Mango Tree Safari

Mango Tree Safari Food Service

22/03/2024
අවුරුදු 60-55 range  එකේ ලන්දේසි කාරයෝ දෙන්නෙක් . මාසයක් ලංකාවේ cycle tour එකක් 1100km අවුරුදු 23 ලොකු දුවඅවුරුදු 20 පොඩ...
22/03/2024

අවුරුදු 60-55 range එකේ ලන්දේසි කාරයෝ දෙන්නෙක් .

මාසයක් ලංකාවේ cycle tour එකක්

1100km

අවුරුදු 23 ලොකු දුව
අවුරුදු 20 පොඩි දුව

පොඩි දුව අවුරුදු 17දී ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන්න.

මේ photo එකේ ඉන්න වයසක පොර ගිහින් තියෙන්නෙ අවුරුදු 16 දී ගෙදරින් ජීවිතේ හොයාගෙන.

එයාලා ආස ජීවිතේ හොයාගෙන යන්න එයාලට අපි නිදහස දුන්නා.

දැන් අපි ආස ජීවිතේ අපි ගත කරනවා. එයාලත් සතුටින් අපිත් සතුටින්.

ඒක වෙනම සංස්කෘතියක්. හැබැයි ඒ මිනිස්සු සතුටින්. අපේ අයත් තමන් කැමති විදියට ජීවත් වෙන්න . ඒකෙ තර්කයක් නෑ. වැදගත්ම දේ සතුටින්ද ඉන්නෙ කියන එක විතරයි ඒ තෝරාගත් ජීවන රටාවේ.

අනිත් දේ බයිසිකල් පැදිල්ල බොහොම ප්‍රසිද්ධ වෙච්චි රටක්. මේ තාත්තාට විතරක් බයිසිකල් 7 ක් තියෙනවාලු.

මිනිස්සුන්ට වඩා 3 න් 4 ගුනයකින් ඒ රටේ බයිසිකල් තියෙනවාලු.

මේ මනුස්සයා දුක් වෙනවා දැන් yunger generation එක electric scooter පදිනවා ගොඩක්. එයාලා unhealthy වෙයි කියලා ඉස්සරහාට .

බටහිර සංස්කෘතිය .Health . Food .පුරුදු . ගත්තාම ගොඩක් අමුතු දේවල් ටිකක් තියෙනවා කියලා හිතෙනවා එකතු කරගන්න.

විශේෂයෙන් සීනී පාරිබෝජනය වගේ දේවල් . ගොඩක් අඩුයි ඒ රටවල. අපේ සීනී වල මිල රටක් වෙනස් කරන්න පුලුවන් සාදක වෙලා තියෙන්නෙ.

New people Every day 😍❤️🫶🏿
20/03/2024

New people
Every day
😍❤️🫶🏿

තේරුම් නොගන්නා මිනිසුන්ට ඔප්පු කිරීමට වෙහෙස වෙන්න එපා...මානසික නිදහස කියලා කියන්නේ මේ ජීවිතයේ කෙනෙකුට තිබෙන ලොකු ම වත්කම...
16/02/2024

තේරුම් නොගන්නා මිනිසුන්ට ඔප්පු කිරීමට වෙහෙස වෙන්න එපා...

මානසික නිදහස කියලා කියන්නේ මේ ජීවිතයේ කෙනෙකුට තිබෙන ලොකු ම වත්කම කියලා කියන්න පුළුවන්. අතීතය ගැන හිත හිතා දුක්වෙන්න හේතුවකුත් නැත්තං ( අතීතං නානුසෝචන්ති ), අනාගතය ගැන ආශා-බලා⁣පොරොත්තු ගොඩගහ ගන්නෙත් නැත්තං ( නජ්ජපජ්ජමනාගතං ), මේ ගෙවී යන වර්තමානය තුළ තියෙන දැයින් තෘප්තිමත්ව බොහොම සැහැල්ලුවෙනුත් ජීවත්වෙනවා නම් ( පච්චුපන්නේන යාපෙන්තෝ ), ඒකට තමයි සතුටය කියලා කියන්නේ. ( සන්තුට්ඨෝති පවුච්චති )

ඉතිං තමන්ගේ මානසික සතුට, නිදහස කියලා කියන්නේ තමන් ම හදාගන්න ඕනි දෙයක්. දැන් මේ උඩ ඡේදයේ ම " සතුට " කියන දේ අර්ථ දකවපු විදිහ අනුව ම අපේ මානසික නිදහස හා සතුට අහිමි වීමට බලපාන හේතු තුනක් ප්‍රධාන වශයෙන් ම අපිට හඳුනාගන්න පුළුවන්.

♻️ ගෙවුණු අතීතය ගැන හිත හිතා, අතීතයේ ම ජීවත්වෙන්න හැදුවොත් ඒක තමයි අපේ මානසික සතුට අහිමි වෙන්න බලපාන ප්‍රධාන ම හේතුව. ඒ කියන්නේ ගෙවුණු අතීතය කොහොමත් ම අපිට වෙනස් කරන්න බෑ නේ... ඉතිං සමහර විට ජීවිතයේ සමහර තැන් වරදින්න ඇති. නමුත් ඒවා ගැන හිත හිතා තමන් කොච්චර දුක් වුණත්, අතීතය නැවත වෙනස් කරන්න බැරි නිසා අතීතයේ වැරදුණ තැන් ගැන හිතන එක නතර කරලා වර්තමානය තුළ තමන් නිවැරදි වෙන්නයි උත්සහ කරන්න ඕනි...

♻️ ඊළගට අපේ මානසික සතුට නැති වෙන්න බලපාන කාරණාව තමයි, නොඑළඹුණු අනාගතය ගැන ඕනවට වඩා බලාපොරොත්තු ගොඩගසා ගන්න එක. ලෞකික ලෝකයට ආශා කරන කෙනාට බලාපොරොත්තු වල සීමාවක් නැති තරම්. ඇතැම් විට සතුටින් ඉන්න එයාට ප්‍රමාණවත් අවශ්‍යතාවයන් තිබියදීත් ( ඉතරීතර සන්තුට්ඨිතා ) ඒවායින් තෘප්තියකට පත් නොවී, ඊටත් වඩා හොඳ හොඳ දේවල් සෙවීම ( අතිච්ඡතා ) හෝ කොච්චරවත් සෑහීමක් නැතිව අනිත් අයට තියෙනවට වඩා හොඳ ම දේවල් ලබාගැනීමේ ( මහිච්ඡතා ) අරමුණින් සමහර අය තමන්ගේ ජීවිතයට අනවශ්‍ය පීඩනයක් අරගෙන තියෙනවා. ඉතිං කොහොමහරි අනාගතයට ඕනවට වඩා බලාපොරොත්තු ගොඩගසා ගන්න එක නම් මානසික සැහැල්ලුව, සතුට නැති වෙන්න හේතුවක් කියන එක මතක තියාගන්න ඕනි....

♻️ අපේ මානසික සතුට නැති වෙන්නේ බලපාන තුන්වැනි කාරණාව තමයි, මේ ⁣ගත කරන වර්තමානය ගැන තෘප්තියක් නැතිකම. ඇත්තට ම ජීවත්වීම කියලා කියන්නේ ම වර්තමාන තත්ත්වය අත්දැකීමට ය. බොහෝදුරට මිනිස්සු ජීවත්වෙන්නේ එක්කෝ පූර්වාන්ත කල්පනාවක හෙවත් අතීතය ගැන කල්පනාවක. එහෙමත් නැත්තං අපරාන්ත කල්පනාවක හෙවත් අනාගතය ගැන කල්පනා ලෝකයක. ඉතිං ඒක නිසා ම ගොඩක් අයට වර්තමානය ගත කිරීමට පවා අමතක වෙලා තියෙනවා...

මෙහෙම බැලුව ම සතුට කියන්නේ තමන්ගේ ම සෝයා ගැනීමක් නේ... ඉතිං ඒ ඔබ ම සොයාගන්නා සතුට බාහිර පුද්ගලයන්ට විනාශ කරන්නට ඉඩදෙන්න එපා... අතීතයේ මොකක් වුණත් වර්තමානය තුළ ඔබ නිවැරදි කෙනෙක් වෙන්න උත්සහ කරන්න. අනාගතය කියන්නේ ම අවිනිශ්චිත තත්ත්වයක්. ඊළග මොහොතේ මොකක් වෙනව ද ? කියන එක කාටවත් ම කියන්න බෑ. ඒක නිසා අනාගතය ගැන ඕනවට වඩා වද වෙන්න එපා... සමහර විට ඔබේ අතීතය දිහා බලලා මිනිස්සු නොයෙක් කතා ඔබට කියාවි... එහෙම නැත්තං ඔයාට නං වෙන්නේ මෙහෙමයි, කියලා ඔයා ගැන අනාවැකිත් කියාවි... එහෙම විනිශ්චය කරන අයට කැමැති විදිහකට විනිශ්චය කරන්න ඉඩහැරලා ඔබ ඔබේ ගමන නිවැරදිව මාවතකට යොමු කරගන්න...

තමන්ගේ ජීවිතයට අවශ්‍යය මානසික නිදහස සහ සතුට තමන් ම සොයා ගත්තා ම, බාහිර අය මොන විදිහකින් තමන්ට නොයෙකුත් ආකාරයේ බලපෑම් එල්ල කරන්න උත්සහ කළත්, තමන්ගේ ඇතුළාන්තය සොලවන්නට කිසිවෙකුටවත් ඉඩතියන්න එපා... ඒක නිසා ම ඔබ කවුද ? කියන දේ ගැන ඔබව විනිශ්චය කරන්න හදන අයට ඔප්පු කරන්න අනවශ්‍ය වෙහෙසක් ගන්න එපා... මොකද, බාහිර මිනිස්සු හැමෝම එක ම විදිහකට සතුටු කරවන්නට අපිට පුළුවන් කමක් ලැබෙන්න නැහැ. ඔබ ඔබේ ඇතුළාන්තය තුළ ගැඹුරු දර්ශනයක් ගොඩනඟා ගන්න. එවිට ඔබ බාහිර ලෝකය තුළ චරිතවත් කෙනෙකු වේවි... ඉතිං ඔබගේ චරිතවත් භාවය තුළින් ම ඔබව තේරුම් ගන්නා අය ඔබව තේරුම් ගනීවි... ඔබව තේරුම් නොගන්නා අයට ඔබ කවුද ? කියා ඔප්පු කිරීමට වෙහෙසීම අනවශ්‍ය වෙහෙසක් ම පමණි. ...෴

✍️ කන්දෙගෙදර සෝභිත ස්වාමින් වහන්සේ
_____________________________________________
සුසුඛං වත ජීවාම⁣ ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා

~ ධම්මපදය - සුඛ වර්ගය

" කෙලෙස් ලෙඩින් ලෙඩ වූ මිනිස්සු අතරේ, කෙලෙස් ලෙඩින් වැළකී ඉන්න අපි ඒකාන්තයෙන් ම සුවසේ සැනසීමෙන් ඉන්න අයයි.. "
Ven Kandegedara Sobhitha 🙏❤️

14/02/2024

මට හම්බ වෙච්චි ගොඩක් වයසක කපල් සුද්දො ඇවිදිනවා ලෝකේ පුරා . පුද්ගලික ජීවීතේ නිදහස එයාලා ගත කරනවා පේනවා හරි ලස්සනට. දෙන්නා එක්ක wine වීදුරුවක් තොල ගාන ගමන් බියර් එකක් බොන ගමන් හරියට කයිය.අපි දෙන්නාකල්පනා කරනවා මුන්ට මෙච්චර වයසට ගිහිල්ලත් මොනවාද මෙච්චර කතා කරන්න තියෙන්නෙ කියලා .

එයාලගේ දරුවෝ ගොඩක් වෙනම ජීවත් වෙන්නෙ .මුනුබුරොත් ඉන්නවා හරි සංතෝසේන් ඒ පවුල් ගැන කතා කරනවා . අපි එයලා බලන්නත් යනවා කියනවා ඉදලා හිටලා. තව කපල් එකක් ආවා අවෘරුදු 40 වගේ වයසේ ලමයි 3 දෙනාට 14-11-9 ගෙදර ආච්චි අම්මලා සීයලා එක්ක දාලා මේ දෙන්නා සති 2කට මෙහෙ ඇවිත් එයලා එක්ක video cl ගත්තා අපිට photo පෙන්නුවා.

අපේ එහෙම දරුවෝ දෙමව්පියෝ ඉන්නවද ඔය වයසේ තනියම දාලා ගමනක් යන්න පුළුවන් ?

අපේ බැදීම් වැඩි වෙලාද එතකොට ? අම්මලා බලා ඉන්නවා වයසට ගියාම දරුවො සලකන්නෙ නෑ කියලා . දරුවන්ට තනියම ජීවත් වෙන්න බෑ තාම එයාලා දෙමව්පියෝ මත යැපෙනවා. ගමනක් යන්න බෑ හත්මුතු පරම්පරාවම ඕනේ . මට තේරෙන්නෙ නෑ බන් මොකක්ද හරි මොකක්ද මානසික නිදහස අඩු සංස්කෘතිය කියලා ?අපි බටහිර සංස්කෘතියෙන් දේවල් ටිකක් ඉගෙන ගන්න ඕනේ නැද්ද අපේ ජීවිත එක්ක ගලපගන්න ?

අපේ වයසක උන්දැලා දෙන්නෙක් තනියම ගමනක් යන්න තරම් ආර්ථික මානසික අතින් නිදහස් ද ?

From france with love 🥰😍
23/12/2023

From france with love 🥰😍

Its safari time 🥰🤙😊
15/12/2023

Its safari time 🥰🤙😊

12/10/2022

Travel together ♥️🥰👋😍☺️🦜🐘🦔🦚



24/09/2022

Address

Udawalawa

Telephone

+94761777764

Website

Alerts

Be the first to know and let us send you an email when Mango Tree Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mango Tree Safari:

Share