At Sabaragamuwa

At Sabaragamuwa සබරගමුවේ සංචාරක ස්ථාන පිළිබඳ විස්තර ?

සුමන සමන් දේව අඩවිය, ව�ර්තමාන සබරගමුව,
රුවන්පුරය මෙන්ම කෑගලු පුරවරය, අසීමිත සංචාරක ස්ථාන සහිත ප්�රදේශයක් බව නොරහසක්. ඒ අසීමිත සංචාරක ස්ථාන පිළිබඳ වඩාත් නිවැරදි තොරතුරු මෙම පිටුව හරහා අප ඔබට සමීප කරන්නෙමු.

© 2022 At sabaragamuwa අපි.
ඔබේ අදහස් යෝජනා පහත ඇති ආකාරයට අප වෙත යොමු කරන්න. It is no secret that the Sumana Saman Deva site,
the current Sabaragamuwa, Ruwanpura and Kegalu town are an area wi

th unlimited tourist spots. We will bring you closer to the most accurate information about those unlimited tourist places through this page.

© 2022 At Sabaragamuwa We. Send us your suggestions below.

சுமன சமன் தேவா தளம், தற்போதைய சப்ரகமுவ, ருவன்புர மற்றும் கேகலு நகரம் ஆகியவை வரம்பற்ற சுற்றுலாத் தலங்களைக் கொண்ட பிரதேசம் என்பது இரகசியமல்ல.
வரம்பற்ற சுற்றுலா இடங்களைப் பற்றிய மிகத் துல்லியமான தகவல்களை இந்தப் பக்கத்தின் மூலம் உங்களுக்கு நெருக்கமாகக் கொண்டு வருவோம்.

© 2022 சப்ரகமுவவில் நாம். உங்கள் பரிந்துரைகளை கீழே எங்களுக்கு அனுப்பவும்.

� +94 71 382 4058
[email protected]

සමන් දෙවි පුද වරුණ 2024 - දෙවන රන්දෝලි මහා පෙරහැරPhotography - Bineth Yeshan Photograph 📸සබරගමුව මහ සමන් දේවාලය  Sabarag...
17/08/2024

සමන් දෙවි පුද වරුණ 2024 - දෙවන රන්දෝලි මහා පෙරහැර

Photography - Bineth Yeshan Photograph 📸

සබරගමුව මහ සමන් දේවාලය Sabaragamuwa Maha Saman Dewalaya

සම්බුදු පා පහසින් පරම පූජනීය වූ සමන්ගිර පිහිටියාවූ සබරගමු පුරවරයේ මහා සංස්කෘතික පෙලහර 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸සමන් දෙවි පුදවරුණ 2024...
10/08/2024

සම්බුදු පා පහසින් පරම පූජනීය වූ සමන්ගිර පිහිටියාවූ
සබරගමු පුරවරයේ මහා සංස්කෘතික පෙලහර
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

සමන් දෙවි පුදවරුණ 2024
799 වන ඇසල පෙරහර මංගල්‍යය

ගජගා වන්නමෙන් තේජවන්ත හස්තිරජුන් තාලයට පා තබමින් යන සුමන සමන් සුරිඳුන්ගේ මහා පෙරහැර මංගල්‍යයට තව දින 05
.







© 2024 SMSD Media All Rights Reserved

27/06/2024

සබරගමුව සමන් දේවාලයේ 799 වන වතාවට පවත්වන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය 2024...........







©️ 2024 SMSD Media All Rights Reserved

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර මංගල්ලය 2023-සමන් දෙවිඳු කරුණාවයි.
15/07/2023

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර මංගල්ලය 2023
-
සමන් දෙවිඳු කරුණාවයි.

World Tourism Day September 27         Photo Credit Ministry of Tourism & lands sri lanka
27/09/2022

World Tourism Day
September 27




Photo Credit Ministry of Tourism & lands sri lanka

ගනේගම අරමණපොළ රාජමහා විහාරය- පැල්මඩුල්ල.කෝට්ටේ යුගයේ එනම් වර්ෂ 1400 දී පමණ හයවෙනි පරාක්‍රමබාහු රජු විසින් තම මවට හෙවත් ස...
15/08/2022

ගනේගම අරමණපොළ රාජමහා විහාරය- පැල්මඩුල්ල.

කෝට්ටේ යුගයේ එනම් වර්ෂ 1400 දී පමණ හයවෙනි පරාක්‍රමබාහු රජු විසින් තම මවට හෙවත් සුනේත්‍රාදේවියට පින් පිණිස මෙම විහාරස්ථානය ඉදි කර තිබේ.
මෙම විහාරස්ථානයේ අතීත භාරකාරීත්වය අනෝමදස්සී ස්වාමීන් වහන්සේ විසින් දරා ඇත. වර්තමානයේ විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරනු ලබන්නේ පූජ්‍ය සන්නස්ගම වජිර ස්වාමීන් වහන්සේ විසිනි. මෙම විහාරස්ථානය රත්නපුර පැල්මඩුල්ල පාරේ ගනේගම ප්‍රදේශයේ පිහිටා ඇත. ප්‍රධාන වශයෙන් මෙම විහාරස්ථානය ගණේගම අරමණපොළ විහාරස්ථානය ලෙස හැඳින්වෙන නමුත් මෙම විහාරස්ථානයට තවත් නම් කිහිපයක් භාවිත වේ.
එනම්,
දෙනවක විහාරය,
රන්කොත් විහාරය
ආදී නම් භාවිතා වේ.
දෙනවක විහාරය ලෙස හැඳින්වෙනු ලබන්නේ
දෙනවක ගඟ සහ තවත් ගංගාවක් එක්වූ ගංඟා ද්‍රෝණියක පිහිටා ඇති නිසා බැව් සඳහන් වේ.
රන්කොත් විහාරය ලෙස හඳුන්වනු ලබන්නේ රන්කොත් දෙකක් විහාරයේ වහලයේ තැන්පත් කර ඇති නිසාය.
බුරුම දේශයේ ඇති ආරමුණි දේශයෙන් වැඩම කළ ස්වාමීන් වහන්සේ නමක් මෙම විහාරස්ථානයේ නවාතැන්ගෙන ශ්‍රී පාදස්ථානයට වැඩිය බැවින් එතැන් පටන් මෙම විහාරස්ථානය අරමණපොළ විහාරස්ථානය ලෙස හැඳින්වෙන බව සඳහන්.

මෙම විහාරස්ථානයේ ඇති සල් ගස මෙරට බෞද්ධ දර්ශනය රැක ගැනීම පිණිස විශාල දායකත්වයක් දැක්වූ අනගාරික ධර්මපාලතුමන් විසින් රෝපණය කරන ලද්දකි.
මෙහි මුල්කාලීන අයිතිය කොට්ටිමුල්ල විහාරස්ථානයට
අයත්ව තිබූ බවත් පසුකාලීනව විහාරස්ථාන දෙකක් ලෙස වෙන වෙනම පාලනය වේ. කොට්ටිමුල්ල විහාරස්ථානය වළගම්බා රජ සමයේ ඉදිකරන ලද විහාරස්ථානයක් ලෙස සැලකේ.

මෙහි විහාරයේ තොරතුරු විමසීමේදී
විහාරය සම්පූර්ණයෙන්ම මැටියෙන් ඉදිකර ඇත.
විහාරයේ බිත්තිවල දහයියා, ලී පොතු මැටි සමඟ කලවම් කොට ඉදිකොට ඇත.
විහාරය තුළ වැඩසිටින විශාල බුදු පිලිම වහන්සේ සම්පූර්ණ මැටියෙන් නෙළා ඇත. විහාරය පිටතින් බැලූවිට දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස පෙනුනද එය තනිමහල් ගොඩනැගිල්ලකි. විහාරයේ ඉදිරිපස මදක් ඉහලට වන්නට සුළං කපොල්ලක් දක්නට ලැබේ. එය ඉදි කර ඇත්තේ ස්වභාවික ද්‍රව්‍ය වලින් නෙළා ඇති පිළිම වහන්සේට ඇතිවන හානි වැළැක්වීමට බව දැක්වේ.
විහාරය තුළ තවත් බුදු පිළිම වහන්සේ නමකගේ පිළිමයක් දක්නට ලැබේ. එම පිළිමය සම්පූර්ණයෙන්ම නෙලා ඇත්තේ ලී වලින් වීම විශේෂත්වයක්.
විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන උළුවස්ස ගල් වලින් නිම කොට ඇත එය අනෙකුත් විහාර වල දක්නට නොලැබෙන බව සඳහන් කෙරුණි.
මෙම විහාරස්ථානයේ ඉතා වටිනා ඇත්දල යුගලක් තිබූ බවත්,
ඒවා පෘතුගීසීන් විසින් රැගෙන ගොස් ඇති බවත් පැවසීය.
විහාරය වටා ගල් කණු 24කි එයින් ඉදිරියේ ඇති ගල් කණු උඩරට වඩුවා විසින් නිර්මාණය කර ඇති අතර අනෙක් ගල්කණු පහත රට වඩුවා විසින් නිර්මාණය කර ඇත.
පෘතුගීසී ආක්‍රමණික යුගයේ මෙම විහාරය අසවේදුගේ බලකොටුවක් ලෙස යොදාගෙන ඇති බවත් එයට හොඳම සාක්ෂිය ලෙස විහාරයේ ඇතුළත සොල්දාදුවකුගේ සිතුවමක් දක්නට ලැබේ.
මෙය පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණ වලට ගොදුරු වූ විහාරස්ථානයකි.
අතීතයේ පැවති ඉතා වටිනා මෙන්ම දුර්ලභ දෑ වර්තමාන පරම්පරාවට දක්නට නොලැබෙයි.
එයට හේතුව ඒවා ආක්‍රමණ සමයන්හිදී පැහැර ගෙන යාමයි.
මෙහි එක් එක් යුගවලට අයත් සිතුවම් දක්නට ලැබේ.
නමුත් මේ වන විට එම සිතුවම් මකා දමා ඇත. හානි වූ පිළිම වහන්සේලා මෙන්ම අඹන ලද අනෙකුත් පිළිමවල වර්තමාන ප්‍රතිසංස්කරණයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි.
එමෙන්ම මෙම විහාරස්ථානයේ වර්තමාන සමයේ ඉදි කරනු ලැබූ ඉතා විශාල හිටි පිළිම වහන්සේ නමක් දක්නට ලැබේ. මෙහි තවත් සුවිශේෂී අංගයක් ලෙස දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක් රෝපණය කොට ඇත.
ගනේගම අරමණපොළ විහාරස්ථානයේ විශේෂ කාර්යයක් ලෙස රත්නපුර මහ සමන් දේවාලයේ නිල පිරිත් කටයුතු සිදු කිරීම මෙන්ම පෙරහැර සිදුකරන දිනයන්හිදී පැමිණ සිටින පිරිස පන්සිල් සමාදන් කරවා පිරිත් දේශනා කිරීම විහාරස්ථානයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා විසින් ඉටුකරනු ලබයි.
අතීතයේ දී කාර්ථි උත්සවයක් පැවති අතර එය අලූත් සහල් මංගල්‍යයත් ලෙසත් මෙන්ම පහන් පූජාවක් ලෙසත් දැක්වෙන නමුත් නිවැරදි පැහැදිලි භාවයක් මේ පිළිබඳව නැත.
ස්වභාවික ද්‍රව්‍ය යොදාගනිමින් ඉතා විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය කින් මෙම විහාරස්ථානය නිම කර ඇත.
මෙම තොරතුරු වලට අදාල ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.
මෙම තොරතුරු අප වෙත ලබා දුන්නේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන අතිපූජ්‍ය සන්නස්ගම වජිර නායක ස්වාමීන් වහන්සේ විසිනි.
ඉතා කාර්යබහුල අවස්ථාවක වුව ද මෙම වටිනා තොරතුරු ලබාදීමට කටයුතු කළ උන්වහන්සේ ඇතුළු වැඩසිටින අනෙකුත් සියලු ස්වාමීන් වහන්සේලාට නමස්කාර ස්තූතිය පුද කරන අතර උන්වහන්සේලාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු!.
සබරගමු පලාත තුල ඇති තවත් වටිනා ස්ථානයක තොරතුරු සමගින් නැවත මුණ ගැසෙමු. එතෙක් ඔබට ආවඩා ආයු බොහෝ වේවා.

මෙවැනි වටිනා තොරතුරු ලබා ගැනීම ට අපත් සමගම රැඳී සිටින්න.
At Sabaragamuwa.

Address

Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when At Sabaragamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share