Thalawathugoda Api - තලවතුගොඩ අපි

Thalawathugoda Api - තලවතුගොඩ අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thalawathugoda Api - තලවතුගොඩ අපි, Tourist Information Center, Thalawathugoda, Talawatugoda.
(1)

-🦋පින්බර ඇසල පොහෝ දිනයක් වේවා..!!! 🙏 🌸අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ...
31/07/2023

-🦋පින්බර ඇසල පොහෝ දිනයක් වේවා..!!! 🙏 🌸

අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්භ රුක් මුලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

ශාසනික වශයෙන් සුවිශේෂී වූ ඇසල පසළොස්වක පොහෝ දින සුපින්වත් සිතින් සමරමු🙏

සැම සිත් සුවපත් වේවා....! 🙏 ❤️ 🍃 🌻
Thalawathugoda Api - තලවතුගොඩ අපි

මේ ඉන්නේ ෆායිහිට්ලර්ගේ රටේ කෙනෙක්.මෙයාව උදේ වරුවෙයි, හවස් වරුවෙයි "අකුරගොඩ වැව" පාරෙන් යන අයට සුපුරුදු දසුනක්..අකුරගොඩ ව...
19/06/2023

මේ ඉන්නේ ෆායි
හිට්ලර්ගේ රටේ කෙනෙක්.
මෙයාව උදේ වරුවෙයි, හවස් වරුවෙයි "අකුරගොඩ වැව" පාරෙන් යන අයට සුපුරුදු දසුනක්..
අකුරගොඩ වැව තියෙන්නේ හෙන ඈතක නෙමෙයි,
බත්තරමුල්ලේ, පැලවත්තයි තලවතුගොඩයි අතරේ තියෙන වික්‍රරමසිංහපුර පාරේ යද්දී.
ITN එකට එහායින් තියෙන වැව පාර..
මනස්කාන්තම වැවක්..
හවස ඔතන පහුකරන අය නැවතිලා යන තැනක්..
ටෙලි නාට්‍යවල සුලභ ම දර්ශන තලයක්..
අනික වෙඩින් ෆොටෝ ශූට් වලට අවශ්‍යම තැනක්..
අනික කුණු පොදක් වත් නැති වැව් ඉවුරක්..
ඒ වටේ පරිසරයත් එහෙමයි..
අනික ඒ වැව් පරිසරය ජෛව විවිදත්ව කලාපයක්..
ඔය ප්‍රදේශය පිරිසිදු කම කියන තැනදියි, ෆායි කතාවට සම්බන්ද වෙන්නේ..
ඔය පරිසරයේ පිරිසිදු කමේ අයිතිය ඔහුගේ..
අවුරුදු ගාණක් තිස්සේ එයා, එයාගේ පවුලේ අයයි සේවකයොයි එක්ක මේ ප්‍රදේශය පිරිසිදුව තියාගන්න උත්සහ කරනවා..
හැමදාම වගේ හවස 5න් පස්සේ සම්පූර්නයෙන් සුද්ද කරද්දි,
අනිත් දවසේ උදේ බලද්දි හැම තැනම කුණු බෑග් තියන් ගිහින්..
උදේ 7.30 / 8.30 වෙද්දි ආයෙත් සුද්ද කරනවා..
ඔන්න ඉතින් ආයෙ දවස පුරා හැඩි වෙච්චා හවස සුද්ද වෙනවා..
ඒ අතරේ සමහර වෙලාවට එයා ගාව වැඩකරන කෙනා වටයක් දාලා සුද්ද කරනවා.
මෙයා ගේ මේ දුශ්කර වෑයම ගැන කුණු දාන නෝනා මහත්තුරුත් නොදන්නවා නෙමෙයි..
ඒ පැත්ත පුරාම සිංහලෙන් ඉංග්‍රීසියෙන් , පරිසරය සුරකිමු බෝඩ් ගැහුවෙත් මෙයා.
ඒ බෝඩ් පෙරලලා කුණු දාලා තියෙද්දි , ආයෙත් ඒවා කෙලින් කරනවා..
අපිත් ඉඳලා හිටලා මෙයාට එකතු වෙච්ච වෙලාවල් තිබ්බත්, මුහුදට වැටෙන පොල් කෙන්දක් තරම් වටින් නෑ , ෆායි ගේ වෑයම එක්ක..
කවුරු උදව් කරන්න එකතු උනත් නැතත් මෙයාගේ වැඩේ මෙයා කරනවා.

"මේ පාරේ යන හැමොටම බැරි ඇයි මට උදව් කරන්න"
ෆායි කියද්දි හිතෙන්නෙ..
" යකෝ මූට වැඩ නැති උනාට,, මෙතනින් යන්නේ වැඩ රාජකාරි වලට..
එහෙම ගිහින් මහන්සියෙන් ගෙදර යන අය..
මූත් එක්ක කුණු අස්කරන්න වෙලාවක් කොහෙද.. පිස්සුද?"""
අපේ මේ සිතුවිල්ල අඳුරගත්ත ගමන් ෆායි මෙහෙමත් කියනවා..
" මම කියන්නේ මාත් එක්ක අස්කරන්න එන්න නෙමෙයි,
යද්දි එද්දි කුණු නොදා යන්න, ඒකයි උදව්ව.."

අනික "ෆායි" වැඩක් නැතුවට කුණු අදිනවා කියලා හිතුවට,
"ලෝක ජල සංරක්ශන වැඩසටහන" ද මොකද්ද එකක අධ්‍යක්ෂක කෙනෙක්.....
Tv Program වල මේ වගේ දෙවල් තමා promote කරන්න ඔනේ 🤷‍♂️
Thalawathugoda Api - තලවතුගොඩ අපි

Address

Thalawathugoda
Talawatugoda

Website

Alerts

Be the first to know and let us send you an email when Thalawathugoda Api - තලවතුගොඩ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share