24/12/2020
Maalu 🐟 Paaru ⛵ | මාලු 🐟 පාරු ⛵ වාද්දුව කියන්නෙ අපේ රටේ තියෙන ලස්සනම වගේම ආරක්ෂිතම මුහුදු වෙරලක් තියෙන ප්‍රදේශයක්. දේශීය විදේශීය සංචාරකයන් කාලයක් තිස්සෙ මේ ලස්සන දකින්න එනව. කාලයත් එක්කම ගම ටිකක් වෙනස් උනාට මූදු වෙරලවත් කොනක් නොපෙනෙන මූදවත් වෙනස් වෙලා නෑ. අනිත් කාරනාව තමයි අපේ ගම අපේ රටේ සම්ප්‍රදායික මාදැල් කර්මාන්තය තවමත් කෙරෙන ප්‍රදේශයක්. එදා වගේ රුවල් ඔරු නොතිබුනත් තවමත් මහා පරිමානයේ පාරු දකින්න පුලුවන් ගම්මන කීපයෙන් එකක් තමයි වාද්දුව. පොල් රා කර්මාන්තයත් එදා වගේම තවම කෙරෙනව. සංචාරක කර්මාන්තය සජීවීව තියෙන ගමක ආගන්තුක සත්කාරය වගේම මූදුකරේ ගම්මාන වල කෑම බීම වල රස ගුන සුවඳ ආයෙත් අහන්න දෙයක් නැහැනෙ. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟කොවිඩ් 19 වසංගත තත්වයත් එක්ක ගෙවල් වලටම වෙලා හිටපු අපි හැමෝම ටිකක් ඇවිදින්න සංචාරය කරන්න හිතනව. නමුත් ආරක්ෂාව වගේම නිදහසත් ඕනෙ. මේ කාලෙ හැටියට රට ඇතුළෙ හයිකින් යන්න, ට්‍රෙක් එකක් යන්න උත්සාහ කරන එක ලොකු රිස්ක් එකක්, මොකද ඉඩකඩ සීමිත තැන්වල කොවිඩ් 19 වලක්වන සෞඛ්‍ය උපදෙස් අනුව නිදහස්ව ඇවිදින එක ලේසි නැති නිසා 👀 ඒකට හොඳම විසඳුම තමයි මූදු වෙරල ✌ 🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟ගමේ ධීවරයො මාදැල් අදින, දවස පුරාම සම්ප්‍රදායික ධීවර කටයුතු ඔරු, පාරු එක්ක දවස ගෙවෙන මෙහෙම තැනක මාලු වාඩියක් කිට්ටුවම කෑම්පින්ග් කරන්න ආස නැද්ද 🤔. 🌟 වැල්ලෙ වැවුණු පොල් ගහකින් එවලෙම කඩාගත්ත කුරුම්බ ගෙඩියක් බීල 🌟 දවල්ට කෙසෙල් කොලේ ඔතපු සුදු බත් ඌරු මස් හොද්දක්, ජාඩි බැදුමක්, කලටි පොල් සම්බෝලයක්, බිලින් ව්‍යාන්ජනයක්, එක්ක වැල්ලෙ මාලු වාඩියෙ ඉඳලම කාල 🌟 සර්ෆින් ක්‍රීඩාව ගැන දැනගෙන මූදෙ රල මත ලිස්සල යන්න ඉගෙනගෙන 🌟 හවස් වරුවට පාරුවක නැගල ඉර බහින වෙලාවෙ මූද මැදට ගිහින් ෆොටෝ ගන්න 🌟 රෑට වැල්ලට වෙලා ගිනිගොඩක් වටේට සෙට් වෙලා විනෝද වෙන්න 🌟 එදාම අල්ලපු අලුත් ගල් මාලු, ඉස්සො, දැල්ලො බාබකියු කරල කන්න 🌟 උනු උනුවෙ බාපු රෝස්ට් පාන් කකුලුවො හොද්දක් එක්ක රෑට කන්න 🌟 වැල්ලටම ගැලපෙන බයිලා, කැලිප්සෝ සින්දුවක් කියල හීනියට විනෝද වෙන්න 🌟 මහ රෑ ගොඩට එන කැස්බෑවන් බලන්න 🌟 සුපිරියටම රාත්‍රී අහස බලන්න පුලුවන් තැනක අහස නිරීක්ෂණය කරන්න 🌟 සුවපහසු මූදු හුළං වැදි වැදී කූඩාරමක නිදාගන්න 🌟 කෙලවලු මාලු කිරි හොද්දත් එක්ක රොටි, ඉඳිආප්ප උදේට කන්න 🌟 මූදෙ නාල කලින් දවසෙ ඉගෙනගත්ත සර්ෆින්ග් ක්‍රීඩාව වැටි වැටී කරන්න ඉගෙන ගන්න අදාල බලධාරීන්ගෙන් අවසරය ලැබුණු ගමන්ම 2021 ජනවාරි මාසෙ ඉඳල අපි මේ අත්දැකීම සංචාරය කරන්න කැමති ඔබට දෙන්න බලාපොරොත්තු වෙනව. කෝච්චියෙන් ආවොත් වාද්දුව ස්ටේශන් එකට එන්න අපි එන්නම් එක්කන් යන්න, ස්ටේශන් එක ළඟ ඉඳන් කිලෝමීටර් 2 වගේ. බස් එකක එනවනම් මොල්ලිගොඩ ආයුර්වේද රෝහල අසල බස් නැවතුම්පොළෙන් බහින්න මීටර් 600 වගේ පයින් ආපු ගමන් වාඩියෙ, වාහනයක එනවනම් වාඩිය කිට්ටුවටම එන්න පුලුවන්, ඔබේ වාහනය ආරක්ෂාකාරීව නවත්තල තියන්න පුලුවන් තැනක් අපි දෙනව. බොන්න වතුර, වැල්ලෙ තියෙන ළිඳකින් නාන්න පහසුකම් වගේම සියලුම ආරක්ෂාව වගකීම අපි සපයනව. මේ සියල්ලක්ම කරන්නෙ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෙලා හිටපු ගමේ අපි කීපදෙනෙක්ම එකතු වෙලා ඒ නිසා සංචාරය කරන ඔයාලගෙ උවමනාවන් අපි හොඳින්ම දන්නව ඒ නිසා දෙපාරක් නොහිත එන්න අපේ ගමේ වැල්ලෙ වාඩියට. ❤ අවසානයට ලියන්නෙ, මේ සියල්ලම අපි කරන්නෙ සෞඛ්‍ය බලධාරීන් දීල තියෙන Covid 19 පැතිරීම වලක්වන සියලුම ක්‍රමවේදයන් එක්කයි. ඒ නිසා මෙතනට ආවට පස්සෙ ඒ උපදෙස් පිලිපදින්නෙ නැතුව ඉන්න බලාගෙන එන්න ✋ මොකද අපි ඒ උපදෙස් අකුරටම පිලිපදිනව. ඒක අපි හැමෝගෙම වගකීමක් ☝ වගේම යුතුකමක් වෙනවා 🙏❤ වැඩිපුර විස්තර දැනගන්න 0711909777 න් අපිට කතා කරන්න. 0777440086 වලින් Whats Up, Imo, Viber මාර්ගයෙනුත් කතා කරන්න පුලුවන්.