15/02/2016
"ගමන - Budget Travelling"...
ආයුබෝවන්...!!!
"ගමන" සංචාරක හා ගවේෂණ කණ්ඩායමෙන් තවත් පොඩි සංචාරක වෙනසකට ආරම්භයක් දෙන්නයි මේ හදන්නේ. ඒ තමයි "ගමන - Budget Travelling".
දිනෙන් දින වියදම් වැඩිවෙන මේ කාලේ අපේ පර්ස් එකේ තියෙන මුදලට සරිලන්න සංචාරක ආශාව ඉෂ්ඨකර ගන්න බලන් ඉන්න පාසල් ශිෂයන්, විශ්ව විද්‍යාල ශිෂ ශිෂාවන්, තාමත් විවිධ අධ්‍යාපන කටුයුතුවල නිරතවන අප සහෘදයින් වෙනුවෙන්ම සංවිධානය වන "ගමන - Buddget Travelling", එහි පළමු වැඩසටහන විදිහට මේ මාසේ 20-22 කියන නිවාඩු දවස්ටික අල්ලලා ඔහිය, හෝර්ටන් තැන්න, ඉදල්ගස්හින්න, දියතලාව අවට ප්‍රදේශවල පොඩි සංචාරයක් කරන්න තමා මේ සූදානම.
මේ "ගමන" වැඩසටහනට ඔයාලටත් සහභාගීවෙන්න පුළුවන්. තව කිහිපදෙනෙක්ට විතර ඉඩ තියෙනවා.
මේ ගමනේ මූලික සැලසුම මෙහෙමයි,
"ගමන" පටන් ගන්නේ පෙබරවාරී 19 වන සිකුරාදා රෑ 8ට බදුල්ල Night Mail එකෙන්. නයිට්මේල් එකෙන් කොළඹින් පිටත්වෙලා අපි දියතලාවට එනවා. ගොඩක් අය කොළඹින් එන නිසා ඒක තමයි පහසුම ක්‍රමය. දියතලාව Station එකෙන් බැහැලා නවාතැනට ඇවිත් මූණ කට හෝදගෙන උඩරට මැණිකෙ දුම්රියේ (වෙලාව තිබුනොත්) හෝ පොඩි මැණිකෙ දුම්රියේ ආපහු ඔහියට එනවා. (උඩරට මැණිකෙගේ එන්න උපරිම උත්සහා කරමු).
හෝටන් තැන්නේ උදෙන්ම යන තරමට ගොඩාක් ලස්සන්යි. ඔහියට ඇවිත් උදේට බඩ කටපිරෙන්න කාලා දවල්ටත් ඇතිවෙන්න කෑම අරන් හෝටන් තැන්න බලා පිටත් වෙනවා (දියතලාවෙන් ඉඩ ලැබුනොත් එහෙන් කැමගමු. Udarata Manike මිස් උනොත් දියතලාවෙන්ම කෑම ගන්න එක හොදයි. බලමු, ඒක වෙලාවේ හැටියට හොදම දේ කරමු). ඔහියේ තමයි මුලින්ම නවතින්න Plan කරේ. ඒත් ඔහියේ නවාතැන් ඔක්කොම Book වෙලා ඉවරයි.
20 දවසෙම අපි හෝටන් තැන්නේ ඇවිදලා හවසට 7up (no 1007) Train එක අල්ලගන්න ඔහියට එනවා. කොහොමත් 6 පහුවෙනවා ඒ දුම්රිය ඔහියට එද්දී. (නියම Time එක 4.50 උනත්). 7up එකේ ආපහු දියතලාවේ නවාතැනට ඇවිත් රැට කාලා 20 දවසේ කටයුතු අවසන් කරනවා.
21 උදේ නැවතත් උඩරට මැණිකේ දුම්රියෙන් හපුතලේ ඇවිත් උදෙට කාලා දවල්ටත් කෑම අරන් ඇඩිෂන් බංගලාව බලාගෙන 8 down හෝ Kandy Mix (no 1008 or 1596) එකේ ඉදල්ගස්හින්නට එනවා. ඉදල්ගස්හින්නේ කන්ද නැගලා කෝච්චි ෆොටෝ ගන්න ආස අයට Train Photo ගන්න තමයි තියෙන්නේ (ඒවට ආස නැති අයට පහල තියන Idalgashinna View Point එක නැගලා ලංකාවේ භාගයක් බලාගන්න පුළුවන්). ආපහු 7up එකේ දියතලාවට ඇවිත් කලින් දවසේ වගේම දවස නිමා කරනවා.
22 දවස ගැන 21 රෑ Plan කරමු..
අදහස් කිහිපයක්ම එදාටත් තියෙනවා. දවස් දෙකේම ඇවිද්ද එක නිසාම ඒක එදාට තීරණය කරන්නයි හිතාන ඉන්නේ.
ඒ තමයි Lipton's Tea State බලන්න යන්න. කකුල් අතපය රිදුනත් පට්ට ගමනක් වේවි. Lipton's Tea State ගියොත් 22 down Nigh Mail තමයි එන්න වෙන්නේ. නැත්නම් බස් එකේ කොලඹ එන්න පුලුවන් වැඩට යන අයට. වෙලාව පැය 7ක් වත් ඉතිරි වෙනවා.
දවස් 2-3 හයික් ගිහින් NightMail වල ඇවිත් Campus එකේ උදේ 9ට Exam ලියපු අපේ Lovindu Lakmal Chathuranga මල්ලී වගේ අයටනම් ඔය ඕන එකක් ඔට්‍ටුයි.
ඉතින් ඔන්න ඕක තමා "ගමන - Budget Travelling 01" එකේ දළ සැළැස්ම.
19 රෑ වියදම් නැතිව 20 ඉදන් 22 වෙනකල් මේ ඔක්කෝටම එක්කේනෙක්ගෙන් රු 4000ක් විතර යනවා. දවස් 03ක් නේ. කෝච්චිවල ගමන් වලට 03වන පංතියේ සාමාන්‍ය ප්‍රවේශපත්‍ර තමයි.
මේ සදහා සහභාගීවීමට කැමති අය අපට කල් ඇතුව කියන්න. අද හෙටම Event එක දාන්නම්. මොනවා හරි දෙයක් ගැන දැනගන්න තියෙනවනම් හරි, පැමිණීම සටහන් කරන්න ඕනනම් මෙම අංකයන් අමතන්න,
077 658 1166 - අසුරංග
077 490 9411 - දර්ශන
ස්තූතියි...!!!
- "GAMANA" Tourism & Exploring Team -
No. 42, Dambuwa, Ragama, Sri Lanka
Tel : +94779613462
Email : [email protected]
Page : https://m.facebook.com/gamanateam
Group : https://www.facebook.com/groups/Gamana
Blog : https://gamanasrilanka.blogspot.com/