30/06/2020
We are happy to see atleast someone see the otherside of the world.
Hats of Hon. Thilaga Sumathipala
2019 වසරේදී ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට ලෙස Lonely Planet වෙතින් නම් වුණු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දුන්නේ බරපතල අර්බුදයකටයි.
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය UNWTO) පවසන පරිදි 2020 ජනවාරි සහ අප්‍රේල් අතර කාලයේදී ආසියාව සහ පැසිපික් කලාපයේ සංචාරක පැමිණීම් සියයට 50කින් අඩු වී තිබෙනවා. ඒ අනුව වසංගතයෙන් පළමුව බලපෑමට ලක්වූයේත්, එහි දරුණුම බලපෑම සිදුවූයේත් ආසියා පැසිපික් කලාපයටයි.
එසේ වුවත්, ගුවන් ගමන් නතරවීම නිසා ලංකාවේ රැඳෙන්නට සිදුවූ විදේශිකයන්ට නොමිලේ නවාතැන් හා ආහාර සපයමින්, මනුසත්කම පෙරදැරි කරගත් අපේ ඉහළම ආගන්තුක සත්කාර අන්තර්ජාතික අවධානය දිනා ගැනීමට සමත්වුණා.
වසංගතයෙන් පසු විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට අපට විධිමත් සැලසුමක් අවශ්‍යයි. ලෝකයම සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය වෙත යොමුවෙන අවස්ථාවේ අපට ඉතිරිව තිබෙන විසඳුමත් එයයි.
වසංගතයට සාර්ථකව මුහුණ දුන් අයුරු සහ ඒ අවස්ථාවේ රටේ රුඳී සිටි සංචාරයකයන්ට කළ මානුෂික සත්කාරය නිසි ලෙස ලෝකයට සන්නිවේදනය කරමින්, එවැනි අර්බුදයකදී පවා මේ රට විදේශිකයන්ට ආරක්ෂිතයි යන පණිවිඩය ලෝකයට ගෙන යා යුතුයි.