01/08/2026
🚨🇮🇹 ඉතාලියේ Campi Flegrei ප්‍රදේශයට ප්‍රබල භූමිකම්පාවක්!
අද (ජූලි 31) සවස 7:46ට නේපල්ස් (Napoli) අසල Campi Flegrei ප්‍රදේශයේ මැග්නිටියුඩ් 4.7 ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වී තිබේ.
මෙය Pozzuoli ප්‍රදේශයේ නැවත සක්‍රීය වී ඇති bradisismo භූ විද්‍යාත්මක ක්‍රියාවලිය ආරම්භ වූ දා සිට වාර්තා වූ ප්‍රබලතම කම්පනය ලෙස ඉතාලි බලධාරීන් සඳහන් කරයි.
🔴 කම්පනය Napoli නගරය සහ අවට ප්‍රදේශ රැසකම දැඩි ලෙස දැනී ඇති අතර, බියට පත් බොහෝ පිරිසක් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.
මේ වන විට ලැබී ඇති මූලික තොරතුරු අනුව,
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
🔴 භූමිකම්පාවේ කේන්ද්‍රය Campi Flegrei ප්‍රදේශයයි.
🔴 බලධාරීන් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් සිටී.
🔴 තොරතුරු තවදුරටත් යාවත්කාලීන වෙමින් පවතී.
🙏 Napoli සහ Campi Flegrei ප්‍රදේශවල සිටින සියලු දෙනා ආරක්ෂිතව සිටින බව අපි ප්‍රාර්ථනා කරමු.