22/08/2024
අද ඉදන් ට්‍රේන් එකේ යන්න ටිකට් පෝලිමේ හිටපු කාලෙ ඉවරයි 😍
http://pravesha.lk ඔස්සේ ඔබට දැන් ලංකාවේ ඕනෑම තැනක සිට පහසුවෙන් ඔබගේ ඩිජිටල් දුම්රිය ප්‍රවේශපත මිලදීගත හැක.⛔
01. 2024.08.22 දින සිට www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැක.✅
02. ඔබ ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට, දින 07කට පෙර සිටම ඔබට මෙම වෙබ් අඩවිය මගින් ඔබට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය.✅
03. දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර 2 වන හා 3 වන පන්තියේ (2nd & 3td cls) ප්‍රවේශ පත්‍ර මෙහිදී නිකුත්කරනු ඇත.✅
04. මෙහිදි ප්‍රවේශපත් ගාස්තු ගෙවීම බැංකු කාඩ්පත් (Debit or credit card) මගින් පමණක් සිදුකෙරේ.✅
05. එමෙන්ම ඔබේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව හැර සේවා හෝ වෙනත් කිසිඳු අමතර ගාස්තුවක් අය නොවේ🚫
06.. වෙන්කල ආසන ප්‍රවේශ පත්‍ර (Reservation tickets) පමණක් මෙහිදී ඔබට ලබාගත නොහැක.🚫
07. ඔබගේ ජංගම දුරකථන තිරයේ පෙන්වන හෝ මුද්‍රණය කල ප්‍රවේශ පත්‍ර පෙන්වා සාමාන්‍ය පරිදි ඔබට දුම්රියේ ගමන් කළ හැක.✅
08. ️ප්‍රවේශ පත්‍රයේ සඳහන් ගමන් කරන දිනය තුලදී පමණක් මෙම ප්‍රවේශපත්‍රය භාවිතා කිරීමට වලංගු නිසා ඔන්ලයින් හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමෙදි එහි සඳහන් දිනය පිලිබඳ විමසිලිමත් වන්න.⚠️️
🔸 වැඩි විස්තර සඳහා,
☎ 0112 271 271 - HOT LINE
එම ඩිජිටල් දුම්රිය ප්‍රවේශපත්‍රයක් පහත ඡායාරූපයේ දැක්වේ👇
© Janith Jayasanka 📅 22.08.2024ය්