07/09/2026
RUN ACROSS SRI LANKA 2026 🏃♂️🇱🇰
දිස්ත්‍රික්ක 25ක් | දින 25ක් | මැරතන් 25ක් 🔥
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම යා කරමින්, ලෝක වාර්තා උත්සාහයක් වෙනුවෙන් දිව යන නලින්ද කසුන්ගේ ඓතිහාසික ධාවන මෙහෙයුමේ විජයග්‍රාහී අවසන් මැරතන් තරගය හෙට(සැප්:08) මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.💪🏅
මෙය තවත් එක් මැරතන් තරගයක් නොවේ…
🇱🇰 ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී අභියෝගයක අවසන් පියවරයි!
📍හෙට ගමන් මග:
මාතර බෝධිය අසලින් උදෑසන 6.30ට ආරම්භ වී,
තිහගොඩ → යටියන → පුහුල්වැල්ල → අපරැක්ක → කැකණදුර → මැද්දවත්ත හරහා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය (පෙ.ව 10:00)
දැඩි උෂ්ණත්වය, ශාරීරික වෙහෙස සහ මඟ දිගේ හමුවන අභියෝග කිසිවක් හමුවේත් සිය අරමුණ අත් නොහරින නලින්ද කසුන්ගේ මේ ඓතිහාසික ගමනට ඔබේ සහයෝගය විශාල ශක්තියකි. 💪❤️🔥
ඔබටත් පුළුවන් මේ ගමනේ කොටස්කරුවෙකු වන්න…
🏃♂️ නලින්ද සමඟ මද දුරක් හෝ එක්ව දුවන්න.
👏 මාර්ගය අසලට පැමිණ උණුසුම් අත්පොළසන් නාදයකින් දිරිගන්වන්න.
❤️ ඔහුගේ ධාවන මෙහෙයුමට ඔබේ ආදරය හා අවශ්‍ය සහයෝගය ලබාදෙන්න.
📲 මේ පණිවිඩය ඔබේ මිතුරන් අතර බෙදාහරින්න.
ඔබේ එක් අත්පොළසන් නාදයක් පවා ඔහුගේ ඊළඟ කිලෝමීටරයට ශක්තියක් වේ! ❤️🔥
ඔහුගේ මේ අභියෝගාත්මක ලෝක වාර්තා උත්සාහයට ශක්තියක් වෙමින්, අවසන් මැරතන් ගමන සියැසින් දැකගැනීමට ඔබත් එක්වන්න. ❤️
🔥 BE PART OF HISTORY
🤝 SUPPORT • SHARE • INSPIRE