ALIYA

ALIYA we are ALIYA Travel team � �

මීදුම් සේලය අතරින් අති උත්තම සමනල අඩවියට දෙපා නගන්නට අවසරයි 🍃 ⛅    🇱🇰     🐘
17/12/2021

මීදුම් සේලය අතරින් අති උත්තම සමනල අඩවියට දෙපා නගන්නට අවසරයි 🍃 ⛅


🇱🇰

🐘

17/12/2021
වීරෝදාර රණවිරුවන්ගේ දෑත් වලින් නිමවූ සදහිරු චෛත්‍ය රාජයාණන් වහන්සේ සසුනට පුදකරනු ලබයි....තිස්වසරක් පැවති කුරිරු යුද්ධය හ...
18/11/2021

වීරෝදාර රණවිරුවන්ගේ දෑත් වලින් නිමවූ සදහිරු චෛත්‍ය රාජයාණන් වහන්සේ සසුනට පුදකරනු ලබයි....

තිස්වසරක් පැවති කුරිරු යුද්ධය හේතුවෙන් දිවි අහිමි වූ රණවිරුවන් සිහිකිරිමටත් යුද්ධය හේතුවෙන් ආබාධිතව සිටින සියලූම රණවිරුවන් සිහිවීම උදෙසා .2010 වර්ෂයේ වැඩ ආරම්භකරන ලද මෙම මහා සෑය....2021/11/18 ඉල් පුන් පොහොදා .එනම් අද දින මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මද්දේ සසුනට පූජා කලේය


පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසැති මේ චෛත්‍යයේ සම්පූර්ණ විශ්කම්භය අඩි 255කි.
මේ සදහා දායකවූ සියලූම පාර්ශවයන් උදෙසා මෙපින් හේතු වාසනා වේවා..

🐘



🇱🇰

මීට කලින් දැකලා තියෙනවද 😍 හිතන්නවත් පුළුවන්ද මේ වගේ සර්පයන් ඉන්නවා කියලා 🐍 ලංගගහ කුලයට අයත් මෙම සර්පයන් මැඩගස්කරයේ පමණක්...
12/09/2021

මීට කලින් දැකලා තියෙනවද 😍

හිතන්නවත් පුළුවන්ද මේ වගේ සර්පයන් ඉන්නවා කියලා 🐍

ලංගගහ කුලයට අයත් මෙම සර්පයන් මැඩගස්කරයේ පමණක් වාසය කරන අතර ඔවුන් සර්පයන් අතර සිටින අමුතුම හා දුර්ලභ ගණයේ විශේෂයකි. ඔබ මෙහි දකින ඡායාරූප කෙතරම් දුර්ලභද යන්න විස්තර කිරීමට අපහසුය. කෙසේ වෙතත්, මම මගේ ජීවිතයේ දී මෙම මැණික් නැවත හමු වේ යැයි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ...

උපුටා ගැනීමකි

📷 First Owner 🔥


🇱🇰
🐘

 #පින්නවල_අලි_සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඉතිහාසගත  #නිවුන්_අලි උපතක්  🐘පින්නවල ඉන්න සුරංගි කියන කෙනර නිවුන් අලි උපතක් සිදු ...
31/08/2021

#පින්නවල_අලි_සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඉතිහාසගත #නිවුන්_අලි උපතක් 🐘

පින්නවල ඉන්න සුරංගි කියන කෙනර නිවුන් අලි උපතක් සිදු කර තිබෙනවා.පැටවුන්ගේ පියා කන්ඩුල නැමති අලියෙක් කියලා තමයි තොරතුරු ලැබුනේ..

පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් වන අතර.පලුමු පැටවා උදේ 4 ට හා දෙවන පැටවා උදැසන 10 පසුවී මෙලොවට බිහිවී ඇත.
මෙය ශ්‍රී ලංකික ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපතයි.

මේ වන විට පැටවුන් දෙදෙනා මනා සෞඛ්‍ය මට්ටමකින් පසුවන බව වාර්තා වනවා.






🇱🇰
🐘

 #පහන්තුඩාව_ඇල්ල 🇱🇰 සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල වැව සංචාරක කලාපයේ බෙලිහුල්ඔය පිහිටා ඇති පහන් තුඩාව සංචරණයට ...
29/08/2021

#පහන්තුඩාව_ඇල්ල 🇱🇰

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල වැව සංචාරක කලාපයේ බෙලිහුල්ඔය පිහිටා ඇති පහන් තුඩාව සංචරණයට සොඳුරු තොතැන්නකි.මෙහි ඇති ස්වභාව සෞන්දර්යාත්මක වටිනාකම නිසාම දෙස් විදෙස් සංචාරකයින් බොහොමයක් මෙම ස්ථානය කරා ආකර්ෂණය වෙයි.සංචාරණ ක්‍රියාවලිය තුළ ස්වභාවික හා පාරිසරික සංචරණයට ලැදි සෑම අයෙක් අනිවාර්යයයෙන්ම නැරඹිය යුතු සුන්දර ස්ථානයක් ලෙස මෙම පහන්තුඩාව හැඳින්විය හැකි ය.

මෙම පහන්තුඩාව ලංකාවේ දියඇලි අතුරෙන් තවත් එක් සුවිශේෂි නිර්මාණයකි.ඊට හේතුව එහි පිහිටීම හා ස්වභාවයයි.මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන නම ලැබෙන්නේද එහි ස්වභාවික පිහිටීම නිසාය .මෙම දියඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තය.එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක විලාසයෙනි.එනිසා මෙය පහන්තුඩාව ඇල්ල යනුවෙන් ව්‍යවහාර වී ඇත.

මෙම දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීම තවත් වැදගත් අංගයකි.වටිනා ශාක විශේෂ ,සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දැක ගත හැකිය.මෙම දිය ඇල්ල සම්බන්ධව විවිධ ජනප්‍රවාද පවතී. එක්තරා මිනිසෙකු ඇති වූ පවුල් ආරවුලක් නිසා මෙම ස්ථානයේ ඇති ගලෙහි යමක් කොටා බඩෙහි ගලක් බැඳගෙන මෙම ස්ථානයට පනින ලද බව කියනු ලැබේ.

මෙම ස්ථානයේ දිය නෑම තරමක් ත්‍රාසජනක මෙන්ම අවධානම් සහගතය. අධික ගැඹුරක් පවතින බවත් එහි පතුළ සොයා ගැනීමට පවා නොහැකි බව ගම්මුන් පවසති. අධික වර්ෂාවන් සහිත අවස්ථාවලදී දිය ඇල්ලට ඉහළ ප්‍ර‍දේශයන්හි ජල මට්ටම වැඩි වන විට විනාඩි 10ත් 15 ත් අතර කාලය තුල මෙම ස්ථානයේ ජල මට්ටම එකවරම වැඩි වේ.එබැවින් මෙහි දිය නෑම අවධානම් සහගතය.

ස්වභාව දහමේ මනහර නිමවුමකැයි හඳුනාගත හැකි පහන්තුඩාව ඇල්ල මතුවටත් ආරක්ෂා කර ගැනීම දෙස් විදෙස් සියලු සංචාරකයින්ගේ වගකීමකි. සිසිලස ,පහස මෙන්ම මෙම පරිසරයට ආවේණික සත්ව විශේෂ ,ශාක විශේෂ ,මෙම ස්ථානයට නුදුරින් ඇති සමනළ වැව සංචාරක කලාපයේ සියලු සොඳුරු දසුන් දකින්නට විඳින්නට මෙම ස්ථානය සංචරණය කිරීමතුළින් හැකියාව පවතී.ශ්‍රී ලංකාවේ නුදුටු සුන්දරත්වය සියැසින් දැක ගන්නට නුඹත් එන්න සංචරණයට පහන්තුඩාව.ගියාට තියන ලස්සන සොබාදහම විනාශ කරන්න නම් එපා.

✍️📷 උපුටාගැනීමකි



#පහන්තුඩාව

🇱🇰
🐘

ඩොරික් බංගලාව 🇱🇰 Doric Bunglow අද අපේ කතාව අතීතයේ අභිමානවත් ව පැවති වර්තමානයේ ගරාවැටෙමින් යන නටඹුන් පමනක් දැකිය හැකි අතී...
27/08/2021

ඩොරික් බංගලාව 🇱🇰
Doric Bunglow

අද අපේ කතාව අතීතයේ අභිමානවත් ව පැවති වර්තමානයේ ගරාවැටෙමින් යන නටඹුන් පමනක් දැකිය හැකි අතීත බංගලාවක් ගැන...

ඒ....මන්නාරම් වෙරළ තීරයේ 1800 ගණන්වල ඉදි වූ මෙරට පැවැති මනස්කාන්තම නිවහන වන ‘ඩොරික් බංගලාව’ ගැනයි..

මෙහි ජායාරූප එකතුවේ මේ මාලිගාවේ මුල් ස්වරූපය පෙන්නුම් කෙරෙන පින්තූරයකුත් තියෙනවා..
ඒක දැක්කම හිතෙයී මේ ඒ තැනමද කියලත්...
මම මේ ඩොරික් බංගලාව ගැන මුලින්ම ඉතිහාසය කියන්නම්...

ඔයාලා දන්නව ද මෙරට පාලනය කළ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝර්ත් මහතා නැවතී සිටි නිවහන මෙය බවට විශ්වාස කරනවා.

ග්‍රීක ව්‍යවහාරයක් වන ‘ඩොරික්’ යන්නෙහි අදහස වන්නේ දැවැන්ත කුළුණු සහිත ආරුක්කුවලින් සමන්විත වීමයි. එම අර්තයෙන් මෙයට ඩොරික් බංගලාව කියන නම වැටිලා තියෙනවා...

ග්‍රීක සම්ප්‍රදායට මෙම ගොඩනැගිල්ල ෆෙඩ්රික් නොර්ත් මහතාගේම සැලසුමකට අනුව ඉදිකර වූ බව ද කියැවේ..

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ වෙරළ තීරයේ ගල් පර්වතයක් මත ඉදිකර ඇති ඩොරික් මන්දිරයේ ඉතිරිව ඇති ගොඩනැගිලි කොටස් ද බරපතල ලෙස මුහුදු ඛාදනයට ලක් වෙමින් පැවතීම කණගාටුවට කරුණකී..

එවක මෙම බංගලාවේ පහත මාලය කාමර හතරකින් හා විශාල සාලයක් සහිතව තිබූ අතර ඉහල මාලය ද නිදන කාමරයකින් යුක්ත විය.

1804 දී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල පිළිබඳව 1807 දී ජේම්ස් කොඩිනර් පියතුමන් විසින් රචිත Description of ceylon කෘතියෙහි සඳහන් වන්නේ ‘‘එය අවිවාදයෙන්ම මේ දිවයිනේ පිහිටි මනස්කාන්තම නිවහන වන අතර ගෘහ සැලසුම් ශිල්පයට අනුව නිමවන ලද එකම ඉදිකිරීම විය හැකිය.’’ යනුවෙනි...

ඇත්තටම මෙම නටඹුන් දැකීමෙන් පෙනී යන්නේ මන්නාරමට වැටෙන අධික අව් රශ්මිය මේ දැවැන්ත ගොඩනැගිල්ලේ දැවැන්ත ගඩොල් බිත්තිවලින්, සිසිල්කර තිබෙන්නට ඇති බවයි...

වසර 220ක් පමණ පැරණි මෙය, ජාතික උරුමයක් ලෙස ආරක්‍ෂා කළ යුතු වුවත් අද වන විට ගොඩනැගිල්ලේ බටහිර බිත්ති රැසක් මූදට පෙරළී තිබෙනවා..

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම්කර ඇති මුත් සංරක්‍ෂණ වැඩ පිළිවෙළක් නම් අපිට දකින්න ලැබෙන්නෑ...

දමිළ බසින් ‘අල්ලේ රාණි කොටුව’ යනුවෙන් හැඳින් වූ මෙම බංගලාව ත්‍රස්තවාදී බලපෑම් වලට නම් නතු වෙලා නෑ...

උපුටාගැනීමකි
📷 First Owner




🇱🇰
🐘

 #අවසන්_රන්දෝළි_මහා_පෙරහැර  - 2021නැදුන්ගමුවේ රාජා ඇතුන් සමග ඉන්දි රාජා හා කතරගම වාසනා ඇතුන් දෑලේ ගමන් කරමින්
22/08/2021

#අවසන්_රන්දෝළි_මහා_පෙරහැර - 2021

නැදුන්ගමුවේ රාජා ඇතුන් සමග ඉන්දි රාජා හා කතරගම වාසනා ඇතුන් දෑලේ ගමන් කරමින්

කාළවර්ණ පින්කද අප  #නැදුන්ගමුවේ_රාජා මගුලැතුවර්තමානයේ ශ්‍රී ලාංකීය හීලෑ හස්ති රාජ පරපුරේ ස්වර්ණමය සලකුණ නැදුන්ගමුවේ රාජා...
29/07/2021

කාළවර්ණ පින්කද අප #නැදුන්ගමුවේ_රාජා මගුලැතු

වර්තමානයේ ශ්‍රී ලාංකීය හීලෑ හස්ති රාජ පරපුරේ ස්වර්ණමය සලකුණ නැදුන්ගමුවේ රාජා මගුලැතුය.
ඉන්දියාවේදි ජන්මය ලබා ඇති මේ ඇතු දෙහිවල නිලම්මහර ධර්මාරාම වෙද හිමියන්ගෙන් ප්‍රතිකාර ලබාගත් ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහාරාජාවරයෙකු විසින් වෙද හිමියන්ට ලබාදෙන තුටු පඩුරක් වශයෙන් වර්ෂ 1954 දී වයස අවුරුදු පහක් පමණ වන ඇත් පැටවුන් දෙදෙනෙක් පූජා කරන ලදි..

එකී වූ ඇත්භාන වූයේ විජය රාජා සහ නවම් රාජා යන ඇතුන් දෙදෙනාය. පසුකාලීනව නඩත්තු කිරීමේ අපහසුතාවක් නිසාවෙන් ඇතුන් දෙදෙනා විකුණනු ලැබූ අතර එයින් නවම් රාජා ඇතු රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ලී මඩුවක් වෙත රැගෙන ගිය අතර පසුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ නායක හිමියන් නවම් රාජාව මිලදීගෙන ඇත.. විජය රාජා ඇත් පැටවා හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මිලදී ගත් අතර පසුව ඇතුට වැළදුණු රෝගයක් නිසාවෙන් ඇතුව ගම්පහ නැදුන්ගමුව ප්‍රදේශයේ සුප්‍රකට වෙද පරම්පරාවට අයත් ධර්ම විජය වෙද මහතාට භාරකාර ඇත. පසුව එතුමා රුපියල් 75000ක මුදලක් ලබාදී එම ව්‍යාපාරිකයා ගෙන් ඇතු මිලදීගෙන ඇත.. එවක් පටන් විජය රාජා හස්තියා නැදුන්ගමුවේ රාජා ලෙස ප්‍රකට විය.

නැදුන්ගමුවේ රාජා ඇතුගේ වර්තමාන හිමිකරුවනුයේ නැදුන්ගමුව වෙද පරපුරේ හර්ෂ ධර්ම විජය වෙද මහතාය. රාජා හස්තියගේ ප්‍රදාන හස්ති පාලක වරයා ලෙස විල්සන් කොඩිතුවක්කු ( කළු මාමා) මහතා කටයුතු කරන අතර සහය හස්ති පාලක වරයා ලෙස ඉන්දික ජයසිංහ මහතා කටයුතු කරයි...

වර්තමානයේ මෙරට පෙරහැර සංස්කෘතිය වෙනුවෙන් අමිල සේවයක් ඉටුකරන නැදුන්ගමුවේ රාජා මගුලැතු පෙරහැර කටයුතු සදහා පා ගමනින් සහභාගි වෙයි.ඒ අතරින්

◼ මහනුවර ශ්‍රී දළදා පෙරහැර
◼ සබරගමු මහ සමන් දේවාල පෙරහැර
◼කෝට්ටේ රාජ මහා විහාර පෙරහැර
◼ දළදාවත්ත පුරාණ රාජමහා විහාර පෙරහැර
ආදී පෙරහැර ප්‍රමුඛත්වයක් උසුලයි..

නැදුන්ගමුවේ රාජා ඇතු ප්‍රථම වතාවට 2005 වර්ෂයේ දී මහනුවර දළදා පෙරහැර කටයුතු සදහා සහභාගි වූ අතර එවක් පටන් 2015 වර්ෂය දක්වා පුරා වසර 10ක් නොකඩවා දළදා වහන්සේ වැඩමවීමේ භාග්‍ය රාජා ඇතුට හිමිවිය..
ශ්‍රී ලාංකා සමාජවාදී ජනරජය මගින් ජාතික වස්තුවක් ලෙස නැදුන්ගමුවේ රාජා මගුලැතු නම් කොට ඇති අතර ඔහු වෙනුවෙන් ප්‍රභූ ආරක්ෂාව පවා යුද හමුදාව සපයනු ලබයි..

2019 ක් වූ දෙසැම්බර් මස 30 වෙනි දින නැදුන්ගමුවේ රාජා මගුලැතුගේ රුව යොදා තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් පවා නිකුත් කොට ඇත..

මෙරට පෙරහැර සංස්කෘතිය වෙනුවෙන් අමිල සේවයක් ඉටුකිරීමට නැදුන්ගමුවේ රාජා මගුලැතුට තව තවත් ශක්තිය , ධෛර්යය ලැබේවා..

අප උතුම් ශ්‍රී දළදා වහන්සේගේ පිහිට රැකවරණය නැදුන්ගමුවේ රාජා මගුලැතුට ලැබේවා..

📷 First Owner



🐘
🇱🇰

ලොව විශාලතම තරු  #නිල්_මැණික් පොකුර  #රත්නපුරෙන් 😍 💎 🍃 🇱🇰 ඉංග්‍රීසියෙන් Blue Ttar Shapphire  කියල හඳුන්වන මේ ගල මිල කරන්...
27/07/2021

ලොව විශාලතම තරු #නිල්_මැණික් පොකුර #රත්නපුරෙන් 😍 💎 🍃 🇱🇰

ඉංග්‍රීසියෙන් Blue Ttar Shapphire කියල හඳුන්වන මේ ගල මිල කරන්න බෑ.හේතුව මේකේ බර කිලෝ 500 ඉක්මවන හින්ද

දුර්ලභ මැණික් විශේෂයක් වෙන මේ නිල් ආර්නූල් ගලට ආර්නූල් කියල නම ලැබෙන්නෙ මේක කපා ඔප දැම්මම ලස්සන නූල් හයක් ගල මතු පිට දිස් වෙන්න ගන්නව.කැබිශන් කට් එක ( ගෝලාකාර ) දාල ඔප දමන මෙම ගල සාමාන්‍යෙන් ලෝකය පුරා මැනික් වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙනව..පින්තූර වල පෙන්නල තියෙන්නෙ කැරට් 3-4 ක මුද්දකට දාන්න පුළුවන් ප්‍රමානයක ගලක් කපල ඔප දැම්මම පේන විදිය

මේ ගල හම්බුන කෙනා නම් මෙතන ඉඳන් ධන කුවේරයෙක්.මොකද ඇමරිකන් ඩොලර් මිලියන සීයක් කියන්නෙ ලංකාවෙ මුදලින් කෝටි 2000 ටත් වැඩී

එතකොට මේකෙන් කොටසක් ( බද්දක් ) මැණික් සංස්ථාවට හම්බෙන අතර ඉතුරු ටික අයිතිකරුට හම්බෙනව.

මැණික් තියෙන්නෙ රත්නපුරේ විතරක් නෙවෙයි.ලංකාවෙ ඕනිම දිස්ත්‍රීක්කෙක මැණික් තියෙනව.හැබැයි බහුලවම තියෙන්නෙ රත්නපුරේ

මේ වගේ ලොකු ගල් හම්බෙන අය වාසනාවන්තයි වගේම ජීවිත කාලයම මැරිලමැරිල,හකු පෑදෙනකං වැඩ කරලත් රුපියල් 1000 ක මැනික් ගලක් හම්බෙන්නෙ නැති මිනිස්සුත් ඉන්නව

මැණික් කියන්නෙ මැණික් ගරන මිනිස්සුන්ට අනුව වාසනාවට හම්බෙන දෙයක්.

උඹට මට මේකෙන් ලැබුනෙ නැතත් රටක් විදියට අපි සතුටු වෙන්න ඕනි අපේ පොලවෙ මේ වගේ ස්වභාවික වස්තු හංගගෙන ඉන්න මේ රටේ ඉපදෙන්න හම්බුන එක ගැන

උපුටාගැනීමකි
📷 First Owner




 #කොලඹ යන්න අලුත් පාරක් 😍🌱🍃ලංකාගම හරහා දෙනියාය නෙළුව මාරගයේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙලා තියනවා.ඒත් එක්කම කවදාවත් කෙහෙදිව...
26/07/2021

#කොලඹ යන්න අලුත් පාරක් 😍🌱🍃

ලංකාගම හරහා දෙනියාය නෙළුව මාරගයේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙලා තියනවා.ඒත් එක්කම කවදාවත් කෙහෙදිවත් ලබාගන්න බැරි විදියේ අත්දැකීම් ගොඩක් එක්ක මේ පාර දැන් භාවිතා කරන්න පුලුවන්.ඒ පාරේ වාහනයක් යනකොට තවමත් පොඩි උන් ගෙයින් එලියට ඇවිල්ලා බලාගෙන ඉන්නවා හරියට මම පොඩි කාලේ චොපර් යනකොට බලන් ඉදියා වගේ.දෙනියායේ ඉදන් විනාඩි 45කින් වගේ නෙලුවට යන්න පුලුවන් මේ පාරේ දිය ඇලි,ලස්සන කදු වගේම ඒ ගමේ මිනිස්සුන්ගේ ලස්සන සංස්කෘතියත් බලගන්න පුලුවන්.ඒත් එක්කම කියන්න ඕන මේ පාරේ මම තවම කොහෙදිවත් ටොෆි කොලයක්වත් දැක්කේ නෑ ඒක ඒ විදියටම රැකගෙන තියාගන්න එක අපි හැමෝගෙම වගකීමක්.

📷 First Owner
උපුටාගැනීමකි



🐘

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when ALIYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category