Inside SRI LANKA

Inside SRI LANKA SRI LANKA IS A MOST BEAUTIFUL COUNTRY IN ASIEA WE TRY TO INTRODUSE SRI LANKA AND SRI LANKAN NATHURAL , ANCIENT AND MORE OF BEAUTY PLACES
0094776722982

යන්න ඕනිම තැනක්         රංගල ස්වාභාවික තටාකයනුවර පහුකරල දිගන හරහා තල්දෙනිය පාරේ හුළු ගඟත් පහුකරල යනකොට හම්බවෙන සුන්දර ගම...
27/02/2021

යන්න ඕනිම තැනක්
රංගල ස්වාභාවික තටාකය

නුවර පහුකරල දිගන හරහා තල්දෙනිය පාරේ හුළු ගඟත් පහුකරල යනකොට හම්බවෙන සුන්දර ගම්මානයේ මේ කියන රංගල ස්වභාවික තටාකය හම්බවෙන්නේ.

දිය ඇල්ලක් එක්ක තියන මේ ස්වභාවික තටාකය යාලුවන් එක්ක ඇවිල්ල විනෝද වෙන්න කියාපු තැනක්. නකල්ස් රක්ෂිතය ආසන්නයේ පිහිටා ඇත.මෙම ජල තටාකය සුන්දරත්වයෙන් පිරුණද තටාකයේ කෙලවර ඉතා ගැඹුරු බැවින් මෙහි දිය නෑමේදී ඉතා කල්පනාකාරීව කටයුතු කලයුතුයි.

ලoකාවේ ලස්සන තැන් බලන්න ගියාට කමක් නෑ හැබයි සුන්දරත්වය ආරක්ෂා කරන්න වගේම තමන්ගෙ ආරක්ශාව ගැනත් බලන්න මතක තියා ගන්න.

📷 අයිතිය මුල් අයිතිකරුවන් සතුය.

සියනෑවේ ජේත්තුකාරයා... ගනේමුල්ලේ ජයකොඩි වලව්ව කඩවත ගනේමුල්ල මාර්ගයේ වැලිපිල්ලෑව හන්දියට නුදුරින් පිහිටා තිබෙන තෙදවත් මන්...
07/09/2020

සියනෑවේ ජේත්තුකාරයා...

ගනේමුල්ලේ ජයකොඩි වලව්ව

කඩවත ගනේමුල්ල මාර්ගයේ වැලිපිල්ලෑව හන්දියට නුදුරින් පිහිටා තිබෙන තෙදවත් මන්දිරයකි.සියවසකට කිට්ටු පැරණි සුවිසල් වෘක්ෂ ගහණයකින් වටවී ඇති හෙයින් මාර්ගයට පැහැදිලිව දර්ශනය වන්නේ මන්දිරය මධ්‍යයෙන් නැගී ඇති ශ්වේත වර්ණාකාර සමචතුරස්‍රාකාර කුළුණ පමණකි .ගලහිටියාව,පරකන්දෙණිය, කොස්සින්න,අමුණුගොඩ, සූරියපාලුව වැනි ගනේමුල්ල අවට සුන්දර ගම්මාන රැසකටම ආභරණයක් බඳු මේ සුන්දර පහය නිර්මාණය කරන ලද්දේ වාසල මුදලි දොන් ගාබ්‍රියෙල් කුමාරසිංහ ජයකොඩි විසිනි.වර්ෂ 1871දී ගනේමුල්ලේ මහවලව්වත්තේ ඉසුරුමත් වලව් පවුලකටම දාව උපන් ගාබ්‍රියෙල් තරුණයා තම සිත්ගත් එංගල්තිනා වැලිවිට(ම.1942) නම් තරුණිය සමග වූ ප්‍රේම බන්ධනයට දෙමාපියන් විරුද්ධවූ නිසාවෙන් රු.50ක් පමණක් අතේ අතැතිව වර්ෂ 1890ට ආසන්න කාලයේ නිවසින් පිටමං වීය.එතැන් සිට තම සහකාරිය සමග ජීවන ගමන අරඹාදක්ෂ තරුණ ව්‍යවසායකයෙකු ලෙස සුළු පරිමාණ ව්‍යාපාරයන්හී යෙදී සිටි
ඔහු "ගබන් අප්පුහාමි" ලෙස ප්‍රසිද්ධ විය.

මේ අතර බ්‍රිතාන්‍යයින් විසින් කඳුකරයේ වගාකල කෝපි,තේ ආදී වගාවන්හී ඵලදාවන් කොලඹට ගෙනඒමට අශ්ව කෝච්චිය ප්‍රමාණවත් නොවූ නිසා සථිර දුම්රිය මගක් ඉදිකිරීම වර්ෂ 1858දී ආරම්භ කෙරිනි.මංගල දුම්රිය ගමන ආරම්භ වී ඇත්තේ 1864 දෙසැම්බර් 20 වෙනිදින අඹේපුස්ස දක්වාය.මේ අයුරින් ප්‍රසාරණය වූ ලංකා දුම්රිය සේවයට 1895 වෙරළ දක්වා දුම්රිය මාර්ගය, 1905 උතුරු දුම්රිය මාර්ගයේ, 1914 මන්නාරම මාර්ගය, 1919 කැළණි වැලි මාර්ගයේ, 1926 පුත්තලම මාර්ගය සහ 1928 දුම්රිය මාර්ගය මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වා යන දිගුකිරීම් එකතු කෙරිණි.මේ දුම්රිය මාර්ග සංවර්ධනයට සිල්පර කොටන් සැපයීමේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස දොන් ගාබ්‍රියෙල් ජයකොඩිද එක්විය.ව්‍යාපාරයේ දක්ෂයෙක් වූ ඔහු කලට වේලාවට තම කාර්‍යයන් නිම කිරීමෙන් රජයේ විශ්වාසය දිනාගත්තේය.කොන්ත්‍රාත් ව්‍යාපාරවලින් සපයාගත් මුදල් නැණවත්ව රේන්ද ව්‍යාපාරයේ සහ විශාල පොල් ඉඩම් මිලදීගැනීමට යෙදවූ ඔහු ධන කුවේරයකු බවට පත්විය.කුලියාපිටියේ නාරංගල්ල, ඇපලදෙණිය,පූගල්ල,යාය,බරිගොඩ,පිදුම සහ බෝහින්ගමුව යන වතු‍‍‍‍‍‍‍යායන් ඇතුලු අක්කර දහස් ගණනක ඉඩම් ඔහු සතුවිය.එම ඉඩම් වල පොල් වියලා කොප්පරා බවට හැරවීමේ මහා පරිමාණ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගිය ගාබ්‍රියෙල් මුදලිගේ කොප්පරා ස්ටෝරු පිහිටා තිබුණේ කොලඹ ග්‍රෑන්ඩ්පාස්හීය.

වර්ෂ 1920 දී ගම්පහ ගනේමුල්ලේ තම නිවස ඉදිකිරීමට පටන් ගත් ඔහු 1925 පමණ වනවිට එහි ඉදිකිරීම් අවසන් කලේය.මෙහි ගෘහනිර්මාන ශිල්පියා මුස්ලිම් ජාතිකයෙකු ලෙස සැලකේ.මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැමිණි කම්කරුවන් වැඩ නිමවීමට ගතවූ වසර පහක පමණ කාලය නිමවන තෙක් අවට ඉඩමේම තාවකාලිකව පදිංචිකොට ඇත. කඩවත ගනේමුල්ල මාර්ගයට මායිම්ව ඉදිවූ 'ජයකොඩි වලව්ව' අක්කර ගණනාවක් වූ විශාල බිම්කඩක ඉදිකොට තිබිණි.පෙළින් පෙළ කරඬු නැගුණු ආරුක්කු හැඩයගත් නූස් නමුත් අලංකාර ගරාදි තාප්පයකින් මාර්ගයට මායිම්වූ මේ ප්‍රතාපවත් ප්‍රාසාදය ධවල වාර්ණිත බිත්ති, උඩුමහලෙන් එලියට පැන ඇති පියස්සෙන් යුත් කුඩා බැල්කනි ,උඩුමහල් දරාගත් විශාල කුළුණු ,ලී සහ යකඩ කැටයම් ගරාදියෙන් වටවූ සොල්දර සහ ලංකාවේ අනෙකුත් කිසිම වලව්වක නොදක්නා ලද ගොඩනැගිල්ල මධ්‍යයෙන් අහසට නගිනා උස්වූ සමචතුරස්‍රාකාර කුළුනකින්ද සමන්විතය.මේ මන්දිරය පිණිසම නිර්මාණය කල කළුවර ආදී වටිනා දැවයෙන් නිර්මිත ගෘහභාණ්ඩයන්හී ජයකොඩි පවුලේ සංකේතය වන "ජය" යන සලකුණ යොදා ඇත.මින් සමහර භාණ්ඩ ජයකොඩි මුදලි විසින් එංගලන්තයේ සමාගම් විසින් වලව්ව වෙනුවෙන්ම නිර්මාණය කොට ආනයනය කල ගෘහභාණ්ඩය.වර්ෂ 1980 දී ආරම්භ කල ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ කඳවුර පිහිටා ඇති ඉඩමද ,ගනේමුල්ලේ පහල යාගොඩ ජයකොඩි වත්ත, ගනේමුල්ලේ ජයකොඩි මහා විද්‍යාලය වැනි ඉඩම් පෙර ජයකොඩි වලව්ව සතුව තිබූ ඉඩම්‍ ය.කාලානුරූපව මේ අයුරින් බෙදීගිය ජයකොඩි වලව්වේ ඉඩම් වලින් වලව්ව පිහිටි ඉඩම පමණක් මේ වනවිට ඉතිරිව තිබේ.

දොන් ගාබ්‍රියෙල් ජයකොඩිට එවක බ්‍රිතාන්‍ය කිරීට ආණ්ඩුව විසින් වර්ෂ 1922 ජූනි මස 03 වෙනිදින මුහන්දිරම් පදවියද 1940 ජූනි 13 වෙනිදින වාසල මුදලි පදවියද ප්‍රධානය කොට තිබේ.ගාබ්‍රියෙල් සහ එංගල්තිනා ජයකොඩි යුවලට වර්ෂ 1901 ජනවාරි මස 21 වැනිදින පුතෙක් උපන් අතර පවුලේ එකම දරුවාවූ ඔහුට දොන් එඩ්වින් කුමාරසිංහ ජයකොඩි යනුවෙන් නම් තැබිණ.කොලඹ වෙස්ලි විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු මාතර අමරසිංහ පවුලේ තරුණියක වූ සිරිදත්තා අමරසිංහ සමග විවාපත් විය. ඔවුන්ට පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැණු දරුවන් පස්දෙනෙක් ලෙස දරුවන් සත් දෙනෙකි.මෙයින් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක් අවාසනාවන්ත ලෙස අකාලයේ මියගිය අතර ඉතිරි දරුවන්ගෙන් වැඩිමහල් දියණිය වූ හේමකාන්තා ජයකොඩි කටාන රණසිංහ පවුලේ සේනක රණසිංහ සමගද,දෙවැනි දියණිය රම්‍යකාන්තා ජයකොඩි හොරණ දොස්තර පී.ආර් වල්පිට සමගද තෙවැන්නා වූ දියණිය හේතුමතී ජයකොඩි ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු අමාත්‍ය රූපා කරුණාතිලක සමගද විවාහ විය.පවුලේ සිව්වැන්නා වූ කමලවර්ණ කුමාරසිංහ ජයකොඩි පුත්‍රයා විවාහවූයේ කෑගල්ල මීදෙණිය පවුලේ කාන්ති මීදෙණිය සමගය.පවුලේ පස්වැන්නා සහ බාලයා වූ ජයස්විනී ජයකොඩි දියණිය බලන්ගොඩ දොස්තර නිහාල් මහවලතැන්න ජයවර්ධන සමග විවාහවිය.

ජයකොඩි පවූල විසින් සමාජසේවා කටයුතු වෙනුවෙන් නොයෙකුත් පරිත්‍යාග කොට ඇති අතර දොන් ගාබ්‍රියෙල් ජයකොඩි මුදලි විසින් තමාගේ බණ්ඩාරවෙල පිහිටි පවුලේ නිවාඩු නිකේතනය දෙවෙනි ලෝක යුධ සමයේ බණ්ඩාරවෙල විශාඛා බාලිකා විද්‍යාලය පවත්වාගෙන යාම සඳහා ලබාදී ඇත.එඩ්වින් කේ ජයකොඩි මහතාගේ බිරිඳවූ සිරිදත්තා ජයකොඩි මහත්මිය වර්ෂ 1960 මාර්තු මස 19 දින පැවැත්වූ මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට චන්ද 9042ක් ලබාගත් නමුත් පාර්ලිමේන්තු වරම් අහිමිවිය.ඇය විසින් කිරින්ද මහා විහාරය,විජිතපුර විහාරය,යුඳගනාව විහාරය සහ ඇල්පිටිය විහාරමහාදේවී පිරිවෙණ යන විහාරයන්හී ඉදිකිරීම් කොට ඇති අතර වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලය ඉදිකොට පරිත්‍යාග කොට ඇත.ඇය විහාරමහාදේවී කුලඟන සමිතියේ නිර්මාතෘ වන අතර කොලඹ හිටපු නගරාධිපති එම්.එච් මොහොමඩ් විසින් කොලඹ වික්ටෝරියා උද්‍යානය විහාරමහාදේවී උද්‍යානය ලෙස නම්කලේද ඇයගේ ඉල්ලීම නිසාය.

දොන් කමලවර්ණ කුමාරසිංහ ජයකොඩි මහතා වර්ෂ 1937 ඔක්තෝම්බර් මස 20 වෙනිදින උපත ලද අතර කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කොලඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මහර ගම්කාර්‍ය සභාවට තරඟකොට එහි සභාපති ධුරයට පත්විය.තවදුරටත් දේශපාලනයේ නියැලුණු ඒ මහතා 1983 මහ මැතිවරණයේදී මහර ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකොට චන්ද 29944ක් දිනාගෙන පාර්ලිමේන්තුවට ඇතුලත්විය.ගනේමුල්ල වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලය එතුමාගේ ඉඩමක ඉදිකොට පරිත්‍යාග කොට ඇත.

ජයකොඩි වලව්වේ නිර්මාතෘ වාසලමුදලි ගාබ්‍රියෙල් ජයකොඩි වර්ෂ 1951 මැයි මස 12 වැනිදින අභවාප්ප්‍රාප්ත විය.ඔහුගෙන් පසු ජයකොඩි වලව්වේ හිමිකාරීත්වය පැවරුණු එඩ්වින් ජයකොඩි මහතා 1981 පෙබරවාරි මස 21 දින අභවාප්ප්‍රාප්ත විය.ජයකොඩි පරපුරේ වලව්වේ අවසන් හිමිකරු වූ කමලවර්ණ ජයකොඩි මහතාද වර්ෂ 2007 ජූනි මස 17 වැනිදින අවසන් ගමන් ගිය හෙයින් වලව්වේ වර්තමාන භාරකාරිය ලෙස ඔහුගේ බිරිඳ වන කාන්ති ජයකොඩි මහත්මිය වාසය කරයි.

කෘත්‍රිම පැණිබීම වෙනුවට ස්වාභාවික පාන ......කිරළ ( Sonneratia caseolaris)කඩොලාන විශේෂයක් වන කිරළශාකයේ ගෙඩි යොදාගෙන නිපදව...
07/09/2020

කෘත්‍රිම පැණිබීම වෙනුවට ස්වාභාවික පාන ......කිරළ ( Sonneratia caseolaris)

කඩොලාන විශේෂයක් වන කිරළශාකයේ ගෙඩි යොදාගෙන නිපදවන ලබන දිවුල් බීම හා සමාන රසයක් ගෙන දෙන මෙම බීම ගුණාත්මක බවින්ද යුත් කිරළ බීම දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද මහත් සේ ප්‍රිය කරනු ලබයි.කිරළ බීමවල විටමින් C වගේම ඛනිජ ලවණ වලින් පිරුනු ප්‍රෝටීන අඩංගු ගුණදායක පානයකි.
කිරළ ගහේ වායු මුල් අතීතයේ බෝතල් මූඩි "කිරළ මූඩි" සදහාද යොදාගත්තා.
ශ්‍රී ලංකාවේ සත්‍ය කඩොලාන විශේෂ 14ක් ද (ජලයේ වැවෙන) ඒ ආශ්‍රිත කඩොලාන විශේෂ 12ක් ද පවතී.කිරළ මෙන්ම ඔබ මැල්ලුම් පිළියෙල කරගන්නා කැරන් කොකුද කඩොළාන විශේෂ වේ.

කඩොලාන සලකන්නේ පරිසරයට ඉතා වැදගත් තෙත් බිම් වශයෙනි. ලෝකයේ නිවර්තන හා උප නිවර්තන රටවල පමණක් පැතිරී තිබෙනවා.
ලංකාවේ වැඩියෙන්ම කඩොලාන පැතිර තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේය.

ශ්‍රී ලංකාවේ ඉපැරණි ප්‍රසිද්ධ වලව් 🏰🏯🏭💒🏩🏢
07/09/2020

ශ්‍රී ලංකාවේ ඉපැරණි ප්‍රසිද්ධ වලව් 🏰🏯🏭💒🏩🏢

ශ්‍රී ලංකාවේ කොටියා අන්තර්ජාලය ඇසුරිනි
05/09/2020

ශ්‍රී ලංකාවේ කොටියා
අන්තර්ජාලය ඇසුරිනි

04/09/2020

හදිසියෙන් දකින්නට ලැබෙන අවස්තාවක්...
නයා බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් නොවනුයේ මෙය ඒ තරම් ද්වන්ධ සටනක් නිසයි..ස්වභාවධර්මයේ නීතිය මෙයනම් ඇයි අපි මෙයට බාධා කරන්නෙ..

04/09/2020
යාල ජාතික වනෝද්‍යානයේ  සුන්දරත්වය
03/09/2020

යාල ජාතික වනෝද්‍යානයේ සුන්දරත්වය

රිප්ලයි එකක් දාමු බලන්න
01/09/2020

රිප්ලයි එකක් දාමු බලන්න

නිවසට  සිරිකත  කැඳවන     වාසනාවන්ත  වෘක්ෂය                        බෙලි-(Aegle marmelos)                                 ...
01/09/2020

නිවසට සිරිකත කැඳවන
වාසනාවන්ත වෘක්ෂය

බෙලි-(Aegle marmelos)

ගෙවත්තට ශ්‍රියා කාන්තාව සේ සැළකෙන බෙලි , රාවණා යුගයේ සිට ම දිව ඔසු ලබා දෙන වටිනා ශාකයක් ලෙස සැලකෙන්නක්. එය හින්දු බැතිමතුන් ශිව දෙවියන් පිදුමට යොදාගන්නක්. එහි ශාක පත්‍ර විෂ්ණු පූජාවට නැතිව ම බැරි ලෙස සැළකෙන්නක්.
එය යසස සෞභාග්‍යය කීර්තිය දියුණුව කැඳවන පූජනීය වෘක්ෂයක් ලෙස හඳුන්වන භාරතීය ග්‍රන්ථ, ගෙමිදුළ බෙලි ගස් පහක් සිටුවීම දෙව් ලොව යාහැකි පින්කමක් ලෙස විස්තර කර දෙනවා.
එය ගෙමිදුළේ දකුණු පස සිටුවා ගත යුතු වාසනාවන්ත වෘක්ෂයක් ලෙස ද සඳහන් කරනවා.
ඉන්දියාව නිජබිම කරගත් බෙලි ඉන්දියාව මෙන්ම පකිස්ථානය බුරුමය ආදි රටවල ද බහුලව දක්නට ලැබෙන්නක්.
සංස්කෘත ග්‍රන්ථවල බෙලි බිල්වා නමින් හඳුන්වනු ලබනවා. එහි ශාක කොටස් යොදා බිල්වාදි නමින් තෙලක් ද සිඳිනු ලබන අතර එය සිරුරේ දැවිලි වේදනා සඳහා ගැල්වීමට යොදාගන්නවා.
ඇත් බෙලි හා බෙහෙත් බෙලි ලෙස ප්‍රභේද දෙකකට බෙදා දැක්වෙන බෙලි සීත ගුණයෙන් යුක්තයි. ආහාරයක් මෙන්ම වටිනා ඔසුවක් ලෙස සැළකෙන්නක්.
වෙදකමේදී සෙම් පිත් යන ත්‍රි දෝෂයම සමනය කරන්නට හැකියි. බෙලි ගෙඩි, මල් කොළ පොතු මුල් යන සියලු ම කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙනවා.
යකඩ කැල්සියම් පොස්පරස් ප්‍රෝටීන් විටමින් C D, A B ප්‍රභේද, නියැසින්, තයමින්, රයිබොෆ්ලේවින්, කැරොටීන් කාබොහයිඩ්‍රේට් ශක්තිය හා ඖෂධීය ජලය පිරි, සිසිලැති රසැති පලතුරක් ලෙසත්, රුව වඩන්නක් ලෙ සත් සැලකෙනවා.
දාහය නිවන්නක්, හදවත ශක්තිමත් කරන්නක්, ආහාර රුචිය වඩන්නක් මතක වර්ධනය කරන්නක් ,සම නිරෝගි කරන්නක් ධාතු වර්ධනය කරන්නක් මෙන් ම ලේ ගැලීම් වළකන්නක් සේ ද සිරුරෙහි ක්‍රියාත්මක වනවා. එසේ ම විජලනය දුරුකිරීමටත් නින්ද ළඟාකර ගැනීමටත් එය උපකාරවනවා

බඩ වියළුණු විට මෙන් ම බුරුල් වූ විටත්, පාවිච්චි කළ හැකි විස්මිත ඔසුවක් වන බෙලි බඩ වියළීමේ දී, සීනි සමගත්, බුරුල්වීමේ දී මී පැණි සමගත් කෑමට ගත යුතුබව පොත පතෙහි සඳහන්. අමු බෙලි මල බුරුල්වීමේදීත් ඉදුණු බෙලි මල බද්ධවීමේදී ත් සහන සළසනවා.
දරුවකු ලද පසු මව නැහැවීමට යොද ගන්නා ඖෂධීය කොළ වතුර තැම්බුමට බෙලි කොළ ද එකතු කර ගනු ලබනවා
සෙම, වාතය, සන්ධි ඉදිමුම් අර්ශස්, හර්ද රෝග, ආඝාත පාචන, මල බද්ධ, අම්ලපිත්ත , පණු රෝග පීනස ඇදුම ,සමේ රතු බිබිලි, චර්ම පිළිකා, දිලීර වෛරස් ආසාදන, වැනි රෝග ගණනාවක් පාලනය කිරීමට බෙලි උපකාරි වන වා.
මොළය වර්ධනය කර බුද්ධිය, ධාරණ ශක්තිය වැඩුමට උපකාරිවෙමින් මානසික සෞඛ්‍යය ද වර්ධනය කර දෙනවා.
ඉදුණුබෙලි පලතුරක් සේ කෑමෙන් ද, එහි මාංශල සීනි ලුණු පොල්කිරි මඳ වශයෙන් යොදා සකසා බීමෙන් ද, මල් , කොළ , ගැට ,වියළා තේ ලෙස පානය කිරීමෙන් ද, සිරුර ට විවිධ ප්‍රතිලාභ අත්කර ගත හැකියි.

අමු බෙලි මද
වාතය හා සෙම සමනය කරනවා. මද පෙති ගසා වියළා කබලේ බැද, තේ මෙන් වත්කර බීම ආමවාතයට සුව දෙනවා. මල කැටිකර දෙනවා. හර්ද රෝගවලට ගුණ දෙනවා.

ඉදුණු බෙලි
ඉතා පෝෂ්‍ය දායකයි. ශරීර ශක්තිය වඩනවා. මලබද්ධය වළක්වනවා. හෘදයට මොළය ට හිතකරයි. විදුරු මසින් ලේ ගැලීම නවතනවා. බෙලි යුෂ ගී වලට මිශ්‍ර කර පානය කිරීමෙන් හර්ද රෝග ආඝාත තත්ත්ව අවම වන බවද සඳහන්.

බෙලි මල්
අතීසාරය පීනස පිත හා වමනය ට ප්‍රතිචාර දක්වන වා. වේදනාව නසනවා. මල් තේ ලෙස පානය කිරීමෙන් සමෙහි කුරුලෑ ලප කැළැල් මැකී සම නිරෝගිවනවා. සුදු කබර පොතු කබර රෝගවලට එරෙහිව ක්‍රියා කරනවා.
පිපාසය දාහය නිවාලනවා.

බෙලි මුල්
දස මූල බෙහෙතට අඩංගු වන්නක්. වාත දෝෂ නසනවා. ආහාර දිරවීමට උදව්වෙනවා. මුල කෂාය කර බීමෙන් උණ අතීසාර අජීර්ණ ග්‍රහණි රෝග පාලනය වනවා. ආහාර අරුචිය දුරුවනවා

බෙලි කටු
හෘදයට මොළයට හිතකරයි. තම්බා වතුර බීමෙන් අත් පා දැවිල්ල හා උෂ්ණය සංසිඳෙනවා.

බෙලි කොළ
ව්යළා කුඩුකර තේ මෙන් පානය කිරීමෙන් දාහය නිවෙන අතර වමනය දියවැඩියාව ද පාලනය කළ හැකියි.
වේදනා නාශකයක් සේ තැවිලි පොට්ටනිවලට යොදා ගැනෙනවා. ඉදිමුම සුවකරනවා. බෙලි කොළ යුෂ හෝ තැම්බූ වතුර අතීසාරය අම්ල පිත්ත උණ රෝග සඳහාත් යොදා ගැනෙනවා.

ඖෂධ වශයෙන් පමණක් නොවෙයි. රුව වැඩීමටත් බෙලි උපයෝගිවෙනවා කීවොත් අපේ යුවතියන් වඩාත් සතුටුවෙයි.
ඉදුණු බෙලි ගෙඩියක මද, කුඩුකරගත් මුං ඇට සමග මුසුකොට සමේ ආලේප කිරීමෙන් සම පැභැපත් වෙනවා. නිතර බෙලි ආහාරයට ගැනීම ද රුව වැඩීමට මං පාදන්නක්.

බෙලි වලින් අත් බෙහෙත්

*වාත ඉදිමුම් හා හන්දිපත් වේදනා වලට
බෙලි මුල් සුදුලූනු සමග තම්බා බීම.

*දියවැඩියාවට
බෙලි කොළ තැම්බූයුෂ ගම්මිරිස් ටිකක් දමා දිනපතා උදෑසන බීම

*දහදිය බිබිලි හා ඩහදිය දුගඳ දුරු කිරීමට
බෙලි කොළ අඹරා සිරුරේ ගල්වා පැයකට පසු ස්නානය කිරීම

*සෙංගමාලයට
බෙලි කොළ යුෂ මීපැණි සමග බීම

*කුරුළෑ ලප කැළැල් වලට
ඉදුණු බෙලි කහ සහ දෙහි යුෂ මිශ්‍රකර මුහුණේ ගල්වා පැයකට පසු සෝදා හැරීම

*අධි රුධිර පීඩනයට
ඉදුණු බෙලි බැබිල මුල් අමු ඉඟුරු සමව ගෙන තම්බා යුෂ සීනි සමග පානය කිරීම

*සම පැළීමට , හැකිළීමට
ඉදුණු බෙලි , වට්ටක්කා මද , එළකිරි මිශ්‍රකර ගැල්වීම

*මුත්‍රා දෝෂවලට
බෙලි මද තම්බා තැම්බූ ජලයත් සමග ම ආහාරයට ගැන්ම

*අර්ශස් වේදනාවට
බෙලි මුල් තැම්බූ වතුරෙන් තැවීම සේදීම

* දැවිල්ල සහිත ඉදිමුම්වලට
බෙලි කොළ ඇල්දියෙන් අඹරා ගෑම

( මූලාශ්‍ර හා සේයා රූ - අන්තර්ජාලය , අපේ ඔසු පැළ ,හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)
උපුටාගැනීමකි

මාතර දිස්ත්‍රික්කයේ, මොරවක කෝරළයේ, කොටපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළයි ගැටබරු රජමහා විහාරය වගේම දේවාලය තියෙන්නේ. අ...
30/08/2020

මාතර දිස්ත්‍රික්කයේ, මොරවක කෝරළයේ, කොටපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළයි ගැටබරු රජමහා විහාරය වගේම දේවාලය තියෙන්නේ. අපිට ආරංචි විදියට ගැටබරුවේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා. ඉතින් ගැටබරුව පෙරහැර මංගල්‍ය සමයෙ මෙදා පාර අපි ගැටබරුවට යන්නේ අන්න ඒ කතාව හොයන්න.
ඓතිහාසික ගැටබරුව විහාරයේ අද තියෙන විහාරයටත් වඩා ප්‍රසිද්ධ වෙන්නේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලය. ඒක අනුරාධපුරේ රජකම් කරපු වළගම්බා රජතුමාගේ සමය දක්වා ඈතට විහිදෙනවා. ගොඩාක් අය මේ දේවාලයට කියන්නේ “රුහුණේ පුංචි කතරගම” කියලා. කොහොමින් හරි ගැටබරුව නොදන්න කෙනෙක් නම් ලංකාවේ නැතුව ඇති. මොකද ඒ තරමටම ගැටබරුව දේවාලය අපේ ජනතාවට සෑහෙන්න සමීපයි. ඒ වගේම ගැටබරු දේවාලය තියෙන්නේ හරි අපූරු පරිසරයක. ගැටබරුව දේවාලයට එක පැත්තකින් තියෙන්නේ රක්වාන කඳු පන්තිය. අනෙක් පැත්තෙන් තියෙන්නේ සිංහරාජ වනාන්තරය. එතකොට ඉතිරි කොටසේ තියෙන්නේ මොරවක්කෝරළ කඳුකර ප්‍රදේශය. දැන් ඔබට හිතෙයි ගැටබරුව කියන්නේ කොයි වගේ සුන්දර පැත්තක්ද කියලා. ගැටබරුවේ ඉතිහාසය පටන් ගන්නේ අනුරාධපුර යුගයෙන්. වළගම්බා රජතුමා තමයි ගැටබරුව විහාරය හැදුවයි කියන්නේ. ඒ හින්දා ගැටබරුවේ හැංගුණු කතා ගොඩාක් ඇති කියලා අපිට විශ්වාසයි.

ගැටබරුවේ රජ්ජුරු බණ්ඩාර දේවාලය ගැන කියද්දි රජ්ජුරු බණ්ඩාර දෙවියෝ ගැන නම් කියන්නේ නැතුව බෑ. මොකද ඒ දෙවියෝ හදවතේ තියාගත්තු මිනිස්සු ලංකාව වටේම ඉන්නවා. දකුණේ හොරකමක් මංකොල්ලයක් අපහාසයක් වාගේ අකටයුත්තකදි ඒ ජනතාවට පිහිට වෙන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියෝ කියලයි කියන්නේ. ඒ වගේම වැරදිකාරයන්ට දඬුවම් දෙන්නත් රජ්ජුරු බණ්ඩාර දෙවියෝ පසුබට වෙන්නේ නෑ කියලයි අපට දැනගන්න ලැබුණේ. සමහර උදවියට රජ්ජුරු බණ්ඩාර දෙවියෝ කොච්චර නම් විශ්වාසයිද කිව්වොත් ඔවුන් පොලිසියට යන්න ඕනෙ තැනදිත් යන්නේ ගැටබරුව දේවාලයට. මොකද යුක්තිය ළඟදි ඒ තරමටම රජ්ජුරු බණ්ඩාර දෙවියෝ මිනිසුන්ගේ හදවතේ ඉන්නවා කියලා ඔවුන් හිතනවා. ඒ වගේම ඔය පැත්තේ ගෙදරක දානයක් පිරිතක් හෝ පින්කමක් උත්සවයක් වගේ යම්කිසි සුබ කටයුත්තක් කරන්නට කලින් මිනිස්සු ගැටබරු දේවාලයට ගිහින් පඬුරු ගැටගහලා ඒ කටයුත්තට ආශීර්වාදය ලබාගන්නවා. ඒක කියවන ඔබට අලුත් අත්දැකීමක් වුණාට දකුණේ මිනිසුන්ට ඒක සාමාන්‍ය දෙයක් වෙලා.
අපි අද ඔබට කියන මිනිසුන්ගේ දුකට වගේම සැපතටද සිටින මේ ගැටබරු දේවාලය හොයාගත්තු කතාවත් හරි රසවත් කතාවක්. ඒ කතාව අපේ විදියට මෙහෙමයි. ඇත්තටම මේ රස කතාව සිද්ධවෙන්නේ ක්‍රි.ව.1834 කියන කාලයේ. ඔය කාලයේ කොටපොළ කෙසෙල් කොරටුවේ ගෙදරක “එලියස් හාමි” කියලා මනුස්සයෙන් ජීවත් වෙනවා. ඒ මනුස්සයා සත්තු දඩයම් කරන්න ටිකක් කැමතියි. දවසක් එලියස් හාමි සතෙක් දෙන්නෙක් දඩයම් කරන්න කියලා ගැටබරු කන්දට යනවා. ඒ කාලේ ගැටබරු කන්ද කියන්නේ මහා කැලෑවක්. එහෙම යන එලියස් හාමි ඉස්සරහට ගෝනෙක් දුවන් එනවා. ගොදුර ළඟටම ආවා කියලා හිතන එලියස් හාමි ගෝනා මරන්න ලෑස්ති වෙද්දිම ඌ ආපහු හැරිලා දුවනවා. එලියස් හාමිත් ඒ පස්සේ පන්නනවා. ඉතින් ගෝනා දුවගෙන ගිහින් ගල් ලෙනකට රිංගනවා. එලියස් හාමිට දැන් මහන්සියි. ඒ හින්දා ඔහු හෙමින් හෙමින් ගෝනා හොයන්න කියලා ගල් ලෙන ඇතුළට යනවා. අන්න එතකොට එලියස් හාමිට දකින්න ලැබෙන්නේ ගල් ලෙන අස්සේ තිබුණු දහඅට රියන් බුදු පිළිම වහන්සේ නමක්. පස්සේ ඔය කතාව ඔහු ගමේ මිනිසුන්ට කියනවා.

එලියස් හාමි දකින ඔය සිද්ධිය පැය කිහිපයක් යද්දි ගමටම ආරංචි වෙනවා. ඒක හින්දා හැමෝම ගැටබරු කන්දට යනවා. එතකොට යන හැමෝමත් ඔය සිද්ධිය දකිනවා. පස්සේ එතැන හිටපු මොරවක පැත්තේ කොස්නිල්ගොඩ විදානපතිරණ කැටගොඩ මහත්තයා ගම්වාසීන්ගේ ආධාර උපකාර ඇතිව එතැන පොඩියට තාවකාලික සංඝාවාසයක් හදලා ඒක 1834 අවුරුද්දේ හිමිනමකට භාර කරනවා. කොහොම හරි ගැටබරුව රජමහා විහාරයේ විහාරාධිපති පරම්පරාවේ පළමුවැනි විහාරාධිපති විදියට හැඳින්වෙන්නේ වීරසිංහ කන්දේ සුමංගල නා හිමියෝ. ඊට පස්සේ දවසින් දවස එතැන දියුණු වෙනවා. තවත් කාලයක් යනකොට 1953 විතර අවුරුද්දේ ගැටබරුවෙත් අලංකාර වූ ඇසළ මංගල්‍යක් ඇරඹෙනවා. ඒකට මූලිකත්වය ගත්තා කියන්නේ අපවත් වී වදාළ රොටුඹ ශ්‍රී රතනපාල නා හිමියෝ කියලයි කියන්නේ. ඒ වගේම 1956 අවුරුද්දේ විතර මේ ගැටබරුවේ අලංකාර පෙරහැරකුත් සංවිධාන වෙනවා. කොහොමින් හරි දැන් ගැටබරුවේ පෙරහැර කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ පෙරහැරක්. පෙරහැර කාලෙට බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න ලක්ෂ ගණනක මහා සෙනඟක් ගැටබරුවට එනවා.

ඇත්තටම ගැටබරුව කියන්නේ අද රටේ ප්‍රසිද්ධ තැනක්. හැබැයි ඒකට හේතුව අර වළගම්බා රජතුමා හදපු විහාරය නම් නෙවෙයි. ඇත්තටම ඒකට හේතුව වෙන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියෝ. ඊළඟට ආයෙමත් මව්රට හෙව්වේ කවුද මේ රජ්ජුරු බණ්ඩාර දෙවියෝ කියන්නේ කියලා. අතීතයේ මේ බණ්ඩාරවරුන් කියලා කිව්වේ රජතුමාගේ රාජකීය භාණ්ඩාගාරය භාරවෙලා හිටිය පිරිසටලු. ඉතින් එහෙම බණ්ඩාරවරයෙක් ඔන්න රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්වෙලා ඉන්නවා කියලා තමයි සමහරු කියන්නේ. කොහොම හරි රජ්ජුරු බණ්ඩාර දෙවියෝ කියන්නේ ගැටබරුවේ මිනිස්සු කියන විදියට දකුණු පළාතේ ජනතාව අදහනු ලබන බණ්ඩාර දේව කන්නලව්වේ බණ්ඩාර හත් කට්ටුවේ දෙවියෙක්ලු. ඒ වගේම බටහිර දෙවියෝ පාත හාමුදුරුවෝ සහ ගැටබරු දෙවියෝ කියන්නෙත් රජ්ජුරු බණ්ඩාර දෙවියන්ටම තමයි. මේ දෙවියන්ගේ ස්වරූපය මෙහෙමයි. දෙවියන්ගේ ඇඳුම් පැලඳුම් එක්කලා රජ්ජුරු බණ්ඩාර දෙවියෝ නිලමේ කෙනෙක් වගෙයි පේන්නේ. ඒත් එක්කම දෙවියන්ගේ හිස මත ඔටුන්නකුත් තියෙනවා. මුහුණේ උඩු රැවුලක් වගේම බෙල්ලේ තැල්ලක් එක්ක මල් මාලෙකුත් තියෙනවා. ඒ එක්කම වම් උරහිස හරහා පෙරවුණු උතුරු සළුවක් දකින්නත් පුළුවන්. අත් දෙකේම අලංකාර වූ ආභරණ වගේම දකුණතේ සෝලු ලීයකුත් වමතේ රබානකුත් තියෙනවා.

ගැටබරු විහාරය වළගම්බා රජතුමාගේ කාලේ දක්වා ඈතට විහිදෙනවා කියලා අපි අද මුලින්ම කිව්වනේ. හැබැයි ඒ ගැන ලිඛිත සාක්ෂි නම් නෑ. ඒත් මුඛ පරම්පරාගත විශ්වාස අනුව කතාව විශ්වාස කරන්න පුළුවන්. වළගම්බා රජතුමා රුහුණු සහ මායා කියන ප්‍රදේශ දෙකේ සේනා සංවිධාන කරද්දී රජතුමාට ආරක්ෂාව රැකවරණය දුන්නයි කියන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියෝ. අන්න ඒකට කරපු කළගුණ සැලකීමක් විදියටලු වළගම්බා රජතුමා ගැටබරුවේ විහාරය සහ දේවාලය හැදුවයි කියන්නේ. ගොඩාක් වෙලාවට වළගම්බා රජතුමා හදපු ඇතැම් විහාරවල රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ දේව ප්‍රතිමාවක් තියෙනවා “මව්රට” කියවන ඔබත් දැකලා ඇති. කොහොමින් හරි අපට ඒකෙන් තේරුම් යන කතාවක් තියෙනවා. ඒ තමයි වළගම්බා රජතුමා රජ්ජුරු බණ්ඩාරයන්ව ළඟින්ම ඇසුරු කළා කියන එක. සමහර විටෙක වළගම්බා රජතුමා රාජ්‍ය කරන කාලයේ භාණ්ඩාගාරයේ බණ්ඩාරවරයා විදියට හිටියේ රජ්ජුරු බණ්ඩාරද දන්නෙත් නෑ. ඔන්න ඒක නම් අපට හරියටම හොයාගන්න බැරිවුණා.

ගැටබරුවට ඔය නමත් වැටිලා තියෙන්නේ අපේ මිනිස්සු ඔය ස්ථානයේ පඬුරක් දෙකක් ගැට ගහලා ගැටබරුවට බාරහාර වීම නිසා කියලයි කියන්නේ. ඒ වගේම ගැටබරුවත් එක්ක යන ඉපැරණි වූ ජනප්‍රවාද ගණනාවක්ම තියෙනවා. ඔය අතර තමයි පියාඹන උකුස්සකුගේ පියාපත් අළු කිරීම වගේම අර ගොන් බානක් ගල් කිරීම වගේ හරි අපූරුම වූ ජනප්‍රවාදයන් තියෙන්නෙත්. ඇත්තටම මුහුදුබඩ ප්‍රදේශයක තිබුණට ගැටබරු රජමහා විහාරය තියෙන්නේ මුහුදු මට්ටමින් අඩි 1500ක් තරම් උසකින්. අදටත් අවුරුද්දකට ලක්ෂ ගණනක ජනතාවක් තමන්ගේ ඒ දුක් අඳෝනා, බාරහාර, අවලාද, සෙත් ශාන්ති වෙනුවෙන් පූජා පවත්වන්න රුහුණේ ගැටබරුවට එනවා. ඒත් දැන් ගැටබරුව අලුත් වෙලා කියලයි අපිට නම් හිතෙන්නේ. මොකද ඒ ගැටබරුවට අද අලුත් අලුත් අංග එකතු වෙලා.

අපි මුලින්ම කිව්වා ගැටබරුවට “රුහුණේ පුංචි කතරගම” කියනවා කියලා. දැන් “මව්රට” පුවත්පත කියවන ඔබට හිතෙයි ගැටබරුවට “රුහුණේ පුංචි කතරගම” කියන්නේ ඇයි කියලා. කතරගම කියන්නේ කොයි වගේ තැනක්ද කියලා ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද අපේ පුවත්පත හරහා කතරගම කතාව අකුරක් නෑරම මුල සිටම අගටම ඔබට පහුගිය දවස්වල කිව්වා. ඉතින් රුහුණු රටේදී ගැටබරුව දෙවැනි වෙන්නේ කතරගම පින් බිමටම විතරයි. අන්න ඒකයි ගැටබරුවට ඔය “රුහුණේ පුංචි කතරගම” කියන්නේ. කොහොම හරි ගැටබරුව කියන්නේ හාස්කම් අතින් ඉහළින්ම තියෙන ඉපැරණි ඓතිහාසික පූජා භූමියක්. ඒ නිසා රුහුණු රටේ වන්දනාවේ යන ඔබට ගැටබරුව නම් කොහොමත්ම අමතක කරන්න බෑ. ඒක නිසා ඔබත් ඇවිත් ගියොත් හොඳයි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඉතිහාසය ඉතා දුරාතීතයට දිවේ. පුරාවිද්‍යාත්මක නොවුවද සාම්ප‍්‍රදායික හා කාල්පනික මතයන් මී...
30/08/2020

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඉතිහාසය ඉතා දුරාතීතයට දිවේ. පුරාවිද්‍යාත්මක නොවුවද සාම්ප‍්‍රදායික හා කාල්පනික මතයන් මීට ඉවහල් වේ. බුදුරජාණන් වහන්සේ දිවමන් කළ හෙළයේ කාචරගාම නම් එවකට නාමකරණය වූ කතරගම “කිහිරි” නම් වෘක්ෂ විශේෂයකින් සැදි කිහිරි වනයෙහි කිහිරි ගස් සෙවණක අසුන් පණවා දීමෙන් එහි වැඩ හිදිමින් බුදුන් පිරිසට දහම් දෙසූ හයි කියැවෙන අතර එකී කිහිරි ගහ පිහිටි භූමියෙහි කිරිවෙහෙර ඉදිකරනා ලදි. මෙහි ප‍්‍රමුඛයාව කටයුතු සම්පාදනය කර ඇත්තේ එවකට එහි ප‍්‍රාදේශීය පාලකයකුව සිටි ජන හිතකාමී පරෝපකාරී මහාසේන නම් පාලකයෙකි.

එකී පාලක තුමෝ බුදුරදුන්ගෙන් දහම් අසා එදිනම සෝවාන් මාර්ග ඵල ලබා අවසන මහසෙන් දෙවියන් නමින් මිනිසුන්ගේ ජන වන්දනයට පාත‍්‍රව කතරගම ජනිතව ඇති බවත්, එකී මහාසේන දෙවියෝ කතරගම දෙවියන් නමින් එදා මෙදා තුර අදහනු ලබන බවත් එක් පුරා කතාවකි.

හින්දු දේව පුරාණයට අනුව ශිව-පාර්වති දේව මාපියන්ට පුතුව, ගණේශ දෙවියන්ට සෝවුරුව ශුද්ධාත්ම ජනනයක් ලත් “ස්කන්ධ” නම් වූ මහා බලගතු දෙවියන් ඓතිහාසික යුගයේදී කාචරගාමයට පැමිණ වර්තමාන සෙල්ලකතරගම වනාශ‍්‍රිතව හමු වූ “වල්ලි” නම් මනස්කාන්ත රූපශී‍්‍රයෙන් යුත් වැදි සම්බවයක් ඇති යුවතිය හා සහසම්බන්ධව විසූ බවත්, තේවානි අම්මා නම් සිය ඉන්දියානු ප‍්‍රියඹද තම වල්ලභයාණන් පසුපස පැමිණ මෙහිම නතර වූ අතර, ස්කන්ධ නම් වූ හේ කතරගම දෙවියන් බවත් තවත් පුරාවෘත්තයක්ව අදත් පවතී.

මේ සියල්ල මෙසේ පවතින අතර ක‍්‍රි. පූ. දෙවන ශතවර්ෂයේදී සිරිලක එක්සේසත් කල “දුට්ඨ ගාමණී අභය” මහා නරේන්ද්‍ර තෙමේ හට මෙම පිංබිමේදී කතරගම දෙවියන් සම්මුඛව ඇති අතර, ඒ මොහොතෙහි රජු විසින් යුධ ජයග‍්‍රහණයෙහිලා, දොළොස් අවියෙන් සංග‍්‍රාම නෛපුණ්‍යයෙහි සමත් තේජෝබල පරාක‍්‍රමයෙන් ආඪ්‍ය දේවෝත්තමයාණන්ගෙන් නපුරෙන් යහපත ජයග‍්‍රහණය සඳහා උපකාර වන්නැයි ඉල්ලා සිටිනා ලදින්, සැබැවින්ම හේ උපකාර කළෙන් රජු දේශය එක්සත් කිරීමේ වෑයම මුදුන්පත් කොටගෙන තිබේ.

කෘතෝපකාර සඳහා මා කළ යුත්තේ කුමක් දැයි රජු දේවෝත්තමයාණන්ගෙන් විමසූ කළ, වැඩසිටි කන්දේ සිට හී සරයක් එවා එය බිම හොත් තැන දෙවොලක් සාදන්නැයි ප‍්‍රකාශ කළෙන්, දුටුගැමුණු මහරජු විසින් එය එසේම ඉෂ්ඨ-සිද්ධ කිරීමට සියල්ල සම්පාදනය කරමින්, තමාට පුරෝගාමී ව වනය අවැසි පරිදි පිළිසන් කොට, සරල මුත්, අති පාරිශුද්ධත්වයෙන් අගතැන්පත් වන සේ වෘක්ෂ අතු ඉති යොදා ස්වභාවික දෙවොලක් ගොඩ නංවා පුදන ලදින්, අදත් වසරකට වරක් හස්තීන් ලවා පූජාර්හ ලෙස වන අතු ඉති හෙවිල්ලමින් “අතුපන්දල” යන නාමකරණ මංගල්‍යය පවත්වමින් පෙර සිරිකාව රැුක ආරක්ෂා කරනා අතර එදා ස්ථාපිත එකී දෙවොල කතරගම මහ දේවාලය නමින් ශුද්ධ භූමිගතව පොදු ජන වන්දනයට නිතැතින්ම පාත‍්‍ර වන්නාහ.

Address

Mathara
Weligama
235

Website

http://twitter.com/Tharanga1207, http://twitter.com/Tharanga1207

Alerts

Be the first to know and let us send you an email when Inside SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share