කටාර් ජොබ් pree visa

කටාර් ජොබ් pree visa Qatar Airways Holidays

31/03/2026
03/02/2026

පුතේ... ෆෝන් එකේ සල්ලි ඉවරයි. රුපියල් පනහක කාඩ් එකක් දාන්නකෝ..." අම්මා කතා කළේ දහවෙනි පාරට. කසුන් හිටියේ ඔෆිස් එකේ ලොකු මීටින් එකක. දිගින් දිගටම එන අම්මාගේ කෝල් එක එයාට මහා වදයක් වුණා. "අනේ අම්මේ වද දෙන්න එපා... රුපියල් පනහක් දාගන්න කඩේකට යන්න බැරිද? මට වැඩ මනුස්සයෝ... ෆෝන් එක තියන්න..." කසුන් අම්මට කෑගහලා ෆෝන් එක කට් කළා. ඊටපස්සේ ආයේ අම්මාගෙන් කෝල් ආවේ නෑ.

පහුවදා උදේම ගමෙන් කෝල් එකක් ආවා. "කසුන් මහත්තයෝ... අම්මා ඊයේ රෑ හාට් ඇටෑක් එකක් ඇවිත් නැති වුණා..."

කසුන්ට දැනුණේ මුළු ලෝකෙම කඩා වැටුණා වගේ. එයා දුවගෙන ගමේ ගියා. අම්මා බොහොම සුවබර විදියට ඇස් පියාගෙන හිටියා. මළගෙදර ආපු කසුන් අම්මා පණ වගේ පරිස්සම් කරපු පොඩි බට්න් ෆෝන් එක අතට ගත්තා. එයා නිකමට 'ඩයල් ලිස්ට්' (Dialed Numbers) එක බැලුවා.

කසුන්ගේ පපුව හිරවුණා. අන්තිමට ගත්ත කෝල් 10ම තිබුණේ "මගේ පුතා" කියන නමට විතරයි. වෙන කාටවත් අම්මා කතා කරලා තිබුණේ නෑ.

එහා ගෙදර නැන්දා කසුන් ළඟට ආවා. "අනේ පුතේ... අම්මා ඊයේ දවසම හිටියේ නොකා නොබී. පුතාට කතා කරන්න ඕන කියලා ට්‍රයි කළා. ෆෝන් එකේ සල්ලි ඉවර වුණාම තමයි පුතාට කියලා රීලෝඩ් එකක් දාගන්න හැදුවේ. අම්මාට පුතාගේ කටහඬ අහන්නේ නැතුව නින්ද යන්නේ නෑ කිව්වා..."

කසුන් අම්මාගේ සීතල වෙච්ච අතක් අල්ලගෙන කෑගහලා ඇඬුවා. "අම්මේ... මම රුපියල් පනහට ලෝබ වුණා නෙවෙයි... මට වෙලාවක් තිබුණේ නෑ... මට සමා වෙන්න අම්මේ..."

අම්මලා අපෙන් සල්ලි ඉල්ලන්නේ හිඟන කමට නෙවෙයි, අපේ කටහඬ අහන්න විතරයි ඒ අයට අයිතියක් තියෙන්නේ. දෙමාපියන්ගේ කෝල් එක 'මිස් කෝල්' එකක් වෙන්න දෙන්න එපා. මොකද ඒක එයාලගේ අන්තිම කෝල් එක වෙන්න පුළුවන්.

(මේ කතාව ඔබේ හිතට වැදුණා නම් ❤️ React එකක් දාන්න. අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්න හැමෝම දැනුවත් කරන්න Share කරන්න) නිකදලු පොත රතන හිමි

01/01/2026
25/12/2025
19/11/2025
🥺🥺🥺
28/07/2025

🥺🥺🥺

🥰🥰🥰
28/07/2025

🥰🥰🥰

10/06/2025

Address

Doha

Website

Alerts

Be the first to know and let us send you an email when කටාර් ජොබ් pree visa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category