Royal Traveller

හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා……..🎉🎊❤️
14/04/2025

හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා……..🎉🎊❤️

🙏💚🙏
14/01/2025

🙏💚🙏

💚 nature 💚📸 Royal Traveller . ....                             💎
21/12/2024

💚 nature 💚
📸 Royal Traveller . ....
💎

Rural freedom 💚
17/12/2024

Rural freedom 💚

නන්අයුරින් දායක වූ සැමට ස්තුතියි !!
02/12/2024

නන්අයුරින් දායක වූ සැමට ස්තුතියි !!

හීන් තුඩු කලිත්තා ගෝලීයව වඳ වී ගිය පක්ෂියෙකු ලෙස නම් කෙරේ😥🐦‍⬛
20/11/2024

හීන් තුඩු කලිත්තා ගෝලීයව වඳ වී ගිය පක්ෂියෙකු ලෙස නම් කෙරේ
😥🐦‍⬛

Life is a beautiful journey 🙂..........
18/11/2024

Life is a beautiful journey 🙂..........

ලංකාවෙම විතරක් දකින්න පුලුවන් සමනල්ලු 23 ක් ඉන්නව..ඔන්න මම ලිස්ට් එකම හැදුවා .මේ රට පාරාදීසයක් කියන්නෙ ඒකනෙ.... හෙළ රුක්...
08/11/2024

ලංකාවෙම විතරක් දකින්න පුලුවන් සමනල්ලු 23 ක් ඉන්නව..ඔන්න මම ලිස්ට් එකම හැදුවා .මේ රට පාරාදීසයක් කියන්නෙ ඒකනෙ....

හෙළ රුක්ගුරුවා
සිතිරාසියා
හෙළසෙරුලියා
කාලකුන්චිකා
හෙළ රඹතලියා
හෙළ ගෝමරා
තනිපුල්ලි තෘණපීතයා
වනාසිනීලයා
නෙත්මිනි සිව්වා
රජතපති
හෙළ නීලපරමයා
හෙළ පඳුරු ගුරුවා
ලක් ගොමුනීලයා
වලා රජතාලියා
හෙළ සෙව්වන්දියා
හෙළ වනසරා
සියොත්පියා
සිදුරුනිලයා
එල සෙරුලියා
පිටනිල් කොළයා
හෙළඉරි නීලයා
ග්‍රීනිගේ රජතාලියා
කුඳු දිගුපත් සමනලයා

ඔයාල කී දෙනෙක් මෙතනින් අදුනගෙන තියෙනවද ... 💚


2024/11/06
උපුටා ගැනීමකි...

💚💚💚
01/10/2024

💚💚💚

පිළිම නෙලා නැති විරුවන් සමරන දිනය අදයි !World Rangers Day 2024අද ජුලි 31 වැනිදා ය.නැතිනම් ලෝක වන අඩවි ආරක්ෂකවරුන්ගේ දිනය...
31/07/2024

පිළිම නෙලා නැති විරුවන්
සමරන දිනය අදයි !

World Rangers Day 2024

අද ජුලි 31 වැනිදා ය.නැතිනම් ලෝක වන අඩවි ආරක්ෂකවරුන්ගේ දිනයයි.(World Rangers Day)
ලොව පුරා විවිධ තනතුරු නාමයන් දරමින් වනජීවී,ස්වභාවික සම්පත් හා ජාතික උරුම ආරක්ෂණ වෘත්තියේ යේදී සිටින වෘත්තීයවේදීහු ඔව්හු වෙති.

මේ දිනය මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1992 දී ආරම්භ කරන ලද International Rangers Federation සංවිධානය විසිනි.එම සම්මේලනයේ 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ලොව පළමු වරට ලෝක වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයින්ගේ දිනය 2007 වර්ෂයේ දී අති උත්කර්ෂවත්ව සමරන ලදී.

ලෝකය පුරාම වන පද්ධති හා වන සතුන් අද මුහුණ දී සිටින්නේ ඉතාම විසල් අනතුරකට බව රහසක් නොවේ.මේ නිසාම ශාඛ හා සත්ත්ව විශේෂ වඳ වීමට ලක් වෙමින් ඇත.මේ මහ ව්‍යයසනයෙන් වනපෙත් වන සතුන් හා ජාතික උරුම රැක ගැනීමේ අරමුණෙන් කටයුතු කරන වනජීවී හා වන සංරක්ෂණ අඩවි ආරක්ෂකරු ප්‍රමුඛ එයට ආදාළ සෙසු නිලධාරින්ගේ සේවාව සැමරීම සඳහා මේ දිනය ලංකාවේ ද සමරනු ලබයි.

ඇත්තෙන්ම වනජීවී හා වනසංරක්ෂණ නිලධාරින් කරමින් සිටින්නේ අති විශිෂ්ඨ සේවාවකි.එහෙත් එම සේවාවට අවශ්‍ය වටිනාකම ඔවුන්ට ලැබෙනවා ද යන්න වෙනම සිතා බැලිය යුත්තකි.වනසතුන් හා වනය වෙනුවෙන් කැපව තිබෙන ඔවුන්ගේ ජීවිතවල සිය පෞද්ගලික අරමුණු වැටි තිබෙන්නේ දෙවැනි තැනකට බව මම හොදින් දනිමි.නොගැලපෙන මාසික වේතනයකට ඔවුන් සේවය කරන බව ද රහසක් නොවේ.එලෙසම නිසි ඇගයිම් හා උසස්වීම් ද ඔවුනට සිහිනයකි.ඒ කිසිවක් නිසි ලෙස නොලබාම ඔව්හු සේවය කරති.නිකන්ම නොව ඒ සිය ජීවිත පරිත්‍යාගයෙනි.

ඔවුන් ඇත්තටම පිළිම නෙලා නැති විරුවන් පිරිසකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් රාජකාරි කටයුතුවල දී ජීවිත පරිත්‍යාග කළ සංඛ්‍යාව අසු පස් දෙනෙකි.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එලෙස දිවි පරදුවට තබා සේවය කළ සංඛ්‍යාව දස දෙනෙකි.ඔවුන් සියල්ලෝම අප වෙනුවෙන් පරිසරය රැකිමට ගිය ඇත්තෝ ය.නැතිනම් අපේ හුස්ම පොද සුරැකිමට ගොස් තම හුස්ම පොද වාතලයට මුසු කළ සැබැ විරුවන් ය.

එම පිරිස ක්‍රම හතරකට සිය ජීවිත මේ මිහිතලයට කැප කර තිබේ.ඉන් තිස් හත්දෙනෙකු සිය ජීවිත පුජා කර ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හේතුවෙනි.විසිදෙදෙනෙකු වන අලි ප්‍රහාර හේතුවෙන් සිය ජීවිතයෙන් සමු ගෙන ඇත.දහතුන් දෙනෙකු දඩයක්කරුවන්ගේ ප්‍රහාර නිසා දිවි පුදා තිබේ.වෙනත් සත්ත්ව ප්‍රහාර හේතුවෙන් දිවි දුන් අය සංඛ්‍යාවෙන් දහතුනකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරිය අතර තුර මියගිය පළමු සේවකයාවන්නේ වන සත්ත්ව මුරකරුවකු වූ කේ. මැණික්රාල නම් අයෙකි.වළසෙකුගේ ප්‍රහාරයකට හසුව ඔහු මිය ගොස් ඇති අතර ඒ 1957.07.04 දින විල්පත්තු වනෝද්‍යානයේ දී ය.

ඊට පසු මියගිය පිරිස අතර අප කල්‍යාණ මිත්‍රයන් ද කිහිපදෙනෙකි.යාල වැටලීම් ප්‍රධානි වනසත්ත්ව අඩවි ආරක්ෂක එච්.කේ.සී කුමාරසිංහ මහතා (2003.01.28 දින ගංජා හේනක් වැටලීමේ දී ඔත්තුකරුවෙකු ලෙස වෙස් වලා ගෙන සිටි අයෙකු විසින් වෙඩි තබන ලදී.),විල්පත්තු උද්‍යාන භාරකාර වසන්ත පුෂ්පානන්ද මහතා (2007 මාර්තු මස 07 දින කොටි ත්‍රස්ත ප්‍රහාරයකට නතු විය.),පී. එම්. ඒ. ඩී. වෙන්දකඩුව මහතා (2020.06.30 දින තඹුත්තේගම දී වන අලියකු පහරදීමෙන්) ඒ අතරින් කැපි පෙනේ.

දිවි පරදුවට තැබුව ද ඔවුන්ට හිමි විය යුතු මාණ්ඩලික තනතුරක ස්වභාවයවත් තවමත් ලබා දීමට වනජීවී හා වනසංරක්ෂණ ඉහළ පුටු දරන අයට අමතක වීම කනගාටුවකි.තවමත් ඔවුන්ගේ නොවිසිඳුණු ප්‍රශ්න දහසකි.ඒවා හිස මත දරාගෙනම ඔව්හු අපහසුවෙන්ම සේවය කරති.

එලෙසම ඔවුන්ට නිසි ලෙස රාජකාරි කිරීමට අවශ්‍ය තරම් නිලධාරි ප්‍රමාණයක් ද දක්නට නැත.අවශ්‍ය කරන නිසි පුහුණුව ද ලැබෙන්නේ ඉතාම සිමිතව ය.රාජකාරිය නිසි ලෙස කිරීමට අවශ්‍ය කරන භෞතික සම්පත් ඇත්තේම නැත.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් නිලධාරි හිඟය 45%කි.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වර්තමානය වනවිට අඩවි ආරක්ෂක,අඩවි සහකාර හා වනජීවී නියාමක යන නිල තුන සඳහා අනුමත සේවක සංඛ්‍යාව 1591කි.එහෙත් දැනට ඉන් සේවය සැලසීමට අනුයුක්තව ඉන්නේ සේවකයින් අටසිය අසු දෙදෙනෙකු පමණී.ඒ අනුව හිඟ සේවක සංඛ්‍යාව 709කි.ඉන් මෙහි බැරැරුම් කම තේරුම් ගත හැකි ය.එහෙත් පාලකයන්ට මේවා වගේ වගක් නැත.

මේ සියළු බාධක හා හිත් රිදවීම් මැද වුව ද දිවි පරදුවට තබා සේවය කරන ඔවුන්ට වනසතුන් වෙනුවෙන් හිස නමා ආචාර කරමි.

සටහන - නයනක රන්වැල්ල

හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka The breath හුස්ම

නමක් ,ගමක් දන්නේ නෑ ..හැබැයි මනුස්සයෝ දෙන්නෙක්..බෝපත් ඇල්ලේ  තැන තැන දමා ඇති කසල එකතු කරන දේශීය සංචාරකයන් දෙදෙනෙක්...ඔබ ...
19/04/2024

නමක් ,ගමක් දන්නේ නෑ ..හැබැයි මනුස්සයෝ දෙන්නෙක්..බෝපත් ඇල්ලේ තැන තැන දමා ඇති කසල එකතු කරන දේශීය සංචාරකයන් දෙදෙනෙක්...ඔබ දෙදෙනාටම බොහොම ස්තුති .....

උපුටා ගැනීම - මුහුණු පොතෙන්

Address

Ratnapura
70000

Telephone

+94719601115

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Traveller:

Share

Category