𝚜𝚊𝚗𝚓𝚎𝚎𝚠𝚊 𝚕𝚊𝚔𝚖𝚊𝚕 𝚝𝚑𝚎𝚗𝚗𝚊𝚔𝚘𝚘𝚗

  • Home
  • Sri Lanka
  • Polgahawela
  • 𝚜𝚊𝚗𝚓𝚎𝚎𝚠𝚊 𝚕𝚊𝚔𝚖𝚊𝚕 𝚝𝚑𝚎𝚗𝚗𝚊𝚔𝚘𝚘𝚗

𝚜𝚊𝚗𝚓𝚎𝚎𝚠𝚊 𝚕𝚊𝚔𝚖𝚊𝚕 𝚝𝚑𝚎𝚗𝚗𝚊𝚔𝚘𝚘𝚗 ❛❛ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ❜❜

මුහුද දිහා බලන හැම වතාවකම මට‍ හිතෙන්නෙම ,මුහුදු රැල්ල හරියට අපේ ජීවිත වගේ....රැල්ල කොච්චර වෙරළට ආවත් කවදාවත් මුහුදු රැල්...
14/09/2026

මුහුද දිහා බලන හැම වතාවකම මට‍ හිතෙන්නෙම ,

මුහුදු රැල්ල හරියට අපේ ජීවිත වගේ....
රැල්ල කොච්චර වෙරළට ආවත්
කවදාවත් මුහුදු රැල්ල වෙරළේ නතර වුනේ නෑ

ඒ වගේ තමයි අපේ ජීවිතත්

අපි ජීවිතේ කොච්චර දේවල් තදින් අල්ලන් හිටියත්
මැරුණු දවසට කරපු පිං පව් විතරයි අපිට ඉතුරු වෙන්නේ..

ඉතින් මට‍ නම් මුහුද කියන්නෙම
ජීවිතේ සමහර දේවල් අවබෝධ කරවන
හරි මායාකාරී සුන්දර තැනක්.... 🤍✨

Copied .........

දේශපාලනයේ පෙණ කැටි මොහොතින් මොහොත වෙනස් වෙන්න පුළුවන්. ඒත් මහපොළොව මත ලෙයින් සහ කඳුළින් ලියවුණු යථාර්ථයක් තියෙනවා. ඒක වෙ...
06/09/2026

දේශපාලනයේ පෙණ කැටි මොහොතින් මොහොත වෙනස් වෙන්න පුළුවන්. ඒත් මහපොළොව මත ලෙයින් සහ කඳුළින් ලියවුණු යථාර්ථයක් තියෙනවා. ඒක වෙනස් කරන්න අද සමාජ මාධ්‍යවල කෑගසන කිසිම එකෙකුට බෑ.

​අද වැලිකඩ ළඟ සිද්ධ වුණු දේකට හිනාවෙන, විහිළු කරන උන්ට මතක නැති වුණාට මේ රටේ ඇත්ත මිනිස්සුන්ට අමතක නැති අතීතයක් තියෙනවා.

මහින්ද කියන්නේ කැමරා ඉස්සරහා හදපු, සෝෂල් මීඩියා සුළඟට ගසාගෙන යන ජාතියේ ලපයි සිපයි වීරයෙක් නෙමෙයි. එයා මේ රටේ මහපොළොවෙන්, ගමේ පීඩිත මිනිසුන්ගේ සුසුම් අතරින් නැගිටපු, අභියෝග හමුවේ නොසැලුණු සැබෑ චරිතයක්.

​මඩු පල්ලියේ උත්සවයට යන්න හදද්දී, "ඒක කොටින්ගේ පාලනයේ තියෙන්නේ, හමුදාවට එන්න බෑ, අපි ආරක්ෂාව දෙන්නම්" කියලා කොටි කියද්දී, "මම ඊළඟ අවුරුද්දේ උත්සවයට එන්නේ මෙහෙන් කොටින්ව පන්නලා, මගේ රටේ හමුදාවේ ආරක්ෂාවත් එක්ක" කියලා කියපු, ඒක කරලම පෙන්වපු එකම පොර මහින්ද.

​බටහිර බලවත්තු කොළඹට කඩා වදිද්දී, "අපි උඹලගේ යටත් විජිතයක් නෙමෙයි" කියලා මුහුණටම කියන්න තරම් කෙළින් කොඳුනාරටියක් එතුමාට තිබ්බා.

ජාත්‍යන්තරයේ මහ එවුන් "අපි ඔබතුමාගේ මිතුරන්" කියද්දී, "මම මිතුරන් කවුද, සතුරන් කවුද කියලා හොඳට අඳුනනවා" කියලා නොසැලී හිටපු ඒ පෞරුෂය අද කාටද අමතක කරන්න පුළුවන්?

​ඉන්දියාව, පාකිස්තානය, චීනය විතරක් නෙමෙයි, පලස්තීනයයි ඊශ්‍රායලයයි දෙකම එකවර යාළු කරන් ගේම ගහපු මහා රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. චාල්ස් කුමාරයා එද්දී අතට අත නොදී "ආයුබෝවන්" කියලා අපේ සංස්කෘතිය ලෝකෙටම පෙන්නපු අභිමානවත් නායකයෙක්.

​වැරදි නැතුව නෙමෙයි. ලංකාවේ දේශපාලනය කියන්නේ මල් යහනාවක් නෙමෙයි. ඕනවට වඩා සරල වෙන්න ගියොත් මොකද වෙන්නේ කියලා ගෝඨාගේ කාලේ මුළු රටම දැක්කා. ඒත් ඒ සියල්ලටම වඩා, මහින්ද මේ රටට දුන්නේ මුදලට ගන්න බැරි දෙයක්. ඒ තමයි "අභයදානය".

​බෝම්බ පුපුරන පාරවල්වල, මායිම් ගම්මානවල බයෙන් ජීවත් වුණු මිනිස්සුන්ට "ජීවත් වීමේ අයිතිය" දුන්න එක මිල කරන්න පුළුවන්ද? ධනපති පන්තියටයි දුප්පත් පන්තියටයි සීමා වෙලා තිබ්බ රටේ, ගමේ එකාට උඩට එන්න පාලම හදලා මැද පන්තිය හැදුවේ මහින්ද. අද එතුමාට සාප කරන ගොඩක් උන් 2005ට කලින් තමන්ගේ ගම් තිබ්බ හැටි අමතක කරපු උන්.

​88/89 කාලේ කොල්ලන්ගේ ජීවිත බේරගන්න ජිනීවා ගිය මහින්දට අද ඉන්න දේශපාලන අංකුරයෝ එක්ක කිසිම තරඟයක් නෑ. එයා ඉන්නේ වෙනම ලෙවල් එකක. දුටුගැමුණු, පරාක්‍රමබාහු, සීතාවක රාජසිංහලා එක්ක එක පෙළේ තියන්න පුළුවන් අපේ කාලේ හිටපු එකම ජනාධිපති.

​දැන් එතුමාට වයසයි. කවදා හරි ඒ මහා වෘක්ෂය බිම ඇද වැටෙයි. හැබැයි එදාට ඉතිහාසය ඔහුව තබන්න ඕන තැන හරියටම තියාවි. මහාවංශයේ වෙනමම පරිච්ඡේදයක් මහින්ද වෙනුවෙන් ලියවේවි. ඒක මකන්න ලෝකෙ කාටවත් බෑ!
🙏🙏

Copied

" රහසේම බැස යන්නේ                   කලාවෙම බලකණු 🥺 "සංසාරයේ හමුවූ පින්බර හඬත්, එම හඬට පණ පෙවූ අමරණීය පද වැලත් එකම අහසක් ...
20/08/2026

" රහසේම බැස යන්නේ
කලාවෙම බලකණු 🥺 "

සංසාරයේ හමුවූ පින්බර හඬත්, එම හඬට පණ පෙවූ අමරණීය පද වැලත් එකම අහසක් යට නිහඬ වූ සංවේදී මොහොතක්...
'ලා දළු බෝ පත්', 'සඳ තරු මල්' මෙන්ම තවත් නොමැකෙන ගී පද සිය ගණනකින් ජාතියේ හදවත් නිවූ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේටත්...
'වහින්නට හැකි නම් ගිගුම් දී' කියමින් ජාතියේ යශෝරාවය වූ ආචාර්ය නන්දා මාලනී ශූරීන් හටත්...
ඔබ දෙපල විසින් සිංහල සංගීත වංශයට සිදුකළ අනුපමේය මෙහෙවරට අපගේ ප්‍රණාමය!

අපවත් වී වදාළ පූජනීය රඹුකන සිද්ධාර්ථ හිමියන්ටත්, නන්දා මාලනී මහත්මියටත් උතුම් අමාමහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමී!

සියක් ආයු නොලැබම සඳ තරු මල් මිලිනවී ගිය වගයි ......🥺පිහිටක් නැති සරණක් නැති බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති,හිමි සනරාමර ...
18/08/2026

සියක් ආයු නොලැබම සඳ තරු මල් මිලිනවී ගිය වගයි ......🥺

පිහිටක් නැති සරණක් නැති
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති,
හිමි සනරාමර බුදු බණ කිව්වා නිරන්තරේ...
පන්සලේ පල්ලියේ - කාසි වලටගන්නත් බැරි
මේ ඉර හද යට මේ ප්‍රේම කතා
අවුවට වැස්සට හුරු මිනිසුනේ , ලා දලු බෝපත්

ප්‍රවීණ ගී පද රචකයෙකු , ගත්කතුවරයකු මෙන්ම බෞද්ධ සාහිත්‍යයට අනූපමේය මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී තිබෙනවා

නිවන් සුව ලැබේවා..

1950 - 2026

ඉතිං අවසරයි දා සමිඳුනේ වඩින්නට පිට මතින් සෙංකඩගල පුර වීදි සිසාරා 🥺 🙏 ❤️ඡායාරූප මුල් හිමිකරුවන් සතුය 💐අලි ඇතුන්ට ආදරය කරන...
18/08/2026

ඉතිං අවසරයි දා සමිඳුනේ වඩින්නට පිට මතින් සෙංකඩගල පුර වීදි සිසාරා 🥺 🙏 ❤️

ඡායාරූප මුල් හිමිකරුවන් සතුය

💐අලි ඇතුන්ට ආදරය කරන ආස කරන ඔයාල page එක Like & Follow කරලා page එකට එකතු වෙන්න 🐘❤️

අවසරයි මගුලැතුනී ඉන්දී සූසැට භරණින් සැරසී මුල පුරන්නට  පළමු කුඹල් පෙරහැරට 👑️🐘මගුලැතු ඉන්දි රාජා 👑️🐘වම් දෑල මියන් රාජා ❤️...
18/08/2026

අවසරයි මගුලැතුනී ඉන්දී සූසැට භරණින් සැරසී මුල පුරන්නට පළමු කුඹල් පෙරහැරට 👑️🐘

මගුලැතු ඉන්දි රාජා 👑️🐘

වම් දෑල මියන් රාජා ❤️🐘

දකුණු දෑල කෝට්ටේ රාජා ❤️🐘

ඡායාරූප මුල් හිමිකරුවන් සතුය

💐අලි ඇතුන්ට ආදරය කරන ආස කරන ඔයාල page එක Like & Follow කරලා page එකට එකතු වෙන්න 🐘❤️

මේ රාජකීය දළ යුගලය පිච්ච මලින් සැරෙසෙන ඒ දවස් හරිම ලස්සනයි......😍🐘👑️1st comment එක බලන්න 🐘 😁ඡායාරූප මුල් හිමිකරුවන් සතුය...
17/08/2026

මේ රාජකීය දළ යුගලය පිච්ච මලින් සැරෙසෙන ඒ දවස් හරිම ලස්සනයි......😍🐘👑️

1st comment එක බලන්න 🐘 😁

ඡායාරූප මුල් හිමිකරුවන් සතුය

💐අලි ඇතුන්ට ආදරය කරන ආස කරන ඔයාල page එක Like & Follow කරලා page එකට එකතු වෙන්න 🐘❤️

ගජරාජ වංශකාතාව 👑️🐘දළදා කරඬුව වැඩම කල හස්තිරාජයෝ ❤️🙏ලිපි අංක 04බෙල්ලන්විල චන්දෘ ඇතා   👑️🐘❤️ සප්ත මංගල ලක්ෂණයන් ගෙන් ආඩ්‍ය...
17/08/2026

ගජරාජ වංශකාතාව 👑️🐘
දළදා කරඬුව වැඩම කල හස්තිරාජයෝ ❤️🙏

ලිපි අංක 04

බෙල්ලන්විල චන්දෘ ඇතා 👑️🐘❤️

සප්ත මංගල ලක්ෂණයන් ගෙන් ආඩ්‍යව සමිදු වැඩවිමට පිට දුන් කුළ උත්තම දළදා සමිදු වැඩමවීම නම් වු විරල භාග්‍ය ලත් මිලින වී ගිය බෙල්ලන්විල මහා ගජිදූ.

පෙරහර කරඩුව වැඩම කිරිමට සුදුසු ඒ කියන මංගල සම්මත අංග ලක්ෂණ වලින් පරිපුර්ණ ඇතෙකු ( හත්පොළ බිම ගැවේන ) ලෙස බෙල්ලන්විල රජමහා විහාරයට අයත්ව සිට නැසිගිය " චන්දෘ” නැමති හස්තියා හැදින්විය හැකිය.

චන්දෘ 1930 දශකයේ දී පොළොන්නරුව ප්‍රදේශයේ කැලයකින් සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලා දෙහිවල සත්වෝද්‍යානයට භාර දී ඇති අතර එවකට චන්දෘ වයස අවුරුදු 02 පමණ වු කුඩා ඇත් පැටවෙක් විය. පසුව දෙහිවල සත්වෝද්‍යානය මගින් පවත්වුණු ලැබු ප්‍රසිද්ධ අලි වෙන්දේසියකදි වත්තල පදිංචි වි සිටි පේමිස් මහතා විසින් මෙම ඇත් පැටවා රු 9000 මුදලකට මිලදි ගනු ලැබීය.

වසර කිහිපයක් ම ජේමිස් මහතා ඇසුරේ හැදිවැඩුණු ඇත් පැටවා පසුව ගම්පහ විරසිංහ වලව්වේ පදිංචිව සිටි
කිරිල්ලවල ආරච්චි මහතා විසින් මිලදි ගනු ලැබිය.පසුව ඇතාගේ අයිතිය ඔහුගේ පුත් වෑබොඩ විරසිංහ මහතා පැවරිමට කිරිල්ලවල ආරච්චි මහතා කටයුතු කරනු ලැබීය.ඉන් අනතුරුව මෙම හස්තියගේ හිමිකරිත්වය අපවත් වී වාදළ බෙල්ලන්විල සෝමරතන හිමිපාණන් සතුවිය එ තැන් පටන් ඇතු මියයන තෙක්ම හිමිකරිත්වය දැරුවේ බෙල්ලන්විල රජමහා විහාරය විසිනි.

අවස්ථාව කිහිපයකදීම පහතරට සිට සෙංකඩගලපුරයට පාද චාරිකාවෙන් ගොස් පෙරහර කරඩුව වැඩ කිරිමට භාග්‍ය ලත් බෙල්ලන්විල චන්දෘ, දශක කිහිපයක්ම කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරයේ නවම් මහා පෙරහරේ මංගල හස්තියා ලෙසත්, කැළණියේ දුරුතු මහා පෙරහර මගුල් ඇතු ලෙසත්, රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහරට, වද්දුව දළදාවත්ත පෙරහරට, දඹදෙණිය රජමහා විහාරයේ දළදා පෙරහරට මෙන්ම දිවයිනේ සතර දිග් භාගයේ පැවති පෙරහර කටයුතු සදහා මහගු දායකත්වය ලබා දෙනු ලැබීය.

පෙරහරේ ගමන් කිරිමේදි ඉහකර උස්සා, සොඩ කැටි කොට මහත් තේජසින් ගමන් කිරිමට හුරු පුරුදු වි සිටි චන්දෘ මුල් වකවානු බලා කියා ගනු ලැබුවේ හෝමාගම තෝමස් අලි බාසුන්හේ වන අතර පසුව ඇතු මියයන තෙක් ම චන්දෘ රැකබලා ගනු ලැබුවේ ආවිස් අලි බසුන්නැහේ විසිනි. අවස්ථා ගණනාවකදි බෙල්ලන්විල ඇතා අසනිප වු විට වෙදකම් කරනු ලැබුවේ කපුගොඩ සයිමන් වෙද මහතා විසිනි.

පසුව අවුරුදු 75 පමණ ආයු වළදා මෙම සුවිශේෂී මංගල හස්තියා රජයා 2002 වසරේ නොවැම්බර් මාස 05 දින රත්නපුර මහා දේවාලය අසළ ස්ථානයක අවසන් සුසුම් හෙළිය.

තොරතුරු අන්තර්ජාලය ඇසුරින්

ඡායාරූප මුල් හිමිකරුවන් සතුය

💐අලි ඇතුන්ට ආදරය කරන ආස කරන ඔයාල page එක Like & Follow කරලා page එකට එකතු වෙන්න 🐘❤️

අවසන් දළදා පූජෝත්සව 🥺 සූසැට අභරණින් සැරසී, රන් විමන් යටින් සුදු පාවඩ උඩින් දෑල ඇතුන්  පිරිවාගෙන තම ජීවිතේ අවසන් දළදා පූජ...
17/08/2026

අවසන් දළදා පූජෝත්සව 🥺

සූසැට අභරණින් සැරසී, රන් විමන් යටින් සුදු පාවඩ උඩින් දෑල ඇතුන් පිරිවාගෙන තම ජීවිතේ අවසන් දළදා පූජෝඋපහාරය

බෝසත් රාජා 🥺👑️🐘

1987 වර්ෂයේ අවසන් වතාවට දහවල් පෙරහැරේදී....

නැඳුන්ගමුවේ රාජා 🥺👑️🐘

2021 වර්ෂයේදී අවසන් රන්දෝලි පෙරහැරේදී......

හෙල සද්ධන්ත වංශකාතාවේ සදා නොමැකැන අමරණීය පුරාවෘත්තයන් වූ ගජ රජුන් 🥺

ඡායාරූප මුල් හිමිකරුවන් සතුය

💐අලි ඇතුන්ට ආදරය කරන ආස කරන ඔයාල page එක Like & Follow කරලා page එකට එකතු වෙන්න 🐘❤️

*රුහුණු රටේ මහ රජතුමා*  *කන්දේ නුවරට*  *සැපැත් වූ වගයි* ❤️👑️🐘ඡායාරූප මුල් හිමිකරුවන් සතුය 💐අලි ඇතුන්ට ආදරය කරන ආස කරන ඔය...
16/08/2026

*රුහුණු රටේ මහ රජතුමා*
*කන්දේ නුවරට*
*සැපැත් වූ වගයි* ❤️👑️🐘

ඡායාරූප මුල් හිමිකරුවන් සතුය

💐අලි ඇතුන්ට ආදරය කරන ආස කරන ඔයාල page එක Like & Follow කරලා page එකට එකතු වෙන්න 🐘❤️

Address

Polgahawela

Website

Alerts

Be the first to know and let us send you an email when 𝚜𝚊𝚗𝚓𝚎𝚎𝚠𝚊 𝚕𝚊𝚔𝚖𝚊𝚕 𝚝𝚑𝚎𝚗𝚗𝚊𝚔𝚘𝚘𝚗 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category