Authentic Sri Lankan

Authentic Sri Lankan Taking Sri Lankan products to international market. Spices, Essential Oils, Diamonds, Gems, Jewelry,

Latest shipment to USA
08/22/2025

Latest shipment to USA

09/16/2022

මාර්ගගත ( Online ) ක්‍රමයට මැණික් සහ ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ ක්‍රමවේදයක්

ඇමෙරිකානු ඩොලර් 3000ක් දක්වා වූ වටිනාකමින් යුතු මැණික් සහ ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ අපනයනය කිරීමට හැකි ක්‍රමවේදය පසුගියදා ආරම්භ විය.
වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී මෙම ක්‍රමවේදය ආරම්භ කෙරිණි.
මෙම ක්‍රමය මගීන් ශ්‍රී ලංකාවේ ඕනෑම තැපැල් කාර්යාලයක් මගින් ශ්‍රී ලංකා රේගුවේ මුලික අවශ්‍යතා ඉටුකර ගැනීමෙන් පසුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිසීමෙන් මැණික් සහ ස්වර්ණාභරණමාර්ගගත ක්‍රමය ඔස්සේ අපනයනය කිරීමට දිවයින පුරා එහි නියුතු ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිවේ.
තවදුරටත් සුළු සහ මධ්‍ය පරිමාණ මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින් අපනයන ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමත් සමාජ මාධ්‍ය සහ මාර්ගගත වෙබ් අඩවි යොදාගෙන මැණික් සහ ස්වර්ණාභරණ අලෙවි කිරීම සදහා පෙළඹවීමක් ඇති කිරීමත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තුළින් අත්පත් කර ගැනීමට අපේක්ෂිත අරමුණු අතර වේ.
මෙම අවස්ථාවට අමාත්‍යංශ නිලධාරීන් , මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරින්, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ආදි ආයතනයන්හි නිළධාරින් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය , මැණික් මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් ඇතුළුසම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

09/16/2022
09/16/2022

- 2022.09.15 -

ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් (Dr. Rane Van Berkel) මහතා පවසයි.

ඔහු මෙලෙස පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයයේ ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා වන ක්‍රියාකාරී කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

මෙම ක්‍රියාකාරී කමිටු රැස්වීම පසුගියදා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් මහතා සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි.

යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාවට ලබාදෙන මෙම ඩොලර් මිලියන 22.83 ක මුදල 2015 සිට 2023 දක්වා වන වසර 8 ක කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කර ඇති අතර ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට බලපාන කාළගුණ විපර්යාස වලට මුහුණ දීම, බලශක්ති කළමණාකරණය, පුනර්ජනනීය බලශක්ති වලට යොමු කිරීම යන අංශ සංවර්ධනය සඳහා මෙම මුදල් යොදා ගැනේ.

ශ්‍රී ලංකාවේ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සකස් කිරීම, අපනයන ඉලක්ක කර ගනිමින් කර්මාන්ත වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම, රසායනික ද්‍රව්‍ය භාවිතය කළමණාකරණය කිරීම, ආහාර සුරක්ෂිතතාවය හා ගුණාත්මකභාවය තහවුරු කිරීම, නිෂ්පාදන වටිනාකම් දාම වැඩිදියුණු කිරීම, කර්මාන්ත මඟින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම, බලශක්ති කළමණාකරණය යන කරුණු ඉටු කර ගැනීම සඳහා ද එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය දක්වයි.

මිට අමතරව ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර නිෂ්පාදන සංවර්ධනය සඳහා යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) යූරෝ මිලියන 11 ක් ලබාදී ඇති අතර ආහාර සුරක්ෂිතභාවය හා ගුණාත්මක බව වැඩිකිරීම, ඒ සඳහා වන පහසුකම් වැඩි දියුණු කිරීම, පුහුණු කිරීම, ආහාර තත්ත්ව පාලනය සඳහා රසායනාගාර පහසුකම් ඇතිකිරීම, ආහාර දාම සංවර්ධනය සඳහා ව්‍යාපෘති රැසක් මේ සඳහා ක්‍රියාත්මක කරයි.

කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO), යුරෝපා සංගමය, විදුලි බල අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩලය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතන රැසක දායකත්වයෙන් මෙම ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව සකස් කර ඇති අතර මෙම කමිටුව මඟින් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා සම්බන්ධීකරණය හා නිර්දේශ ලබාදීම සිදුකරයි.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සඳහාද තවත් යූරෝ මිලියන 7.75 ක් වෙන්කර ඇති අතර කර්මාන්ත අමාත්‍යාංශය , පරිසර අමාත්‍යාංශය හා විදුලිබල අමාත්‍යාංශය සමඟ එක්ව මෙම අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත. මෙහිදී බලශක්ති විශේෂඥයන් 75 දෙනෙක් යටතේ බලශක්ති කළමණාකරණ පද්ධතියක් සකස්කර ඇත.

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ මෙම කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම තුළින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණූව හරහා ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය සිදුකිරීම, ආනයනය අඩු කොට ආනයන ආදේශන ප්‍රවර්ධනයට කර්මාන්ත අංශයේ දායකත්වය වැඩි දියුණු කිරීම, අපනයන ආදායම් ඉහළ නැංවීම, බලශක්තිය හා සම්පත් කළමණාකරණය කිරීම, අගය දාම ඉහළ නැංවීම, ව්‍යවසාය නිපුණතා සංවර්ධනය කිරීම, කර්මාන්ත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යන කරුණු සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් (Dr. Rane Van Berkel) , UNIDO හි ජාතික අධ්‍යක්ෂ නවස් රාජාබ්දීන් හා රාජ්‍ය හා පුද්ගලික අංශ නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගි වූහ.

Address

Morrisville, NC

Alerts

Be the first to know and let us send you an email when Authentic Sri Lankan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category