Wandana Gaman

Wandana Gaman Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wandana Gaman, Travel Agency, Mahasenpura, Tissamaharama.

අභයගිරි සථූපයවළගම්බා රජු (ක්‍රි.පූ. 89 - 77) විසින් කරවන ලද්දකි. උස අඩි 400 කින් යුක්තව තිබූ මෙය දසවන සියවසේ සිදු වූ චෝල...
04/03/2020

අභයගිරි සථූපය
වළගම්බා රජු (ක්‍රි.පූ. 89 - 77) විසින් කරවන ලද්දකි. උස අඩි 400 කින් යුක්තව තිබූ මෙය දසවන සියවසේ සිදු වූ චෝල ආක්‍රමණික විනාශයෙන් පසු ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ මහා පරාක්‍රමබාහු රජු විසිනි.
ස්ථූපය අඩි 350 ක් උසට ප්‍රතිසංස්කරණය කළ බව සදහන් වුවත් දැනට මෙහි උස අඩි 245කි. දාගැබ පිහිටා ඇත්තේ සමචතුරස්‍රාකාර සල පතල මලුවකය. එහි එක් පැත්තක දිග අඩි 587 කි.

ථූපාරාමය - ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමා විසින් (ක්‍රි.පූ 250 - 210) බුදු දහම ලක්දිවට හදුන්...
01/03/2020

ථූපාරාමය -
ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමා විසින් (ක්‍රි.පූ 250 - 210) බුදු දහම ලක්දිවට හදුන්වා දුන අවස්තාවේදී මෙම ථූපය ඉදිකරවන ලදී.
බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කොට මෙම ථූපය කරවා ඇත. මෙම නිදන් කිරීමත් සමග මෙරට ධාතු වන්දනාව ඇරඹින.

01/03/2020

ඉසුරුමුණිය -
දෙවන පෑතිස් රජතුමා (ක්‍රි.පූ.250 - 210) ව්සින් ලක්දිව ගොඩනගන ලද ප්‍රථම විහාරය මෙයයි.
තිසා වැවේ අයිනේ ඉතාමත් අලංකාර වු රම්ණීය පරිසරයක පිහිටා ඇති ඉසුරුමුණිය ගල් පර්වතයකින්ද සමන්විත වුවකි.
ලොව මවිත කළ කලා නිර්මණ කිහිපයක් පිහිටි මෙම සථානය දෙවන පෑතිස් රජතුමාගේ ඉසුරුමතුන් 500 මහතෙරුන් වහන්සේ වෙතින් පැවිදි බව ලබා වැඩ සිටි තැන ඉසුරුමුණිය නමින් ප්‍රසිද්ධය.

ලංකාරාමය -වළගම්බා රජු (ක්‍රි.ව.89 - 77) විසින් කරවන ලදී. මණිතූපාරාමය, මණිසෝමාරාමය යන නම් වලින්ද හදුන්වනු ලබන්නේද මෙයයි. ...
01/03/2020

ලංකාරාමය -
වළගම්බා රජු (ක්‍රි.ව.89 - 77) විසින් කරවන ලදී. මණිතූපාරාමය, මණිසෝමාරාමය යන නම් වලින්ද හදුන්වනු ලබන්නේද මෙයයි.
පොළවේ සිට අඩි කිහිපයක් උසින් කරවන ලද වෘත්තාකාර වේදිකාවක් මත ස්ථූපය තනා ඇත.
මෙහි ථූපඝරයක් තිබූ බවට දැනට ශේෂව ඇති ගල් කණු මගින් සනාථ වේ.

ජේතවනාරාමය -මෙම දාගැබ මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව.276 - 303 කාලයේ කරවූවකි. දැනට දාගැබේ උස අඩි 232 ක් වේ. අටමස්ථානයෙන් එ...
29/02/2020

ජේතවනාරාමය -
මෙම දාගැබ මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව.276 - 303 කාලයේ කරවූවකි. දැනට දාගැබේ උස අඩි 232 ක් වේ. අටමස්ථානයෙන් එකක් වන ජේතවන ස්ථූපය ප්‍රධාන ජේතවනාරාමය මහසෙන් රජ දවස සගලික නිකායේ මූලස්ථානය බවට පත්විය.
ජේතවනයෙන් ඇරඹුණු නිකාය සාගලික යනුවෙන්ද හැදින්වේ.

රුවන්මැලි සෑය -දුටුගැමුණු රජතුමා විසින් ක්‍රි.පූ.161-137 කරවන ලදී. එවකට අඩි 240 ක් උස ස්ථූපයෙහි සර්වඣ ධාතු විශාල සංඛ්‍යා...
29/02/2020

රුවන්මැලි සෑය -
දුටුගැමුණු රජතුමා විසින් ක්‍රි.පූ.161-137 කරවන ලදී. එවකට අඩි 240 ක් උස ස්ථූපයෙහි සර්වඣ ධාතු විශාල සංඛ්‍යාවක් නිධන්කොට ඇති බවට වාර්ථා වෙයි.

29/02/2020

ලෝවාමහාපාය -
ශ්‍රී මහා බෝධියත් රුවන්මැලි සෑයත් අතර නැගනහිර දෙසට වන්නට ලෝවාමහාපායේ නටඹුන් පිහිටා ඇත.
මෙහි එක පේළියකට ගල් කණු 40 බැගින් පේළි 40 ඇත. මෙය මහා විහාරයේ පොහොය ගෙය යැයි කියැවේ.

29/02/2020

ශ්‍රී මහා බෝධිය -
සිංහල බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍රවන පූජනීය වස්තූන් අතර ශ්‍රී මහා බෝදීන් වහන්සේට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ක්‍රි.පූ.246දී පමණ දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම පරිදි ඉන්දීයාවේ ධර්මාශෝක අධිරාජයා විසින් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධී දක්ෂිණ ශාඛාව එතුමාගේ දියණිය වූ සංගමිත්තා මෙහෙණිය අත ලක්දිවට එව්න ලදී. එය එසේ ලක්දිවට වැඩම කරවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් අනුව ක්‍රියා කරන ලදී.

Address

Mahasenpura
Tissamaharama
82600

Telephone

077 37 42 700

Website

Alerts

Be the first to know and let us send you an email when Wandana Gaman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category