපය ඉතා සුවදායක විය. ගෘහ නිර්මාණ ශිල්පයට මෙන්ම නිස්කලංක පරිසරයටද කැමති පුද්ගලයන් විසින්ම නැරඹීයයුතුම ස්ථානයකි. සිය උයනේම සුවිසල් ඇසල ගසක් යට සිය භෂ්මාවශේෂ තැම්පත් කිරීමට ඔහු ජීවත්ව සිටි කාලයේම තීරනය කලේ පරිසරය හා බැදී ජීවත් වූ ඔහුට සිය ජීවිතය අවසානයේදීද එසේ ගතකරන්නට සිතූනිසා විය හැකිය.

✍️Sathya Danusekara

08/07/2020

Our next adventure will be Kalabokka. Be ready guys.
Stay tuned !

වසර සීයකට වඩා පැරනි අහස් නවයේ ආරුක්කු පාලමදේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ සිහින පාලම ලෙස සැලකෙන මෙම පාලම කොලඹ බදුල්ල දුම...
04/07/2020

වසර සීයකට වඩා පැරනි අහස් නවයේ ආරුක්කු පාලම

දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ සිහින පාලම ලෙස සැලකෙන මෙම පාලම කොලඹ බදුල්ල දුම්රිය මාර්ගයේ කොලඹ සිට සැතපුම් 169 ක් පමන දුරින් ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථානය දෙක අතර දෙමෝදර ගොටුවල ප්‍රදේශයේ පිහිටා ඇත. කදු දෙකක් යාකර මඩ ගොහොරුවක් මත සැදූ සවිමත් පාදමක් මත විශාල කුලුනු දහයක් ආධාරකරගෙන ආරුක්කු නවයක් නිර්මාණයෙන් සැදූ මෙම පාලම දෙමෝදර පාලම, ආරුක්කු නවයේ පාලම, ගල් පාලම, යන නම් වලින් ද හදුන්වනු ලබයි. මෙම පාලමේ උස අඩි 300 ක් ද පළල අඩි 25 ක් ද වන දැවැන්ත ආරුක්කු පාලමකි. ඒ වගේම මෙම පාලම වංගුවක් සහිතව නිර්මාණයකර ඇති අතර මෙම පාලම සහ එහි ඇති දුම්රිය මාර්ගය අංශක 9 ක වක්‍රතාවයකින් යුක්තවන අතර පාලම සහ දුම්රිය මාර්ගය 1:44 ක ආනතියකින් යුක්තය වේ. එමෙන්ම ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30 කි.

මෙම ආරුක්කු නවයේ පාලමට ලගාවීමට මාර්ග 4 ක් ඇත.ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් ඉදිරියට යෑමෙන්ද දෙමෝදර දුම්රිය ස්ථානයයේ සිට කිලෝමීටර දෙකක් ආපස්සට ගමන් කිරීමෙන්ද මෙම පාලමට ලගාවිය හැක. මා ගිය පළමු hike එක වන ඇල්ල කදු තරනය අවසානයේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට මෙම පාලම දක්වා කිලෝමීටර 2 ක් පමන පාගමනින්ම දුම්රිය මාර්ගයේ දිගේ ගිය ගමන් ඉතා මනස්කාන්ත ගමනකි. දුම්රිය මාර්ගයේ තැනින් තැන තවම පවතින සිල්බරන් කොට වල සුවද මෙන්ම මග දෙපස ෆයිනස් ගස් ඇතුලු කැලෑ බද මාර්ගයේ පිරිසිදු වාතයේ ලද සිසිලස විදිමින් ජන ශූනය කැලෑබද දුම්රිය මාර්ගයේ ගිය ගමන වසරේ වැඩි දින ගනනක් කොලඹ ගෙන්දගම් පොලොවේ පය ගසන අපට කුලුදුල් අත්දැකීමක් විය. එමෙන්ම විදේශීකයන් වැඩිදෙනෙක් පැමිනෙන්නේ ඇල්ල නගරයේ සිට නමුණුකුල පාරේ කිලෝමීටරයක් පමන ගිය පසු හමුවන කෝවිල ලගින් වැටී ඇති මාර්ගයෙනි. එසේම එහි ලගාවිය හැකි ප්‍රධාන මාර්ගය වන බදුලු මාර්ගයේ දෙමෝදර හන්දියේ සිට ත්‍රීරෝදරථයකින් හෝ කුඩා වාහනයකින් පාලම ලගට පැමිනිය හැකිය.

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ වඩා ජනප්‍රියම මෙන්ම වඩා සුවිශේෂීම පාලම වන ආරුක්කු නවයේ පාලමේ ඉතිහාසය සලකා බැලීමේදී මෙහි වැඩ අවසානකර ඇත්තේ 1919 දීය. අද වන විට මෙම පාලම වසර සීයකට වඩා පැරැණිය. එමෙන්ම මේ දක්වා කිසිම ප්‍රතිසංස්කරණයක් මෙම පාලමේ සිදුකර නොමැතිවීමද විශේෂත්වයකි.මෙම පාලම ඉදිකරන කාලයේදී පළමුවන ලෝක යුද්ධය ආරම්භවිය. එකල ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මහා බ්‍රිතාන්‍යයේ සිට රැගෙන ආ අතර ලෝක යුද්ධයට යකඩ භාවිතාකල නිසා යකඩ හිග වීමත්,භාන්ඩ ප්‍රවාහනයකරන නැව්වලට ජර්මනිය පහරදීම නිසා මෙම අමුද්‍රව්‍ය රැගත් නැව් ගමනාගමනයට අපහසුවීම සහ පාලම හදන ස්ථානයට මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහන කිරීමට අපහසුවීම මත දේශීය අමුද්‍රව්‍ය යොදාගැනීමෙන් මෙම පාලම ඉදිකිරීමට මෙම ඉදිකිරීම භාරව කටයුතු කල බ්‍රිතාන්‍ය සහ ලාංකීය ඉන්ජිනේරුවන් තීරනයකර ඇත. නමුත් දේශීය අමුද්‍රව්‍ය වල කල්පැවැත්ම සහ ශක්තිය පිලිබද ගැටලු මතුවුවත් අවසානයේදී සිමෙන්ති, වැලි, ගල් 3:2:1 අනුපාතයට මිශ්‍රකර කොන්ක්‍රීට් අච්චුගල් වලින් මෙම පාලම නිර්මාණය කරන ලදී. ආරුක්කු නවයේ පාලම මෙන් ප්‍රසිද්ධ නැතත් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා මෙවැනි ආරුක්කු තුනේ සහ ආරුක්කු හතරේ පාලම් කිහිපයක් ඇත.

මෙම පාලම ඉදිකිරීම සම්බන්දව නිල සහ නිලනොවන
මත ගනනාවකි. ජනවහරේ එන කරුනු කෙසේ වුවත් ලංකාවේ දුම්රිය ඉතිහාසයේ ලිඛ්ත කරුනු සලකා බැලීමේදී මෙම පාලම ඉදිකිරීමේ සැලසුම ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවරයකු වන එච්. ආර් මාර්වුඩ් මහතාය. එමෙන්ම ඩී. ජේ විමලසුරේන්ද්‍ර මහතා ඇතුලු ලාංකික ඉන්ජිනේරුවරුන් කිහිපදෙනෙක්ම මේ සදහා සහභාගි වී ඇත. එමෙන්ම මෙම පාලම ඉදිකිරීමට දායක වූ චාන්ලි නම් වූ බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා පලංචියකින් වැටී එම ස්ථානයේම මිය ගොස් ඇත. නමුත් ජනප්‍රවාදවලට අනුව අප ජන සමාජයේ මුල් බැසගෙන ඇත්තේ ජී.කේ අප්පුහාමි නම් වූ පුද්ගලයා මෙම අද්විතීය පාලම නිර්මාණයකලා යන්නයි.

උඩරට දුම්රිය මාර්ගය ඉදිකරගෙන යෑමේදී ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථානයන් අතර වූ පුලුල් නිම්නයක් හරහා වංගුවක් සහිත පාලමක් ඉදිකිරීමට සිදුවිය. එසේ පාලමක් ඉදිකිරීම ඉතා සංකීර්ණ වූ අතර එහි ඇතිවූ සංකීර්ණබව නිසාම දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අතරමැද නතර කිරීමට සිදුවී ඇත. ඉන් පසු ජී.කේ අප්පුහාමි යන බාසුන්නැහේ විසින් ඔහු සතු දනුම් භාවිතාකර තනිකර කැපූ කලුගල් කුට්ටි භාවිතයෙන් මෙම ආරුක්කු නවයේ පාලම ඉදිකල බවයි. තවද බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කර ගෙනා යකඩ පාලම මෙම ස්ථානයේ සවිකර ගැනීමට ගැනීමට නොහැකිව අපහසුතාවයකට පත්වූ බව කියන තවත් කතාවකි. එමෙන්ම තවත් ජනප්‍රවාදයේ එන මතයක් වෙන්නේ එම පාලමේ පාදම ශක්තිමත්ව ඉදිකිරීම සදහා කන්ද උඩ සිට ඉතා වේගයෙන් ගල් පෙරලා නිම්නයේ ගිලා බැස්සූ බවයි. නමුත් වාර්තා වලට අනුව මෙම පාදම සකසා ඇත්තේ ඉතා ගැඹුරට හාරන ලද වලවල්වල කබොක්ගල් කුට්ටි, තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රනයක් භාවිතයෙන් එකිනෙකට සවිවීමට සැලැස්වීමෙනි. එමෙන්ම පාලම නිර්මානයකිරීමට යොදාගෙන ඇත්‍තේ සිමෙන්ති, ගල් සහ වැලි මිශ්‍ර ක්‍රොන්ක්‍රීට් අච්චුගල් වලිනි.

ඉන් පසු මෙම නිර්මාණය කල පාලම මතින් දුම්රිය ගමන් කරවීමට බ්‍රිතාන්‍ය ජාතික ඉන්ජිනේරුවන් බියවූ බවත් පසුව අප්පුහාමි බාසුන්නැහේ පාලමේ ආරුක්කු යට නිදාසිටිය දී දුම්රිය පාලම උඩින් ගමන් කිරීමට සලස්වා එහි ශක්තිය තහවුරු කිරීමට ඉදිරිපත් වූ බවත් කියවේ. බ්‍රිතාන්‍ය ජාතික ඉන්ජිනේරුවන් පාවා මෙම විශ්මිත නිර්මානයෙන් අමන්දානන්දයට පත්වූ බව කියවේ. ලිඛිත තොරතුරැ සහ මුඛ පරම්පරාවෙන් පැවත එන තොරතුරැ අතර ගැටෙන සුලු බවක් ඇතත් අතීතයේ දේශීය තාක්ෂනය යොදාගෙන ලොව මවිත කල නිර්මාණයන් රැසකට හිමිකම් කියන අපට මෙම ජනප්‍රවාදවල එන තොරතුරැ එකවර බැහැර කල නොහැක.

මෙම පාලමේ ආරුක්කු යට ඹබර වද නිර්මාණයකර ඇති අතර එය නැරඹීමට යන ඔබ ඒ පිලිබදව අවදානයෙන් කටයුතු කලයුතුය. මන්ද යත් කිහිප වරක් සංචාරකයන්ට මෙම ස්ථානයේදී සිදුවූ ඹබර ප්‍රහාර ගැන වාර්තා වී ඇති බැවිනි. එමෙන්ම මෙම පාලමේ උඩ සිට ඡායාරූප ගැනීමේදී ඉතා කල්පනාකාරී විය යුතු අතර එවන් අවදානම් ක්‍රියාවන් වල නොයෙදෙනවානම් වඩා හොදය. මෙම ස්ථානය ජනප්‍රිය වීමත් සමග ඒ අවට පරිසරය විනාශයට පත්ව ඇත. මට හැගෙනා විදියට මෙම පරිසර විනාශට වගකිවයුතු වන්නේ වගකීම් විරහිතව දේශීය සංචාරකයන්ය. අප රටේ මෙවන් ස්ථානයන් අනාගත පරපුර වෙනුවෙන් අප ආරක්ෂාකල යුතුය. එමෙන්ම
👣 පමනක් තබා ඒම අප සැමගේ වගකීමය.

අන්තර්ජාලයෙන් ලබා ගත් එම ස්ථානයේ සුන්දරත්වය පිලිබිඹු කරන ඉතා වටිනා ඡායාරූප වල හිමිකරු චම්පික රත්නායකට විශේෂ ස්තුතියක් හිමිවිය යුතුය. 📸

✍️ සත්‍යා ධනුසේකර

Guys are you ready for next event?
14/06/2020

Guys are you ready for next event?

සැලසුම් නොකල චාරිකා වඩාත් සාර්ථකයි කියනව නේද? මේකත් ඒ වගේ ගමනක්. කලින් දවසේ හවසකතා වුනේ ඇල්ල යමුද කියලා. ඒවගේම ladies on...
14/06/2020

සැලසුම් නොකල චාරිකා වඩාත් සාර්ථකයි කියනව නේද? මේකත් ඒ වගේ ගමනක්. කලින් දවසේ හවස
කතා වුනේ ඇල්ල යමුද කියලා. ඒවගේම ladies only චාරිකාවක්. තනුජි, ලලී සහ මම තමයි මේ ගමනට සහභාගි වූයේ. ගෑනු අය විතරක් තනියෙන් ගමන් යන්න බයයි වගේ නේද. ඒකත් ලංකාව වගේ රටක. ඒත් පිටරට වල ගැහැනු ලමයි තනියම ඇවිත් අපේ රටේ සුන්දරත්වය විදලා යනවා. පොඩි අවදානමකුත් නැතුව නොවෙයි. කෙසේ නමුත් අප උදේ 5.55 පොඩි මැණිකේ දුමරියට කොලඹින් ගොඩවුනේ හපුතලේ බලා පිටත්වීමට.

කොලඹ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය ගමන් මාර්ගය ලෝකයේ සුන්දරම සංචාරක දුම්රිය මාර්ග වලින් එකක්.බොහෝ විදේශීය සංචාරකයන් අනිවාර්යයෙන් උඩරට දුම්රියෙන් ඔවුන්ගේ සිහින පාරාදීසය වන ඇල්ල බලා ගමන්කරයි. විදේශීය මෙන්ම දේශීය සංචාරකයන්ගේද සුන්දර ගමනාන්තයන් වන නුවර,ගම්පොල, ගලබොඩ, හැටන්, ග්‍ර්ට්වෙස්‍ටර්න්, නානුඔය, පට්ටිපොල, ඔහිය, ඉදල්ගහින්න, හපුතලේ, බන්ඩාරවෙල, කිතල් ඇල්ල, ඇල්ල,දෙමෝදර හරහා මෙම සුන්දර දුම්රිය ගමන් මාර්ගය බදුල්ල දක්වා වැටී ඇත.කලින් වරක් මා කුඩා කල දෙමාපියන් සමග නානුඔයට ගොස් ඇති අතර එම මාර්ගය ඉතා සුන්දර වටපිටාවකින් යුත් බවට අපැහැදිලි මතකයන් සමග කාලයක් තිස්සේ යෑමට බලාපොරොත්තුවෙන් සිටි ගමනකි. හෙමින් සීරුවේ ලළනා ගමනකින් පොඩි මැණිකේ දුම්රිය කදු හෙල් පසුකරමින් තේවතු මැදින් වංගු ගැසෙමින්, බිංගෙවල් තුලින්, කලෑ පසුකරමින්, නිම්න මතින් වැටුනු පාලම් මතින් මිහිදුම් පිරුනු සීතල පරිසරයක් හරහා ඉදිරියට ඇදුනේ දිව්‍යලෝකයට යන පාරක්ද කියා අපට සිහිකරමිනි. කලින් අප තරනයකල ග්‍ර්ට්වෙස්‍ටර්න් කදුවැටිය මිහිදුම්න් වටවී තිබෙන ඉතා සුන්දර දසුනක්ද අපට දැකගත හැකිවිය.

අප සිටි දුම්රිය මැදිරියේ හරි අඩකට වඩා සිටියේ විදේශීකයන් වන අතර ඔවුන් එම ගමනේ සුන්දරත්වය විදින ආකාරයත් විවිධ වර්ගයේ කැමරා මානාගෙන එකතුකර ගන්නා මතකයන් දුටු මා හට මගේ රටේ සුන්දරත්වය ගැන ආඩම්බරයක් ඇතිවිය. එමෙන්ම ඉවතලන දෑ දුම්රියේ නියමිත ස්ථානයේ බහාලීමට තරම් ඔවුන් විනයගරුකවන අතර ඉවතලනදෑ සිටින
තැන බිමට අතහැරීම මෙන්ම ජනේලයෙන් පිටතටද විසිකරන අප රටේ බොහෝ මිනිසුන්ට එම විදේශිකයන් ආදර්ශයකි. අප ගමනාන්තය හපුතලේ වුවත් බදුල්ල බලා යෑමට තීරනය කලේ කිසි දිනක මා බදුල්ල බලා දුම්රියෙන් ගොස් නොමැති බැවිනි. ඇල්ල දුම්රිය ස්ථානය පසුවූ විට අප ජනෙල් වලින් එබී දෑස් අයා සිටියේ ලෝක ප්‍රකට ආරුක්කු නවයේ පාලම මතින් දුම්රිය ගමන් ගැනීම නැරඹීමටය. කොහොම නමුත් ඒ වගේ දේවල් කරනවා නම් ඉතින් පරිස්සමින්. සවස 5 ට පමන පොඩි මැණිකේ බදුල්ල දුම්රියපලට ලගා වූ අතර අප ආපසු සවස 5.30 බදුල්ලෙන් කොලඹ බලා පිටත්වන තැපැල් දුම්රියෙන් හපුතලේ බලා පැමිනියේ කලින් වෙන්කරගත් ස්ථානයේ රාත්‍රිය ගතකිරීමටයි.

පසුවදා උදෑසන අවදිවූ අප කලින් සැලසුම්කර සිටි ඇල්ල ප්‍රදේශයේ ස්ථාන නැරඹීම වෙනුවට උඩු දියලුම යෑමට තීරයනය කලේ ලලීගේ යෝජනාව මතය. ඉතා කෙටිවෙලාවකින් එම ස්ථානයේ තොරතුරැ රැස්කරගත් අප උදේ අහාර රැගෙන ත්‍රීරෝදරථයකින්
කොස්ලන්ද බෙරගල ප්‍රදේශය බලා පිටත්වූයේ කාන්තාවන් තිදෙනෙකුට පමනක් යෑම අනාරක්ෂිත යැයි හැගීමක් ඇතිකරත් උඩුදියලුම නැරඹීමටය.

උඩු දියලුම කියන්නේ ලංකාවේ උසින් දෙවන ස්ථානය හිමිවන දිය ඇල්ල වන දියලුම (220 m) ඇල්ල පහල වැටීම පටන් ගන්නා ස්ථානය හා උඩු දියලුම දිය ඇලි සහ ඒ වට පිහිටි මනස්කාන්ත පරිසරයයි. උඩු දියලුමට යෑමට මාර්ග තුනක් ඇතත් අප තෝරාගත්තේ දියලුම ඇල්ල පසුවී කිලෝමීටරක් පමන කොස්ලන්ද දෙසින් ඇති මාර්ගයයි. රබර් වත්තක් මැදින් දිවෙන මේ පාර දිගේ ගොස් කුඩා ගමක් මැදින් කුඩා කදුගැටයක් නැග පැයක පමන කාලයකින් අපට පූනගල ඔය කදුමුදුනින් පහලට වැටී දියලුම ඇල්ල නිර්මානය වන ස්ථානයට ලගාවීමට හැකිවිය. දියලුම ඇල්ල ඉහල පිහිටි ස්වාභාවික තටාකයට බොහෝ අය බහින නමුත් අප ගියේ වර්ෂාව අධික දිනක බැවින් එයට බැසිම අවදානම සහගත විය. අප එහියන විට අපව පිලිගැනීමට පැමිනියේ සුදුපැහැති කුඩා බලුපැටියෙකි. අපට ඉතා ලෙන්ගතුවූ එම බලු පැටියාට අප සතුවූ අහාර ලබා දුන් අතර ඇගේ කිනිතුල්ලන් පිරීහිටපු නිසා උන් අයින් කිරීමට ඔයේ වතුරින් නෑවීම හැර වෙන විකල්පක් අපට තිබුනේ නෑ. එයා අපිත් එක්කම උඩු දියලුම දිය ඇලි ලගටම ආව. ඇත්තටම එයාව ගෙදර ඇවිල්ලත් මතක් උනා. ඒත් එයා වෙනුවෙන් මුකුත්ම අපට කරගන්න බැරිඋනා කියලා තමයි හිතුනේ.

ඊට පසු අප උඩුදියලුම ඇල්ල (30 m) මුදුනට ගියා. අප එහි යන විටත් විදේශීකයින් කිහිප දෙනෙක් ඇවිත් ඇල්ල මුදුනේ සිට පහල තිබෙන ස්වාභාවික තටාකයට පනිනවා. ඒත් එම තටාක ගැඹුරු බව ඒවායේ අදුරු පැහැහෙන් බැලූබැල්මටම පේනවා. පිහිනීමට නොහැකි අය මෙම ගැඹුර නොදන්න තටාකවලට පැනලා අනවශ්‍ය ජීවිත අවදානමක් ගන්න එපා. දිය ඇල්ල මුදුනේ සිට මදක් ඉහලට ගිය විට හිතේ හැටියට පැනලා නාගන්න පුලුවන් තැනක් තියෙනවා. ඒකට පැනලා නාගත්ත අපි එතන තියන කඩේට ගිහින් කෝපි එකක් බොන ගමන් කඩේ හියපු සීයා එක්ක කතාවට වැටුනා. සීයා කියනවා එතන හොල්මන් තියනවලු. උඩු දියලුම ඇල්ලට උඩින් තියන කුඩා ඇල්ල, නිසල දිය ගැඹුරුයි කියනවා වගේ එතන නාපු අය මැරිලා තියනවලු. බිලිගන්න තැනක් කියලා තමයි සීයනම් කිවේ. ඒ වගේම ජනප්‍රවාදයක් තියනවලු දියලුම ඇල්ල සමග තරුන රජ කෙනෙක් හා කුලයෙන් අඩු කාන්තාවක් හා සම්බන්ද ශෝකාන්තයක්. දියලුම ඇල්ල තරනය කරලා වාර්ථාවක් තියන්න ගිය දමින්ද නම් තරුනයෙක් ඇල්ලෙන් වැටිලා මිය ගිහින් තියනවා.
ගොඩක් අනතුරු වුන සහ වෙන්න පුලුවන් තැනක් ඒක නිසා මෙතෙන්ට ගියොත් ඔයාලගේ ආරක්ෂාව ගැන අවදානයෙන් ඉන්න.

පසුව අප පයින්ම දියලුම ඇල්ල පහලට ආවා. අපි මේ දිය ඇල්ල උඩ හිටියා කියනකොට පුදුමත් හිතුනා. මොකද දියලුම කෙල්ල ඒතරම් උසයි. වහින දවස් නිසා පාරටත් වතුර විසිවෙනවා.එතන තියෙන් කඩෙන් කෝපි අරගෙන ඇල්ල ඉස්සරහා තියන පාලම උඩ ඉදන් ඇල්ල දිහා බලාගෙන දිය ඇල්ලෙන් විසිවෙන් වතුරෙ තෙමීගෙන කෝපි කෝප්පයක් බොන එකෙත් අමුතුම ගතියක් තියනවා. ඇත්තටම අපි තුන්දෙනා මේ ගමන තනියම ගියා කියලා හිතෙන කොටත් පුදුම හිතෙනවා. ඒ වගේම කාලෙකින් ගිය නිදහස් ලස්සන ගමනක්.

පව්ලේ සියලු දෙනාම එක්ක උනත් ගිහින් දවස ගතකරලා එන්න පුලුවන් ගමනක්. මග පෙන්වන අය ගමෙන් හොයා ගන්න පුලුවන්. ඒත් යනව නම් ඔබේ ආරක්ෂාව සහ පරිසරයයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.

✍️ සත්‍යා ධනුසේකර

📸 අප ලබාගත් ඡායාරූප වලට අමතරව අන්තර්ජාලයෙන් ලබාගත් දියඇලිවල ඡායාරූප කිහිපයට එහි හිමිකරුවන්ට ස්තූතිය හිමිවිය යුතුය.

දහස් ගනන් රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පින් බිමක් වූ නූතන භාවනායෝගීන්ට බවුන් වැඩීමට තෝතැන්නක් වන මිහින්තලය කලුදිය පොක...
05/06/2020

දහස් ගනන් රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පින් බිමක් වූ නූතන භාවනායෝගීන්ට බවුන් වැඩීමට තෝතැන්නක් වන මිහින්තලය කලුදිය පොකුණ තපෝවනය ආරාමය.

සංචාරකයෙක් වුනහම කදු, දියඇලි, ගංගා, මුහුදවල් හොයාගෙන යනවා වගේම රටක සංස්කෘතික වටිනාකමක් තියෙන ස්ථානය වලත් සංචාරය කලයුතුය. සීතල මීදුමින් පිරි කදු මුදුන් මාගේ ප්‍රියතම ගමනාන්තයන් වුවත් මා අප රටේ අතීත ශ්‍රී විභූතිය විදහාපාන ස්ථානය නැරඹීමටත් ඉතා ප්‍රියතාවයක් දක්වමි. සෑම වසරකම අගෝස්තු මාසය ලබන තෙක් බලා සිටින්නේ බැලුවන්ගේ නෙත් සිත් වශීකෘතවන අතීතයේ රහතන් වහන්සේලා දස දහස් ගනනකගේ පාදස්පර්ශය ලැබූ සුන්දර හුදකලා වන ලැහැබකින් යුත් මේ පුන් බිමේ පහස විදීමය. සැම වසරක අප පවුලේ සාමාජිකයන් විසින් අගොස්තු මස මෙම හුදකලා බිමේ බවුන් වඩන සුපින්වත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පිරිනමනු ලබන දානමය පිංකමට සහාභාගීවීමට ලැබීම මම ලැබූ භාගයක් ලෙස සලකමි.

මිහින්තලේ බටහිර බෑවුම පාමුල පිහිටා ඇති මෙම පොකුණ පොකුණු අතුරින් විශාලතම වන අතර වර්ෂා සමයේ මිහින්තලා කන්දෙන් එන ජලය එක්‍ රැස්වුන විලක්, පොකුනක් ලෙස විදිමත්ව බැමි යොදා සකසා ඇත. අතීතයේ මෙම ස්ථානය හැදින්වීමට භාවිතාකල නම පිලිබඳ පැහැදිලිතාවයක් නොමැති අතර අසල ඇති වනාන්තරයේ සහ කදුවල හෙවනැලි දවසේ බොහෝ වෙලාවක් මෙහි දිය මතට වැටෙන නිසා මෙන්ම මෙම පොකුනේ ගැඹුර නිසා ජලය කාල වර්ණයෙන් යුක්ත බැවින් මෙම පොකුණ කලුදිය පොකුන ලෙස වරතමානයේදී හදුන්වනු ලබයි. මිහිදු හිමියන් ලංකාවට වැඩිය කාලයේ සිටම මේ අවට පවතින ගල් ලෙන් ස්වාමීන්වහන්සේලාගේ නේවාසික පහසුකම් වෙනුවෙන් භාවිතාකල අතර මෙය වධිමත් ආරනය. සංකීර්ණයක් ලෙස භාවිතාකරන්නේ අනුරාධපුර යුගයේ මධ්‍යභාගයේ සිටය.

වර්ග මීටර 1750 ක් පමනවන මෙම පොකුනු මද්‍යයේ බැලූ බැල්මටම නැවක් ආකාරයෙන් දිස්වන භික්ෂූන් වහන්සේලාගේ විනයකර්ම සිදුකිරීමට භාවිතාකල සීමා මාලකයක පාදමකට අයත් කොටසක් දැකිය හැකිය. මෙම පොකුනේ පිහිටීම අනුව නිර්මාණය කර ඇති ගොඩනැගිලි සංකීර්ණය එදා හෙලයින් සතුවූ දැනුම පිලිබිඹුකරන කැඩපතක් වැනිය. දාගැබ්, උපෝසතාගාර, ස්වාභාවික ගල්වල පියස්සවල් ආධාරයෙන් ගලින් නිම කෙරූ කුටි, ගොඩ නැගිලිවලට සම්බන්දව ඉදිකෙරූ වැසිකිලි, කැසිකිලි වල අයත් නටබුන් මෙහිදී දැකගත හැකිය

සද්ධාතිස්ස රජුකල වැඩ විසූ කාල බුද්ධරක්ඛ්‍ත හිමියන් කලු පෝය දිනක,කලු තිබිරි ගසක් යට, කලු ගල් ආසනයක් මත වැඩසිට,කාලකාරාම සූත්‍රයෙන් සිදුකල දේශනය පිලිබදව මනෝරතපූරනීය අටුවා ග්‍රන්ථය සදහන් අතර එහි සදහන් වන කලුදිය පොකුණ මෙම පොකුණ බවට විශ්වාස කරනු ලබයි. සියල්ලම කාලවර්ණ බැවින් බොදුණුවන්ට විශේෂ මෙන්ම අමතක නොවන මෙම සිදුවීම මෙම ස්ථානයේ මෙම ගල් ආසනයක සිදුවූ බැවින් ඒවායේ හිස තබා බොහෝ සැදැහැවතුන් ආචාරකරනු ලබයි.

කිසිදා නොහිදෙන මෙන්ම පතුල කිසිදු දිනක නොදැකින මෙම පොකුන අතීතයේ මෙන්ම වර්තමාන සංඝරත්නයද, භාවනා වැඩසටහන් වලට සහභාගිවන ගිහියන්ද ස්නානය කිරීමට භාවනාකරන අතර මෙම පොකුන භාවිතාකරන විට එහි අවදානම පිලිබදව සැලකිලිමත් වියයුතුය.එමෙන්ම එය ආශිතව ජීවත්වන විවිධ ජීවීනට හානියක් නොවන ලෙස භාවිතාකල යුතුය.

ගත සිත නිවී සනහන අතීත රහතන් වහන්සේලා වැඩ සිටි පින් කෙතක් බදුවූ මෙම ස්ථානයයේ වරතමානයේද එම අරහත් පරපුරෙන් පැවත එන සිල්වත් ස්වාමීන්වහන්සේලා වැඩසිටින අතර මෙහිදී බන භාවනා කිරීම තුලින් තම චිත්ත ශක්තිය ඉක්මනින් වඩා ගත හැකි බව පිලිගැනීම වන අතර මෙහි භාවනා කිරීම සදහා දේශීය මෙන්ම විදේශීකයන්ද පැමිනේ. විශ්ව ශක්තිය ලබාගත හැකි ස්ථානයක් ලෙස බොහෝ දෙනා පිලිගන්නා අතර එහි ඇතැම් ස්ථානවල චුම්බක ක්ෂේත්‍රයන්ගේද වෙනස්කම් සිදුවන බව සදහන් වන අතර අදටත් විදේශිකයන් මෙහි පරීක්ෂණ සිදුකරයි.

බොහෝ රාවනා පුරාවුර්ථයන් හා මෙම ස්ථානය බැදී පවතින අතර ඒ අතරින් ලංකාවේ පවතින බලකේණ්ද්‍ර ලෙස සලකනු ලබන සීගිරිය, රන්මසු උයන අතරට මෙම කලුදිය පොකුණද රාවනා රජු විශ්වය සමග සම්බන්ද වීමට යොදාගන්නා සක්වල දොරටුවක් ලෙස භාවිතාකල කර ඇතැයි යන්න බොහෝ ජනප්‍රවාදවල සදහනය.

විසල් තුරු ලතා වලින් පිරි තපෝවනය ආරාමයට පිවිසෙන කෙනෙකුට බවුන් වැඩීමට සිතෙනු නොඅනුමානය. ඒ සදහාම වෙන්වූ වැඩසටහන් ගිහියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර සෑම පොහොය දිනකම එහි ගොස් සිල් සමාදන්විය හැකිය.
මෙම ස්ථානයට මෙම අරමුනවලම පිහිටා යායුතු අතර වෙනත් අරමුනු වලින් එහි යන්නේ නම් එහි නොයා සිටීම යහපත්ය. මෙම පුදබිමේ සංවරව හැසිරීම සහ එම ස්ථානය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම අපගේ වගකීම බව නිරතුරැ සිහිරදවා ගන්න.

✍️ සත්‍යා ධනුසේකර

Address

Nalluruwa
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when SL Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category